Skip to content

පටුනට යන්න

අවංකකම සිත්ගන්නාසුලු වුවත් එය පමණක් සෑහේද?

අවංකකම සිත්ගන්නාසුලු වුවත් එය පමණක් සෑහේද?

අවංකකම සිත්ගන්නාසුලු වුවත් එය පමණක් සෑහේද?

ඇත්තටම අපගේ එදිනෙදා ජීවිතයට අවංකකම අත්‍යවශ්‍යයද? “අවංකකම” යන වචනය මෙසේ නිර්වචනය කළ හැකියි. “එය බොරු මවාපෑම්වලින් හෝ කුහකකමෙන් තොරයි. සත්‍යවාදීයි. ඍජුයි. අව්‍යාජයි.” එසේනම් අන් අය සමඟ යහපත් සබඳතාවක් ගොඩනඟා ගැනීමට මෙම ගුණාංගය උපකාරවත් වන බව පැහැදිලියි. ප්‍රේරිත පාවුල් මෙවන් අවවාදයක් දුණි. “දාසයෙනි, මාංසික ආකාරයකින් ඔබේ ස්වාමිවරුන්ව සිටින අයට සියලු කාරණාවලදී කීකරු වන්න. මිනිසුන්ව සතුටු කරන අය මෙන් මූණිච්ඡාවේ ක්‍රියාවලින් නොව, නමුත් අවංක සිතින්, යෙහෝවා කෙරෙහි භය ඇතිව කීකරු වන්න.” (කොලොස්සි 3:22, NW) එවන් අවංක පුද්ගලයෙකුව සේවකයෙකු හැටියට තබාගන්න අකමැති කවුද? අද දින අවංක මනුෂ්‍යයන්ට රැකියා සොයාගන්නත් දිගටම ඒවායේ රැඳී සිටින්නත් වැඩි ප්‍රස්තාවන් ලැබිය හැකියි.

අවංකකම ඉතාමත් සිත්ගන්නාසුලු ගුණාංගයක් වන්නේ එය දෙවිත් සමඟ ඇති අපගේ සබඳතාවට බලපාන්නක් වන බැවිනි. පුරාණ ඊශ්‍රායෙල්වරු වගකීමේ හැඟීමකින් යුක්තව නීති පිළිපැද්ද විට සහ උත්සව පැවැත්වූ විට ඔවුහු දෙවිගේ ආශීර්වාද භූක්ති වින්දහ. සභාවේ පවිත්‍රකම ගැන සාකච්ඡාවට බඳුන් කරන විට පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙවැන්නකි. “එබැවින් අපි පරණ මුහුන්වලින්වත් අයහපත සහ දුෂ්ටකම නමැති මුහුන්වලින්වත් නොව, අවංකකම සහ සැබෑකම නමැති මුහුන් නොදැමූ රොටිවලින් මංගල්‍යය පවත්වමු.” (1 කොරින්ති 5:8, NW) අපගේ නමස්කාරය දෙවි විසින් පිළිගනු ලැබීමට නම් අවංකකම සිත්ගන්නාසුලු ගුණාංගයක් හැටියට සලකනවාට වඩා එය අත්‍යවශ්‍ය ගුණාංගයක් හැටියට අප සැලකිය යුතුයි. නමුත් අවංකකම පමණක් ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගන්න. එය සත්‍යය සමඟ මුසු විය යුතුයි.

ටයිටැනික් නැවේ සැදුම්කරුවන් සහ එහි සිටි මඟීන් සත්‍ය වශයෙන්ම එම විශාල මඟී නැව කිසිදා වතුරට කිඳා බසීවි කියා අවංකවම විශ්වාස නොකරන්න ඇති. එහෙත් 1912දී තම මංගල ගමන යමින් සිටියදීම එය අයිස් කුට්ටියක ගැටීම නිසා 1,517දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එලෙසින් පළමු ශතවර්ෂයේ සිටි සමහර යුදෙව්වන් තමන් නමස්කාරය පිරිනමන ක්‍රමය දෙවි පිළිගන්නා බව අවංකවම විශ්වාස කරන්න ඇති. නමුත් ඔවුන්ට තිබූ ජ්වලිතය ‘නිවැරදි දැනුමට අනුව නොවීය.’ (රෝම 10:2, NW) අපේ නමස්කාරය දෙවි විසින් පිළිගනු ලැබීමට නම් අපගේ අවංක විශ්වාසයන් නිවැරදි දත්ත මත පදනම් විය යුතුයි. දෙවිට අවංකව සහ සත්‍යවාදීව සේවය කරනවා යන්නට ඇතුළත් වන්නේ මොනවාද කියා ඔබට පහදා දීමට ඔබගේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතාමත් සතුටෙන් බලා සිටියි.