‘ඔබ අතර ප්‍රේමය ඇතුව සිටින්න’
‘ඔබ අතර ප්‍රේමය ඇතුව සිටින්න’
“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”—යොහන් 13:35, NW.
1. යේසුස් සිය මරණයට මොහොතකට පෙර අවධාරණය කළේ කුමන ගුණාංගයද?
“කුඩා දරුවෙනි!” (යොහන් 13:33, NW) ඒ මුදු මොළොක් ප්‍රකාශය සමඟින්, තම මරණයට පෙර ගෙවී ගිය සැන්දෑවේදී යේසුස් තම ප්‍රේරිතයන්ව ඇමතුවා. තම ගෝලයන්ට කතා කරද්දී මෙම ස්නේහවන්ත ඇමතුම මීට පෙර භාවිත කළාද කියා සුවිශේෂ වාර්තාවේ කිසිදු සඳහනක් කර නැහැ. කෙසේවෙතත්, එම විශේෂ රාත්‍රියේදී ඔහු සිය අනුගාමිකයන් කෙරෙහි තමාට දැනුණු ගැඹුරු ප්‍රේමය පළ කිරීමට මෙම ස්නේහවන්ත ආමන්ත්‍රණය යොදාගැනීමට පෙලඹුණා. ඇත්තෙන්ම, යේසුස් එම රාත්‍රියේදී ප්‍රේමය ගැන 30 වාරයක් පමණ කතා කළා. මේ ගුණාංගය ගැන ඔහු එතරම් අවධාරණයක් කළේ ඇයි?
2. ප්‍රේමය පෙන්වීම ක්‍රිස්තියානීන් සඳහා එතරම් වැදගත් වන්නේ ඇයි?
2 ප්‍රේමය මෙතරම් වැදගත් ඇයිද කියා යේසුස් පැහැදිලි කළා. ඔහු මෙසේ පැවසුවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35, NW; 15:12, 17) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීමේ කාරණය සහෝදර ප්‍රේමය පෙන්වීම සමඟ අත්වැල් බැඳගෙන යනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නේ, යම් ආකාරයක නිල ඇඳුමකින් හෝ යම් අසාමාන්‍ය චාරිත්‍ර පෙළකින් නොවේ. නමුත් ඔවුන් එකිනෙකා කෙරෙහි පෙන්වන උණුසුම් හා මුදු මොළොක් ප්‍රේමය මගින්. මේ අනුව, මීට කලින් ලිපිය ආරම්භයේදී සඳහන් වූ ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වීමට සපුරාලිය යුතු ප්‍රධාන අවශ්‍යතා තුනෙන් දෙවෙනි එක වන්නේ මේ ආකාරයේ කැපීපෙනෙන ප්‍රේමයක් ඇතිව සිටීමයි. මෙම අවශ්‍යතාව නොකඩවා සපුරාලීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද?
“එය වඩ වඩා කරන්න”
3. ප්‍රේරිත පාවුල් ප්‍රේමය ගැන දුන් අවවාදය කුමක්ද?
3 පළමු සියවසේ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් අතර තිබුණාක් මෙන්, මෙම කැපීපෙනෙන ප්‍රේමය අද දින ක්‍රිස්තුස්ගේ නියම ගෝලයන් අතරත් දකින්නට තිබෙනවා. ප්‍රේරිත පාවුල් පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීන්ට ලීවේ මෙහෙමයි. “සහෝදර ප්‍රේමය ගැන 1 තෙසලෝනික 3:12; 4:9, NW) එසේම පාවුල්ගේ එම අවවාදය අපද සිතට ගෙන එකිනෙකාට “වඩ වඩා” ප්‍රේමය පෙන්වීමට මහන්සි ගත යුතුයි.
අප ඔබට ලියන්න අවශ්‍ය නැත. මන්ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවිගෙන් ඉගෙනගත්තහුය. ඇත්තෙන්ම ඔබ . . . සියලු සහෝදරයන්ට ප්‍රේම කරන්නහුය.” එසේ වුවත්, පාවුල් මෙසේද පැවසුවා. “එය වඩ වඩා කරන්න.” (4. පාවුල් සහ යේසුස් පැවසූ දේට අනුව, අප විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ කාටද?
4 දේවානුභාවය ලත් එම ලිපියේම, “මානසික පීඩනයට ලක් වී සිටින අයට සැනසිලිදායක අන්දමින් කතා කරන්න” කියාත් “දුර්වලයන්ට උපකාර කරන්න” කියාත් පාවුල් සිය සෙසු ඇදහිලිවන්තයන්ව දිරිගැන්වූවා. (1 තෙසලෝනික 5:14, NW) තවත් අවස්ථාවකදී, ඔහු ක්‍රිස්තියානීන්ට මතක් කළේ, ‘ශක්තිමත්ව සිටින අය තමන්වම සතුටු කර නොගනිමින්, ශක්තිමත් නොවන අයගේ දුර්වලකම් ඉසිලිය යුතු’ බවයි. (රෝම 15:1, NW) එසේම දුර්වලව සිටින අයට උදව් කිරීම සම්බන්ධයෙන් යේසුස්ද උපදෙස් දුන්නා. තමාව අත්අඩංගුවට ගනු ලබන එම රාත්‍රියේදී පේතෘස් තමාව අතහැර යන බව පුරෝකථනය කිරීමෙන් අනතුරුව, යේසුස් පේතෘස්ට පැවසුවේ මෙසේයි. “ඔබ හැරුණු පසු ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න.” ඒ ඇයි? ඔවුන්ද යේසුස්ව අත්හැර යන බැවින් ඔවුන්ටත් උපකාර අවශ්‍යව තිබූ නිසයි. (ලූක් 22:32, NW; යොහන් 21:15-17) මෙබැවින්, ක්‍රිස්තියානි සභාව සමඟ තවදුරටත් ඇසුරු නොකරන, ආත්මිකව දුර්වලව සිටින අය කෙරෙහි අපගේ ප්‍රේමය විදහා පෑමටයි දේවවචනය අපට මඟ පෙන්වන්නේ. (හෙබ්‍රෙව් 12:12) අප එසේ කළ යුත්තේ ඇයි? යේසුස් විසින් දෙනු ලැබූ චමත්කාරජනක උපමා දෙකකින් අපට මීට පිළිතුරු ලැබෙයි.
නැති වූ බැටළුවෙක් සහ නැති වූ කාසියක්
5, 6. (අ) යේසුස් පැවසූ කෙටි උපමා දෙක කුමක්ද? (ආ) මේ උපමාවන් යෙහෝවා ගැන හෙළිදරව් කරන්නේ මොනවාද?
5 අයාලේ ගොස් ඇති අය දෙස යෙහෝවා බලන විදිහ ගැන තම ශ්‍රාවකයන්ට උගන්වන පිණිස, යේසුස් කෙටි උපමා දෙකක් දුන්නා. එක උපමාවක් එඬේරෙකු ගැනයි. යේසුස් මෙසේ කීවා. “ඔබට බැටළුවන් සියදෙනෙකු සිටියත්, උන්ගෙන් එකෙකු නැති වුවහොත් අනූනවදෙනාව පාළුකරයේ ඉන්න හැර, නැති වූ එකා සම්බ වන තුරුම සොයා යන්නේ නැද්ද? ඔහුට ඌ සම්බ වූ විට, ප්‍රීති වෙමින් ඌව කරේ තබාගෙන, ගෙදර ගොස් තම මිතුරන් සහ අසල්වාසීන් කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න. මන්ද, නැති වී සිටි මාගේ බැටළුවා මට සම්බ වුණේය’ යයි ඔවුන්ට කියන්නේය. මෙලෙස, පසුතැවිලි වන්න අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨයන් අනූනවදෙනාට වඩා පසුතැවිලි වන එක් පව්කාරයෙකු නිසා ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේයයි මම ඔබට කියමි.”—ලූක් 15:4-7, NW.
6 දෙවෙනි උපමාව වූයේ ස්ත්‍රියක් ගැනයි. යේසුස් මෙහෙම කිව්වා. “ස්ත්‍රියක් ඩ්‍රැක්මා කාසි දහයක් තිබියදීත්, එක ඩ්‍රැක්මා කාසියක් හෝ නැති වුවහොත් පහනක් දල්වාගෙන, ගේ අතුගා එය සම්බ වන තුරු හොඳින් සොයන්නේ නැද්ද? ඇයට එය සම්බ වූ විට ඇගේ මිතුරියන් සහ අසල්වාසී ස්ත්‍රීන්ව කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න. මන්ද, මගේ නැති වූ ඩ්‍රැක්මා කාසිය සම්බ වුණේය’ යි ඔවුන්ට කියන්නීය. මෙලෙස, පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් අතරේ ප්‍රීතිය හටගන්නේයයි මම ඔබට කියමි.”—ලූක් 15:8-10, NW.
7. නැති වූ බැටළුවා සහ නැති වූ කාසිය පිළිබඳ උපමාවල අපට අඩංගු වන පාඩම් දෙක කවරේද?
7 මෙම කෙටි උපමා දෙකෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ඒවායින් අපට පෙන්වන දේ මෙයයි. (1) දුර්වල වී සිටින අය ගැන අපට හැඟිය යුතු ආකාරය සහ (2) ඔවුන්ට උපකාර කිරීමට අප කළ යුතු දෙය. මේ කරුණු ගැන දැන් අපි සාකච්ඡා කරමු.
නැති වූ නමුත් බොහෝ සෙයින් වටියි
8. (අ) එඬේරා සහ ස්ත්‍රිය තමන්ගේ නැති වූ දෙය සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කළේ කොහොමද? (ආ) තමන්ට අයිති දේවල් ඔවුන් සැලකූ ආකාරය ගැන ඔවුන්ගේ ප්‍රතික්‍රියාවෙන් කියාපාන්නේ කුමක්ද?
8 මේ උපමා දෙකේම යම් දෙයක් නැති වී තිබෙනවා. නමුත්, මේවායේ අයිතිකරුවන්ගේ ප්‍රතික්‍රියාවන් සැලකිල්ලට ගන්න. ‘මට බැටළුවන් 99ක් ඉන්නකොට නැති වෙච්ච එකෙක් මොකටද? ඒකා නැතිවාට මට කමක් නැහැ’ කියා එඬේරා කිව්වේ නැහැ. ‘නැති වෙච්ච එක කාසියක් ගැන කරදර වෙන්නෙ මොකටද? මට තව නවයක් තියෙනවානේ. ඒ මට ඇති’ කියා ස්ත්‍රිය කිව්වේ නැහැ. ඒ වෙනුවට, එඬේරා නැති වූ බැටළුවාව හෙව්වේ හරියට ඌ ඔහුට සිටි එකම බැටළුවා වගෙයි. ඒ වගේම එම ස්ත්‍රිය නැති වූ කාසිය හෙව්වේ හරියට ඇය ළඟ වෙනත් කිසිම කාසියක් තිබුණේ නැහැ වගෙයි. මේ අවස්ථා දෙකේදීම නැති වූ දෙය ඒවායේ අයිතිකරුවන්ගේ මනස්වල ඉතා වටිනා දේවල් හැටියට කාවැදී තිබුණා. මින් විස්තර කෙරෙන්නේ කුමක්ද?
9. එඬේරා සහ ස්ත්‍රිය විසින් පෙන්වන ලද සැලකිල්ලෙන් විස්තර කෙරෙන්නේ කුමක්ද?
9 මේ අවස්ථා දෙකේදීම යේසුස් එය අවසන් කළ ආකාරය සැලකිල්ලට ගන්න. ‘මෙලෙස, පසුතැවිලි වන එක් පව්කාරයෙකු නිසා ස්වර්ගයෙහි [වඩා] ප්‍රීතිය ඇති වන්නේය.’ එමෙන්ම “මෙලෙස, පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් අතරේ ප්‍රීතිය හටගන්නේයයි මම ඔබට කියමි.” එබැවින්, එඬේරාගේ යෙරෙමියා 31:3) එවන් පුද්ගලයන් ආත්මිකව දුර්වලව සිටිනවා විය හැකියි. නමුත් ඔවුන් අනිවාර්යයෙන්ම කැරලිකාරයන් නොවෙයි. දුර්වල තත්වයක සිටියද ඔවුන් තවමත් යම් තරමකට යෙහෝවාගේ අවශ්‍යතා සපුරාලමින් සිටිනවා විය හැකියි. (ගීතාවලිය 119:176; ක්‍රියා 15:29) මෙබැවින්, අතීතයේදී මෙන් අද දිනද, යෙහෝවා ‘තමන් ඉදිරියෙන් ඔවුන්ව අහක දැමීමට’ ඉක්මන් වෙන්නේ නැහැ.—2 රාජාවලිය 13:23.
සහ ස්ත්‍රියගේ සැලකිල්ලෙන් යම් දුරකට අපට කියා පාන්නේ යෙහෝවාට සහ ඔහුගේ ස්වර්ගික මැවිලිවලට හැඟෙන ආකාරයයි. නැති වූ දෙය එඬේරාගේ සහ එම ස්ත්‍රියගේ ඇස් හමුවේ මහත් වටිනාකමක් ගත්තාක් මෙන්, අයාලේ ගොස් දෙවිගේ සෙනඟ සමඟ තවදුරටත් ඇසුරු නොකරන අය යෙහෝවාගේ ඇස් හමුවේ තවමත් ඉතා වටිනා අය හැටියට සැලකෙනවා. (10, 11. (අ) සභාවෙන් ඈත් වී සිටින අය දෙස අප බැලිය යුත්තේ කෙසේද? (ආ) යේසුස්ගේ උපමාවලට අනුව, ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට අපට හැක්කේ කොහොමද?
10 යෙහෝවා සහ යේසුස් වගේම අපත් දුර්වල අය සහ ක්‍රිස්තියානි සංවිධානයෙන් ඈත්ව සිටින අය කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් දක්වමු. (එසකියෙල් 34:16; ලූක් 19:10) අප ආත්මිකව දුර්වලව සිටින පුද්ගලයෙකු දෙස බලන්නේ නැති වූ බැටළුවෙකු ලෙසයි. එහෙම නැතුව ‘හදන්න බැරි අමතක කර දැමිය යුතු කෙනෙක්’ ලෙස නොවේ. ‘දුර්වල කෙනෙක් ගැන එච්චර කරදර වෙන්නේ ඇයි? සභාවේ එයා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැනේ’ කියා අපි තර්ක කරන්නේ නැහැ. ඒ වෙනුවට, යෙහෝවාගෙන් ඈත් වී සිටින නමුත් නැවතත් හැරී ඒමට කැමැත්තෙන් සිටින අය දෙස අප බලන්නේ යෙහෝවා ඔවුන් දෙස බලන විදිහටමයි. එනම් ඉතා වටිනා අය ලෙසයි.
11 එහෙත්, අපට ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්විය හැක්කේ කොහොමද? යේසුස්ගේ උපමා දෙකෙන් අඟවන්නේ අපට එය කළ හැකි ක්‍රම තිබෙන බවයි. (1) මූලික පියවර ගැනීමෙන්, (2) මුදු මොළොක් වීමෙන් සහ (3) අවංකවම දැඩි උනන්දුවක් දැක්වීමෙන්. දැන් අපි මේ එක් එක් පැති වෙන වෙනම සලකා බලමු.
මූලික පියවර ගන්න
12. ‘නැති වූ එකා සොයා යෑම’ යන වචනවලින් අපට කියා පාන්නේ එඬේරාගේ කිනම් ආකල්පයද?
12 උපමා දෙකේ පළමුවැන්නේදී යේසුස් පවසන්නේ එඬේරා ‘නැති වූ එකා සොයා යන’ බවයි. සෙවීමට මූලික පියවර ගන්නා එඬේරා, නැති වූ බැටළුවාව සොයාගැනීමට හිතාමතාම මහත් වෙහෙසක් ගන්නවා. අසීරුකම්, අන්තරායන් හා සොයා යෑමට සිදු වන දුර ඔහුට ප්‍රශ්නයක් හෝ බාධාවක් නොවෙයි. එමනිසා, එඬේරා “නැති වූ එකා සම්බ වන තුරුම” දිගටම මහත් වෙහෙසක් දරනවා.—ලූක් 15:4, NW.
13. ඉපැරණි කාලවල විසූ විශ්වාසවන්ත පුරුෂයන් දුර්වලයන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? එවන් බයිබල් ආදර්ශයන් අනුකරණය කිරීමට අපට හැක්කේ කොහොමද?
13 ඒ හා සමානව, දිරිගැන්වීම අවශ්‍ය වන පුද්ගලයෙකුට උපකාර කිරීමට බොහෝවිට අවශ්‍ය කරන්නේ වඩාත් ශක්තිමත් තැනැත්තා මූලික පියවර ගැනීමයි. ඉපැරණි කාලවල විසූ විශ්වාසවන්ත පුරුෂයන් මේ කාරණය වටහාගත්තා. නිදසුනක් වශයෙන්, සාවුල් රජගේ පුත් යොනාතාන්, තමාගේ හිතේෂිවන්ත මිත්‍රයා වූ දාවිත්ට දිරිගැන්වීම අවශ්‍ය බව දුටු විට, ‘නැඟිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස්, දෙවි කෙරෙහි ඔහුගේ අත බලවත් කළේය.’ (1 සාමුවෙල් 23:15, 16) ඊට සියවස් ගණනාවකට පසුව, ආණ්ඩුකාර නෙහෙමියා තමන්ගේ යුදෙව් සහෝදරයන් සමහරක්දෙනෙක් දුර්වල වූ බව දැක, “වහාම නැඟිට” ගොස් ‘යෙහෝවාව සිහියේ තබාගැනීමට’ ඔවුන්ව දිරිගැන්වූවා. (නෙහෙමියා 4:14, NW) අද දින අපත් ‘නැඟිටීමට’ එනම්, දුර්වලව සිටින අයව ශක්තිමත් කිරීම සඳහා මූලික පියවර ගැනීමට කැමති ඇති. නමුත් එය කළ යුත්තේ සභාවේ සිටින කවුද?
14. දුර්වල අයට උපකාර කිරීමට ක්‍රියාශීලීව උනන්දුවක් දැක්විය යුත්තේ ක්‍රිස්තියානි සභාවේ කවුරුන්ද?
14 විශේෂයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට, ‘බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කිරීමටත්’ එමෙන්ම ‘භය සිත් ඇත්තන්ට [හදවතේ කනස්සල්ලෙන් සිටින අයට, NW] භය නොවී ශක්තිමත් යෙසායා 35:3, 4; 1 පේතෘස් 5:1, 2) කෙසේවෙතත්, “මානසික පීඩනයට ලක් වී සිටින අයට සැනසිලිදායක අන්දමින් කතා කරන්න” කියාත් “දුර්වලයන්ට උපකාර කරන්න” කියාත් පාවුල් අවවාද කළේ වැඩිමහල්ලන්ට පමණක් නොවන බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට, පාවුල් මෙම වචන ලියනු ලැබුවේ ‘තෙසලෝනිකවරුන්ගේ මුළු සභාවටමය.’ (1 තෙසලෝනික 1:1; 5:14, NW) මේ අනුව, දුර්වල අයට උපකාර කිරීමට ක්‍රියාශීලීව උනන්දුවක් දැක්වීම සියලු ක්‍රිස්තියානීන්ට පවරා තිබෙන කාර්යයක්. මේ උපමාවේ සිටින එඬේරා මෙන්, සෑම ක්‍රිස්තියානියෙකුම ‘නැති වූ එකා සොයා යෑමට’ පෙලඹිය යුතුයි. කෙසේවෙතත්, මෙය වඩාත් බලපෑමෙන් යුක්තව කරනු ලබන්නේ වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙනුයි. ඔබේ සභාවේ සිටින දුර්වලයෙකුට උපකාර කිරීමට යම් පියවර ගැනීමට ඔබට හැකිද?
වෙන්න’ කියා පැවසීමටත් වගකීමක් තිබෙනවා. (මුදු මොළොක් වන්න
15. එඬේරා ඉහත සඳහන් අන්දමට ක්‍රියා කිරීමට හේතුව කුමක් වන්නට ඇතිද?
15 එඬේරාට අන්තිමේදී නැති වූ බැටළුවාව හමු වෙන විට, ඔහු කරන්නේ කුමක්ද? ‘ඔහු ඌව කරේ තබාගනී.’ (ලූක් 15:5, NW) මොනතරම් හද කලතන ප්‍රබල කරුණක්ද! මේ බැටළුවා දවල් රෑ කිහිපයක්ම නුහුරු නුපුරුදු දේශයක ඔබ මොබ ගියා විය හැකියි. සමහරවිට ගොදුරු සොයා යන සිංහයන්ගේ තර්ජනවලට නිරාවරණය වෙන්නටත් ඇති. (යෝබ් 38:39, 40) මේ බැටළුවා කෑම නැතුව දුර්වල වී සිටින බව කියන්නට අවශ්‍ය නැහැ. නැවතත් බැටළු ගාලට හැරී එන විට මඟ තිබෙන බාධාවලින් පැන ඒමට ඌට තමාගේම ශක්තියෙන්ම නොහැකි බව පැහැදිලියි. ඒ නිසා, එඬේරා බිමට නැමී, මෘදු ලෙස ඌව ඔසවාගෙන සියලු බාධක හරහා නැවතත් ඌව ගාලට ගෙන එනවා. මේ එඬේරා විසින් පෙන්වන ලද සැලකිල්ලම පෙන්වීමට අපට පුළුවන් කොහොමද?
16. අයාලේ ගිය එම බැටළුවාට එඬේරා දැක්වූ මුදු මොළොක් ස්වභාවය අපත් විදහා පෙන්විය යුත්තේ ඇයි?
16 සභාව සමඟ තිබූ සම්බන්ධකම් අහිමිව සිටින පුද්ගලයෙක් ආත්මික අර්ථයකින් ඉතා විඩාවට පත්ව සිටිනවා විය හැකියි. එඬේරාගෙන් වෙන් වී සිටින බැටළුවා වගේ, එවන් පුද්ගලයෙක් මේ ලෝකයේ සතුරුවාදී ප්‍රදේශවල ඉබාගාතේ එහෙ මෙහෙ යමින් සිටියා විය හැකියි. රැළ විසින් එනම් ක්‍රිස්තියානි සභාව මගින් සැපයෙන කිසිදු උපකාරයක් නැතිව අසරණව සිටින ඔහු, ‘සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින’ යක්ෂයාගේ ප්‍රහාරවලට වෙන කවරදාටත් වඩා නිරාවරණය වී සිටිනවා. (1 පේතෘස් 5:8) මීට අමතරව, ආත්මික ආහාර ඌනතාවක් අද්දකින ඔහු සිටින්නේ දුර්වලවයි. සභාව කරා නැවත එන ගමනේදී තිබෙන බාධක ජයගන්නට ඔහුට තමාගේම ශක්තියෙන් නොහැකි බව පැහැදිලියි. එම නිසා, අපි සංකේතමය ලෙස, බිමට නැමී දුර්වලයාව මෘදු ලෙස ඔසවාගෙන ආපසු රැගෙන ආ යුතුයි. (ගලාති 6:2) අපට මෙය කළ හැක්කේ කොහොමද?
17. දුර්වලව සිටින යමෙකුව බැහැදකින විට අපට ප්‍රේරිත පාවුල්ව අනුකරණය කළ හැක්කේ කොහොමද?
17 ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. “යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මටත් නොදැනේද?” (2 කොරින්ති 11:29, නව අනුවාදය; 1 කොරින්ති 9:22) දුර්වලයන් ඇතුළුව පොදුවේ මිනිසුන් සඳහා පාවුල්ට සංවේදනයක් තිබුණා. දුර්වල අයට ඒ හා සමාන සංවේදනයක් පෙන්වීමට අපටත් වුවමනායි. ආත්මික වශයෙන් දුර්වලව සිටින ක්‍රිස්තියානියෙකුව බැහැදකින්නට යන විට, ඔහු යෙහෝවාගේ ඇස් හමුවේ ඉතා වටිනා බවත් සෙසු ඇදහිලිවන්තයන්ට ඔහු නැති අඩුව බොහෝ සෙයින් දැනෙන බවත් ඔහුට කියමින් ඔහුව දිරිගන්වන්න. (1 තෙසලෝනික 2:17) ඔවුන් ඔහුට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බවත් ‘විපත්තියේදී පිහිට වීමට ඉපිද සිටින සහෝදරයෙක්’ වීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් ඔහුට දැනෙන්න සලස්වන්න. (හිතෝපදේශ 17:17; ගීතාවලිය 34:18) අප මුළු හදින්ම කියන මේ දේවල් ඔහුව මෘදු ලෙස හා ටිකෙන් ටික ගොඩනැංවිය හැකි අතර, අන්තිමේදී ඔහුට රැළ වෙතට නැවත හැරී ඒමට හැකිකම ලැබේවි. අප ඊළඟට කළ යුත්තේ මොකක්ද? ස්ත්‍රිය සහ නැති වූ කාසිය පිළිබඳ උපමාවෙන් මේ ගැන අපට මඟ පෙන්වීමක් ලැබෙනවා.
අවංකවම දැඩි උනන්දුවක් දක්වන්න
18. (අ) උපමාවේ සඳහන් ස්ත්‍රිය බලාපොරොත්තු නැති කර නොගත්තේ ඇයි? (ආ) ස්ත්‍රිය කිනම් ආකාරයේ උත්සාහයක් දැරුවාද? ඇයට ලැබුණු ප්‍රතිපලය කුමක්ද?
18 කාසිය නැති වූ ස්ත්‍රිය දන්නා දෙයක් තමයි, එය සෙවීම අභියෝගයක් මුත්, සොයාගන්නට බැරි දෙයක් නොවන බව. එම කාසිය විශාල පඳුරු සහිත කෙතක හෝ මඩ සහිත ගැඹුරු විලක වැටී තිබුණා නම්, එය සොයාගැනීමට බැරි දෙයක්යයි සලකා සමහරවිට ඇය එය සෙවීමේ අදහස අත්හරින්න ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, කාසිය තමාගේම නිවසේ කොහේ හරි ඇතැයිද, එය සොයාගත හැකියයිද දන්නා ඇය, එය ඉතා වුවමනාවෙන් හා අවංකව දැඩි උනන්දුවකින් සොයන්නට පටන්ගන්නවා. (ලූක් 15:8) පළමුව, ඇය ඇගේ අඳුරු ගෙය ආලෝක කරන්නට පහනක් දල්වනවා. ඊට පසු, ඇය කොස්සක් අරන් බිම අතුගාන්නේ කාසියෙන් “සිලිං” ශබ්දයක් ඇසීමේ බලාපොරොත්තුවෙනුයි. අන්තිමේදී, නැමී, ගෙයි හැම අස්සක් මුල්ලක්ම බලා පහනේ එළියෙන් කාසිය දිලිසෙනවා දකින තෙක්ම සොයා බලන්නේ බොහොම පරෙස්සමින්. මේ ස්ත්‍රියගේ නොමද උත්සාහයට අන්තිමේදී විපාක ලැබෙනවා!
19. දුර්වල අයට උපකාර කිරීමේදී, නැති වූ කාසිය පිළිබඳ උපමාවේ සඳහන් ස්ත්‍රිය ගත් ක්‍රියාමාර්ගවලින් අපට කිනම් පාඩම් ඉගෙනගත හැකිද?
19 මේ උපමාවේ සඳහන් විස්තරවලින් අපට මතක් කර දෙන ආකාරයට, දුර්වලව සිටින ක්‍රිස්තියානියෙකුට උපකාර කිරීමට අපට දී තිබෙන ශුද්ධ ලියවිලිමය වගකීම අපට කොහොමටවත් කරන්නට බැරි දෙයක් නම් නොවේ. ඒ අතරම අප වටහාගත යුතු දෙයක් වන්නේ මීට ප්‍රයත්නය අවශ්‍ය බවයි. ඇත්ත වශයෙන්ම, ප්‍රේරිත පාවුල් එපීසයේ වැඩිමහල්ලන්ට පැවසුවේ, ‘වෙහෙස වීමෙන් ඔබ දුර්වලව සිටින අයට උපකාර කළ යුතුය’ කියායි. (ක්‍රියා 20:35අ, NW) මේ ස්ත්‍රියට කාසිය සම්බ වෙන්නේ උඩින් පල්ලෙන් හෝ ඉඳ හිට හෝ වෙලාවක් ලැබුණහම සෙවීමෙන් නොවන බව මතකයේ තබාගන්න. ඇය සාර්ථක වන්නේ, “එය සම්බ වන තුරු” ක්‍රමානුකූලව පිළිවෙළකට එය සොයන නිසයි. ඒ හා සමානව, ආත්මිකව දුර්වලව සිටින කෙනෙකුව යළි නඟා සිටුවීමට අපි උත්සාහ කරන විට, අප අවංකව ඉතා උනන්දුවෙන් යම් අරමුණක් ඔස්සේ එය කළ යුතුයි. අපට කුමක් කරන්නට පුළුවන්ද?
20. දුර්වලයන්ට උපකාර කිරීමට කුමක් කළ හැකිද?
20 ඇදහිල්ල හා අගය කිරීම ගොඩනැංවීම පිණිස දුර්වලයෙකුට අපට උපකාර කළ හැක්කේ කොහොමද? සුදුසු ක්‍රිස්තියානි ප්‍රකාශනයක් යොදාගෙන පෞද්ගලික බයිබල් පාඩමක් එම තැනැත්තා සමඟ පැවැත්වීම හරියටම අවශ්‍ය දෙය විය හැකියි. ඇත්ත වශයෙන්ම, දුර්වල පුද්ගලයෙකු සමඟ බයිබල් පාඩමක් පැවැත්වීම තුළින් ඉතා පුළුල් අන්දමින් ඔහුට හෝ ඇයට උපකාර කිරීමට අපට ඉඩ සැලසෙනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපකාරය පිරිනැමිය හැක්කේ කාටද කියා හොඳින්ම තීරණය කිරීමට සේවා අවේක්ෂකට හැකි බව පෙනී ගොස් තිබෙනවා. පාඩම් කළ යුත්තේ කිනම් විෂයන්ද වඩාත් උපකාරවත් විය හැක්කේ කිනම් ප්‍රකාශනයද කියා යෝජනා කරන්නට ඔහුට හැකියි. උපමාවේ සඳහන් *
ස්ත්‍රිය ඇගේ කාර්යය ඉටු කිරීමට යම් යම් මෙවලම් යොදාගත්තාක් මෙන්, දුර්වල අයට උපකාර කිරීමට දෙවි විසින් අපට දී ඇති වගකීම ඉටු කිරීමට අපටත් මෙවලම් හෙවත් උපකරණ තිබෙනවා. මෙවැනි ප්‍රයත්නයකදී අපේ නවතම ප්‍රකාශන දෙක හෙවත් මෙවලම් අපට මහත් උපකාරයක් වෙනවා නියතයි. ඒවා නම්, එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න සහ යෙහෝවාට ළං වන්න යන ප්‍රකාශනයි.21. දුර්වල අයට උපකාර කිරීම සියල්ලන්ටම ආශීර්වාදයක් වන්නේ කෙසේද?
21 දුර්වලයන්ට උපකාර කිරීම සියල්ලන්ටම මහත් ආශීර්වාද ගෙන එයි. උපකාර ලද තැනැත්තා තමාට නැවතත් සැබෑ මිතුරන් සමඟ එක්සත් වෙන්නට ලැබීමේ සන්තෝෂය භුක්ති විඳියි. දීමෙන් පමණක් ලැබෙන ප්‍රීතිය හද පත්ලෙන්ම භුක්ති විඳින්නට අපට පුළුවන්. (ලූක් 15:6, 9; ක්‍රියා 20:35ආ) සභාවේ එක් එක් සාමාජිකයා අනෙක් අය කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ල දක්වන විට මුළු සභාවම උණුසුම්බවින් වැඩෙනවා. මේ සියල්ලටම වඩා, ගෞරවය යන්නේ අපගේ සැලකිලිමත් එඬේරුන් වන යෙහෝවා සහ යේසුස්ටයි. මන්ද දුර්වලයන්ට උපකාර කිරීමට ඔවුන් තුළ ඇති ආශාවම ඔවුන්ගේ භූමික සේවකයන් තුළිනුත් පිළිබිඹු වන නිසායි. (ගීතාවලිය 72:12-14; මතෙව් 11:28-30; 1 කොරින්ති 11:1; එපීස 5:1) එසේනම්, දිගටම ‘අප අතර ප්‍රේමය ඇතුව සිටීමට’ අපට තිබෙන්නේ මොනතරම් හොඳ හේතුද!
[පාදසටහන]
^ 20 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලදි.
ඔබට පැහැදිලි කළ හැකිද?
• අප සෑම කෙනෙකුම ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
• අපගේ ප්‍රේමය දුර්වලව සිටින අයටත් දැක්වීමට තරම් පුළුල් විය යුත්තේ මන්ද?
• නැති වූ බැටළුවා සහ නැති වූ කාසිය පිළිබඳ උපමාවලින් අප ඉගෙනගන්නා පාඩම් මොනවාද?
• දුර්වලව සිටින යමෙකුට උපකාර කිරීමට අපට කිනම් ප්‍රායෝගික පියවර ගත හැකිද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[16, 17වන පිටුවේ පින්තූර]
අපි මූලික පියවර ගෙන, මුදු මොළොක් ලෙසද අවංකවම දැඩි උනන්දුවකින්ද දුර්වලයන්ට උපකාර කරමු
[16, 17වන පිටුවේ පින්තූරය]
දුර්වලයන්ට උපකාර කිරීමෙන් සියල්ලන්ටම ආශීර්වාද අත් වෙනවා