Skip to content

පටුනට යන්න

අප නොදන්නවා විය හැකි දෙවි කෙනෙකුව විශ්වාස කිරීම

අප නොදන්නවා විය හැකි දෙවි කෙනෙකුව විශ්වාස කිරීම

අප නොදන්නවා විය හැකි දෙවි කෙනෙකුව විශ්වාස කිරීම

ජර්මනියේ සිටින මනුෂ්‍යයන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක් දෙවි කෙනෙකුව විශ්වාස කරති. නමුත්, දහසකට වඩා වැඩි පිරිසකගෙන් ඔවුන් විශ්වාස කරන දෙවි පිළිබඳව විස්තරයක් දෙන මෙන් ඉල්ලූ විට බහුතරයකගේ පිළිතුරුවල විවිධත්වයක් තිබුණි. “පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට සමාන නොවන්නා සේම ජර්මන් වැසියන්ට දෙවි පිළිබඳව ඇත්තේද එකිනෙකට වෙනස් මතයි.” එසේ සඳහන් වූයේ ප්‍රවෘත්ති සඟරාවකයි (FOCUS). දෙවි කෙනකුව විශ්වාස කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. එනමුත් එම දෙවි කුමානාකාරයේ දෙවි කෙනෙකුද කියා නොදැන ඇදහීම කනගාටුවට කාරණයක් නොවෙයිද?

දෙවිගේ ස්වභාවය පිළිබඳව නැතහොත් ඔහු කොයි ආකාරයේ කෙනෙකුද යන කාරණය පිළිබඳව තිබෙන අවිනිශ්චිතභාවය ජර්මනියට පමණක් ආවේණික දෙයක් නොවෙයි. යුරෝපයේ වෙනත් ප්‍රදේශවල පවා මෙය දක්නට තිබේ. ඕස්ට්‍රේලියාවේ, බ්‍රිතාන්‍යයේ සහ නෙදර්ලන්තයේ කළ සමීක්ෂණයකදී දෙවි “උසස් බලවේගයක් නැතහොත් පැහැදිලි කළ නොහැකි අභිරහසක්” යන පොදු පිළිගැනීම බෙහෝ අය තුළ තිබෙන බව දක්නට ලැබුණි. විශේෂයෙන් දෙවිව විශ්වාස කරන නහඹරයන් අතරත් දෙවි අභිරහසක්ය යන සිතුවිල්ල තිබේ.

ඔබ දෙවිව පෞද්ගලිකව දැනහඳුනනවාද?

කෙනෙකුව දන්නවා යනු දිය බිඳක් නම් කෙනෙකුව දැනහඳුනා ගැනීම මහා සාගරයක් වගෙයි. යම් කෙනෙකුව දන්නවා කීමෙන් අදහස් කරන්නේ එම පුද්ගලයා ජීවත් වෙන බව අප දන්න බවයි. නිදසුනක් ලෙස අපට ළං විය නොහැකි පාලකයෙකු, ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙකු, සිනමා තරුවක් ගැන අප දන්නවා කීමෙන් අදහස් කරන්නේ එම පුද්ගලයා ජීවත් වන බව අප දන්න බවයි. නමුත් කෙනෙකුව පෞද්ගලිකව දැනහැඳිනීමට ඊට වඩා බොහෝ දේ ඇතුළත්ය. එම පුද්ගලයාගේ චරිතය, හැසිරීම් රටාව, හැඟීම්, රුචි අරුචිකම් සහ අනාගත සැලසුම් ගැන පවා මැනවින් දැන සිටීම ඊට ඇතළත්ය. කෙනෙකුව පෞද්ගලිකව දැනගැනීම ඔහු සමඟ කුලුපග සබඳකමකට මඟ පාදයි.

දෙවි පිළිබඳව අවිනිශ්චිත අදහස් තිබීම හෝ දෙවි කෙනෙකු ඉන්නවාය යන්න දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව දහස් සංඛ්‍යතදෙනෙකු පිළිගෙන තිබේ. එමනිසා දෙවිව හොඳින් දැනහඳුනා ගැනීමට ඔවුන් පියවර ගෙන ඇත. ඇත්තෙන්ම එසේ පියවර ගැනීම වැඩදායී දෙයක් කියා ඔවුන්ට පෙනී ගොස් තිබේද? දෙවි කෙනෙකු පිළිබඳව යම් විශ්වාසයක් තිබුණ උතුරු ජර්මනියේ වෙසෙන පෝල් දෙවිව පෞද්ගලිකවම දැනහඳුනා ගැනීමට තීරණය කළේය. “දෙවිව හොඳින් දැනහඳුනා ගැනීමට කාලය වගේම වෑයම අවශ්‍යයි. ඒත් ඉන් ලැබෙන ආශීර්වාද ඉහළයි. මැවුම්කරු සමඟ සමීප සබඳතාවක් පවත්වාගැනීම එදිනෙදා ජීවිතය වඩා සතුටුදායක එකක් කරගැනීමට දායක වෙනවා.” එසේ පැවසුවේ පෝල්.

දෙවිව දැනහඳුනා ගැනීමට කාලය සහ වෑයම අවශ්‍ය කරයි. එවන් කැප කිරීමක් කිරීම ඇත්තෙන්ම වටිනවාද? එයට පිළිතුරු ලබාගැනීම සඳහා අනෙක් ලිපිය බලන්න ඔබට පුළුවන.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙනෙකුව දන්නවා යනු දිය බිඳක් නම්, කෙනෙකුව දැනහඳුනා ගැනීම මහා සාගරයක් වගෙයි