Skip to content

පටුනට යන්න

“දෙවි ගැන වැඩි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ”

“දෙවි ගැන වැඩි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ”

“දෙවි ගැන වැඩි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ”

“ගිය අවුරුද්ද පුරාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් මාව හම්බ වෙන්න ඇවිත් දෙවිගේ රාජ්‍ය පිළිබඳ පුදුමයෙනුත් පුදුමයට පත් කරන ආරංචි පැවසුවා. අවුරුදු අටක් කතෝලිකයෙක් වෙලා හිටියත් දෙවි ගැන වැඩි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ එක අවුරුද්දෙන් මම හුඟක් දේවල් ඉගෙනගත්තා” කියා ඉන්දියාවේ කේරලේ වෙසෙන මිනිසෙක් ලීවේය. “භාෂා 139කින් [දැන් 146කින්] මුරටැඹ පළ කරන බව දැනගන්න ලැබීම හරි සතුටක්” යයි පැවසූ ඔහු මෙසේද ලීවේය. “හැම භාෂාවක්ම කතා කරන අය දෙවි පිළිබඳ පණිවිඩය දැනගනිමින් සිටිනවා දැකීමත් පුදුමයක්.”

දෙවිව කොහෙත්ම දැනගන්න නොහැකි බව දාර්ශනිකයන් බොහෝදෙනෙකු පවසා සිටියත් ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේ දෙවිව දැනගත හැකි බවය. “නාඳුනන දෙවි කෙනෙකුට” කැප කළ පූජාසනයක් ළඟ නමස්කාර කරමින් සිටි අතීනසයේ මිනිසුන් අමතමින් පාවුල් මෙසේ පැවසීය. ‘මම ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබ නොදන්නාකමින් භක්තිය පිරිනමන ඒ දේ ගැනය. ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවි, . . . සියලුදෙනාටම ජීවනයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේය. තවද, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, ඔහු එක මිනිසෙකුගෙන් මුළු මිනිස්වර්ගයාවම සෑදුවේය.’—ක්‍රියා 17:23-26, NW.

මැවුම්කරු ‘අප එකිනෙකාට නුදුරුව සිටින’ නිසා ඔහුව සොයන්න කියා පාවුල් ඔහුට සවන් දෙමින් සිටි අයට උනන්දු කරමින් සිටියේය. (ක්‍රියා 17:27) සැබෑ දෙවිව හා ඔහුගේ ආකර්ෂණීය ගුණාංග දැනගැනීමට ඔබට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වනු ඇත.