“මට අවශ්‍ය සියලුම දේ මම හොයාගත්තා”
“මට අවශ්‍ය සියලුම දේ මම හොයාගත්තා”
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව වර්තමානයේ ලොව පුරා මානසික අවපීඩනයේ බලපෑමට ලක් වී ඇති අයගේ සංඛ්‍යාව මිලියන 120 ඉක්මවා යයි. සෑම වසරකම මිලියනයක් පමණ ජනයා දිවිනසා ගන්නා අතර මිලියන 10ත් 20ත් අතර සංඛ්‍යාවක් දිවිනසා ගැනීමට තැත් කරයි. මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ට මොන වගේ උපකාර සැපයිය හැකිද? වෛද්‍යමය ප්‍රතිකාර මගින් වේදනාව අඩු කළ හැකි නමුත් මානසික සුවය ලැබීමට දෙන උපකාරයද අත්‍යවශ්‍යයි. තවද, එවැනි තත්වයන්ට මුහුණ පා සිටින සමහර අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කරන ලද බයිබලය මත පදනම් පොත් පත්වලින් ඉමහත් ප්‍රයෝජන ලබා තිබෙන බවට කදිම සාක්ෂියකි ප්‍රංශයෙන් ලැබුණු පහත දැක්වෙන ලියුම.
“තවදුරටත් ජීවත් වෙන එකේ කිසිම තේරුමක් නැහැ කියලා ළඟකදී ඉඳලා මට හිතෙන්න පටන්ගත්තා. මම දෙවියන්ට යාච්ඤා කළා මට ඉක්මනට මැරෙන්න ඉඩ දෙන්න කියලා. මම ඇතුලාන්තයෙන් සම්පූර්ණයෙන්ම මැරිලා වගෙයි හිටියේ. මම මඟ පෙන්වීම ඉල්ලලා දිගටම යෙහෝවාට යාච්ඤා කළා. ඒ අතරතුර මම 2002 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (සිංහලෙන් නැත) කියවන්න තීරණය කළා. ඒක දවස් තුනකින් කියවලා ඉවර කෙරුවා. මට කියන්න ඕනේ මේකයි. ඒකෙන් ලැබුණු දිරිගැන්වීම නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. මගේ ඇදහිල්ල ගොඩාක් ශක්තිමත් වුණා.
“මම මුරටැඹ හා පිබිදෙව් සඟරාවල ලිපි ටිකක් ගවේෂණය කළා. මම අද්දැකපු දේ පුදුමෙනුත් පුදුමයි! මම මේ සඟරා නොකඩවා අවුරුදු 15ක් තිස්සේ කියවනවා. නමුත් මේ ලිපි මේ තරම්ම දිරිගැන්වීමක් හා පෙලඹීමක් ඇති කරනවා කියලා මම කවදාවත් වටහාගෙන තිබුණේ නැහැ. අද අපි අඩුවෙන්ම අද්දකින ගුණාංගයක් වන ප්‍රේමය ඒ පිටු අතරේ පිරිලා තිබුණා. මට අවශ්‍ය සියලුම දේ මම හොයාගත්තා.”
බයිබලයේ පවසන්නේ “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි, තැළුණු ආත්ම ඇත්තන් ගලවයි” කියායි. (ගීතාවලිය 34:18) සියලුම “බිඳුණු සිත් ඇත්තන්ට” හෝ “තැළුණු ආත්ම ඇත්තන්ට” බයිබලය තුළ දිරිගැන්වීම් සොයාගත හැකි බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම, එතුළින් අනාගතය සඳහා බලාපොරොත්තුවක්ද ලබාගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් පොත් පත් බෙදා දෙන්නේ උපකාර අවශ්‍ය අයට එම දේවානුභාවය ලත් සහනය සපයන මූලාශ්‍රයෙන් ප්‍රයෝජන ලබාගත හැකි වන පිණිසයි.