Skip to content

පටුනට යන්න

උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න

උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න

උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න

“මිනිසුන් බලන විදිහට නොවෙයි දෙවි බලන්නේ.”—1 සාමුවෙල් 16:7, NW.

1, 2. යෙහෝවා එලියාබ් දෙස බැලූ අන්දම සාමුවෙල් බැලූ අන්දමට වඩා වෙනස් වූයේ කවර ආකාරයෙන්ද? අපට මෙයින් උගත හැක්කේ කුමක්ද?

පොදු යුගයට පෙර එකොළොස්වන සියවසේදී යෙහෝවා තම අනාගතවක්තෘ සාමුවෙල්ව පිටත් කර යැව්වේ රහසිගත මෙහෙයක් ඉටු කිරීම සඳහාය. දෙවි ඔහුට අණ කළේ යෙස්සේ නමැති මිනිසෙකුගේ නිවසට ගොස් ඊශ්‍රායෙල්හි අනාගත රජු වීමට යෙස්සේගේ පුත්‍රයෙකුව ආලේප කිරීමටයි. යෙස්සේගේ කුලුඳුල් පුත් එලියාබ් තම නෙත ගැටුණු විගස දෙවි තෝරාගත් තැනැත්තා තමාට හමු වී ඇති බව සාමුවෙල්ට ස්ථිරවම හැඟිණ. එනමුත් යෙහෝවා පැවසුවේ මෙලෙසයි. ‘ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න. මක්නිසාද මම ඔහු එපා කළෙමි. දෙවි මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන්නේය. මනුෂ්‍යයා පිටාතර පෙනීම බලන්නේය. නමුත් යෙහෝවා සිත බලන්නේය.’ (1 සාමුවෙල් 16:6, 7) යෙහෝවා එලියාබ් දෙස බැලූ විදිහට ඔහු දෙස බැලීමට සාමුවෙල් අපොහොසත් විය. *

2 අන් අයව තක්සේරු කිරීමේදී මිනිසුන්ට වැරදීම කොතරම් පහසු දෙයක්ද! එක් අතකින් බාහිරව ඉතා ආකර්ෂණීය පෙනුමක් ඇති මුත්, අභ්‍යන්තරයෙන් කිසිදු ප්‍රතිපත්තියකට ගරු නොකරන පුද්ගලයන්ට අප රැවටෙන්නට පුළුවන. අනික් අතට, නුරුස්සන ගතිලක්ෂණ ඇති පුද්ගලයන්ගේ වටිනාකම මැනීමේදී අප ඉතා දැඩි වූ දරදඬු ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනවා වන්නට පුළුවන.

3, 4. (අ) ක්‍රිස්තියානීන් දෙදෙනෙකු අතර ගැටලුවක් ඉස්මතු වේ නම්, දෙදෙනාම අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද? (ආ) සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ බරපතළ මතභේදයකට පැටලෙන විට, අප අපගෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

3 වසර ගණනාවක් අප දැන හඳුනාගෙන සිටින අය ඇතුළුව අන් අයව විනිශ්චය කිරීමට අප ඉක්මන් වන විට ගැටලු පැනනැඟිය හැක. කලක් ඔබේ කිට්ටු ක්‍රිස්තියානි මිතුරෙකු සමඟ ඔබ ලොකු දබරයක පැටලී සිටිනවායයි සිතමු. එම ගැටලුව සමථයකට පත් කරන්නට ඔබ කැමතිද? මෙවැන්නක් ඉටු කිරීමට ඔබට කුමක් උපකාර වේවිද?

4 ඔබේ ක්‍රිස්තියානි සහෝදරයා හෝ සහෝදරිය දෙස හොඳින්, කල් ගෙන, ධනාත්මකව බැලීම හොඳ අදහසක් නොවේද? තවද “මාව එවූ පියාණන් තමා වෙත ඇදගන්නා කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක” යන යේසුස්ගේ වදන් සිතෙහි තබාගෙන මෙය කරන්න. (යොහන් 6:44, NW) ඉන් අනතුරුව, ඔබෙන් මෙසේ අසාගන්න: ‘යෙහෝවා මේ පුද්ගලයා තම පුත්‍රයාණන් ළඟට ඇදගත්තේ මන්ද? මොහුට තිබෙන්නේ කවර ප්‍රියමනාප ගුණාංගද? මෙම ගතිලක්ෂණ සුළු කොට තැකීමට හෝ නොසලකා හැරීමට මා තුළ නැඹුරුවාවක් හටගෙන තිබේද? මුලින්ම අප මිතුදමින් බැඳුණේ ඇයි? මෙම පුද්ගලයාට මා ආකර්ෂණය වූයේ කවර හේතු නිසාද?’ ඔහු හෝ ඇය ගැන යම් කාලයක් තිස්සේ ඔබ තුළ අමනාපයේ හැඟීම් පැසවමින් තිබී ඇත්නම්, එවැනි හොඳ පැති ගැන සිතන එක මුලින්ම ඔබට අපහසු යමක් සේ දිස් විය හැක. කෙසේවෙතත්, ඔබ දෙදෙනා අතර ඇති වී තිබෙන දෙකඩ වීම යා කිරීමට මෙය වැදගත් ඉදිරි පියවරකි. මීට නිදර්ශනයක් ලෙස ඇතැම් අවස්ථාවලදී නිෂේධාත්මක ආකාරයකින් සලකනු ලබන පුරුෂයන් දෙදෙනෙකුගේ ධනාත්මක ගති ලක්ෂණ අපි දැන් සලකා බලමු. ඒ දෙදෙනා අනාගතවක්තෘ යෝනා සහ ප්‍රේරිත පේතෘස්ය.

යෝනා දෙස අවංකව බලමු

5. යෝනාට දෙනු ලැබුවේ කවර පැවරුමද? ඔහු ඊට ප්‍රතික්‍රියා කළේ කෙසේද?

5 යෝනා යෝවාෂ්ගේ පුත්‍ර වූ දෙවන යෙරොබොවම් රජුගේ පාලන සමයේදී උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යයට අනාගතවක්තෘ ලෙස සේවය කළ අයෙකි. (2 රාජාවලිය 14:23-25) දිනක්, ඊශ්‍රායෙලයෙන් පිටත් වී බලගතු අෂූරිය අධිරාජ්‍යයේ අගනුවර වූ නිනිවයට ගමන් කරන ලෙස යෝනාට යෙහෝවාගෙන් අණක් ලැබිණ. ඔහුගේ පැවරුම? එම නුවර වැසියන්ට තම මහත් නුවර විනාශ කරනු ලබන බව අනතුරු ඇඟවීමයි. (යෝනා 1:1, 2) කෙසේවෙතත්, දෙවිගේ මඟ පෙන්වීමට අවනත වනවා වෙනුවට, යෝනා පලා ගියේය! ඔහු නිනිවයෙන් ඉතා දුරින් පිහිටි තර්ෂිෂ් වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබූ නැවකට නැංගේය.—යෝනා 1:3.

6. නිනිවය වෙතට යෑම සඳහා යෙහෝවා යෝනාව තෝරාගත්තේ මන්ද?

6 යෝනා ගැන සිතන විට ඔබේ මනසෙහි විගස නැඟෙන්නේ කවර පින්තූරයක්ද? අකීකරු අනාගතවක්තෘ කෙනෙකු ලෙස ඔබ ඔහුව සලකනවාද? බැලූ බැල්මට එවැනි නිගමනයකට පහසුවෙන් එළඹෙන්නට පුළුවන. එනමුත් දෙවි යෝනාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළේ ඔහු අකීකරුකමට නම් දැරුවෙකු වූ නිසාද? එසේ සිතීම උගහටය! යෝනා තුළ යම් ආකර්ෂණීය ගුණාංග තිබෙන්නට ඇත. අනාගතවක්තෘ කෙනෙකු ලෙස ඔහු කළ සේවය සලකා බලන්න.

7. යෝනා යෙහෝවාට ඊශ්‍රායෙල්හි සේවය කරමින් සිටියේ කවර තත්වයන් යටතේද? මෙම තත්වයන් ගැන දැනුවත් වී සිටීම ඔහු සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පයට බලපාන්නේ කෙසේද?

7 ඇත්තටම යෝනා ඉතාමත් අඩු ප්‍රතිචාරයක් දැක්වූ බලප්‍රදේශයක් වූ ඊශ්‍රායෙල්හි විශ්වාසවන්තව වෙහෙස නොබලා වැඩ කර තිබුණු අයෙකි. යෝනාගේ සමකාලීනයෙකු වූ අනාගතවක්තෘ ආමොස් ඒ කාලයේ විසූ ඊශ්‍රායෙලිතයන්ව හැඳින්වූයේ ද්‍රව්‍යවාදී, සැපසෙල්ලමට ලොල් වූ අය ලෙසයි. * දේශයෙහි නපුරු දේවල් සිදු වුවත්, එම ඊශ්‍රායෙලිතයන්ට ඒ පිළිබඳව කිසිදු තැකීමක් තිබුණේ නැත. (ආමොස් 3:13-15; 4:4; 6:4-6) ඒ කෙසේවෙතත්, යෝනා දවසක් පාසා දවසක් ඔවුන්ට දේශනා කිරීමට වූ තම පැවරුම විශ්වාසවන්තව ඉටු කළේය. ඔබ ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් නම්, සෑහීමට පත් වී සිටින, උදාසීන ජනතාවකට කතා කිරීම කොතරම් අමාරු දෙයක්ද කියා ඔබ නිසැකවම දන්නවා ඇති. ඉතින්, යෝනාට යම් දුර්වලකම් තිබුණු බව පිළිගත යුතු වුවත්, නොඇදහිලිකාර ඊශ්‍රායෙලිතයන්ට දේශනා කරමින් ඔහු විදහාපෙන්වූ විශ්වාසවන්තකම හා විඳදරාගැනීම අපි නොසලකා නොහරිමු.

8. නිනිවයට යන ඊශ්‍රායෙලිත අනාගතවක්තෘ කෙනෙකුට මුහුණ දීමට සිදු වනු ඇත්තේ කවර අභියෝගයන්ටද?

8 නිනිවය බලා යෑමට වූ පැවරුම ඊටත් වඩා අසීරු අභියෝගවලින් සමන්විත විය. එම නුවර කරා ළඟාවීමට යෝනාට කිලෝමීටර් 800ක් පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදු විය. ඒ කියන්නේ මාසයක් පමණ ගත වන ඉතා දුෂ්කර ගමනකි. ඉන්පසුව, එම අනාගතවක්තෘගේ පැවරුමට අනුව, කෲරත්වයට නම් දැරූ අෂූරියන්ට දේශනා කිරීමට සිදු වේ. සාමාන්‍යයෙන් අෂූරියන් යුද්ධ කළ විට, ඔවුහු තම ප්‍රතිවාදීන්ව ඉතා අමානුෂික වධ හිංසාවලට ලක් කළෝය. තම අමානුෂික ක්‍රියා ගැන උදම් ඇනීමට පවා ඔවුන් පසුබට වූයේ නැත. නිනිවයට “ලේ වගුරුවන නුවර” යන නම තැබීම පුදුමයක්ද!—නාහුම් 3:1, 7.

9. නැවියන්ගේ ජීවිත අනතුරෙහි හෙළන මහත් කුණාටුවක් හැමූ විට, යෝනා විදහාපෙන්වූයේ කවර ගුණාංගද?

9 යෙහෝවාගේ ආඥාවට කීකරු වීමට අදිමදි කළ යෝනා නැවකට නැග්ග අතර, එය ඔහුව තම පැවරුමෙන් බොහෝ ඈතට ගෙනගියේය. කෙසේවෙතත්, යෙහෝවා තම අනාගතවක්තෘව භාවිත කිරීම ගැන තම අදහස අත්හැරියේවත්, ඒ සඳහා ඔහු වෙනුවට තව කෙනෙකුව පත් කළේවත් නැත. ඒ වෙනුවට යෙහෝවා යෝනාට තම පැවරුමේ බැරෑරුම්කම තේරුම් කර දීමට පියවර ගත්තේය. දෙවි මුහුද පිට මහත් කුණාටුවක් හැමීමට සැලැස්වීය. යෝනා සිටි නැව රළ පහරින් ප්‍රබල ප්‍රහාරයකට ලක් විය. යෝනාගේ ක්‍රියාකලාපය නිසා අහිංසක මිනිසුන් සිටියේ මරණයේ අද්දරයි! (යෝනා 1:4) මෙහිදී යෝනාගේ ප්‍රතික්‍රියාව කුමක් වනු ඇද්ද? තමන් නිසා නැවියන්ගේ ජීවිත නැති වෙනවාට නොකැමතිව යෝනා ඔවුන්ට මෙසේ පැවසීය. “මා අරන් මුහුදේ දමන්න. එවිට මුහුද නුඹලාට නිශ්චල වන්නේය.” (යෝනා 1:12) නැවියෝ අන්තිමේදී එසේ කිරීමට එකඟ වී යෝනාව මුහුදට හෙළූහ. එම අවස්ථාවේදී යෙහෝවා ඔහුව මුහුදේ ගිලී මියයෑමෙන් බේරයි කියා සිතීමට ඔහුට කිසිම පදනමක් නොතිබිණ. (යෝනා 1:15) කෙසේවෙතත්, නැවියන්ගේ ජීවිත බේරාගැනීමට යෝනා තම ජීවිතය පවා පරිත්‍යාග කිරීමට කැමති විය. මෙහිදී අප යෝනා තුළ නිර්භීතකම, යටහත්පහත්කම සහ ප්‍රේමය වැනි ගුණාංග දකින්නේ නැද්ද?

10. යෙහෝවා යෝනාට සිය පැවරුම යළිත් ලබා දුන් විට සිදු වූයේ කුමක්ද?

10 කෙසේවෙතත්, අවසානයේදී යෙහෝවා යෝනාව බේරාගත්තේය. යෝනාගේ ක්‍රියාකලාපය හේතුවෙන් දෙවිගේ නිල නියෝජිතයෙකු ලෙස යළිත් කිසිදු අවස්ථාවකවත් සේවය කිරීමට ඔහු නුසුදුස්සෙක් බවට පත් වීද? නැත. යෙහෝවා දයාන්විතව හා ප්‍රේමණීයව නිනිවයේ වැසියන්ට දේශනා කිරීමට වූ එම අනාගතවක්තෘගේ පැවරුම ඔහුට යළිත් ලබා දුන්නේය. යෝනා නිනිවයට පැමිණි විට, ඔහු එඩිතරව කියා සිටියේ එහි වැසියන්ගේ ඉමහත් දුෂ්ටකම දෙවිගේ අවධානයට ලක් වී තිබූ බවත්, ඔවුන්ගේ නුවර දින 40කින් විනාශ කරනු ලබන බවත්ය. (යෝනා 1:2; 3:4) යෝනාගේ ඍජු පණිවිඩයට සවන් දීමෙන් අනතුරුව නිනිවයේ වැසියන් පසුතැවිලි වූ අතර, ඔවුන්ගේ නුවරට කිසිදු හානියක් වූයේ නැත.

11. යෝනා වටිනා පාඩමක් ඉගෙනගත් බවට පැහැදිලි වන්නේ කුමකින්ද?

11 එහෙත්, යෝනාගේ ආකල්පය තවමත් නිවැරදි වී තිබුණේ නැත. එමනිසා, තමන් පිටාතර පෙනීම පමණක් නොබලන බවත්, ඉන් ඔබ්බට යමින් තමන් සිත විමසා බලන බවත් තේරුම්ගැනීමට යෙහෝවා යෝනාට උපකාර කළේ ආදර්ශ පාඩමක් මගිනි. (යෝනා 4:5-11) මෙම වාර්තාව අවංකව ලේඛනගත කිරීමට තමන්ම ගත් පියවරෙන් පෙනී යන්නේ යෝනා වටිනා පාඩමක් ඉගෙනගත් බවයි. තවදුරටත්, තම අසම්පූර්ණකම් ඉතා පැහැදිලිව කිසිදු දෙයක් නොසඟවා වාර්තාගත කිරීමට ඔහු දැක්වූ කැමැත්තෙන්ද ඔහු යටහත්පහත් කෙනෙකු වූ බව තවත් තහවුරු වේ. ඇත්තෙන්ම වරදක් පිළිගැනීමට ධෛර්යය අවශ්‍යයි!

12. (අ) මනුෂ්‍යයන් සම්බන්ධයෙන් යෙහෝවා දරන ආකල්පය යේසුස්ට ඇති බව අප දන්නේ කෙසේද? (ආ) අප විසින් ශුභාරංචිය දේශනා කරනු ලබන ජනයා සම්බන්ධයෙන් කවර ආකල්පයක් දැරීමටද අපව දිරිගන්වා ඇත්තේ? (18වන පිටුවේ කොටුව බලන්න.)

12 සියවස් ගණනාවකට පසු, යෝනාගේ ජීවිතයේ සිදුවීමක් ගැන යේසුස් ක්‍රිස්තුස් ධනාත්මක අදහසක් පළ කළේය. “යෝනා මහා මත්ස්‍යයාගේ උදරයෙහි දහවල් තුනක්ද රෑ තුනක්ද සිටියාක් මෙන්, මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබෙහි දහවල් තුනක්ද රෑ තුනක්ද සිටිනවා ඇත” යන්න ඔහුගේ අදහස විය. (මතෙව් 12:40, NW) යෝනාව නැවත නැඟිටුවීමෙන් අනතුරුව ඔහු ඉගෙනගන්නා දෙයක් නම්, තම ජීවිතයෙහි මෙම අඳුරු අවස්ථාව යේසුස් තමා සොහොනක සිටි කාලසීමාව හා සැසඳූ බවය. තම සේවකයන් අතින් වැරදි සිදු වන විට ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරන දෙවි කෙනෙකුට සේවය කිරීමට ලැබීම ගැන අප සතුටු වන්නේ නැද්ද? ගීතිකාකරු මෙසේ ලීවේය. “පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක් මෙන් යෙහෝවා තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරන්නේය. මක්නිසාද ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:13, 14) ඇත්ත වශයෙන්ම අදදින සිටින අසම්පූර්ණ මනුෂ්‍යයන් ඇතුළුව මෙම ‘දූවිල්ලට’ දෙවිගේ ශුද්ධාත්මයේ බලය ඇතුව මහත් දේවල් ඉටු කිරීමට පුළුවන!

පේතෘස් සම්බන්ධයෙන් සමබර ආකල්පයක්

13. පේතෘස් ගැන සිතද්දී, වහාම මනසට නැඟිය හැක්කේ කවර ගතිලක්ෂණද? එනමුත් යේසුස් ඔහුව ප්‍රේරිතයෙකු ලෙස තෝරාගත්තේ මන්ද?

13 දැන් අප දෙවන උදාහරණයක් කෙටියෙන් සලකා බලමු. එය නම් ප්‍රේරිත පේතෘස්ගේ ආදර්ශයයි. පේතෘස් ගැන විස්තරයක් ඉදිරිපත් කිරීමට ඔබෙන් ඉල්ලා සිටියහොත්, වහාම ඔබේ මනසට නැඟෙන්නේ අපරීක්ෂාකාරී, ආවේගශීලී හෝ හිතුමතේට පවා කටයුතු කරන කෙනෙකුගේ ගතිලක්ෂණද? ඇතැම් අවස්ථාවලදී පේතෘස් තුළ එවැනි ගතිලක්ෂණ දක්නට ලැබුණු බව පිළිගත යුතුය. කෙසේවෙතත්, පේතෘස් ඇත්තටම අපරීක්ෂාකාරී, ආවේගශීලී හෝ හිතුමතේට කටයුතු කරන කෙනෙකුව සිටියා නම්, යේසුස් තම ප්‍රේරිතයන් 12දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහුව තෝරාගනු ඇද්ද? (ලූක් 6:12-14) කිසිසේත් නැත! යේසුස් එම දුර්වලකම්වලට ඔබ්බෙන් බලා පේතෘස්ගේ ධනාත්මක ගුණාංග පැහැදිලිවම වටහාගත්තේය.

14. (අ) පේතෘස් පෙනෙන විදිහට පෙරමුණ ගෙන කතා කළ අයෙකු වීම පැහැදිලි කළ හැක්කේ කෙසේද? (ආ) පේතෘස් විසින් නිතරම පාහේ ප්‍රශ්න ඇසීම ගැන අප කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?

14 පේතෘස් ඇතැම් අවස්ථාවලදී පෙරමුණ ගෙන අනික් ප්‍රේරිතයන් වෙනුවෙන් කතා කළේය. ඔහු තම සීමාවන් ගැන අනවබෝධයෙන් කටයුතු කළ බවට සාක්ෂියක් ලෙස ඇතමුන් මෙය සලකන්නට පුළුවන. එනමුත් ඇත්තටම එවැන්නක් පැවසිය හැකිද? පේතෘස් අනික් ප්‍රේරිතයන්ට වඩා, ඇතැම්විට යේසුස්ටත් වඩා වයසින් වැඩි වන්නට ඇති බව ඇතමුන්ගේ මතය වේ. මෙම නිගමනය නිවැරදි නම්, පේතෘස් නිතරම පාහේ පෙරමුණ ගෙන කතා කිරීමට හේතුව මින් පැහැදිලි කරනවා විය හැකියි. (මතෙව් 16:22) කෙසේවෙතත්, සලකා බැලිය යුතු තවත් පැත්තක්ද තිබේ. පේතෘස් ආත්මික පුරුෂයෙක් විය. ප්‍රශ්න ඇසීමට ඔහුව පෙලඹවූයේ දැනුම ලබාගැනීම සඳහා ඔහු තුළ තිබූ පිපාසයයි. ඇත්තෙන්ම ඉන් අපටද ප්‍රයෝජන අත් වී තිබේ. පේතෘස්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් යේසුස් ඉතා අනගි අදහස් කිහිපයක්ම පළ කළ අතර, ඒවා බයිබල් වාර්තාව තුළ ආරක්ෂා වී ඇත. නිදසුනකට, යේසුස් “විශ්වාසවන්ත ගබඩාකාරයා” ගැන කතා කළේ පේතෘස් ඉදිරිපත් කළ අදහසකට ප්‍රතිචාරයක් වශයෙනි. (ලූක් 12:41-44, NW) ඇරත් පේතෘස්ගේ මෙම ප්‍රශ්නය සැලකිල්ලට ගන්න. “අපි සියල්ල අත්හැර ඔබ පසුපස ආවෙමු. අපට කුමක් ලැබේද?” “මාගේ නාමය නිසා ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතු පිටි අත්හැර තිබෙන සියල්ලන්ට ඊට වඩා බොහෝ වැඩියෙන් ලැබෙන්නේය. ඔවුන්ට සදාකාල ජීවනයද උරුම වන්නේය” කියා සැමගේ බිය සැක දුරු කරමින් යේසුස් පොරොන්දු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.—මතෙව් 15:15; 18:21, 22; 19:27-29, NW.

15. පේතෘස් සැබවින්ම පක්ෂපාත කෙනෙකු වූ බව පැවසිය හැක්කේ මන්ද?

15 පේතෘස්ට තිබුණු තවත් කදිම ගුණාංගයක් වූයේ ඔහුගේ පක්ෂපාතකමයි. ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු යේසුස්ගේ එක් ඉගැන්වීමක් තේරුම් නොගත් නිසා ඔහුව අත්හැර ගිය අවස්ථාවේදී ප්‍රේරිතයන් 12දෙනා වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව කතා කළේ පේතෘස්ය. ඔහු පැවසුවේ, “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය” යන්නය. (යොහන් 6:66-68, NW) මෙම වදන් යේසුස් තුළ මොනතරම් සතුටක් ඇති කරන්නට ඇද්ද! පසු අවස්ථාවක කලහකාරී පිරිසක් යේසුස්ව අත්අඩංගුවට ගන්නට පැමිණි විට, ඔහුගේ ප්‍රේරිතයන්ගෙන් වැඩිදෙනෙක් පලා ගියෝය. එනමුත්, පේතෘස් යම් දුරකින් එම පිරිස පසුපස ගොස්, උත්තම පූජකයාගේ නිවාසයේ මළුවට පවා ඇතුල් විය. ඔහු එතැනට පැමිණියේ ඔහු බියගුලු කෙනෙකු වූ නිසා නොව, ඔහුගේ ධෛර්යය නිසාය. යේසුස්ගෙන් ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේදී, දැල්වෙන ගිනි මැලයක් අසල ගිනි තපිමින් සිටි යුදෙව් සමූහයකට පේතෘස්ද එකතු වූයේය. උත්තම පූජකයාගේ එක් දාසයෙක් ඔහුව හඳුනාගෙන ඔහු යේසුස් සමඟ ඇසුරු කළ අයෙකු බවට චෝදනා කළේය. එම අවස්ථාවේදී පේතෘස් තම ස්වාමියාව නාඳුනන බව පැවසුවා ඇත්තය. එනමුත්, එම අවදානම් සහිත තත්වයට පේතෘස් මුහුණ දුන්නේ යේසුස් සඳහා පක්ෂපාතකම හා සැලකිල්ල ඔහුට තිබූ නිසා බව අමතක නොකරමු. ප්‍රේරිතයන්ගෙන් වැඩිදෙනා එවැනි තත්වයක් අද්දකින්නටවත් ධෛර්යය උපදවාගත්තේ නැත.—යොහන් 18:15-27.

16. අප යෝනා සහ පේතෘස්ගේ ධනාත්මක ගුණාංග සලකා බලා ඇත්තේ කවර ප්‍රායෝගික හේතුවක් උදෙසාද?

16 ඇත්තෙන්ම පේතෘස්ගේ ධනාත්මක ගුණාංග කිරා මැන බලද්දී, ඒවා ඔහුගේ දුර්වලකම් අභිභවා යයි. යෝනා සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වේ. අප සාමාන්‍යයෙන් කරනවාට වඩා යෝනා හා පේතෘස් දෙස ධනාත්මකව බලා ඇත්තාක් මෙන්, වර්තමානයේ අපට සිටින ආත්මික සහෝදර සහෝදරියන්ව අප අගයන ආකාරය සම්බන්ධයෙන්ද වඩාත් ධනාත්මක වීමට අප අපවම පුහුණු කරගත යුතුය. එසේ කිරීමෙන් ඔවුන් සමඟ වඩා යහපත් සබඳතා පවත්වාගත හැකි වේ. මෙසේ කිරීම සඳහා සැබෑ අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?

පාඩම අදදිනට අදාළ කරගැනීම

17, 18. (අ) ක්‍රිස්තියානීන් අතර ගැටුම් ප්‍රවර්ධනය විය හැක්කේ මන්ද? (ආ) සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇති වන ගැටලු නිරාකරණය කරගැනීමට අපට උපකාරවත් විය හැකි බයිබල් උපදෙස් මොනවාද?

17 ඕනෑම ආර්ථික මට්ටමකින්ම, අධ්‍යාපනික පසුබිමකින් හා ජාතියකින්ම පැමිණෙන පුරුෂයෝ, ස්ත්‍රීහු හා දරුවෝ අදදින යෙහෝවාට එක්සත්ව සේවය කරමින් සිටිති. (එළිදරව් 7:9, 10) විවිධ පෞද්ගලිකත්වයන් ඇති පුද්ගලයන්ගේ මොනතරම් පුළුල් පරාසයක් අපි ක්‍රිස්තියානි සභාව තුළ දකින්නෙමුද! කිට්ටු ඇසුරක යෙදෙමින් අප සැමදෙනාම දෙවිට සේවය කරමින් සිටින නිසා, විටින් විට යම් ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකියි.—රෝම 12:10; පිලිප්පි 2:3.

18 අප අපගේ සහෝදරයන්ගේ දුර්වලකම් නොදකිනවායයි පැවසිය නොහැකි වුවත්, ඒවා වෙතම අපගේ අවධානය යොමු නොකරමු. අප දැඩි සේ වෑයම් දරන්නේ යෙහෝවාව අනුකරණය කරන්නටයි. ඔහු ගැන ගීතිකාකරු ගායනා කළේ මෙලෙසය. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, යාහ්, කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) ඉතින්, අපව භේද කළ හැකි පෞද්ගලික අඩුලුහුඬුකම් ගැන සිත සිතා සිටිනවා වෙනුවට “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු.” (රෝම 14:19, NW) අප උත්සාහ දරන්නේ පුද්ගලයන් දෙස යෙහෝවා බලන විදිහට බලන්නයි. දුර්වලකම් ගණන් නොගෙන, යහපත් ගුණාංග වෙත අවධානය යොමු කර තබාගැනීමටයි. අප එසේ කරන විට, ‘එකිනෙකා ගැන ඉවසීමට’ අපට හැකියාව ලැබෙයි.—කොලොස්සි 3:13.

19. බැරෑරුම් එකඟ නොවීම්, මතභේද, අමනාපයන් මෙන්ම වරදවා වටහාගැනීම් නිරාකරණය කරගැනීමේදී ක්‍රිස්තියානියෙකුට ගත හැකි ප්‍රායෝගික පියවර දක්වන්න.

19 අපට සිතින් නිරාකරණය කරගත නොහැකි වරදවා වටහාගැනීම් ඇති වී ඇත්නම් කුමක් කිව හැකිද? (ගීතාවලිය 4:4) සෙසු ඇදහිලිවන්තයෙකු හා ඔබ අතර එවැන්නක් සිදු වී ඇද්ද? ඇයි ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට උත්සාහ නොකරන්නේ? (උත්පත්ති 32:13-15) ප්‍රථමයෙන්ම, යෙහෝවා වෙතට යාච්ඤාවෙන් පිවිස ඔහුගෙන් මඟ පෙන්වීම ඉල්ලා සිටින්න. ඊළඟට, අදාළ පුද්ගලයාගේ යහපත් ගතිලක්ෂණ සිතෙහි තබාගනිමින්, “ප්‍රඥාවට සම්බන්ධ මෘදුකම” ඇතුව ඔහු ළඟට යන්න. (යාකොබ් 3:13, NW) ඔබ සමාදාන වෙන්නට කැමතියි කියා ඔහුට පවසන්න. ‘ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට ප්‍රමාද වන්න. උදහස් වීමටද ප්‍රමාද වන්න’ යන දේවානුභාවය ලත් උපදෙස මතක තබාගන්න. (යාකොබ් 1:19, NW) ‘උදහස් වීමට ප්‍රමාද වන්න’ කියා දෙන උපදෙසින් අදහස් වන්නේ අනික් පුද්ගලයා ඔබව ප්‍රකෝපවත් කළ හැකි දෙයක් කීමට හෝ කිරීමට ඉඩ කඩ තිබෙන බවයි. එවැනි දෙයක් සිදු වුවහොත්, ආත්ම-දමනය පවත්වාගැනීමට යෙහෝවාගේ උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. (ගලාති 5:22, 23) ඔහුගේ සිතේ තිබෙන දේවල් කීමට ඔබේ සහෝදරයාට ඉඩ දෙන්න. හොඳින් සවන් දෙන්න. ඔහු කියන සෑම දේකටම එකඟ වන්නට ඔබට නොහැකි වුවත්, ඔහුගේ කතාවට බාධා කරන්න එපා. ඔහු වැරදි මතයක් දරනවා වෙන්නට පුළුවන. ඒ කොහොම වුණත් එය ඔහුගේ මතය බව පිළිගැනීමට සිදු වේ. උත්සාහ කරන්න ගැටලුව දෙස ඔහු බලන කෝණයෙන් බැලීමට. සමහරවිට ඔබේ සහෝදරයා ඔබ දෙස බලන විදිහ ගැන සැලකිලිමත් වීම මීට ඇතුළත් විය හැක.—හිතෝපදේශ 18:17.

20. යම් මතභේද නිරාකරණය කරගැනීමේදී සමඟි වීමට ඇතැම්විට උපකාරවත් විය හැක්කේ ගන්නා කවර අමතර පියවරද?

20 කතා කිරීමේ වාරය ඔබට ලැබෙන විට, කාරුණිකව කතා කරන්න. (කොලොස්සි 4:6) ඔබේ සහෝදරයා ගැන ඔබට පැහැදීමක් ඇත්තේ කවර හේතු නිසාදැයි පවසන්න. වරදවා වටහාගැනීම ඇතිවීමට ඔබ අතින් සිදු වූ යමක් ඇත්නම් එයට සමාව ඉල්ලන්න. යටහත් පහත් ලෙස සමඟි වීමට ඔබ දරන වෑයම සාර්ථක වේ නම්, යෙහෝවාට ස්තුති කරන්න. සාර්ථක නොවේ නම්, දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතමින් සමාදාන වීමට තවත් අවස්ථාවන් සොයන්න.—රෝම 12:18.

21. මෙම සාකච්ඡාව ඔබට යෙහෝවා බලන ආකාරයට අන් අය දෙස බැලීමට උපකාරවත් වී තිබෙන්නේ කෙසේද?

21 යෙහෝවා තමාගේ සේවකයන් සියලුදෙනාටම ප්‍රේම කරයි. අපට අසම්පූර්ණකම් තිබුණත් ඔහුගේ සේවය සඳහා අප සියලුදෙනාව පාවිච්චි කිරීමට ඔහු සතුටු වෙයි. අන් අය සම්බන්ධයෙන් ඔහු දරන දෘෂ්ටිය අප තව තවත් ඉගෙනගනිත්ම, අපගේ සහෝදර සහෝදරියන් සඳහා අපගේ ප්‍රේමයද වැඩෙනු ඇත. සෙසු ක්‍රිස්තියානීන් සඳහා අපගේ ප්‍රේමය හීන වී ඇත්නම්, එය යළිත් පණගැන්විය හැකි වේ. අන් අය ගැන ධනාත්මක ආකල්පයක් දැරීමට, ඔව් යෙහෝවා බලන විදිහට ඔවුන් දෙස බැලීමට අප අධිෂ්ඨාන පූර්වකව වෑයම් කරනවා නම් අපට ලැබෙන ආශීර්වාද මොනතරම්ද!

[පාදසටහන්වල]

^ 1 ඡේ. කඩවසම් එලියාබ්ට ඊශ්‍රායෙල්හි රජෙකු වීමට උචිත ගති ලක්ෂණ නොතිබූ බව පසුව එළිදරව් විය. පිලිස්තිය යෝධ ගොලියත් ඊශ්‍රායෙලිතයන්ට තමන් සමඟ සටන් කරන ලෙස අභියෝග කළ විට, බියෙන් ගැහි ගැහී සිටි ඊශ්‍රායෙල්හි පුරුෂයන් අතර එලියාබ්ද සිටියේය.—1 සාමුවෙල් 17:11, 28-30.

^ 7 ඡේ. උතුරු රාජ්‍යයේ ධනය වැඩි කිරීමට දෙවන යෙරොබොවම්ගෙන් සෑහෙන මෙහෙයක් ඉටු වන්නට ඇත. ඔහු ලැබූ සුවිශේෂ ජයග්‍රහණ කිහිපයක්ද, කලින් අයිති වූ බලප්‍රදේශ යළිත් අත් පත් කරගැනීමද, ප්‍රතිඵලයක් ලෙස ඇතැම්විට එකතු කරගත් කප්පම්ද ධනය වැඩිවීමට හේතු විය.—2 සාමුවෙල් 8:6; 2 රාජාවලිය 14:23-28; 2 ලේකම් 8:3, 4; ආමොස් 6:2.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන්ගේ අඩුලුහුඬුකම් සලකන්නේ කෙසේද?

• ඔබට සඳහන් කළ හැකි යෝනාගේ හා පේතෘස්ගේ ධනාත්මක ගුණාංග මොනවාද?

• ඔබේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් පවත්වාගැනීමට ඔබ අදිටන් කරගෙන සිටින්නේ කවර ආකල්පයද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ කොටුව]

දෙවි අන් අය දෙස බලන විදිහ ගැන කල්පනා කර බලන්න

යෝනා නමැති බයිබල් වාර්තාව ගැන මෙනෙහි කරද්දී, ඔබ නිතරම පාහේ දේශනා කරන පුද්ගලයන් දෙස අලුත් ආකාරයකින් බැලීමේ අවශ්‍යතාවක් ඇති බව ඔබට පෙනී යනවාද? ඊශ්‍රායෙලිතයන් මෙන් ඔවුන්ද සෑහීමට පත් වී, උදාසීන ස්වභාවයක් විදහාපෙන්වන්නට පුළුවන. එසේ නැතහොත් දෙවිගේ පණිවිඩයට ඔවුන් විරුද්ධව සිටිය හැක. කෙසේවෙතත්, යෙහෝවා දෙවි ඔවුන් දෙස බලන්නේ කෙසේද? යෝනාගේ දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිනිවයේ රජු පසුතැවිලි වූවාක් මෙන්, මෙම සමාජ ක්‍රමයේ ප්‍රමුඛව සිටින පුද්ගලයන් පවා කවදාහරි යෙහෝවා වෙතට හැරිය හැක.—යෝනා 3:6, 7.

[15වන පිටුවේ පින්තූරය]

යෙහෝවා බලන විදිහට ඔබ අන් අය දෙස බලනවාද?

[16, 17වන පිටුවේ පින්තූරය]

යෝනා අද්දුටු දේ ගැන ධනාත්මක දෙයක් කීමට යේසුස්ට හැකි විය