සමස්ත ලෝක දිව්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා මගේ දායකත්වය
ජීවිත කතාව
සමස්ත ලෝක දිව්‍ය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා මගේ දායකත්වය
පැවසුවේ රොබට් නිස්බට්
ස්වාසිලන්තයේ දෙවන සෝබූස රජ මගේ සහෝදරයා වන ජෝර්ජ්ව හා මාව ඔහුගේ රජගෙදරට සාදරයෙන් පිළිගත්තා. මෙම සිද්ධිය වුණේ 1936දී වුණත් මට තවමත් අපි කළ සාකච්ඡාව හොඳට මතකයි. රජ කෙනෙකු සමඟ දීර්ඝ සාකච්ඡාවක් කිරීමට මඟ පෑදුවේ මම දිගු කාලයක් පුරා යෙදී සිටි බයිබල් අධ්‍යාපන සේවයයි. මට දැන් වයස අවුරුදු 95යි. මෙතෙක් කළ සේවය දිහා මම ආපසු හැරී බලන්නේ ගොඩාක් සතුටින්. මේ සේවය නිසා මට මහාද්වීප පහකට යන්න ලැබුණා.
මේ සෑම දෙයක්ම පටන්ගත්තේ 1925 ස්කොට්ලන්තයේ එඩින්බරෝවල පිහිටි අපේ ගෙදරට ඩොබ්සන් නම් තේකොළ වෙළෙන්දෙක්ගේ පැමිණීමත් සමඟයි. එතකොට මට අවුරුදු 18ක් 19ක් විතර ඇති. මම ඒ කාලයේදී ඖෂධාලයක ඖෂධ වෙළෙන්දෙක් හැටියට පුහුණුවක් ලබමිනුයි සිටියේ. මම ඒ වන විට යෞවනයෙකු වුවත් 1914-18 දක්වා සිදු වූ ලෝක මහ යුද්ධය නිසා පවුල් ජීවිතවල හා ආගමික ක්‍රියාකාරකම්වල ඇති වූ වෙනස මගේ සිතට තදින් බලපාලා තිබුණා. ඩොබ්සන් මහත්මයා පැමිණි එක් අවස්ථාවක යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම (සිංහලෙන් නොමැත) නමැති පොත දීලා ගියා. මේ පොතේ සඳහන් වෙලා තිබුණේ නිශ්චිත “සැලැස්මක්” ඇති ප්‍රඥාවන්ත මැවුම්කරුවෙක් ගැන. මට හිතුණා මට නමස්කාර කරන්න වුවමනා වෙලා හිටපු දෙවිගේ ස්වරූපයට මේ අදහස සාධාරණව හා හොඳින් ගැළපුණා කියලා.
අම්මයි මමයි ඉක්මනින්ම එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියා. වර්ෂ 1926 සැප්තැම්බර් මාසයේ ග්ලැස්ගෝහි පැවති සමුළුවකදී අම්මයි මමයි දෙන්නම යෙහෝවාට වූ අපේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා. සෑම බව්තීස්ම අපේක්ෂකයෙකුටම නාන ඇඳුමට උඩින් ඇඳීමට වළලුකර
දක්වා දිගැති ඇඳුමක් ලැබුණා. වළලුකරවල ගැට ගසන්න පටිත් ඒවායේ තිබුණා. මෙවැනි බැරෑරුම් අවස්ථාවක් සඳහා පැළඳිය හැකි හොඳම ඇඳුම එය බවයි ඒ කාලයේදී පිළිගැනුණේ.ඒ මුල් කාලයේදී අප වටහාගෙන තිබූ බොහෝ දේවල්වල යම් ශෝධනයක් කිරීම අවශ්‍ය වෙලා තිබුණා. සභාවේ හිටිය හැමදෙනෙක්ම වගේ නත්තල සැමරුවා. ක්ෂේත්‍ර සේවයේ යෙදුණේ ටිකදෙනෙක් පමණයි. ඉරු දිනවල සඟරා බෙදා දීම සබත කඩ කිරීමක්යයි සිතා සමහර වැඩිමහල්ලන් පවා එයට විරෝධය පළ කළා. කෙසේවෙතත් 1925දී මුරටැඹ සඟරාවල පළ වූ ලිපිවල මාක් 13:10 [NW] වැනි ශුද්ධ ලියවිලි පාඨවලට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. එහි සඳහන් වී තිබෙන්නේ “පළමුවෙන් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුය” කියායි.
ලෝක ව්‍යාප්තව කළ යුතු එම වැඩේ ඉටු කරන්නේ කොහොමද? මම මුලින්ම ගෙයින් ගෙට සේවයේ හවුල් වූ විට මම පාවිච්චි කළ සරල ක්‍රමය මේකයි. ඉස්සෙල්ලාම මම ගෙහිමියාට කියනවා මගේ ළඟ ලස්සන ආගමික පොත් විකුණන්න තියෙනවා කියලා. ඊට පස්සේ මම දෙවිගේ වීණාව (සිංහලෙන් නොමැත) කියන පොත ඉදිරිපත් කරනවා. ඒ පොතේ වීණාවක තත් දහයට බයිබලේ වටිනා ඉගැන්වීම් දහයක් සමාන කර විස්තර කර තිබුණා. පසු කාලයකදී නිවැසියාට කියවීම සඳහා දීමට පණිවිඩය කෙටියෙන් සඳහන් වී ඇති සාක්ෂි පත්‍ර අපිට දෙනු ලැබුවා. ඒ වගේම අපි තැටිගත කරන ලද විනාඩි හතරාමාරක දේශනයක් අඩංගු එහා මෙහා ගෙන යා හැකි ශබ්දවාහිනි යන්ත්‍රත් පාවිච්චි කළා. කලින් භාවිත කළ මෙම යන්ත්‍ර බර නිසා එහා මෙහා ගෙන යෑම එතරම් පහසු වුණේ නැහැ. නමුත් පසුව භාවිත කළ උපකරණ එතරම්ම බර ඒවා නොවූ අතර කෙළින් අතට තියලත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා.
වර්ෂ 1925 සිට 1930 දක්වා වූ කාලය අතරතුරේදී අපි දන්න විදියට අපේ දේශනා සේවය උපරිම අන්දමින් කරගෙන ගියා. ඊට පසු 1940 මුල් භාගයේදී සියලුම සභාවලට දිව්‍යාණ්ඩු සේවා පාසැල හඳුන්වා දෙන ලදි. ඇහුම්කන් දීමට කැමති නිවැසියන්ට රාජ්‍ය පණිවිඩය අපි විසින්ම කතා කිරීමට එහිදී ඉගැන්නුවා. ඒ වගේම උනන්දුව දක්වන අය සමඟ නිවාස බයිබල් පාඩම් පැවැත්වීමේ අවශ්‍යතාවත් අප ඉගෙනගත්තා. එක් අතකින් මෙය දැන් පවතින ලෝක ව්‍යාප්ත අධ්‍යාපන සේවයේ මූලික අදියර වූවා කියා පැවසිය හැකියි.
සහෝදර රදෆඩ්ගෙන් ලැබුණු දිරිගැන්වීම
මෙම අධ්‍යාපන සේවයේ වඩාත් පුළුල් ලෙස සහභාගි වීමේ ආශාව මා තුළ තිබුණු නිසා 1931දී පූර්ණ කාලීන පුරෝගාමි සේවයේ නියැලීමට මා තීරණය කළා. ලන්ඩන් නුවර පැවති සමුළුවක් නිම වූ වහාම මට එම පැවරුමට යෑමට නියමිතව තිබුණා. කෙසේවෙතත් ඒ කාලයේදී සංවිධානයේ වැඩකටයුතු අධීක්ෂණය කරමින් සිටි සහෝදර ජෝසෆ් රදෆඩ් දිවා ආහාරය සඳහා දෙනු ලැබූ විවේක කාලය තුළදී මගෙන් ඇහුවා මාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. අප්‍රිකාවට පුරෝගාමියෙක් යවන්න ඔහු සැලසුම් කර තිබුණා. ඔහු මගෙන් ඇහුවා “ඔයා යන්න කැමතිද” කියලා. මට මේක තරමක පුදුමයක් වුණත් මම ස්ථිරව කියා සිටියා “ඔව් මම යන්නම්” කියලා.
ඒ කාලේ අපේ ප්‍රධාන ඉලක්කය වුණේ පුළුවන් තරම් බයිබල් පොත් පත් බෙදා දීමයි. ඒ නිසා අපි හැම තිස්සෙම හිටියේ පාරෙම තමයි. ඒ කාලයේදී වෙනත් අධීක්ෂණ කටයුතුවල නිරත වෙලා ඉන්න වගකීම් දරන බොහෝ සහෝදරයන්ට මෙන් මටත් උනන්දු කළා තනිකඩව ඉන්න කියලා. මගේ ක්ෂේත්‍රය වුණේ ඉන්දියානු සාගරේ වෙරළාසන්න දූපත්ද ඇතුළුව අප්‍රිකාවේ දකුණු කෙළවරේ පිහිටි කේප් ටවුමේ සිට අප්‍රිකානු මහද්වීපයේ නැඟෙනහිර දිසාව දක්වා වූ ප්‍රදේශයයි. බටහිර සීමාවට යෑම සඳහා උෂ්ණ අධික කලහාරී කාන්තාරය පසු කරගෙන නයිල් ගඟේ පටන්ගැන්ම වන වික්ටෝරියා විල දක්වා යෑමට මට සිදු වුණා. මම මගේ සහයක සහෝදරයා සමඟ අප්‍රිකාවේ එක ප්‍රදේශයක හෝ දෙකක මාස හයක් පමණ ගත කළා.
පෙට්ටි දෙසීයකින් සමන්විත ආත්මික සම්පත්
මම කේප් ටවුමට ගියාම නැඟෙනහිර අප්‍රිකාවට යන්න නියමිතව තිබුණු පොත් පෙට්ටි 200ක් විතර මට පෙන්නුවා. මෙහි තිබුණු පොත් පත් යුරෝපීය භාෂා හතරකින් හා ආසියාතික භාෂා හතරකින් මුද්‍රණය වී තිබුණු අතර අප්‍රිකානු භාෂාවලින් මුද්‍රණය වූ කිසිවක් තිබුණේ නැහැ. මම ඇහුවා මම එන්නත් කලින් මෙච්චර පොත් පත් මෙහේ ආවේ කොහොමද කියලා. මට දැනගන්න ලැබුණා මේ පොත් පත් එවා තිබුණේ කෙන්යාවට දේශනා කිරීම සඳහා ටික කලකට කලින් ගිය ෆ්‍රෑන්ක් හා ග්‍රේ ස්මිත් යන පුරෝගාමීන් දෙදෙනාට බව. කෙන්යාවට ගිය විගස වාගේ මේ දෙදෙනාට මැලේරියාව වැලඳිලා විතරක් නොවෙයි සැමෝවම කම්පාවට පත් කරමින් ෆ්‍රෑන්ක් මිය ගිහින්.
මගේ තත්වය ගැන ගැඹුරින් සිතා බැලීමට මෙම ආරංචිය හේතු වුවද මම සැලුණේ නැහැ. මගේ පුරෝගාමී සහයක වන ඩේවිඩ් නෝර්මන් සහ මම අපේ පළමුවෙනි පැවරුම සඳහා කේප් ටවුමේ සිට කිලෝමීටර් 5,000ක් පමණ ඈතින් පිහිටි ටැන්සානියාවට
ගියා. කෙන්යාවේ මොම්බාසා නගරයේ සංචාරක නියෝජිතයෙක් පොත් පත් භාරව කටයුතු කළ අතර අපේ ඉල්ලීම් මත අවශ්‍ය ප්‍රදේශවලට ඔහු පොත් පෙට්ටි බෙදාහැරියා. මුලින්ම අපි සාක්ෂි දැරුවේ ව්‍යාපාරික ප්‍රදේශවලයි. සෑම නගරයකම තිබුණු කඩ සාප්පු හා කාර්යාල ඊට අයිති වුණා. අපේ බෙදා දීම් අතරට පොත් 9කින් හා පොත් පිංච 11කින් යුත් පොත් කට්ටල ඇතුළත් වුණා. මේ පොත් පත් විවිධ වර්ණවලින් යුත් වූ නිසා ඒවා දේදුනු කට්ටල කියා හඳුන්වනු ලැබුවා.අපි ඊළඟට නැඟෙනහිර වෙරළින් කිලෝමීටර් 30ක් විතර ඈතින් පිහිටි සැන්සිබාර් දූපත බැහැදැකීමට තීරණය කළා. දශක ගණනාවක් පුරා මෙම දූපත වහල් වෙළඳාම් සඳහා තෝතැන්නක් වී තිබුණා. මෙම දූපත කරාබු නැටි සඳහා ඉතා ප්‍රසිද්ධයි. එම නගරය පුරා අපිට දැනුණු සුවඳ එයට කදිම සාක්ෂියක්. මෙම නගරයේ මාර්ග පද්ධතිය මනා ලෙස සංවිධානය කර තිබුණේ නැති නිසා අපිට පාර සොයාගැනීම ටිකක් වෙහෙසකාරී දෙයක් වුණා. එහාට මෙහාට හැරි හැරී යන පාරවල් නිසා අපව පහසුවෙන්ම අතරමං වුණා. අප නතර වී සිටි හෝටලයේ ප්‍රමාණවත් සැප පහසුකම් තිබුණද පළල් බිත්ති හා විශාල ඇණ ඔබ්බන ලද දොරවල් නිසා එය හෝටලයකට වඩා හිරගෙදරක පෙනුම ගත්තා. නමුත් අපිට ඒ ප්‍රදේශයෙන් හොඳ ප්‍රතිඵල නෙළාගන්න හැකිවීමත් අරාබි, ඉන්දියන් හා වෙනත් ජාතිකයන් අපේ පොත් පත් ලබාගැනීමට කැමති වීමත් මහත් සතුටක්.
කෝච්චි, බෝට්ටු සහ කාර්
ඒ දවස්වලදී නැඟෙනහිර අප්‍රිකාවේ ගමන් යෑම එතරම් පහසු වුණේ නැහැ. උදාහරණයකට, දවසක් අපි මොම්බාසාවල ඉඳන් කෙන්යා උස්බිම්වලට ගමන් කරද්දී පළඟැටි උවදුරක් නිසා අපි ගිය කෝච්චිය නතර කරන්න සිදු වුණා. එක රොත්තට පැමිණි මිලියන ගණන් පළඟැටියන් එම ප්‍රදේශය හා රේල් පීලි වසාගත්තා. රේල් පීලිවල පළඟැටියන් වැසීම නිසා කෝච්චි එන්ජිමේ රෝදවලට පීල්ල බදන්න බැරි වුණ නිසා රෝද ලිස්සන්න පටන්ගත්තා. කළ යුතුව තිබුණු එකම දේ එන්ජිමේ ඉතාම උණුසුම් වතුරෙන් කෝචිචිය යන්න නියමිතව තිබූ පීලි සේදීමයි. මේ ක්‍රමය භාවිත කිරීමෙන් ටිකෙන් ටික පළඟැටියන් පලවාහැර මාර්ගය පාදාගන්න පුළුවන් වුණා. උස්බිම් කරා කෝච්චිය ඇදී යන්න පටන්ගත් විට කඳුකරයේ සීතල දේශගුණයෙන් අපේ ගත සිත සිසිල් වෙද්දී දැනුණු ප්‍රබෝධය මොන තරම්ද!
වෙරළාසන්න නගරවලට පහසුවෙන් කෝච්චියෙන් හා බෝට්ටුවෙන් ළඟා විය හැකි නමුත් පිටිසර පළාත්වලට ගමන් කිරීමට වඩාත් සුදුසුම වාහනය කාර් එකයි. මම ගොඩාක් සතුටු වුණා මගේ සහෝදරයා ජෝර්ජ් මා සමඟ සේවයට හවුල් වීම ගැන. අපි දෙන්නටම එකතු වෙලා විශාල වෑන් එකක් මිල දී ගන්නට හැකි වුණා. මෙහි ඇඳන්, කුඩා කුස්සියක්, ගබඩා කාමරයක් හා මදුරුවන්ට ඇතුල් වෙන්න බැරි විදියට ජනෙල්ද සවි කර තිබුණා. අපි එහි වහලේ ශබ්ද විකාශන සවි කර තිබුණා. මෙම පහසුකම් ප්‍රයෝජනයට ගෙන උදේ වරුවේ ගෙයින් ගෙට සේවයේ යෙදුණු අතර හවස් වරුවේ වෙළඳාම්පොළ අසල පටිගත කරන ලද කතාවලට සවන් දීමට මහජනයාට ඇරයුම් කළා. අපි මෙහිදී විකාශනය කළ ජනප්‍රිය දේශනයක් තමයි “නිරය පිච්චෙන ස්ථානයක්ද” කියන එක. අපි දකුණු අප්‍රිකාවේ සිට කිලෝමීටර් 3,000ක් විතර ඈතින් පිහිටි කෙන්යාවට ගියා අපේ “ජංගම නිවසින්.” අපි ළඟ අප්‍රිකානු භාෂාවෙන් විවිධ පොත් පත් තිබුණු නිසා අපි ගොඩක් සතුටු වුණා. එහි සිටි ජනයා ඒවා ඉතා උනන්දුවෙන් ලබාගත්තා.
මෙවැනි ගමන්වලින් අප අද්දැක්ක තවත් සතුටක් නම් අප්‍රිකාවේ වන ජීවින් දැකබලා ගැනීමට ලැබුණු අවස්ථාව. අපි කලුවර වැටුණාම ආරක්ෂාව පතා වෑන් රථය තුළම රැඳී හිටියා. ඒ වුණත් ස්වාභාවික පරිසරයේ
තිබෙන යෙහෝවාගේ විවිධාකාර මැවිලි නිරීක්ෂණය කිරීමට ලැබීම ඇත්තෙන්ම ඇදහිල්ල වර්ධනය කරවන්නක්.විරුද්ධවාදිකම් ඇරඹේ
විවිධාකාර ආණ්ඩුවේ නිලධාරීන් හා සමහර කුපිත වූ ආගමික නායකයන් අපේ රාජ්‍ය දේශනා සේවයට විවෘතව විරුද්ධවාදිකම් පෑමේදී ඒවාට මුහුණ දුන් ආකාරය හා සසඳන විට වන සතුන්ගෙන් ආරක්ෂා වීමට අප ගත් පියවර එතරම් බැරෑරුම් ඒවා නොවෙයි කියලා හිතෙනවා. අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ ම්වානා ලීසා යන නමින් කලින් සිටි අන්තවාදියායි. ඔහුගේ නමේ තේරුම “දේවපුත්‍රයා.” ඒ වගේම ඔහුගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ කිටාවාලා කියලා. අභාග්‍යකට මේ වචනේ තේරුම “වොච්ටවර්” (මුරටැඹ). අපි මෙහේ එන්න කලින් මේ මනුෂ්‍යයා අප්‍රිකානුවන් බොහෝදෙනෙකුව බව්තීස්ම කරනවා කියා වතුරේ ගිල්වලා මරලා තියෙනවා. අන්තිමේදී ඔහුව සිරභාරයට ගෙන එල්ලුම් ගස් යවා තිබුණා. පසු කාලයකදී මට මේ මනුෂ්‍යයාව මැරූ වධකයාව මුණගැසුණු විට මම ඔහුට තේරුම් කර දුන්නා මේ මනුෂ්‍යයායි අපේ වොච්ටවර් සමිතියයි අතර කිසිම සම්බන්ධයක් නැති බව.
අපි දියත් කරන අධ්‍යාපන සේවයට අකමැති එමෙන්ම මුදල් ඉපයීමේ අදහසින් එහි පැමිණ සිටි බොහෝ යුරෝපීය ජාතීන්ගෙනුත් අපිට කරදර තිබුණා. එක් බඩු ගබඩා කළමනාකරුවෙකුගේ පැමිණිල්ල වූයේ මෙයයි.“ සුළු වැටුපක් ගෙවා ඔවුන්ගේ ශ්‍රමය සූරා කන බව අප්‍රිකානුවන් නොදැන සිටින තාක් කල් සුදු මිනිසුන්ට මේ රටේ ඉන්න පුළුවන් වෙයි.” මේ හේතුව නිසාම එක් රත්තරන් පතලක ප්‍රධානියෙක් ඔහුගේ කාර්යාලයෙන් මට ඉවත් වෙන්න කියා හරිම පරුෂ විදිහට කිව්වා. ඊට පස්සේ ඔහු මාව කේන්තියෙන් පාරට වෙනකල්ම එක්කගෙන ආවා.
රොඩීෂියා (දැන් සිම්බාබ්වේ) ආණ්ඩුව අපට රටින් පිට වෙන්න කියා අන්තිමේදී නියෝග කිරීමට එහි පැවති මෙවැනි ආගමික හා වාණිජ්‍ය අංශයේ විරුද්ධවාදිකම් හේතු වුණ බවට සැකයක් නැහැ. අපි මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ අතර අපට අවසර ලැබුණා ඉන්න. හැබැයි, ඒ එක කොන්දේසියක් පිට. ඒ කොන්දේසිය තමයි අප්‍රිකානුවන්ට දේශනා කරන්න අපිට තහනම්. මෙයට හේතු දැක්වූ එක් නිලධාරියෙක් පැවසුවේ අපේ පොත් පත් “අප්‍රිකානුවන්ගේ මනසට ගැළපෙන්නේ නැහැ” කියායි. කෙසේවෙතත්, වෙනත් ප්‍රදේශවල සිටි අප්‍රිකානුවන්ට දේශනා කිරීමේදී බාධා පැමිණුණේ නැහැ. ඒ විතරක් නොවෙයි සමහර ප්‍රදේශවල සිටි අය ඒ පණිවිඩය හොඳින් පිළිගත්තා. මෙයින් එක් රටක් තමයි ස්වාසිලන්තය.
ස්වාසිලන්තයෙන් රාජකීය පිළිගැනීමක්
ස්වාසිලන්තය වර්ග කිලෝමීටර් 17,364කින් යුත් නිදහස් ආණ්ඩු ක්‍රමයක් පැවති දකුණු අප්‍රිකාවේ පිහිටි කුඩා රටක්. මෙම ලිපියේ මුලින් සඳහන් කළ චතුර කථික හැකියාවක් ඇති දෙවන සෝබූස රජුව අපිට මුණගැසුණේ මෙහිදීයි. ඔහු බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන තිබූ නිසා ඉංග්‍රීසි භාෂාව මනා දක්ෂතාවකින් යුතුව හැසිරෙව්වා. සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි ඔහු අපව සාදරයෙන් පිළිගත්තා.
අපේ සාකච්ඡාව ගෙතුණේ සිතේ නිසි නැඹුරුවාවක් ඇති අයට දෙවි ලබා දෙන භූමික පාරාදීසය වටායි. මේ විෂය ගැන ඔහු තුළ විශේෂ කැමැත්තක් නොතිබුණද ඊට සමාන වෙනත් දෙයක් කෙරෙහි ඔහු විශේෂ උනන්දුවක් දක්වන බව කියා සිටියා. මේ රජ මහජනයාගේ ජීවන තත්වය හා අධ්‍යාපන මට්ටම දියුණු කිරීම සඳහා ඇපකැප වී සේවය කළා. ඔහු ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන්ගේ සේවය ගැන එතරම් සතුටු වුණේ නැහැ. මොකද ඔවුන් උනන්දු වුණේ පල්ලියේ සාමාජිකයන් වැඩි කරගැනීමට මිස අධ්‍යාපනයක් ලබා දීමට නොවූ නිසා. කෙසේවෙතත් මේ රජ අපේ පුරෝගාමීන් කිහිපදෙනෙකු ඉටු කළ සේවය ගැන දැනගෙන සිටියා. අපි ගෙවීමක් හෝ වෙනයම් බැඳීමක් නැතුව කැමැත්තෙන්ම
කරන බයිබල් අධ්‍යාපන සේවය ගැන ඔහු අපිට ප්‍රශංසා කළා.බයිබල් අධ්‍යාපනය වේගවත් වේ
වර්ෂ 1943දී මිෂනාරිවරුන් පුහුණු කිරීම සඳහා ගිලියද් මුරටැඹ බයිබල් පාසැල ආරම්භ කරනු ලැබුවා. මෙහිදී වඩාත් අවධානය යොමු කරනු ලැබුවේ නිකම්ම බයිබල් පොත් පත් බෙදා දීම කෙරෙහි නොව උනන්දුව දක්වන සියල්ලන්ට වැඩිපුර අවධානයක් දීම කෙරෙහියි. වර්ෂ 1950දී ජෝර්ජ්ට හා මට ගිලියද් පාසැලේ 16වෙනි පන්තියට සහභාගි වීමට ආරාධනාවක් ලැබුණා. මෙහිදී තමයි මට මුලින්ම ජීන් හයිඩ්ව මුණගැසුණේ. ඇය හරි හොඳ ඕස්ට්‍රේලියානු ජාතික සහෝදරියක්. අපේ ගිලියද් උපාධියෙන් පස්සේ ඇයට මිෂනාරි සේවය සඳහා පැවරුම ලැබුණේ ජපානයටයි. ඒ කාලය වන විටත් තනිකඩභාවය මෝස්තරයක්ව තිබුණු නිසා අපේ ඇසුර මිතුදමකට පමණක් සීමා වුණා.
ජෝර්ජ්ගෙයි මගෙයි ගිලියද් පුහුණුවෙන් පස්සේ අපිට ඉන්දියන් සාගරේ දූපතක් වන මොරිෂස් දූපතට මිෂනාරි පැවරුමක් ලැබුණා. අපි ඒ රටේ මිනිස්සු එක්ක හොඳ මිත්‍රශීලී සම්බන්ධයක් පැවැත්වුවා. ඔවුන්ගේ භාෂාව ඉගෙනගත්තා. ඒ වගේම ඔවුන් හා නිවාස බයිබල් පාඩම් පැවැත්වුවා. ඉන් ටික කාලෙකට පස්සේ මගේ බාල සහෝදරයා වන විලියම් හා ඔහුගේ භාර්යාව වන මියුරියලුත් ගිලයද් පාසැලෙන් උපාධි ලැබුවා. ඒගොල්ලන්ව මම කලින් පැවරුම් ලබපු රට වන කෙන්යාවට යවනු ලැබුවා.
අවුරුදු අටක් ඉක්මනින්ම ගෙවී ගියා. ඊට පස්සේ 1958දී නිව් යෝක් නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවේදී මට නැවතත් ජීන් හයිඩ්ව මුණගැසුණා. අපේ මිත්‍රත්වය යළි පණගැන්වුණු අතර අපි විවාහ වෙන්න ගිවිසගත්තා. මගේ පැවරුම මොරිෂස් දූපතෙන් ජපානයට වෙනස් වීමත් සමඟ 1959දී මම ජීන් හා විවාහ වුණා. අපි දෙන්නා එකතු වෙලා හිරෝෂිමා නගරයේ මිෂනාරි සේවය ප්‍රීතියෙන් කළා. එවකට එහි තිබුණේ කුඩා සභාවක් විතරයි. නමුත් අද එම නගරයේ සභා 36ක් විතර තියෙනවා.
ජපානයට සායනාරා
කාලය කෙමෙන් ගෙවී යද්දී මටයි ජීන්ටයි මිෂනාරි සේවය දිගටම කරගෙන යන්න බැරි තරමටම සෞඛ්‍ය ගැටලු ඇති වුණා. අවසානයේදී අපිට ජපානය අත්හැර ජීන්ගේ මව්බිම වන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සිදු වුණා. අපි හිරෝෂිමා නගරයෙන් පිට වූ දවස හරිම කනගාටුදායක දවසක්. අපි දුම්රියපොළේදී අපේ සියලුම යහළුවන්ට සායනාරා නොහොත් ආයුබෝවන් කිව්වා.
අපි දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි පිහිටි ආමිඩේල් සභාවත් සමඟ අපි අපේ උපරිමයෙන් සේවය කරමින් සිටිනවා. දශක අටකට ආසන්න කාලයක් පුරා නිධානයක් වැනි බයිබල් සත්‍යයන් අන් අය එක්ක බෙදාගැනීමට ලැබීම මොන තරම් සතුටක්ද! බයිබල් අධ්‍යාපන වැඩසටහනේ පුදුමාකාර වර්ධනය පමණක් නොව ආත්මික කාරණා හා සම්බන්ධ අතිවිශේෂ සිදුවීම්ද මම පෞද්ගලිකව දැක තිබෙනවා. මේ සඳහා ප්‍රශංසාව ලැබිය යුත්තේ කිසි මනුෂ්‍යයෙක්ට හෝ කණ්ඩායමකට නොවෙයි. ඇත්ත වශයෙන්ම ගීතිකාකරුගේ මෙම වචනම අපටත් කියන්න පුළුවන්. “මේක යෙහෝවාගේ ක්‍රියාවය. එය අපගේ ඇසට ආශ්චර්යමත්ය.”—ගීතාවලිය 118:23.
[28වන පිටුවේ පින්තූරය]
මගේ සහෝදරයා වන ජෝර්ජ් අපේ නිවසක් බඳු වෑන් රථය අසල
[28වන පිටුවේ පින්තූරය]
මම වික්ටෝරියා විල ළඟ
[29වන පිටුවේ පින්තූරය]
ස්වාසිලන්තයේ 1938දී ප්‍රසිද්ධ කථාවකට සවන් දීමට පැමිණි උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ
[30වන පිටුවේ පින්තූර]
වර්ෂ 1959දී ජීන් හා විවාහ වූ දිනයේ සහ අද