Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානියෙකුට කටහඬවල් ඇසේ නම් ඉන් අදහස් වන්නේ ඔහු භූත බලපෑමට හසු වී ඇති බවද?

නැත. භූතයන් ඒ ආකාරයෙන් බලපෑම් කරන බව වාර්තා වී ඇතත්, කටහඬවල් ඇසීම හෝ අද්භූත, ව්‍යාකූල හැඟීම් ඇතිවීම වෛද්‍යමය ප්‍රතිකාර ලැබිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බව පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.

පෙනෙනාකාරයට පළමුවන සියවසේදී පවා වටහාගෙන තිබූ කාරණයක් වන්නේ, සමහර අවස්ථාවලදී භූතයන්ගේ පහර දීමත් ශාරීරික සෞඛ්‍ය ගැටලු මගින් ඇති කරන බලපෑමත් එක සමාන බවය. යේසුස් විසින් සුව කරනු ලැබූ යෞවනයෙකු පිළිබඳව මතෙව් 17:14-18හි අපට කියවා බැලිය හැක. එම යෞවනයා දරුණු මීමැස්මොර රෝග ලක්ෂණයන් පිළිබිඹු කර තිබුණත්, ඇත්තෙන්ම ඔහුට එම වේදනාව ඇති කළේ භූතයෙකි. කෙසේවුවද, ඊට කලින් වතාවක, සුවය ලැබීම සඳහා යේසුස් වෙතට රෝගීන් ගෙනා විට, ඒ අතර ‘යක්ෂාවේශ වූවෝ හා මීමැස්මොර රෝගීහු’ යන දෙගොල්ලෝම සිටියෝය. (මතෙව් 4:24) මින් පැහැදිලි වන්නේ, ඇතැම් මීමැස්මොර රෝගීන්ට භූත බලපෑමක් නොතිබූ බව හඳුනාගෙන සිටි බවය. ඔවුන්ගේ ගැටලුව ශාරීරික එකක් විය.

බොහෝවිට වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ හැකි භින්නෝන්මාදයෙන් පෙළෙන සමහරෙකුට කටහඬවල් ඇසෙන බවත් භූත බලපෑමක් මෙන් පෙනිය හැකි වෙනත් රෝග ලක්ෂණ අද්දකින බවත් වාර්තා වී ඇත. * වෙනත් ශාරීරික තත්වයන්ද මානසික ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි අතර ඒවා භූත බලපෑම් කියා සමහරෙකු වරදවා වටහාගත හැක. මෙබැවින්, කටහඬවල් ඇසෙන බව හෝ වෙනත් ව්‍යාකූල හැඟීම් ඇති වන බව පවසන කෙනෙකු එය භූත හිරිහැරයක්ද කියා සොයා බැලීමට උත්සුක විය හැකි වුවත්, ඔහු අද්දකින දෙය පිටුපස යම් ශාරීරික හේතුවක් තිබේදැයි සෝදිසි කර බැලීමටද අනිවාර්යයෙන්ම ඔහුව දිරිගැන්විය යුතුය.

[පාදසටහන]

^ 5 ඡේ. මුරටැඹ සඟරාව සමඟම පළ වන පිබිදෙව්! සඟරාවේ 1987, 7-1 කාණ්ඩයේ “මානසික අසනීප පිළිබඳ අභිරහස පැත්තකට දැමීම” නමැති ලිපිය බලන්න.