Skip to content

පටුනට යන්න

“යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න”

“යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න”

“යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න”

යම් තීරණයක් ගැනීමේදී එය හෘදය සාක්ෂියට එකඟව ගත යුතුයි යන්න බොහෝ මනුෂ්‍යයන්ගේ සිතුවිල්ලයි. නමුත් අපගේ හෘදය සාක්ෂිය විශ්වසනීය මඟ පෙන්වන්නෙක් වීමට නම් හරි දේ සහ වැරදි දේ පිළිබඳව ඊට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. ඒ විතරක් නොව එහි මඟ පෙන්වීමට අප සංවේදී විය යුතුයි.

බයිබලයේ වාර්තා කර ඇති සකෙවුස් නමැති පුද්ගලයාගේ අද්දැකීමට අවධානය දෙන්න. ඔහු යෙරිකෝවේ ජීවත් වූ බදු අයකරන්නෙකුද ධනවත් පුද්ගලයෙකුද විය. තමා අන් අයට අවාසි සිදු කරමින් බලහත්කාරයෙන් ධනය රැස් කරගෙන තිබූ බව ඔහුම පිළිගෙන තිබුණි. සකෙවුස්ගේ මෙම අධම ක්‍රියා පිළිවෙත ගැන ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට වද දුන්නාද? වද දුන්නා නම් ඔහු එය තැකීමකට ලක් නොකරමින් සිටි බවක් පෙනෙන්ට තිබේ.—ලූක් 19:1-7, NW.

එක්තරා සිද්ධියක් නිසා සකෙවුස් තම ක්‍රියාකලාපය පිළිබඳව නැවත සිතා බැලීමට පෙලඹුණි. සිද්ධිය නම් යේසුස් යෙරිකෝවට පැමිණීමයි. මිටි මනුෂ්‍යයෙකු වූ සකෙවුස්ට යේසුස්ව හොඳින් දැකගැනීමට අවශ්‍ය වුවත් සමූහයා නිසා ඔහුට එය කළ නොහැකි විය. ඔහු දුව ගොස් ගසකට නැග්ගේ යේසුස්ව හොඳින් දැකගැනීමේ අරමුණිනි. සකෙවුස්ට තිබුණාවූ අවංක උනන්දුව දුටු යේසුස්ට ඔහු ගැන පැහැදීමක් ඇති වූ බැවින් ඔහුගේ නිවසට පැමිණෙන බවට පොරොන්දු වුණි. සකෙවුස් මෙම සුවිශේෂි ආගන්තුකයාට සත්කාර කළේ ඉමහත් ප්‍රීතියකිනි.

යේසුස් සමඟ ගත කළ කාලය තුළ ඇසූ දුටු දේ කෙරෙහි ඔහුගේ සිත ඇදී ගිය අතර තම ජීවන රටාව වෙනස් කරගැනීමට ඔහු පෙලඹුණි. ඔහු කියා සිටියේ, “බලන්න! ස්වාමිනි, මා සතු දෙයින් අඩක් දිලිඳුන්ට දෙන්නෙමි. බොරු චෝදනා එල්ල කර මම යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම් ඔහුට හතර ගුණයක් දෙන්නෙමි” කියායි.—ලූක් 19:8, NW.

සකෙවුස්ගේ හෘදය සාක්ෂිය හරි මඟට ගෙන ඒමට උපදෙස් ලැබුණ පසු ඔහු තම හෘදය සාක්ෂියට සවන් දුන් අතර එයට එකඟව කටයුතු කළේය. එයින් අත් වූයේ දිගු කල් පවතින ප්‍රතිඵලයි. “අද මේ ගෙට ගැලවීම පැමිණ තිබේ” කියා යේසුස් සකෙවුස්ට කී විට ඔහුට මොන වගේ හැඟීමක් ඇති වෙන්න ඇද්ද කියා සිතන්න.—ලූක් 19:9, NW.

මොන තරම් දිරිගන්වනසුලු අද්දැකීමක්ද! එයින් පෙන්නුම් කරන්නේ අප කලින් කුමනාකාරයේ ජීවිතයක් ගත කළත් එය වෙනස් කළ හැකි බවයි. සකෙවුස් මෙන් අපටත් බයිබලයේ සඳහන් යේසුස්ගේ වදන්වලට අවධානය දීමෙන් හරි වැරැද්ද පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකියි. ප්‍රේරිත පේතෘස් දිරිගැන්වූ ආකාරයට, අපට “යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න” එමගින් ප්‍රස්තාව ලැබේ. එවිට අපගේ නිසි ලෙස පුහුණු කළ හෘදය සාක්ෂියට ඇහුම්කන් දීමටත් හරි දේ කිරීමටත් අපට හැකි වේවි.—1 පේතෘස් 3:16, NW.