යෙහෝවා ඔබ කරන දේවල් සැලකිල්ලට ගන්නවාද?
යෙහෝවා ඔබ කරන දේවල් සැලකිල්ලට ගන්නවාද?
ඔබ එම ප්‍රශ්නයට උත්තර දෙන්නේ කෙසේද? බොහෝදෙනෙකු මෙසේ පැවසිය හැකියි. ‘මෝසෙස්, ගිඩියොන් හා දාවිත් වගේ අය කළ දේවල් දෙවි සැලකිල්ලට ගත්තත් මම කරන දේවල් ගැන ඔහු සැලකිලිමත් වෙනවා කියන එක ගැන නම් මට සැකයි. ඇත්තෙන්ම, මාව නම් මෝසෙස්, ගිඩියොන් හා දාවිත් වගේ අය ළඟින්වත් තියන්න බැහැ.’
බයිබල් කාලවල ජීවත් වූ විශ්වාසවන්ත පුරුෂයන් ඇදහිල්ල විදහා පෙන්වන අතිවිශේෂ ක්‍රියාවන් කළ බව සැබෑවකි. ඔවුහු “සිංහයන්ගේ කට වැසුවෝය. ගින්නෙහි බලය නිවා දැමුවෝය. කඩු මුවහතින් ගැලවුණෝය.” (හෙබ්‍රෙව් 11:33, 34, NW) කෙසේවෙතත්, වෙනත් අය ඒ තරම් කැපීපෙනෙන ආකාරයකින් ඇදහිල්ල නොපෙන්වුවද ඔවුන් ඇදහිල්ල විදහා පාමින් කළ ක්‍රියා දෙවි සැලකිල්ලට ගත් බව බයිබලය අපට සහතික කරයි. මෙය පැහැදිලි කරගැනීම සඳහා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් එඬේරෙකුගේ, අනාගතවක්තෘවරයෙකුගේ හා වැන්දඹුවකගේ ආදර්ශ සලකා බලමු.
එඬේරෙක් පූජාවක් ඔප්පු කරයි
ආදම් සහ ඒවගේ දෙවන පුත්‍රයා වන ආබෙල් ගැන ඔබේ මතකයට එන්නේ මොනවාද? ඔහු මිය ගියේ ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස බව ඔබට මතක් විය හැකියි. එවන් මරණයක් අද්දැකීමට ඉඩ තිබෙන්නේ අපගෙන් අතළොස්සකට පමණක් විය හැකියි. කෙසේවෙතත් මුලින්ම ආබෙල් දෙවිගේ සැලකිල්ලට භාජන වූයේ ඔහු කළ වෙනත් දෙයක් නිසාය.
එක් දවසක් ආබෙල් ඔහුගේ රැළෙන් හොඳම සතුන් කිහිපදෙනෙකුව තෝරාගෙන දෙවිට පූජාවක් ඔප්පු කළේය. අද දින නම් ඔහුගේ එම ත්‍යාගය සැලකිය හැක්කේ ඉතා කුඩා දෙයක් ලෙසයි. එනමුත් යෙහෝවා එය සැලකිල්ලට ගෙන සිය අනුමැතිය ඊට ප්‍රකාශ කළේය. කෙසේවෙතත් සියල්ල එතැනින් හමාර වූයේ නැත. ඊට අවුරුදු හාරදහසකට ආසන්න කාලයකට පසු හෙබ්‍රෙව් පොත ලියද්දී යෙහෝවා ඒ ගැන සඳහන් කිරීමට ප්‍රේරිත පාවුල්ට ආනුභාවය දුන්නේය. එතරම් කාලයක් ගෙවී ගොස් තිබුණද දෙවි ඒ කුඩා පූජාව අමතක කර තිබුණේ නැත.—හෙබ්‍රෙව් 6:10; 11:4.
ඔප්පු කරන්නේ කුමන ආකාරයේ පූජාවක්ද කියා ආබෙල් තීරණය කළේ කෙසේද? මේ ගැන බයිබලයේ යමක් පවසා නොතිබුණද ඔහු ඒ ගැන ගැඹුරින් සිතා බැලූ බවට සැකයක් නැත. ඔහු එඬේරෙකු වූ නිසා ඔහුගේ සත්ව රැළෙන් සතුන් කිහිපදෙනෙකුව ඔහු පූජා කිරීම අපේක්ෂා කළ හැකි දෙයකි. ඇත්තෙන්ම ඔහු මෙහිදී ඔප්පු කළේද ඔහු සතුව තිබූ හොඳම දෙය වූ සතුන්ගේ ‘තෙල්’ අඩංගු කොටස් බව සැලකිල්ලට ගන්න. (උත්පත්ති 4:4) එමෙන්ම යෙහෝවා ඒදන් උයනේදී සර්පයාට පැවසූ මෙම වදන් ගැනද ඔහු ගැඹුරින් සිතා බලන්න ඇතැයි කියා සිතිය හැකියි. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15; එළිදරව් 12:9) “ස්ත්‍රිය” සහ ඇගේ “වංශය” කියන්නේ කවුද කියා ආබෙල් දැනගෙන නොසිටියද ස්ත්‍රියගේ වංශයේ ‘විලුඹ පොඩි කිරීම’ නිසා ලේ වැගිරීමක් සිදු වන බව ඔහු තේරුම්ගන්න ඇති. පණ ඇති සත්වයෙකු පූජා කරනවාට වඩා වටිනා වෙනත් දෙයක් තිබිය නොහැකිය කියා ඔහු තේරුම්ගත් බව නිසැකයි. මෙහිදී වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔහු කළ පූජාව යෝග්‍ය එකක් වීමයි.
ආබෙල් හා සමානව මේ කාලයේ සිටින ක්‍රිස්තියානීහුද දෙවිට පූජා ඔප්පු කරති. ඔවුන් ඔප්පු කරන්නේ සත්ව රැළක සිටින කුලුඳුලන්ව නොව “දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල, එනම් ප්‍රශංසාව නමැති පූජාවයි.” (හෙබ්‍රෙව් 13:15, NW) අපි වෙනත් අය සමඟ අපේ ඇදහිල්ල ගැන කතා කරද්දී අපේ තොල්වලින් අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් කරන්නෙමු.
ඔබ කරන ප්‍රශංසාව නමැති පූජාවේ ගුණය තවත් දියුණු කරගන්න ඔබ කැමතිද? එසේනම් ඔබේ බලප්‍රදේශයේ සිටින ජනයාගේ අවශ්‍යතා ගැන හොඳින් සැලකිලිමත් වන්න. ඔවුන් මහත් සැලකිල්ලක් දක්වන දේවල් මොනවාද? ඔවුන් උනන්දු වන්නේ මොන වගේ දේවල් ගැනද? ඔවුන්ගේ සිත්වලට කාවැදිය හැක්කේ බයිබලයේ සඳහන් පණිවිඩයේ කුමන අංගද? ඔබ සාක්ෂි දරන සෑම අවස්ථාවකදීම ඔබේ සේවයේ පලදායීතාව තවත් වැඩි කරගැනීමේ අරමුණ ඇතුව සාක්ෂි දැරීමෙන් පසු එය නැවත විග්රහ කර බලන්න. යෙහෝවා ගැන කතා කරන විට දැඩි විශ්වාසයකින් යුතුව ඔබේ මුළු හදවතින්ම කතා කරන්න. ඔබ ඉදිරිපත් කරන පූජාව සැබවින්ම ‘ප්රශංසාවේ පූජාවක්’ ලෙස ඉදිරිපත් කරන්න.
සවන් නොදෙන අසල්වැසියන්ට අනාගතවක්තෘවරයෙක් දේශනා කරයි
දැන් අනාගතවක්තෘවරයෙකු වූ ඒනොක් ගැන සිතා බලන්න. එවකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වූයේ ඔහු පමණක් විය හැකියි. ඔබත් ඒනොක් හා සමාන කෙනෙක්ද? ඔබේ පවුලේ යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන එකම සාමාජිකයා ඔබ පමණක්ද? ඔබේ පාසැලේ සිටින අය අතර හෝ රැකියා ස්ථානයේ සේවය කරන අය අතර බයිබල් ප්‍රතිපත්තිවලට පක්ෂපාතව සිටින්නේ ඔබ පමණක්ද? ඔබ සිටින්නේ එවැනි තත්වයක නම් විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට ඔබට සිදු විය හැකියි. ඔබේ මිතුරන්, නැදෑයන්, ඔබ සමඟ ඉගෙනගන්න අය, රැකියා ස්ථානයේ ඔබත් සමඟ වැඩ කරන අය දෙවිගේ නීති කඩ කිරීම සඳහා ඔබව පොලඹවාගැනීමට ඉඩ ඇත. “ඔයා මොනවා කළත් කවදාවත් කාටවත් දැනගන්න නම් ලැබෙන්නේ නැහැ. අපි කාටවත් කියන්නේ නැහැ” කියා ඔවුන් පවසන්න ඉඩ ඇත. ඔබ කරන දේවල් දෙවි ගණන් ගන්නේ නැති නිසා බයිබලයේ තිබෙන සදාචාර ප්‍රමිති ගැන හිතන එකත් මෝඩකමක් කියා ඔවුන් තරයේ පැවසිය හැකියි. ඔබ ඔවුන් වගේ සිතන්නේවත් ක්‍රියා කරන්නේවත් නැති නිසා අමනාපයෙන් පසු වන ඔවුන් ඔබේ නොසැලෙන ස්ථාවරය බිඳ දැමීම සඳහා ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරන්න ඉඩ තිබේ.
එවැනි පීඩනවලට එරෙහිව සිටීම ලෙහෙසි දෙයක් නොවන බව අපි දනිමු. එනමුත් එය කළ නොහැකි දෙයක්ද නොවේ. ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක් ගැන සිතා බලන්න. (යූද් 14) ඒනොක් ජීවත් වූ කාලයේ සිටි බොහෝදෙනෙකුට සදාචාරය පිළිබඳ කිසිම හැඟීමක් තිබුණේ නැත. ඔවුන් කතා බහ කළේ පහත් නින්දිත දේවල් ගැනය. ඔවුන්ගේ හැසිරීම ‘තැතිගන්වනසුලු’ විය. (යූද් 15, NW) ඔවුන් ක්‍රියා කළේද අද කාලයේ සිටින බොහෝදෙනෙකු ක්‍රියා කරනවා හා සමානවය.
ඒනොක් ඒ දේවලට සාර්ථකව මුහුණ දුන්නේ කෙසේද? මෙම ප්රශ්නය සඳහා තිබෙන පිළිතුර අද සිටින අපට වැදගත්. එවකට මෙලොවේ යෙහෝවාට නමස්කාර කළ එකම මිනිසා ඒනොක් වූවා විය හැකියි. එනමුත් ඒනොක් තනි වී සිටියේ නැත. මන්ද ඔහු දෙවි සමඟ ගමන් කළේය.—උත්පත්ති 5:22, NW.
ඒනොක්ගේ ජීවිතයේ ප්‍රධානතම දෙය වූයේ දෙවිව සතුටු කිරීමයි. දෙවි සමඟ ගමන් කිරීම යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් පවිත්‍ර හා සදාචාරසම්පන්න ජීවිතයක් ගත කිරීමට වඩා වැඩි යමක් බව ඔහු දැන සිටියේය. ඔහු අන් අයට දේශනා කිරීම යෙහෝවා ඔහුගෙන් අපේක්ෂා කළ දෙයක් විය. (යූද් 14, 15) එදා සිටි ජනයාගේ අභක්තික ක්‍රියාවන් දෙවිගේ අවධානයට ලක් වී තිබූ බවට අනතුරු ඇඟවීම අවශ්‍ය විය. ඒනොක් අවුරුදු 300කට වඩා වැඩි කාලයක් දිගටම දෙවි සමඟ ගමන් කළේය. අපගෙන් කිසිවෙකු එතරම් කාලයක් නම් විඳදරාගෙන නොමැත. ඔහු මිය යන තුරුම දෙවි සමඟ ගමන් කළේය.—උත්පත්ති 5:23, 24, NW.
ඒනොක්ට මෙන් අපටද දේශනා කිරීම සඳහා පැවරුමක් ලැබී තිබේ. (මතෙව් 24:14) ගෙයින් ගෙට සාක්ෂි දරනවාට අමතරව නැදෑයන්ට, ව්‍යාපාරික කටයුතුවලදී දැනහඳුනා ගෙන තිබෙන අයට හා එකට ඉගෙනගන්න අයට ශුභාරංචිය ගැන කතා කිරීමට අපි වෑයම් කරන්නෙමු. කෙසේවෙතත් සමහර අවස්ථාවලදී නිර්භීතව සාක්ෂි දරන්න අප පසුබට විය හැකියි. ඔබටත් එය ගැටලුවක් වී තිබෙනවාද? බලාපොරොත්තු අත් නොහරින්න. මුල් ක්‍රිස්තියානීන්ව අනුකරණය කර නිර්භීතකම වඩවාගැනීම සඳහා දෙවිට යාච්ඤා කරන්න. (ක්‍රියා 4:29, 30) ඔබ දෙවි සමඟ ගමන් කරන තාක් කල් ඔබ ඇත්තටම තනි වී නැති බව කවදාවත් අමතක කරන්න එපා.
වැන්දඹුවක් කෑමක් පිළියෙළ කරයි
නමක් සඳහන් නොවන වැන්දඹුවක් සරල කෑමක් පිළියෙළ කළ නිසා දෙවතාවක් ආශීර්වාද ලැබීම ගැන සිතා බලන්න. ඊශ්‍රායෙලිතයෙකු නොවන විදේශියෙකු වූ ඇය පො.යු.පෙ. දහවන සියවසේදී ජීවත් වූයේ සාරෆෙත් නම් නගරයෙහිය. දිගු කාලයක් පුරා පැවති නියඟයක හා
සාගතයක නිමාව ආසන්නයේදී මේ වැන්දඹුවට තිබූ ආහාර සියල්ලම පාහේ අවසන් වී තිබිණ. ඇය ළඟ ඉතිරි වී තිබුණේ ඇගෙත් ඇගේ පුතාගෙත් අවසාන ආහාර වේල සාදාගැනීමට පමණක් ප්‍රමාණවත් වූ පිටි ටිකක් හා තෙල් ටිකක් පමණි.මේ අවස්ථාවේදී අමුත්තෙක්ද පැමිණියේය. ඔහු දෙවිගේ අනාගතවක්තෘවරයා වූ එලියාය. වැන්දඹුවටත් මදිව තිබූ ඒ ආහාරයෙන් ටිකක් ඔහු ඉල්ලා සිටියේය. වැන්දඹුවගේ හා ඇගේ පුතාගේ කුසගින්නවත් නිවාගන්න ප්‍රමාණවත් නොවූ ඒ ආහාරය හැර වෙන වෙනත් දෙයක් මේ අමුත්තාට දෙන්න ඇයට තිබුණේ නැත. එහෙත් ඇය සතු වූ ආහාරයෙන් ටිකක් තමන්ට දුන්නොත් ඇයවත් ඇගේ පුතාවත් කුසගින්නේ නොසිටිනු ඇති බව යෙහෝවා පවසනවා කියමින් ඔහු ඇයට සහතික වූයේය. විදේශීය වැන්දඹුවක වූ ඇය කරන දෙය ඊශ්‍රායෙල්හි දෙවි සැලකිල්ලට ගන්න බව විශ්වාස කිරීමට ඇයට ඇදහිල්ල අවශ්‍ය විය. එහෙත් ඇය එලියා පැවසූ දෙය විශ්වාස කළ අතර යෙහෝවා ඇයට ආශීර්වාද කළේය. “යෙහෝවා එලියා ලවා කියෙවූ ඔහුගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය. තෙල් කුළාවද අඩු නොවීය.” සාගතය අවසන් වන තෙක් මේ ස්ත්‍රියට හා ඇගේ පුතාට නිතිපතා කෑමට ආහාර තිබිණ.—1 රාජාවලිය 17:8-16.
කෙසේවෙතත් මේ වැන්දඹුවට තවත් ආශීර්වාදයක් ලැබීමට නියමිතව තිබිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් ටික කලකට පසු ඇගේ ආදරණීය පුතා අසනීප වී මිය ගියේය. එලියා අනුකම්පාසහගතව මේ පිරිමි දරුවාට නැවත ජීවිතය ලබා දෙන මෙන් යෙහෝවාට කන්නලව් කළේය. (1 රාජාවලිය 17:17-24) දරුවාට නැවත ජීවිතය ලබා දෙන්න නම් ඉන් පෙර සිදු නොවූ ප්රාතිහාර්යයක් කිරීම අවශ්‍ය විය. ඊට කලින් මිය ගිය කිසිවෙකුව නැවත නැඟිටවනු ලැබූ බවට වාර්තා වී නැත. මේ විදේශීය වැන්දඹුවට යෙහෝවා නැවත වරක් දයාව පෙන්වනු ඇද්ද? ඔව්, ඔහු නැවතත් ඇයට දයාව පෙන්නුවේය. මිය ගොස් සිටි ඒ පිරිමි දරුවාට නැවත ජීවිතය ලබා දීම සඳහා යෙහෝවා එලියාට බලය ලබා දුන්නේය. පසු කලෙක යේසුස් වරප්‍රසාද ලත් මේ ස්ත්‍රිය ගැන මෙසේ පැවසුවේය. “ඊශ්‍රායෙලයෙහි වැන්දඹුවන් බොහෝදෙනෙක් සිටියහ. එහෙත් එලියාව යවනු ලැබුවේ . . . සීදොන් දේශයේ පිහිටි සාරෆෙත්හි විසූ වැන්දඹුවක් වෙතට පමණි.”—ලූක් 4:25, 26, NW.
වර්තමානයේ පවතින ආර්ථික තත්වය වහා වෙනස් වනසුලුය. දියුණු රටවල් සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. සමහර විශාල සමාගම් දශක ගණනාවක සිට සමාගමට ලැදිව සේවය කළ සේවකයන්ව පවා ඉවත් කර තිබේ. ඉදිරියේදී තමන්ගේ රැකියාව අහිමි වීමට ඉඩ තිබෙන ක්‍රිස්තියානියෙකු රැකියාව රැකගත හැකියි කියා අපේක්ෂා කරමින් තමන් වැඩ කරන සමාගම වෙනුවෙන් බොහෝ කාලයක් මිඩංගු කිරීමට ඉඩ තිබේ. මෙසේ කිරීම නිසා එවැනි කෙනෙකුට ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට, පවුලේ අයගේ චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා සපුරාලීමට කාලය නොලැබී යා හැකියි. කෙසේවෙතත් මෙවැනි කෙනෙකුට හැඟෙන්නේ තමන්ගේ රැකියාව රැකගැනීම සඳහා ඕනෑම දෙයක් කැප කළ යුතුයි කියායි.
එවන් ආර්ථික දුෂ්කරතාවක් මැද සිටින ක්‍රිස්තියානියෙකු ඒ ගැන සැලකිලිමත් වීමට හොඳ හේතු තිබේ. මේ කාලයේ රැකියාවක් සොයාගැනීම ලෙහෙසි දෙයක් නොවේ. බොහෝදෙනෙකු දැඩි වෑයමක් දරන්නේ ධනවත් වීමට නොව සාරෆෙත්හි වැන්දඹුව මෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා පිරිමසාගැනීමටයි. කෙසේවෙතත් දෙවි පැවසූ මෙම වදන් ප්‍රේරිත පාවුල් අපට මතක් කරවයි. “මා කිසිසේත් ඔබෙන් අහක්ව යන්නේවත් කිසිසේත් ඔබව අත්හරින්නේවත් නැත.” අපට විශ්වාසයෙන් යුතුව මෙසේ පැවසීමට පුළුවනි. “යෙහෝවා මාගේ උපකාරකයාය. මම භය නොවන්නෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද?” (හෙබ්‍රෙව් 13:5, 6, NW) එම පොරොන්දුව කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ පාවුල් ජීවිතය පවා පරදුවට තැබීමට සූදානම්ව සිටි අතර යෙහෝවා ඔහුව සැමවිටම බලාගත්තේය. අප දෙවිව අත්හරින්නේ නැත්නම් ඔහු අපවද ඒ වගේම බලාගනු ඇත.
මෝසෙස්, ගිඩියොන් හා දාවිත් වැනි ආත්මික පුද්ගලයන් කළ ආකාරයේ විශිෂ්ට ක්‍රියා අපට නම් කවදාවත් කරන්න බැහැයි කියා අපට හැඟෙන්න පුළුවනි. එහෙත් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීම අපට කළ හැකි දෙයකි. එමෙන්ම ආබෙල්, ඒනොක් හා සාරෆෙත්හි වැන්දඹුව වැනි අය ඇදහිල්ල පෙන්වමින් කළ කුඩා ක්‍රියාවන් අපට මතකයේ තබාගත හැකියි. යෙහෝවා සෑම කෙනෙකුගේම ඇදහිලිවන්ත ක්‍රියාවන් සැලකිල්ලට ගනී. ඇත්තෙන්ම ඇදහිල්ල විදහා පෙන්වමින් කරන කුඩා ක්‍රියාවක් පවා ඔහු සැලකිල්ලට ගනී. දේවබියැති පාසැල් ශිෂ්‍යයෙකු මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරද්දී, රැකියාවක් කරන ක්‍රිස්තියානියෙකු රැකියා ස්ථානයේදී දුරාචාරයේ යෙදීමට කරන නරක යෝජනාවක් ප්‍රතික්ෂේප කරද්දී, වයසක සාක්ෂිකරුවෙකු දුර්වල සෞඛ්‍යයක් තිබියදී පවා වෙහෙස නොබලා සභා රැස්වීම්වලට හිතෝපදේශ 27:11.
නිතිපතා පැමිණෙද්දී යෙහෝවා එය දැක ප්‍රීති වෙයි!—අනිත් අය කරන දේවල් ඔබ සැලකිල්ලට ගන්නවාද?
ඔව්, අප කරන දේවල් යෙහෝවා සැලකිල්ලට ගනියි. එනිසා දෙවිව අනුකරණය කරන අය හැටියට අප අනිත් අය දරන වෑයම් අගය කිරීමට නම් ඒවා ගැන හොඳ අවධානයකින් සිටිය යුතුයි. (එපීස 5:1) ඔබේ සෙසු ක්‍රිස්තියානීන් සභා රැස්වීම්වලට පැමිණීමේදී, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමේදී හා එදිනෙදා ජීවිතය ගත කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා ගැන ඔබ වඩාත් හොඳ අවධානයකින් සිටීම හොඳ අදහසක් නොවේද?
ඊළඟට ඔබ සමඟ එක්ව යෙහෝවාට නමස්කාර කරන අය දරන වෑයම් ඔබ ඉතා අගය කොට සලකන බව ඔවුන්ට දැනෙන්න සලස්වන්න. ඔබ ඔවුන් දරන වෑයම් සැලකිල්ලට ගැනීම ගැන ඔවුන් සතුටු වේවි. එමෙන්ම ඔබ එසේ කිරීමෙන් යෙහෝවාත් ඒවා සැලකිල්ලට ගන්න බවට නිසැකකමක් ඔවුන් තුළ ඇති වේවි.