Skip to content

පටුනට යන්න

ඉතා සිත්ගන්නා සටහන් පොතක්

ඉතා සිත්ගන්නා සටහන් පොතක්

ඉතා සිත්ගන්නා සටහන් පොතක්

රිචඩ් ඊ. බර්ඩ් නමැති දේශ ගවේෂකයා 1928 සිට 1956 දක්වා කාල පරිච්ඡේදය තුළ ඇන්ටාර්ටිකාවට පස් වතාවක් ගමන් කළේය. සුළං ප්‍රවාහ හමන දිශාවන් නිගමනය කිරීමටත්, සිතියම් පිළියෙළ කිරීමටත්, ඇන්ටාර්ටික් මහද්වීපය පිළිබඳව තොරතුරු රැසක් එක්රැස් කිරීමටත් ඔහුට හා ඔහු සමඟ ගමන් කළ කණ්ඩායම්වලට උපකාරවත් වූයේ දිනපොතක් හා නිවැරදි සටහන් පොත් තබාගැනීමයි.

බර්ඩ් කළ ගවේෂණාත්මක චාරිකාවලින් පැහැදිලි වන්නේ සටහන් පොතක් තබාගැනීම කොතරම් වටිනවාද යන්නයි. සටහන් පොතක මුහුදු ගමනක හෝ ගුවන් ගමනක තොරතුරු පිළිබඳව වාර්තාවක් පිළියෙළ කරනු ලැබේ. මෙම තොරතුරු, සිදු වූ දේ පුනරීක්ෂණය කිරීමට හෝ මතු ගමන්වලට ප්‍රයෝජනවත් විය හැකි තොරතුරු විග්‍රහ කර බැලීමට පසු අවස්ථාවක භාවිත කළ හැකි වේ.

නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්ම පිළිබඳ සිත්ගන්නා වාර්තාවක් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ය. එම සමස්ත ලෝක ජලගැල්ම වසරකට වැඩි කාලයක් පුරා පැවතියේය. එම ජලගැල්මට සූදානමක් ලෙස නෝවා, ඔහුගේ භාර්යාව, පුතුන් තිදෙනා සහ ඔවුන්ගේ භාර්යාවන් වසර 50ක් හෝ 60ක් පමණ යෙදවූයේ නැවක් ඉදි කිරීමටයි. එය වනාහි ඝන මීටර් 40,000ක පමණ ඝනත්වයකින් යුත් විශාල යාත්‍රාවකි. එහි අරමුණ? ජලගැල්ම තුළින් මිනිසුන් කිහිපදෙනෙකුගේ හා සතුන් රැසකගේ දිවි ආරක්ෂා කිරීමයි.—උත්පත්ති 7:1-3.

ඇත්තෙන්ම ජලගැල්මේ ආරම්භයේ පටන් නෝවා සහ ඔහුගේ පවුල එම යාත්‍රාවෙන් පිටතට පැමිණි දා දක්වා සිදු වූ දේවල් පිළිබඳව සඳහන් නෝවාගේ සටහන් පොත ලෙස හැඳින්විය හැකි වාර්තාවක් බයිබලයේ උත්පත්ති පොතේ අන්තර්ගත වී ඇතැයි පැවසුවහොත් නිවැරදිය. අද දින අපට හරවත් වන යමක් එහි අන්තර්ගතද?