Skip to content

පටුනට යන්න

‘සලමොන්වත් මේ මලකට සමානව පැළඳ සිටියේ නැහැ’

‘සලමොන්වත් මේ මලකට සමානව පැළඳ සිටියේ නැහැ’

‘සලමොන්වත් මේ මලකට සමානව පැළඳ සිටියේ නැහැ’

මෙහි දක්නට ලැබෙන කැලෑමල් දකුණු අප්‍රිකාවේ මඟ දෙපස සුලභව දක්නට ලැබෙනවා. කොස්මොස් නමින් හඳුන්වන මෙම මලෙහි නිජබිම අමෙරිකාවේ නිවර්තන කලාප දෙක මැද පිහිටි ප්‍රදේශයයි. ඉතාමත් පියකරු එම මල දුටු විට යේසුස් ඉගැන්වූ පාඩමක් මනසට නැඟෙනවා විය හැකියි. යේසුස් එම පාඩම උගන්වන අවස්ථාවේදී ඔහුට සවන් දෙමින් සිටි ශ්‍රාවකයන් හුඟදෙනෙක් දුප්පත් අයයි. ඒ නිසා ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා, කෑම සහ ඇඳුම් පිළිබඳව ඔවුන් සිටියේ කනස්සල්ලෙන්.

යේසුස් මෙසේ ඇසුවා. “ඔබ ඇඳුම් ගැන කනස්සලු වන්නේ කුමටද? තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් නූල් කටින්නේවත් නැත. නමුත් මම ඔබට කියමි: සලමොන් සිය සියලු තේජසින් යුක්තව සිටියදී පවා මේ මලකට සමානව පැළඳ සිටියේ නැත.”—මතෙව් 6:28, 29, NW.

යේසුස්ගේ මනසේ තිබුණේ කිනම් කැලෑමලද කියන කාරණය සම්බන්ධව විවිධ අදහස් පළ වී තිබෙනවා. නමුත් එය සාමාන්‍ය තණබිම්වල වැවෙන පැළෑටි සමඟ සන්සන්දනය කරමින් යේසුස් පැවසුවේ “ඇදහිල්ල හීන තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තණබිමේ පැළෑටි දෙවි මෙසේ පළඳවන්නේ නම්, ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු නොවන්නේද?” යනුවෙනුයි.—මතෙව් 6:30.

කොස්මොස් මල ඊශ්‍රායෙලයට ආවේණික වූ මලක් නොවුණත් යේසුස් උගන්වමින් සිටි පාඩම තේරුම්ගැනීමට එය උපකාරවත් වෙනවා. එම මල දෙස දුරින් සිට බැලුවත් සමීපයට ගොස් බැලුවත් එහි ඇති සුන්දරත්වයෙහි නම් කිසිම අඩුවක් නැති අතර ඡායාරූප ශිල්පීන්ට සහ චිත්‍ර ශිල්පීන්ට ඡායාරූපගත කරන්න හෝ චිත්‍රයට නඟන්න මෙය කදිම දසුනක්. “සලමොන් සිය සියලු තේජසින් යුක්තව සිටියදී පවා මේ මලකට සමානව පැළඳ සිටියේ නැත” කියා කියූ විට යේසුස් අතිශයෝක්තියෙන් කතා කළේ නැති බව පැහැදිලියි.

අපට එයින් උගන්වන පාඩම කුමක්ද? දෙවිට සේවය කරන්නන්ට දුෂ්කර කාලයන් තුළ පවා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට දෙවි උපකාර කරන බවයි. යේසුස් පැහැදිලි කළේ “ඔහුගේ [දෙවිගේ] රාජ්‍යය නොකඩවා සොයන්න. එවිට මේ දේවල් [අවශ්‍ය ආහාර සහ ඇඳුම් වැනි දේ] ඔබට දෙනු ලැබේ” යනුවෙනි. (ලූක් 12:31, NW) දෙවිගේ රාජ්‍ය සෙවීමෙන් පමණයි නියම යහපත අත් වන්නේ. නමුත් දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද සහ එය මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කුමක්ද කරාවිද කියා ඔබ දන්නවාද? එයට බයිබලයෙන් පිළිතුරු සොයාගැනීමට ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටෙන් සිටියි.