Skip to content

පටුනට යන්න

එය චාරිත්‍රයක්ද නැත්නම් අල්ලසක්ද?

එය චාරිත්‍රයක්ද නැත්නම් අල්ලසක්ද?

එය චාරිත්‍රයක්ද නැත්නම් අල්ලසක්ද?

පෝලන්තයේ සමහර උසස් පාසැල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්, විභාගවලින් වැඩි ලකුණු ලබාගැනීමේ යටි චේතනාව පෙරදැරි කරගෙන චාරිත්‍රයක් ලෙස ගුරුවරුන්ට තෑගි දෙනවා. ක්‍රිස්තියානි යෞවන දැරියක් වන කැටැසීනාට මෙහිදී යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවීම පුදුමයක් නෙවෙයි. “මම සල්ලි දෙන්නද එපාද?” කියා ඇය කල්පනා කළා. නමුත් ඇගේ මිතුරන් කියා සිටියේ “ඒක සාමාන්‍ය චාරිත්‍රයක්. ඒකෙන් ඔයාට වාසියක් මිසක අවාසියක් වෙන්නේ නැහැනේ. ඉතිං ඇයි ඔයා ඒ ගැන ඔච්චර කල්පනා කරන්නේ?”

“පාසැලට ඇතුල් වූ පළමු අවුරුද්දේදී සල්ලි එකතු කරන වැඩේට මමත් හවුල් වුණා. මම ඒක පිළිගන්නවා. ඒත් පස්සේ මට තේරුම්ගියා මෙය අල්ලස් දීම හා සමානයි කියලා. එය බයිබලයේ සඳහන් විදිහට වැරදි දෙයක්.” කැටැසීනා හෙළි කළේ එලෙසයි. යෙහෝවා අල්ලස් ගැනීම ඉතා දැඩි සේ හෙළා දකින බවට සඳහන් බයිබල් පද ඇය මතකයට නඟාගත්තා. (ද්විතීය කථාව 10:17; 16:19; 2 ලේකම් 19:7) “මිතුරන්ගෙන් එන පීඩනයට හසු වෙන එක හරි ලෙහෙසියි. නමුත් මම මේ ගැන ගොඩාක් දුරට හිතලා බැලුවට පස්සේ මම ඒ චාරිත්‍රයට හවුල් වුණේ නැහැ” කියා කැටැසීනා පවසනවා. අනෙක් ශිෂ්‍යයන්ගේ උසුළු විසුළුවලට ලක් වුණත් පසුගිය වසර තුන පුරා මෙම “තෑගි” සඳහා මුදල් එකතු කරන විට බයිබලය මත පදනම් විශ්වාසයන් නිසා තමා ඊට හවුල් වන්නේ නැහැයි කියා සමහරෙකුට පැහැදිලි කිරීමට ඇයට හැකි වුණා.

කැටැසීනා ආත්මාර්ථකාමී හා සමාජ විරෝධී කෙනෙකු කියා සමහරෙකු ඇයට චෝදනා කළා. “තවමත් සමහර අය මාත් එක්ක එච්චර හිත හොඳ නැහැ. ඒත් හුඟදෙනෙක් මගේ අදහස්වලට ගරු කළා. ඒක මට සතුටක්” කියා කැටැසීනා පැවසුවා. එදිනෙදා ජීවිතයේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස කැටැසීනා ප්‍රසිද්ධ වුණා.