සියල්ලන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කරන්න
සියල්ලන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කරන්න
“මාගේ දෙවියනි, යහපත පිණිස මා සිහි කළ මැනව.”—නෙහෙමියා 13:31.
1. යෙහෝවා සියල්ලන් කෙරෙහි යහපත්කමින් ක්‍රියා කරන්නේ කෙසේද?
කලු වලාවන්ගෙන් අඳුරු වූ, තෙතබරිත දින කිහිපයකට පසුව පායන හිරු යළිත් දීප්තියෙන් රැස් විහිදන විට, එය කොයි කාගෙත් සතුටට හේතුවකි. අඳුරු වූ සිත් සතුටින් කුල්මත් වී, සැමදෙනම තුළ ප්‍රීතියක් දක්නට ඇත. ඒ හා සමානව, තද අව් රශ්මියෙන් යුත් වියළි කාල සීමාවකට පසු වැසි ඇදහැලෙන විට, මොර සූරන වැස්සක් වුවද, එය ප්රබෝධයක් සහ නැවුම් බවක් ගෙන දෙන්නකි. කාලගුණය නමැති මෙම මවිතකර තිළිණය පෘථිවියේ වායුගෝලයට ප්රදානය කර ඇත්තේ අපගේ ප්‍රේමණීය මැවුම්කරු යෙහෝවා විසිනි. දෙවිගේ ත්‍යාගශීලිත්වයට යොමු දක්වමින්, වරක් යේසුස් මෙසේ ඉගැන්වීය. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සවන්නේය.” (මතෙව් 5:43-45, NW) ඔව්, යෙහෝවා සියල්ලන් කෙරෙහි යහපත්කමින් ක්‍රියා කරයි. එලෙසම, අන් අය තුළ තිබෙන යහපත දැකීමෙන් ඔහුගේ සේවකයන් ඔහුව අනුකරණය කිරීමට වෑයම් දැරිය යුතුය.
2. (අ) යෙහෝවා යහපත්කමින් ක්‍රියා කරන්නේ කවර පදනම මතද? (ආ) අප යෙහෝවාගේ යහපත්කමට ප්‍රතිචාරය දක්වන ආකාරය ඔහුගේ අවධානයට ලක් වන්නේ කෙබඳු ආකාරයෙන්ද?
2 යෙහෝවා යහපත්කමින් ක්‍රියා කරන්නේ කවර පදනම මතද? ආදම් පාපයට වැටුණු දා පටන්, මනුෂ්‍යයන් තුළ තිබෙන යහපත දැකීමට යෙහෝවා අසමත් වී නැත. (ගීතාවලිය 130:3, 4) ඔහුගේ අරමුණ වන්නේ කීකරු මිනිස්වර්ගයාට පාරාදීසයක ජීවිතය යළිත් ලබා දීමය. (එෆීස 1:9, 10) පොරොන්දු වූ වංශය මාර්ගයෙන් පාපයෙන් සහ අසම්පූර්ණත්වයෙන් මිදීමේ බලාපොරොත්තුව අපට ලැබී ඇත්තේ ඔහුගේ මහත් කරුණාව හේතුවෙනි. (උත්පත්ති 3:15; රෝම 5:12, 15, NW) අවසානයේදී පරිපූර්ණත්වය අත් කරගැනීමට මං විවෘත වන්නේ මිදීමේ මිලය හා බැඳි විධිවිධානය පිළිගැනීමෙනි. එබැවින්, යෙහෝවා අප එකිනෙකාගේ විවිධ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටියි. එසේ කිරීමට එක් හේතුවක් වන්නේ ඔහුගේ ත්‍යාගශීලිත්වයට අප දක්වන ප්‍රතිචාරය කෙබඳුදැයි දැකබලා ගැනීමටය. (1 යොහන් 3:16) ඔහුගේ යහපත්කම උදෙසා අපගේ කෘතඥතාව නිරූපණය කිරීමට කරන ඕනෑම දෙයක් ඔහුගේ අවධානයට ලක් වේ. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10, NW.
3. අපගේ සැලකිල්ලට භාජන විය යුත්තේ කවර පැනයද?
3 එසේනම්, අන් අය තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කිරීමේදී අපට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද? මෙම පැනයට පිළිතුරු අපි ජීවිතයේ පැති සතරකට අදාළව සලකා බලමු. (1) ක්‍රිස්තියානි දේවසේවය, (2) පවුල, (3) සභාව සහ (4) අන් අය සමඟ අපගේ සබඳතා.
දේශනා කිරීමේදී හා ගෝලයන් සෑදීමේදී
4. ක්‍රිස්තියානි දේවසේවයෙහි සහභාගි වීම අන් අය තුළ තිබෙන යහපත දැකීමේ ක්‍රමයක් වන්නේ කෙසේද?
4 තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ තේරුම සම්බන්ධයෙන් ගෝලයන් විමසූ විට, ඊට පිළිතුරු වශයෙන් යේසුස් “කෙත නම් ලෝකයය” කියා පහදා දුන්නේය. ක්‍රිස්තුස්ගේ නවීන-දින ගෝලයන් ලෙස අපගේ දේවසේවයෙහි නිරත වෙද්දී අපි මෙම සත්‍යතාව පිළිගන්නෙමු. (මතෙව් 13:36-38, NW; 28:19, 20) අපගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අපගේ ක්ෂේත්‍ර සේවය හා බැඳී පවතින්නකි. ඇත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් දසත පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ඔවුන් ගෙයින් ගෙට කරන දේවසේවය නිසාවෙනි. මින් මනාව පැහැදිලි වන්නේ රාජ්‍යයේ පණිවිඩය ලැබීමට වටිනා සියලුදෙනාව සෙවීමේදී අප ඉතා කඩිසරව කටයුතු කර ඇති බවය. ඇත්තෙන්ම යේසුස් උපදෙස් දුන්නේ මෙසේය. “ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ කල, එහි සුදුස්සන් කවුදැයි සොයාගන්න.”—මතෙව් 10:11, NW; ක්‍රියා 17:17; 20:20.
5, 6. ජනයාගේ නිවෙස්වලට නැවත නැවතත් යෑමට අප නොපසුබසිනා උත්සාහයක් දරන්නේ මන්ද?
5 ආරාධනාවක් නොලබා මිනිසුන්ව බැහැදැකීමට යන විට, අපගේ පණිවිඩයට ඔවුන් දක්වන්නේ කවර ප්රතිචාරයක්ද යන්න ගැන අපි සෝදිසියෙන් සිටින්නෙමු. ඇතැම් අවස්ථාවලදී පවුලක එක් සාමාජිකයෙක් අපට හොඳින් සවන් දෙයි. එහෙත්, ඒ අතරතුරේදී වෙනත් අයෙක් “අපි කැමති නැහැ” කියා නිවස ඇතුලේ සිට කෑ ගසා පවසන විට, එතැනින් සාකච්ඡාව නිමාවකට පත් වේ. එක් පුද්ගලයෙකු දක්වන විරුද්ධත්වය හෝ උදාසීනකම වෙනත් කෙනෙකුගේ ප්‍රතිචාරයට බලපාන විට අපට මොන තරම් කනගාටුවක් දැනේද! එසේනම්, අන් අය තුළ තිබෙන යහපත දැකීමට නොපසුබසිනා උත්සාහයක් දැරීම සඳහා අපට කුමක් කළ හැකිද?
6 ඊළඟ වතාවේදී එම ප්‍රදේශයෙහි දේශනා කිරීමට යද්දී එම නිවසට ගොඩ වදින විට, කලින් පැමිණි අවස්ථාවේදී සාකච්ඡාවට විරුද්ධ වූ පුද්ගලයා සමඟ කතා කිරීමට අවස්ථාව ලැබිය හැක. කලින් සිදු වූ දේ මතක යොහන් 6:44; 1 තිමෝති 2:3, 4.
තියාගැනීම සූදානම් වීමට අපට උපකාරයක් විය හැකියි. විරුද්ධත්වය පෙන්වූ එම පුද්ගලයා රාජ්‍යය පිළිබඳ පණිවිඩයට සවන් දෙමින් හොඳ ප්‍රතිචාරයක් දැක්වූ පුද්ගලයාට බාධා කළේ හොඳ චේතනාවෙන් විය හැකියි. අපගේ චේතනා සම්බන්ධයෙන් ඔහුට අසන්නට ලැබී ඇති බොරු ප්‍රචාරයන් නිසා ඔහු මෙසේ ක්‍රියා කළා විය හැකියි. එනමුත්, එම නිවසේදී රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සඳහා නොපසුබසිනා උත්සාහයක් දැරීමට එය අපට බාධාවක් නොවේ. වරදවා වටහාගත් දේ උපායශීලීව නිවැරදි කරලීමට උත්සාහයක් දරන්නට පුළුවන. අපගේ ආශාව නම් දෙවි පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට සියලුදෙනාටම උපකාර කිරීමයි. සමහරවිට යෙහෝවා එම පුද්ගලයාව තමා වෙතට ඇදගන්නවා විය හැකියි.—7. ජනයා වෙතට එළඹෙන විට ධනාත්මක ආකල්පයක් දැරීමට අපට කුමක් උපකාරවත් විය හැකිද?
7 සිය ගෝලයන්ට උපදෙස් දෙද්දී යේසුස් පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වන විරුද්ධවාදීකම් ගැන උපදෙස්ද ඇතුළත් කළේය. “මිනිසෙකු තම පියා සමඟද, දුව ඇගේ මවු සමඟද, ලේලි ඇගේ නැන්දම්මා සමඟද භේද කරවන පිණිස ආවෙමි” කියා ඔහු පැවසුවා නොවේද? “මිනිසෙකුගේ සතුරෝ වන්නේ ඔහුගේම ගෙයි වැසියෝය” කියාද යේසුස් ඊට එකතු කළේය. (මතෙව් 10:35, 36, NW) එහෙත් පවතින තත්වයන් සහ ආකල්ප වෙනස් වේ. අපගේ දේශනා කිරීමට ජනයා දක්වන ප්‍රතිචාරයන්ට හදිසි අසනීපයක්, නෑදෑයෙක් හදිස්සියේ මිය යෑම, ආපදා, මානසික පීඩනයන් සහ එවැනි සාධක රැසක් හේතු වේ. අපට නිෂේධාත්මක ආකල්පයක් ඇත්නම්, එනම් අප දේශනා කරන පුද්ගලයන්ගෙන් කවදාකවත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැතැයි සිතනවා නම්, ඔවුන් තුළ තිබෙන යහපත දැකීමට අප උත්සාහ කරනවා කියා ඇත්තටම පැවසිය හැකිද? තවත් අවස්ථාවක් ලැබෙන විටෙක ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රීතියෙන් යෑම හොඳ අදහසක් නොවේද? ඇතැම්විට එදාට වඩා වෙනස් ආකාරයේ ප්‍රතිචාරයක් ලැබීමට ඉඩ කඩ තිබේ. සමහරවිට වෙනස් ප්‍රතිචාරයක් ලැබෙන්නේ අප කියන දේ නිසාම නොව, එය කියන විදිහ නිසාය. දේශනා කිරීමට පෙරාතුව යෙහෝවාට උනන්දුමත් ලෙස යාච්ඤා කිරීම ධනාත්මක ආකල්පයක් ඇතුව සිටීමටත්, සියලුදෙනාගේ සිත්ගන්නා ආකාරයකින් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමටත් අපට උපකාරවත් වන බව නිසැකයි.—කොලොස්සි 4:6; 1 තෙසලෝනික 5:17.
8. ක්‍රිස්තියානීන් තම නොඇදහිලිකාර නෑදෑයන් තුළ තිබෙන යහපත දකින විට ප්‍රතිඵලය කුමක් විය හැකිද?
8 ඇතැම් සභාවල එකම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම යෙහෝවාට සේවය කරති. බොහෝදුරට යෞවනයන්ගේ සිත්ගෙන ඇත්තේත්, ගෞරවය වැඩි වී ඇත්තේත්, වයසින් මුහුකුරා ගිය නෑදෑයෙකු ඔවුන් සම්බන්ධයෙන් දැරූ නොපසුබසිනා උත්සාහයයි. ඔහුගේ පවුලේ අය සමඟ සහ විවාහ කලත්‍රයා සමඟ ඔහු පවත්වාගෙන යනු ලබන යහපත් සබඳතාව නිසා එම ළාබාල අයගේ ආකල්පවල වෙනසක් ඇති විය. ප්‍රේරිත පේතෘස්ගේ උපදෙස්වලට අවනත වීමෙන් ක්‍රිස්තියානි භාර්යාවන් බොහෝදෙනෙකුට “වචනයක්වත්” නොපවසා තම පුරුෂයන්ව දිනාගැනීමට හැකි වී තිබේ.—1 පේතෘස් 3:1, 2, NW.
පවුල තුළ
9, 10. යාකොබ් සහ යෝසෙප් යන දෙදෙනාම තම පවුල තුළ තිබූ යහපත දුටුවේ කෙසේද?
9 සාමාන්‍යයෙන් පවුලක සාමාජිකයන් අතර කිට්ටු බැඳීමක් ඇති බව අපි කවුරුත් දනිමු. එමනිසා අන් අය තුළ තිබෙන යහපත දැකීම සම්බන්ධව කතා කරද්දී පවුල් කවයද සැලකිල්ලට ගැනීම උචිතය. යාකොබ් තම පුතුන් සමඟ කටයුතු කළ අන්දමෙන් උගත හැකි පාඩමක් සලකා බලන්න. යාකොබ් විශේෂයෙන්ම ප්‍රේම කළේ යෝසෙප්ට බව බයිබලයේ උත්පත්ති 37වන පරිච්ඡේදයේ 3වන සහ 4වන පදවල අඟවයි. මේ ගැන ඊර්ෂ්‍යාවෙන් ක්‍රියා කළ යෝසෙප්ගේ සහෝදරයෝ, කොතරම් දුරදිග ගියාද කිවහොත් ඔවුන්ගේ සහෝදරයාව මරා දැමීමට පවා කුමන්ත්‍රණය කළෝය. කෙසේවෙතත්, පසු කාලයකදී යාකොබ් සහ යෝසෙප් තුළ තිබුණු ආකල්ප සැලකිල්ලට ගන්න. දෙදෙනාම තම පවුලේ සාමාජිකයන් තුළ තිබෙන යහපත දකින්නට උත්සාහ කළෝය.
10 සාගතය පැතිර තිබූ කාලයේදී ඊජිප්තුවේ ප්‍රධාන උත්පත්ති 41:53–42:8; 45:23) ඒ හා සමානව, යාකොබ් සිය මරණ මඤ්චකයේදී තම පුත්‍රයන් සියල්ලන්ටම ලැබෙන්නට නියමිත ආශීර්වාද පුරෝකථනය කළේය. ඔවුන් කළ වැරදි ක්‍රියා නිසා ඇතැම් වරප්‍රසාද සීමා කරනු ලැබුවද, දේශයෙහි උරුමයක් නොලැබෙන ලෙස කිසිම කෙනෙකුව කපාහැරියේ නැත. (උත්පත්ති 49:3-28) එහිදී යාකොබ් තුළින් ප්‍රකාශ වූයේ මොන තරම් අගනා, ස්ථිරසාර ප්‍රේමයක්ද!
ආහාර පරිපාලක ලෙස සේවය කරමින් සිටි යෝසෙප් තම සහෝදරයන්ව සාදරයෙන් පිළිගත්තේය. ඔහු තමා සැබවින්ම කවුදැයි විගස හෙළි නොකළද, ඔහුගේ මෙහෙයවීම යටතේ ඔවුන්ට හොඳින් සලකනු ලැබූ අතර, ඔවුන්ගේ මහලු පියා වෙතට ආහාර ගෙන යෑමට විධිවිධාන යොදන ලදි. ඔව්, යෝසෙප් ඔවුන්ගේ බද්ධ වෛරයට ගොදුරු වී සිටියත් ඔහු ක්‍රියා කළේ ඔවුන්ගේම යහපත උදෙසාය. (11, 12. (අ) පවුල තුළ යහපත දැකීමේ වැදගත්කම අවධාරණය කෙරෙන්නේ කවර අනාවැකිමය ආදර්ශය ඇසුරෙන්ද? (ආ) නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාවේ පියාගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නා පාඩම කුමක්ද?
11 යෙහෝවා ජනයා තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කරන ආකාරය ගැන තවදුරටත් අවබෝධය ලබාගැනීම සඳහා නොඇදහිලිකාර ඊශ්‍රායෙල් ජාතිය සමඟ ඔහු බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කළ ආකාරය සලකා බලන්නට පුළුවන. අනාගතවක්තෘ හොෂෙයාගේ පවුලේ උද්ගත වූ තත්වයන් යොදාගනිමින්, යෙහෝවා තමාගේ නොනිමි ප්‍රේමය නිදර්ශනය කළේය. හොෂෙයාගේ භාර්යාව වූ ගොමෙර් කිහිප වතාවක්ම පරදාර සේවනයෙහි යෙදුණාය. එසේවුවත්, යෙහෝවා හොෂෙයාට උපදෙස් දුන්නේ මෙලෙසය. ‘ඊශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට පිළිගන්වන මුද්‍රික පල කැටිවලට ඇලුම් වෙන නමුත් යෙහෝවා ඔවුන්ට ප්‍රේම කරන්නාක් මෙන්ම ඔබ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේම වෙන්න.’ (හොෂෙයා 3:1) මෙවැනි උපදෙස් ලබා දුන්නේ මන්ද? තම මාර්ගවලින් ඉවතට ගොස් සිටි ජාතිය අතරේ ඔහුගේ ඉවසිලිවන්තකමට ප්‍රතිචාරය දක්වනු ඇති පුද්ගලයන් සිටිනු ඇති බව යෙහෝවා දැන සිටි බැවිනි. හොෂෙයා පැවසුවේ මෙසේය. “පසුව ඊශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ යෙහෝවාද තමුන්ගේ රජ වූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව යෙහෝවා වෙතටත් ඔහුගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.” (හොෂෙයා 3:5) පවුල තුළ ඇති වන දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන විට මෙනෙහි කිරීම සඳහා මෙය කදිම ආදර්ශයක් වන බවට සැකයක් නැත. පවුලේ අනිකුත් සාමාජිකයන් තුළ තිබෙන යහපත දැකීමට දිගටම උත්සාහ කිරීමෙන් අඩුම තරමින් ඔබ තුළින් ඉවසිලිවන්තකම සම්බන්ධයෙන්වත් කදිම ආදර්ශයක් සැපයේ.
12 අපගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තුළ තිබෙන යහපත දැකිය හැකි අන්දම පිළිබඳව අප තවදුරටත් අවබෝධය ලැබීමට, නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාව අපට මහෝපකාරී වෙයි. බාල පුත්‍රයා තම සල්ලාල ජීවිතය අත්හැරීමෙන් අනතුරුව සිය නිවස බලා පැමිණියේය. ඔහුගේ පියා ඔහුට සැලකුවේ දයාන්විතවය. තම පවුල කෙදිනකවත් ලූක් 15:11-32, NW.
අත් නොහැරියාවූ තම වැඩිමල් පුත්‍රයාගේ මැසිවිලිවලට ඒ පියාගේ ප්‍රතිචාරය කුමක් වීද? තම වැඩිමල් පුත්‍රයාව අමතමින් ඒ පියා පැවසුවේ මෙලෙසය. “දරුව, ඔබ සැමදා මා සමඟ සිටියෙහිය. මා සතු සියල්ල ඔබගේය.” ඔව් පියා කෝපයෙන් ප්‍රතිචාරය දැක්වුයේ නැත. ඒ වෙනුවට තම පුත්‍රයා සඳහා තිබූ ප්‍රේමය යළිත් තහවුරු කළා පමණි. ඔහු කීවේ මෙසේය. “අපට ප්‍රීති සන්තෝෂ නොවී සිටිය නොහැක. මන්ද ඔබේ මේ සහෝදරයා මිය ගොස් සිටි නමුත් නැවත ජීවත් වූයේය. ඔහු නැති වී සිටි නමුත් සම්බ වූයේය.” ඒ හා සමානව අපටද අන් අය තුළ තිබෙන යහපත දැකීමට නිතරම උත්සාහ කළ හැක.—ක්‍රිස්තියානි සභාව තුළ
13, 14. ක්‍රිස්තියානි සභාව තුළ ප්‍රේමය නමැති රාජකීය නීතිය පිළිපැදිය හැකි එක් මාර්ගයක් විස්තර කරන්න.
13 ක්‍රිස්තියානීන් ලෙස අපගේ ඉලක්කය වන්නේ ප්‍රේමය නමැති රාජකීය නීතිය පිළිපැදීමය. (යාකොබ් 2:1-9) අපගේ සභාවෙහි සිටින ද්‍රව්‍යමය වශයෙන් අපගේ තත්වයට වඩා වෙනස් සාමාජිකයන්ව අප පිළිගෙන ඔවුන්ව ඇසුරු කරන බව ඇත්තයි. කෙසේවෙතත්, ජාතිය, සංස්කෘතිය හා ආගමික පසුබිම් පවා පදනම් කරගත් “පන්ති භේද” අප අතර තිබේද? එසේනම්, යාකොබ් දෙන උපදෙස් අපට සිතට ගත හැක්කේ කෙසේද?
14 ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන සියලුදෙනාව සාදරයෙන් පිළිගැනීම අපගේ සත්කාරශීලී බවට සාක්ෂියක් වේ. රාජ්‍ය ශාලාවට පැමිණෙන නවකයන්ට කතා කිරීමට අප මූලික පියවර ගන්නා විට, මුලදී ඔවුන්ට දැනෙන ලජ්ජාව, බයාදුගතිය හා අපහසුතාව නැති වී යා හැක. ඇත්තෙන්ම ක්‍රිස්තියානි රැස්වීමකට මුල් වතාවට පැමිණෙන ඇතැම් අය කියා සිටින්නේ “සියලුදෙනාම හරිම මිත්‍රශීලී” බවයි. “හැම කෙනෙක්ම ඉතා සුහද විදිහට හරියට මගේ හොඳ මිතුරන් වගෙයි මට කතා කළේ. මට කිසිම අපහසුවක් දැනුණේ නැහැ.”
15. මහලු අය කෙරෙහි උනන්දුවක් දැක්වීමට සභාවෙහි සිටින ළාබාල අයහට උපකාර කිරීමට හැක්කේ කෙසේද?
15 ඇතැම් සභාවල රැස්වීමක් අවසන් වූ විගස යෞවනයන් කිහිපදෙනෙක් රාජ්‍ය ශාලාවෙන් පිටත හෝ ඇතුළත කණ්ඩායමක් ලෙස එකතු වෙත්. එහි ප්‍රතිඵලයක් ලෙස වයසින් වැඩි අය සමඟ ආශ්‍රය කිරීම මඟහැරිය හැක. මෙම නැඹුරුවාව ජයගැනීමට ධනාත්මක යමක් කළ හැකි වන්නේ කෙලෙසද? ඇත්තෙන්ම මුල්ම පියවර වන්නේ දෙමාපියන් තම දරුවන්ට නිවසේදී පුහුණුවක් දී, රැස්වීම් සඳහා සූදානම් කරවීමය. (හිතෝපදේශ 22:6) රැස්වීම්වලට ගෙන යෑමට අවශ්‍ය වූ සියලු දේවල් සූදානම් කරගැනීමේ කාර්යය ඔවුන්ට පැවරිය හැක. රාජ්‍ය ශාලාවේදී මහලු හෝ ආබාධිත අය සමඟ මඳක් කතා බහ කරන්න කියා තම දරුවන්ට දිරිගැන්වීමට හොඳටම හැකියාව තිබෙන්නේ දෙමාපියන්ටය. පලදායක අදහස් කිහිපයක් එවැනි අය සමඟ බෙදාගැනීමෙන් දරුවන් තුළ යම් තෘප්තිමත් හැඟීමක් ඇති කළ හැකියි.
16, 17. සභාවෙහි යෞවන අය තුළ තිබෙන යහපත දකින්නට වැඩිහිටියන්ට හැක්කේ කෙසේද?
16 වයසින් වැඩි සහෝදරයන් සහ සහෝදරියන්ද සභාවෙහි සිටින ළාබාල අය කෙරෙහි උනන්දුවක් දැක්වීම අවශ්‍යය. (ෆිලිප්පි 2:4) දරු දැරියන් සමඟ දිරිගන්වන ආකාරයකින් කතා කිරීමට මූලික පියවර ගැනීමට ඔවුන්ට පුළුවන. සාමාන්‍යයෙන් රැස්වීම්වලදී සිත් ඇදගන්නාවූ සමහරක් විශේෂ කරුණු ඉදිරිපත් කෙරේ. රැස්වීම්වලින් සතුටක් ලැබුවාද කියාත්, ඔවුන් විශේෂයෙන් කැමැත්තක් දැක්වූ, අදාළ කරගත හැකි යම් කරුණු තිබුණාද කියාත් ළාබාල අයගෙන් ඇසිය හැක. යෞවනයන් සභාවෙහි අත්‍යවශ්‍ය කොටසක් වන නිසා, ඔවුන් සාවධානව සිටීම ගැන, රැස්වීම් අතරතුරේදී දක්වන අදහස් වෙනුවෙන් සහ රැස්වීම්වලදී ඉදිරිපත් කරන කොටස් වෙනුවෙන් ඔවුන්ව පැසසිය යුතුය. සභාවෙහි වැඩිහිටි අය සමඟ ඇසුරු කරන ආකාරය තුළින්ද, නිවසේදී ඔවුන්ට බාර දෙන සුළු සුළු වැඩකටයුතු කරන ආකාරය තුළින්ද පසුකාලයේදී වැඩිමනත් වගකීම් කරට ගැනීම සඳහා ඔවුන් සුදුසුද යන්න ගැන අදහසක් ලබා දෙනු ඇත.—ලූක් 16:10.
17 වගකීම් කරට ගැනීමෙන් ඇතැම් යෞවනයන් ආත්මික ගුණාංග අතින් කොතරම් ප්‍රගතියක් ලබනවාද 2 තිමෝති 2:22) අනික් අතට, එවැනි පැවරුම් ලබා දීම සභා සේවකයන් ලෙස සේවය කිරීමට වෑයම් දරන සහෝදරයන් “සුදුස්සන්දැයි නිරීක්ෂණය” කිරීමට මඟක් විය හැක. (1 තිමෝති 3:10, NW) වැඩිමහල්ලන් විසින් ඔවුන්ට අමතර පැවරුම් ලබා දීම සඳහා සුදුසුකම් සලකා බැලීමේදී ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි දේ නිර්ණය කිරීම පිණිස, රැස්වීම්වලදී ඔවුන් කැමැත්තෙන්ම සහභාගි වනවාද යන්නත්, දේවසේවයේදී ජ්වලිතව සහභාගි වනවාද යන්නත්, සභාවෙහි සියලුදෙනා කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වනවාද යන්නත් නිරීක්ෂණය කිරීම මහෝපකාරී වේ.
කිවහොත්, වඩාත් බැරෑරුම් වගකීම් බාරගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. කිරීමට යමක් තිබෙන විට අඥාන ලෙස හැසිරීමට ඇති අවස්ථා මඟහැරී යයි. (සියල්ලන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කිරීම
18. විනිශ්චය කිරීමේදී හසු නොවිය යුත්තේ කවර උගුලටද? ඒ මන්ද?
18 හිතෝපදේශ 24:23හි [NW] පැහැදිලිව පවසන්නේ “විනිශ්චයේදී පක්ෂවාදී වීම හොඳ නැත” කියාය. දිව්‍ය ප්‍රඥාව මගින් ස්ථාපිත කරනු ලබන ප්‍රමිතිවලට අනුව සභාවෙහිදී කාරණා විනිශ්චය කරන විට වැඩිමහල්ලන් පක්ෂවාදී වීමෙන් වැළකී සිටිය යුතුය. යාකොබ් කියා සිටියේ මෙසේය. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය, ඊළඟට සාමකාමීය, සාධාරණය, කීකරු වීමට සූදානම්ය, දයාවෙන් සහ යහපත් පලවලින් පූර්ණය, සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය, කුහකකමින් තොරය.” (යාකොබ් 3:17, NW) අන් අය තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ දරන අතරතුරේදී, පෞද්ගලික මිත්‍රකම් හෝ හැඟීම් මගින් තම විනිශ්චය බොඳ වීමට ඉඩ නොදීමට වැඩිමහල්ලන් වගබලා ගත යුතු බව නොකිවමනාය. ගීතිකාකාර ආසාප් ලීවේ මෙසේය. “දෙවි දේවසභාවෙහි නැඟිට සිටියි. ඔහු දෙවිවරුන් [මිනිස් විනිසුරුවන්ට යොමු දක්වන “දේවත්වයේලා සැලකෙන අය,” පාද සටහන] අතරේ විනිශ්චය කරන්නේය. ඔබ කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චය කරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?” (ගීතාවලිය 82:1, 2, NW පාදසටහන) මේ අනුව, මිතුරෙකු හෝ නෑදෑයෙකු හෝ සම්බන්ධ වූ කාරණයකදී ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ පක්ෂවාදීව කටයුතු කිරීමේ නැඹුරුවාවෙන් වැළකී සිටිති. මෙයාකාරයට සභාවෙහි එක්සත්කම පවත්වාගෙන යෑමටත්, යෙහෝවාගේ ආත්මය අඛණ්ඩව ගලා ඒමට ඉඩහැරීමටත් ඔවුහු දායක වෙති.—1 තෙසලෝනික 5:23.
19. අන් අය තුළ තිබෙන යහපත දැකීමට අපට හැක්කේ කවර ආකාරවලින්ද?
19 අපගේ සහෝදර සහෝදරියන්ගේ යහපත දැකීම නමැති කාරණයේදී තෙසලෝනික සභාව ඇමතූ පාවුල් විදහාපෙන්වූ ආකල්පය අපිද පිළිබිඹු කරමු. ඔහු මෙසේ පැවසීය. “තවද, අප අණ කරන දේවල් ඔබ කරන බවටත් දිගටම කරගෙන යන බවටත් ඔබ ගැන ස්වාමීන් තුළ විශ්වාසය අපට තිබේ.” (2 තෙසලෝනික 3:4, NW) අන් අය තුළ තිබෙන යහපත දකින විට ඔවුන්ගේ දුර්වලකම් නොසලකාහැරීමට වැඩි නැඹුරුවාවක් අප තුළ ඇති වේ. අපගේ සහෝදරයන්ව පැසසුමට ලක් කළ හැකි පැති මොනවාදැයි සොයා බලමින්, නිසැකවම විවේචනාත්මක ස්වභාවයකින් අප වළකිනු ඇත. “භාරකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටීමයි” කියා පාවුල් ලීවේය. (1 කොරින්ති 4:2, NW) සභාවෙහි භාරකාරත්වය ඇති අයගේ පමණක් නොව, නමුත් අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සියලුදෙනාගේම විශ්වාසවන්තකම හේතුවෙන් අපට ඔවුන් කෙරෙහි ලෙන්ගතුකමක් ඇති වේ. මෙසේ ක්‍රිස්තියානි මිතුදම නමැති ශක්තිමත් බන්ධනය තුළ අපි තවත් එකිනෙකාට ළං වන්නෙමු. පාවුල් එවකට සිටි සහෝදරයන් සම්බන්ධයෙන් දැරූ අදහසට අප දරන අදහසද සමාන වේ. ඔවුහු “දෙවිගේ රාජ්‍යය උදෙසා” අපගේ “හවුල් සේවකයෝ” වන අතර, අපහට “ශක්තිය සපයන උපකාරකයෝ” වෙති. (කොලොස්සි 4:11, NW) මේ අයුරින් අප සමත් වන්නේ යෙහෝවාගේ ආකල්පය විදහා පෙන්වීමටය.
20. සියල්ලන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කරන අයට අත් වන ආශීර්වාද මොනවාද?
20 ඇත්තෙන්ම “මාගේ දෙවියනි, යහපත පිණිස මා සිහි කළ මැනව” කියමින් නෙහෙමියා කළ යාච්ඤාව අපිද ප්රතිනාද කරමු. (නෙහෙමියා 13:31) යෙහෝවා ජනයා තුළ තිබෙන යහපත දකිනවා යන කාරණය ගැන අප කොතරම් සතුටු වෙනවාද! (1 රාජාවලිය 14:13) අන් අය සමඟ කටයුතු කරද්දී අපිද එලෙසම ක්‍රියා කරමු. එසේ කිරීමෙන් අපට ගැලවීම අපේක්ෂා කළ හැකි අතර, අත ළඟ තිබෙන නව ලෝකයේ සදාතනික ජීවනය ලැබීමේ ප්‍රස්තාව අපහට ලබා දෙයි.—ගීතාවලිය 130:3-8.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• යෙහෝවා සියල්ලන් කෙරෙහි යහපත්කමින් ක්‍රියා කරන්නේ කවර පදනම උඩද?
• අන් අය තුළ තිබෙන යහපත අපට දැකිය හැක්කේ කෙසේද?
• අපගේ දේවසේවයේදී
• අපගේ පවුල තුළදී
• අපගේ සභාවේදී
• අපගේ සියලුම සබඳතාවලදී
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[18වන පිටුවේ පින්තූරය]
යෝසෙප්ගේ සහෝදරයන් කලින් ඔහුට වෛර කළද, ඔහු ඔවුන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කළේය
[19වන පිටුවේ පින්තූරය]
සියලුදෙනාට උපකාර කිරීමට අප දරන වෑයමට විරුද්ධවාදීකම් බාධාවක් නොවේ
[20වන පිටුවේ පින්තූරය]
අතීතයේ යම් දේවල් කළද, යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකුටවත් ආශීර්වාද අහිමි වූයේ නැත
[21වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි රැස්වීම්වලදී සියලුදෙනාව සාදරයෙන් පිළිගන්න