Skip to content

පටුනට යන්න

අතිඋතුම් ප්‍රේමය

අතිඋතුම් ප්‍රේමය

අතිඋතුම් ප්‍රේමය

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ නැතහොත් නව ගිවිසුමේ බොහෝ අවස්ථාවලදී “ප්‍රේමය” යන වචනය අගාපේ යන ග්‍රීක් වචනයේ පරිවර්තනයකි.

ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය * (සිංහලෙන් නැත) නම් පොතේ එම වචනයේ අර්ථය පැහැදිලි කර තිබෙන්නේ මෙසේය. “සාමාන්‍යයෙන් සිතන ආකාරයට [අගාපේ] යනු පෞද්ගලික බැඳීමක් මත ගොඩනැඟුණු හැඟීම්බර ඇල්මක් නොවේ. එය ප්‍රතිපත්ති, යුතුකම් සහ යෝග්‍ය වන දෑ කැමැත්තෙන්ම පිළිගැනීම හේතුවෙන් සදාචාරමය වශයෙන් හා සමාජීය මට්ටමින් ප්‍රකාශ වන ප්‍රේමයකි. ඊට පදනම සපයන්නේ හරි දෙයයි. නිතරම සොයන්නේ අන් තැනැත්තාගේම යහපතයි. අගාපේ (ප්‍රේමය) පෞද්ගලික සතුරුකම් අබිබවා යන්නකි. එය යම් සතුරුකමක් ඇතත්, හරි ප්‍රතිපත්ති අත්හැරීමට එයට ඉඩ නොහරින, එකට එක නොකරන ප්‍රේමයකි.”

අගාපේ යනු ගැඹුරු හැඟීමක්ද විය හැක. “එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” කියා ප්‍රේරිත පේතෘස් අවවාද කළේය. (1 පේතෘස් 4:8) මෙබැවින්, අගාපේ යනු හදවත මෙන්ම මනස ඇතුළත් වන දෙයක්යයි පැවසිය හැක. මෙම උතුම් ප්‍රේමයේ බලය හා පරාසය දක්වන ශුද්ධ ලියවිලි පාඨ කීපයක් සලකා නොබලන්නේ මන්ද? මෙම පද උපකාරවත් විය හැක: මතෙව් 5:43-47; යොහන් 15:12, 13; රෝම 13:8-10; එෆීස 5:2, 25, 28; 1 යොහන් 3:15-18; 4:16-21.

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.