අවංක ප්‍රේමය ගොඩනඟන අයුරු
අවංක ප්‍රේමය ගොඩනඟන අයුරු
“ජීවිතයේ අමෘත පානය ප්‍රේමයයි; ප්‍රේමය කියන්නේ ජීවිතයයි.”—අරමුණක් ඇතුව ජීවත් වීම, ජෝසෆ් ජොන්ස්ටන්, 1871.
මිනිසෙකු ප්‍රේමය ඉගෙනගන්නේ කෙලෙසද? මනෝවිද්‍යාව හැදෑරීමෙන්ද? දිවියට අත්වැලක් වන පොත් පත් කියවීමෙන්ද? ප්‍රේම කතා ඇතුළත් චිත්‍රපටි නැරඹීමෙන්ද? නැත. මිනිසා ප්‍රේම කිරීමට මුලින්ම ඉගෙනගන්නේ තම දෙමාපියන්ගේ ආදර්ශය හා පුහුණුව මගිනි. තම දෙමාපියන් දැඩි ස්නේහයක් දක්වමින් තමන්ව පෝෂණය කර තමන්ට ආරක්ෂාව සලසන බව දැනෙනවා නම්, තමන් සමඟ අදහස් හුවමාරු කරනවා නම් සහ තමන් කෙරෙහි ගැඹුරු උනන්දුවක් දක්වනවා නම් දරුවන් ප්‍රේමයේ අර්ථය ඉගෙනගනු ඇත. හරි වැරැද්ද පිළිබඳ සුදුසු ප්‍රතිපත්ති පිළිපැදීමට ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට උගන්වන විටද ඔවුහු ප්‍රේම කිරීමට ඉගෙනගනිති.
අවංක ප්‍රේමය හුදු ස්නේහයකට හෝ හැඟීමකට වඩා වැඩි දෙයකි. එය නිරතුරුව අන්‍යයන්ගේ යහපත තකාම ක්‍රියා කරන්නකි. ප්‍රේමය ලබන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම එය අගය නොකළත්, එය නිරතුරුවම ක්‍රියා කරන්නේ ලබන්නාගේ යහපත තකායි. දරුවන්ට ප්‍රේමණීය හික්මවීමක් දුන් විට මෙය බොහෝවිට සැබෑවක් වේ. පරාර්ථකාමී ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් පරමාදර්ශය වන්නේ මැවුම්කරුවාමයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “මාගේ පුත්‍රය, යෙහෝවාගෙන් පැමිණෙන හික්මවීම සුළු කොට නොසලකන්න. ඔහු ඔබව නිවැරදි කරන විට, ක්ලාන්ත නොවන්න. මන්ද, යෙහෝවා ප්‍රේම කරන අයව ඔහු හික්මවන්නේය.”—හෙබ්‍රෙව් 12:5, 6, NW.
දෙමාපියෙනි, ඔබේ පවුලේ සිටින්නන්ට ප්‍රේම කිරීමෙන් යෙහෝවාව අනුකරණය කිරීමට ඔබට හැක්කේ කෙසේද? එමෙන්ම අඹු සැමියන් ලෙස ඔබ එකිනෙකා අතර තිබෙන සබඳතාව තුළ ඔබ තබන ආදර්ශය කෙතරම් වැදගත්ද?
ආදර්ශයෙන් ප්‍රේමය උගන්වන්න
ඔබ සැමියෙකු නම් ඔබේ බිරිඳව ඔබ උසස් ලෙස සලකනවාද? එසේ නැතහොත් ඇයව බෙහෙවින් අගය කරනවාද? ඇයට ගෞරවයෙන් සලකනවාද? ඔබ බිරිඳක් නම් ඔබේ සැමියාට ප්‍රේමය හා සහයෝගය දක්වනවාද? අඹු සැමියන් එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දැක්විය යුතුයි කියා බයිබලයේ පවසයි. (එෆීස 5:28; තීතස් 2:4) ඔවුන් එසේ කරන විට නිවසේදීම ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාවට නැංවී ඇති ආකාරය ඔවුන්ගේ දරුවන් දකිනු ඇත. එය මොන තරම් ප්‍රබල මෙන්ම වටිනා පාඩමක්ද!
විනෝදාස්වාදය, සදාචාරත්වය, ඉලක්ක හා ප්‍රමුඛතා වැනි දේවල් සම්බන්ධයෙන් පවුල සඳහා තබා ඇති උසස් ප්‍රමිතිවලට ඇලී සිටින විටද දෙමාපියෝ තම නිවසේ ප්‍රේමණීය වාතාවරණයක් ඇති කරති. එවැනි ප්‍රමිති පිහිටුවීමේදී බයිබලය ඉමහත් උපකාරකයක් වන බව ලොව පුරා සිටින ජනයාට පෙනී ගොස් ඇත. බයිබලය ඇත්තෙන්ම ලැබී තිබෙන්නේ “දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්රයෝජනවත්ය” යන ප්‍රකාශයට මෙවැනි අය සජීවි සාක්ෂි සපයා තිබේ. (2 තිමෝති 3:16, NW) ඇත්තෙන්ම, කන්ද උඩ දේශනාවෙහි ජීවිතය සඳහා දී ඇති සදාචාර සංකල්ප හා මඟ පෙන්වීම පමණක්ම අතිවිශිෂ්ට බව බහුතරයක් පිළිගෙන ඇති දෙයකි.—මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේද.
මුළු පවුලම මඟ පෙන්වීම සඳහා දෙවි දෙස බලන විට හා ඔහුගේ ප්‍රමිතිවලට ඇලී සිටින විට, පවුලේ සෑම කෙනෙකුටම වැඩි සුරක්ෂිතබවක් හැඟෙන අතර දරුවන් තම දෙමාපියන්ට ප්‍රේමය හා ගෞරවය දක්වමින් වැඩීමට ඇති ඉඩ කඩද වැඩි වේ. ඊට වෙනස්ව, දෙයාකාර, අයෝග්‍ය හෝ ලිහිල් ප්‍රමිති පවතින නිවසක දරුවන් කලකිරීමට හා කෝපයට පත් විය හැකි අතර කැරලිගැසීමටද ඉඩ ඇත.—රෝම 2:21; කොලොස්සි 3:21.
තනි මාපියන් ගැන කුමක් කිව හැකිද? තම පොඩිත්තන්ට ප්‍රේමය පිළිබඳව ඉගැන්වීමට නොහැකි වන තරමට බෙහෙවින් අභාග්‍යසම්පන්න තත්වයකද ඔවුන් සිටින්නේ? අනිවාර්යයෙන්ම නැත. හොඳ මවකගේ හා පියෙකුගේ සබැඳියාව වෙනුවට හිලව් කළ හැකි ආදේශකයක් නැතත්, ලැබී තිබෙන අද්දැකීම්වලින් පෙනී යන්නේ අහිමි දෙමාපියාගේ පාඩුව යම් දුරකට හෝ පියවීමට පවුලේ අනෙක් සාමාජිකයන් අතර පවතින හොඳ සබඳතාවලට හැකි බවය. ඔබ තනි මාපියෙකු නම් ඔබේ නිවස තුළ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට වෑයම් කරන්න. ඇත්ත වශයෙන්ම, හිතෝපදේශයක පැවසෙන්නේ මෙසේය. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. [දෙමාපියභාවයේ මාවතද ඇතුළත්ව] නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න, එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6; යාකොබ් 1:5.
කදිම යෞවනයන් ගණනාවක් තනි මාපිය වාතාවරණයක ඇති දැඩි වී තිබෙන අතර ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභා දහස් ගණනක දැන් ඔවුහු ඇදහිලිවන්තව සේවය කරමින් සිටිති. තම දරුවන්ට ප්‍රේමය ඉගැන්වීමේදී තනි මාපියන්ටද සාර්ථක විය හැකි බවට මෙය සාක්ෂි සපයයි.
ප්‍රේමය වර්ධනය කරගැනීමට සියල්ලන්ටම හැකි අන්දම
සාමාන්‍යයෙන් පවුලේ සාමාජිකයන් ස්වභාවයෙන්ම එකිනෙකාට දක්වන ළබැඳියාව හීනවීම, එනම් “ජන්ම ස්නේහය” නැතිවීම මගින් “අන්තිම දවස්” සටහන් වන බව බයිබලයේ පුරෝකථනය කෙරිණ. (2 තිමෝති 3:1, 3) එහෙත්, ස්නේහය හීන වාතාවරණයක හැදී වැඩුණු අයට පවා ප්‍රේමය වර්ධනය කිරීමට ඉගෙනගත හැක. කෙසේද? තමන් වෙතට මුළු හදින්ම හැරෙන සියල්ලන්ට ප්‍රේමය හා ස්නේහය පෙන්වන ප්‍රේමයේ උල්පත වන යෙහෝවාගෙන් ඉගෙනගැනීමෙන්ය. (1 යොහන් 4:8) “මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් යෙහෝවා මා පිළිගනියි” කියා ගීතිකාකරුවෙක් පවසයි.—ගීතාවලිය 27:10.
යෙහෝවා නොයෙක් ක්‍රමවලින් අපට ප්‍රේමය පෙන්වයි. බයිබලය මගින් පියෙකු බඳු මඟ පෙන්වීමක් දීම, ශුද්ධාත්මයේ උපකාරය හා ක්‍රිස්තියානි සහෝදරත්වයේ උණුසුම් සහයෝගය මීට ඇතුළත්ය. (ගීතාවලිය 119:97-105; ලූක් 11:13; හෙබ්‍රෙව් 10:24, 25) දෙවි හා අසල්වාසීන් කෙරෙහි ප්‍රේමය වැඩි කරගැනීමට මෙම දීමනා තුන ඔබට උපකාර විය හැකි අයුරු සලකා බලන්න.
දේවානුභාවයෙන් ලද පියෙකු බඳු මඟ පෙන්වීම
කෙනෙකු සමඟ දැඩි බැඳීමක් ඇති කරගැනීමට නම් අප එම තැනැත්තාව හොඳින් දැනහඳුනා ගත යුතුයි. තමා ගැන බයිබලයේ පිටු තුළින් හෙළි කරමින් තමාට සමීප වන්න කියා යෙහෝවා අපට ආරාධනා කරයි. කෙසේ වුවද, බයිබලය කියවීම පමණක් ප්‍රමාණවත් නොවේ. අප එහි ඇති ඉගැන්වීම් අදාළ කරගත යුතු අතර ඉන් ලැබෙන ප්‍රයෝජන අත්විඳිය යුතුයි. (ගීතාවලිය 19:7-10) “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙන යන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය” කියා යෙසායා 48:17 පවසයි. ඇත්තෙන්ම, ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වන යෙහෝවා අපට උපදෙස් දෙන්නේ අනවශ්‍ය නීති හා රෙගුලාසිවලින් අපේ නිදහස සීමා කිරීමට ඔහුට වුවමනා නිසා නොව අපේම ප්‍රයෝජනය සඳහාය.
බයිබලය පිළිබඳ නිවැරදි දැනුම සෙසු මිනිසුන්ට ප්‍රේමය පෙන්වීම වැඩි කරගැනීමටද අපට උපකාරවත් වේ. මෙසේ වන්නේ, බයිබල් සත්‍යයන් මගින් මිනිසා පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය ගැන අපට උගන්වනු ලබන ෆිලිප්පි 1:9, NW.
නිසා එකිනෙකා සමඟ අප කටයුතු කරන ආකාරය පාලනය කළ යුතු ප්‍රතිපත්ති එමගින් අපට පෙන්වන බැවිනි. එවැනි තොරතුරු නිසා අසල්වාසීන් කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගැනීම සඳහා අපට ශක්තිමත් පදනමක් තිබේ. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවේය. “ඔබ උදෙසා නොකඩවා කරන මාගේ යාච්ඤාව මෙයයි. නිවැරදි දැනුම හා පූර්ණ වැටහීමත් සමඟම ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වන ලෙසය.”—“නිවැරදි දැනුම” මගින් සුදුසු ලෙස ප්‍රේමය පෙන්විය හැකි ආකාරය දැක්වීම සඳහා ක්‍රියා 10:34, 35හි [NW] සඳහන් මෙම මූලික සත්‍යය සලකා බලන්න. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකයි. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’ දෙවි ජනයාව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ ජාතිය හා වර්ණය අනුව නොව ඔවුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හා දේවභය අනුව නම් අප සෙසු මිනිසුන් දෙස බැලිය යුත්තේ එවැනිම අපක්ෂපාතිත්වයකින් නොවේද?—ක්‍රියා 17:26, 27; 1 යොහන් 4:7-11, 20, 21.
දෙවිගේ ආත්මයේ පලයක් වන ප්‍රේමය
පලතුරු වත්තකට නියම වෙලාවට ලැබෙන වැසි හොඳ පලදාවකට දායක වන්නා සේම ශුද්ධාත්මයේ මඟ පෙන්වීම ලැබීමට කැමති පුද්ගලයන් තුළ “ආත්මයේ පල” ලෙස බයිබලයේ විස්තර කරන ගුණාංග නිපදවීමට ශුද්ධාත්මයට හැකියි. (ගලාති 5:22, 23) මේ පලවලින් පළමුවැන්න ප්‍රේමයයි. (1 කොරින්ති 13:13) එහෙත් අප දෙවිගේ ආත්මය ලබාගන්නේ කෙසේද? යාච්ඤාව මගින් එය ලබාගැනීම වැදගත් ක්රමයකි. අප දෙවිගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරනවා නම් ඔහු අපට එය දෙනු ඇත. (ලූක් 11:9-13) ඔබ ශුද්ධාත්මය ඉල්ලා “නොකඩවා” යාච්ඤා කරමින් සිටින්නෙහිද? ඔබ එසේ කරනවා නම් ප්‍රේමය ඇතුළු එහි අගනා පල, වෙන කිසිදාකට වඩා නොඅනුමානවම ඔබේ ජීවිතයේ පිළිබිඹු වනු ඇත.
කෙසේ වුවද, දෙවිගේ ආත්මයට විරුද්ධව ක්‍රියා කරන වෙනත් ආකාරයේ ආත්මයක් තිබේ. බයිබලයෙහි මෙය හඳුන්වන්නේ “ලෝකයේ ආත්මය” වශයෙනි. (1 කොරින්ති 2:12; එපීස 2:2) එය නපුරු බලපෑමක් වන අතර එහි උල්පත වෙන කිසිවෙකු නොව යක්ෂයා වන සාතන්මය. ඔහු මනුෂ්‍යවර්ගයාව දෙවිගෙන් ඈත් කළ “මේ ලෝකයේ පාලකයාය.” (යොහන් 12:31) දූවිලි හා කුණු රොඩු අවුස්සන සුළඟ මෙන් “ලෝකයේ ආත්මය” ප්‍රේමය හීන කරවන හා මාංසයේ දුර්වලතා ඉස්මතු කරන වේදනාකාරී ආශාවන් අවුස්සයි.—ගලාති 5:19-21.
ජනයා ද්‍රව්‍යවාදී, පළමුව මම යන සිතුවිල්ලට, ප්රචණ්ඩ ආකල්පවලට, ලෝකයේ බෙහෙවින් පොදු දෙයක් වන ප්‍රේමය පිළිබඳ විකෘති හා බොහෝවිට වැරදි දෘෂ්ටියට නිරාවරණය වන විට එම නපුරු ආත්මය ඔවුන්ව තමන් තුළට ඇදගනී. අවංක ප්‍රේමය වර්ධනය කරගැනීමට ඔබට වුවමනා නම් ඔබ ලෝකයේ ආත්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුයි. (යාකොබ් 4:7) කෙසේ වුවද, ඔබේම ශක්තිය කෙරෙහි විශ්වාසය නොතබන්න. උපකාරය පතා යෙහෝවාට කතා කරන්න. විශ්වයේ ප්රබලතම බලය වන ඔහුගේ ආත්මයට ඔබව ශක්තිමත් කර, ඔබට සාර්ථකත්වය ලබා දීමට පුළුවන.—ගීතාවලිය 121:2.
ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් ප්‍රේමය ඉගෙනගන්න
නිවසේදී ප්‍රේමය අද්දැකීමෙන් දරුවන් ප්‍රේම කිරීමට ඉගෙනගන්නා ලෙසම බාල මහලු අප සියලුදෙනාටම වෙනත් ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රේමය වර්ධනය කරගැනීමට පුළුවනි. (යොහන් 13:34, 35) ඇත්තෙන්ම, ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් එකක් වන්නේ පුද්ගලයන්ට ‘එකිනෙකාව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පෙලඹවිය’ හැකි වාතාවරණයක් සැපයීමයි.—හෙබ්‍රෙව් 10:24, NW.
මතෙව් 9:36) ළමා කාලයේදී ප්‍රේමය නොලැබීමේ නරක ප්‍රතිඵල බොහෝමයක් ජයගැනීමට වැඩිහිටිභාවයේ ප්‍රේමණීය සබඳතාවලට හැකියි. එසේ නම් කැපවූ ක්‍රිස්තියානීන් සියලුදෙනාම තමන් අතරට පැමිණෙන නවකයන්ව මුළු හදින්ම හා සාදරයෙන් පිළිගැනීම මොන තරම් වැදගත්ද!
ප්‍රේමය වියැකී ඇති අප අවට ලෝකයෙහි “හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටින අය එවන් ප්‍රේමයක් විශේෂයෙන්ම අගය කරති. (“ප්‍රේමය කිසි කලක අසාර්ථක වන්නේ නැත”
“ප්‍රේමය කිසි කලක අසාර්ථක වන්නේ නැත” කියා බයිබලය පවසයි. (1 කොරින්ති 13:8, NW) එය එසේ වන්නේ කෙසේද? ප්‍රේරිත පාවුල් අපට මෙසේ පවසන්නේය. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5, NW) පැහැදිලිවම, මෙම ප්‍රේමය සිතේ මවාගත් සංකල්පයක් හෝ මතුපිටින් ඇති වන හැඟීමක් නොවේ. අනික් අතට එය පෙන්වන අය ජීවිතයේ අධෛර්යවීම් හා වේදනාවන් පිළිබඳ අවබෝධයෙන් සිටින නමුත් සෙසු අය කෙරෙහි ඇති තම ප්‍රේමය විනාශ කිරීමට ඒවාට ඉඩ නොදෙති. එවන් ප්‍රේමයක් ඇත්තෙන්ම “එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:12-14, NW.
කොරියාවේ 17 හැවිරිදි ක්‍රිස්තියානි දැරිවියකගේ උදාහරණය සලකා බලන්න. ඇය යෙහෝවා දෙවිට සේවය කිරීමට පටන්ගත් විට ඇගේ පවුල ඊට අනුමැතිය නොදුන් නිසා නිවසෙන් ගොස් පිට තැනක නැවතීමට ඇයට සිදු විය. කෙසේ නමුදු, ඇය කෝපයෙන් ක්‍රියා කරනවා වෙනුවට එම කාරණය සම්බන්ධයෙන් යාච්ඤා කර දෙවිගේ වචනය හා ආත්මය මගින් ඇගේ සිතුවිලි සකස් කරගත්තාය. ඉන්පසු, ඇය නිතරම ඇගේ පවුලේ අයට ලිපි ලීවේ ඔවුන් කෙරෙහි ඇයට ඇත්තෙන්ම හැඟුණ ලෙන්ගතුකම, ස්නේහය ගැන සඳහන් කරමිනි. මීට ප්‍රතිචාරයක් වශයෙන් ඇගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනා බයිබලය පාඩම් කිරීමට පටන්ගත් අතර දැන් ඔවුන් කැප වූ ක්‍රිස්තියානීන්ය. ඇගේ මව සහ බාල සහෝදරයාද බයිබල් සත්‍යය පිළිගත්හ. අවසානයේදී ඇයට දැඩි ලෙස විරෝධය පෑ ඇගේ පියාද සිත වෙනස් කරගත්තේය. සාක්ෂිකාර දැරිවිය මෙසේ ලියයි. “අපි හැමෝම ක්‍රිස්තියානීන් එක්කයි විවාහ වුණේ. දැන් එක්සත්ව නමස්කාරයේ යෙදෙන අපේ පවුලේ සාමාජිකයන් ඔක්කොම 23දෙනෙක් ඉන්නවා.” ප්‍රේමයට ලැබුණේ මොන තරම් ජයග්‍රහණයක්ද!
අවංක ප්‍රේමය වර්ධනය කරගෙන අන්‍යයන්ටත් එවැනි ප්‍රේමයක් වර්ධනය කරගැනීමට උපකාර කිරීමට ඔබට වුවමනාද? එසේනම් එම අගනා ගුණාංගයේ උල්පත වන යෙහෝවා වෙත හැරෙන්න. ඔව්, ඔහුගේ වචනය සිතට ගෙන ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරන්න. නිතිපතා ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ ඇසුරු කරන්න. (යෙසායා 11:9; මතෙව් 5:5) වැඩි කල් නොගොස් අවංක ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වන අය පමණක් ඉතිරි කරමින් දුෂ්ටයන් සියලුදෙනාම නැති කර දමන බව දැනගන්න ලැබීම මොන තරම් හද උණුසුම් කරවන්නක්ද! සැබවින්ම, සන්තෝෂය හා ජීවනයට යතුර ප්‍රේමයයි.—ගීතාවලිය 37:10, 11; 1 යොහන් 3:14.
[6වන පිටුවේ පින්තූර]
අවංක ප්‍රේමය වර්ධනය කරගැනීමට අපට උපකාරවත් වනු ඇත්තේ යාච්ඤාව හා දෙවිගේ වචනය පාඩම් කිරීමයි