“දෙවි ප්‍රේමයය”
“දෙවි ප්‍රේමයය”
“ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයය.”—1 යොහන් 4:8, NW.
1-3. (අ) යෙහෝවාගේ ප්‍රේමය නමැති ගතිලක්ෂණය ගැන බයිබලයේ කර තිබෙන ප්‍රකාශය කුමක්ද? එම ප්‍රකාශය සුවිශේෂි ප්‍රකාශයක් වන්නේ කවර අන්දමකින්ද? (ආ) “දෙවි ප්‍රේමයය” කියා බයිබලය පවසන්නේ මන්ද?
යෙහෝවාගේ සියලුම ගතිලක්ෂණ අතිවිශිෂ්ටයි. එමෙන්ම පරිපූර්ණයි. සිත් ඇදගන්නාසුලුයි. එනමුත් යෙහෝවාගේ සියලුම ගුණාංග අතරින් ඉතාමත්ම සිත්ගන්නා ගුණාංගය වන්නේ ප්‍රේමයයි. වෙනත් කිසිම දෙයකට වඩා ප්‍රේමය ප්‍රබල ලෙස අපව යෙහෝවා වෙතට ළං කරවයි. ප්‍රේමය ඔහුගේ ප්‍රධානතම ගුණාංගයද වීම සන්තෝෂයට හේතුවකි. අප මෙය දන්නේ කෙසේද?
2 බයිබලයෙහි යෙහෝවාගේ සෙසු ප්‍රධාන ගතිලක්ෂණ ගැන කිසිවිටකත් පවසා නැති දෙයක් ප්‍රේමය සම්බන්ධයෙන් පවසා ඇත. දෙවි බලය වේ කියා හෝ දෙවි යුක්තියය කියා හෝ දෙවි ප්‍රඥාව වේ කියා හෝ ශුද්ධ ලියවිලිවල පවසන්නේ නැත. මෙම ගුණාංග ඔහු සතුව තිබෙන අතර ඒවායේ පරම උල්පත වන්නේ ඔහුයි. කෙසේවෙතත් ප්‍රේමය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු යමක් 1 යොහන් 4:8හි මෙසේ පවසා තිබේ. “දෙවි ප්‍රේමයය.” යෙහෝවා දෙවි තුළ ගැඹුරටම මුල්බැසගෙන තිබෙන, ඔහුගේ පෞද්ගලිකත්වයේ සෑම පැත්තකින්ම දිස් වන ගුණාංගය වන්නේ ප්‍රේමයයි. අපට මේ ගැන මෙසේ සිතිය හැකියි. යෙහෝවාට ක්‍රියා කිරීමට හැකියාව ලබා දෙන්නේ ඔහු සතු බලයයි. ඔහුගේ යුක්තිය හා ප්‍රඥාව ඔහු ක්‍රියා කරන ආකාරයට මඟ පෙන්වයි. එහෙත් ක්‍රියා කිරීමට යෙහෝවාව පොලඹවන්නේ ඔහුගේ ප්‍රේමයයි. එමෙන්ම ඔහු සෙසු ගතිලක්ෂණ ක්‍රියාවට නඟන සෑම අවස්ථාවකදීම ඔහුගේ ප්‍රේමයද දැකිය හැකියි.
3 ප්‍රේමයේ පරිපූර්ණතම ආදර්ශය වන්නේ යෙහෝවා කියා බොහෝ අවස්ථාවලදී පවසනු ලැබේ. එමනිසා ප්‍රේමය ගැන ඉගෙනගන්න අපට වුවමනා නම් අප මුලින්ම යෙහෝවා ගැන ඉගෙනගත යුතුයි. එසේනම් අපි ප්‍රේමය නමැති යෙහෝවාගේ අසමසම ගුණාංගයේ පැතිකඩ කිහිපයක් පරීක්ෂා කර බලමු.
ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාව
4, 5. (අ) ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් එදා මෙදා තුර කර තිබෙන ශ්‍රේෂ්ඨතම ක්‍රියාව වන්නේ කුමක්ද? (ආ) මෙතෙක් කිසිවෙකු අතර පැවතී නැති බලවත්ම බැඳීමෙන් යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා එක්සත්ව සිටිනවා කියා අපට පැවසිය හැක්කේ මන්ද?
4 යෙහෝවා විවිධාකාරවලින් ප්‍රේමය පෙන්වා තිබුණත්,
ඒ සියල්ලටම වඩා එක් ආකාරයක් කැපීපෙනෙයි. ඒ කුමක්ද? දුක් වේදනා විඳ අප වෙනුවෙන් මිය යෑමට ඔහුගේ පුත්‍රයාව එවීම, එම කැපීපෙනෙන ආකාරයයි. ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් එදා මෙදා තුර කර තිබෙන ශ්‍රේෂ්ඨතම ක්‍රියාව වන්නේ එයයි කියා අපට නිවැරදිව පැවසිය හැකියි. අපට මෙසේ පැවසිය හැක්කේ මන්ද?5 “මුළු මැවිල්ලේ කුලුඳුලා” කියා යේසුස්ව බයිබලයේ හඳුන්වා ඇත. (කොලොස්සි 1:15, NW) මේ ගැන සිතා බලන්න. භෞතික විශ්වය මවන්නට පෙර සිටම යෙහෝවාගේ පුත්‍රයා සිටියේය. පියා සහ පුත්‍රයා කොතරම් කාලයක් එකට සිටින්න ඇද්ද? විශ්වය වසර බිලියන 13ක් පැරණි බවට ඇතැම් විද්‍යාඥයන් ගණන් බලා තිබේ. මෙම ගණන් බැලීම නිවැරදියි කියා සිතුවත් යෙහෝවාගේ කුලුඳුල් පුත්‍රයාගේ ආයු කාලය නියෝජනය කිරීමට එම අවුරුදු ගණන ප්‍රමාණවත් වන්නේ නැත! මේ තරම් දීර්ඝ කාලයක් පුරා ඔහු කළේ මොනවාද? මෙම පුත්‍රයා ඔහුගේ පියාගේ “නිපුණ කර්මාන්තකාරයා” ලෙස ප්‍රීතියෙන් සේවය කළේය. (හිතෝපදේශ 8:30, NW; යොහන් 1:3) යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා එකට එක්ව අනෙකුත් සෑම දෙයක්ම බිහි කළහ. එම කාලය ඔවුන් ගත කරන්න ඇත්තේ මොන තරම් ප්‍රීතියකින්ද! මෙතරම් අතිමහත් කාල පරිච්ඡේදයක් පුරා පවත්වාගෙන තිබෙන බැඳීමක ඇති බලවත්කම තේරුම්ගත හැක්කේ අප අතරින් කාටද? යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා ප්‍රේමයේ ශක්තිමත්ම බැම්මෙන් එක්සත් වී සිටිති. එවන් බැම්මක් මෙතෙක් කිසිවෙකු අතර පැවතී නැත.
6. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී යෙහෝවා ඔහුගේ පුත්‍රයා ගැන තමන්ට හැඟුණු ආකාරය ප්‍රකාශ කළේ කෙසේද?
6 කෙසේවෙතත්, බිලිඳෙකු ලෙස ඉපදීමට යෙහෝවා ඔහුගේ පුත්‍රයාව මේ පොළොවට එව්වේය. මෙසේ කිරීමේදී සිය ප්‍රේමණීය පුත්‍රයා සමඟ ස්වර්ගයේ භුක්ති විඳිමින් සිටි සමීප ඇසුර දශක කිහිපයකට නැතුව සිටීමට යෙහෝවාට සිදු විය. පරිපූර්ණ මිනිසෙකු ලෙස යේසුස් වැඩෙන විට, ඔහු ස්වර්ගයේ සිට බලා සිටියේ මහත් උනන්දුවකිනි. වයස අවුරුදු 30ක් වන විට යේසුස් බව්තීස්ම වූයේය. එම අවස්ථාවේදී ඔහුගේ පියා ස්වර්ගයේ සිට ඔහුගේම හඬින් මෙසේ පැවසුවේය. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17, NW) පුරෝකථනය කර තිබූ සියල්ලද ඔහුගෙන් ඉල්ලා සිටි සියල්ලද යේසුස් විශ්වාසවන්තව ඉටු කළ බව දැකීමෙන් යෙහෝවාට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!—යොහන් 5:36; 17:4.
7, 8. (අ) පොදු යුගයේ නීසාන් 14වනදා යේසුස්ට විඳදරාගැනීමට සිදු වූ දේවල් මොනවාද? ඔහුගේ ස්වර්ගික පියාට ඒ ගැන හැඟෙන්න ඇත්තේ කෙසේද? (ආ) වධ වේදනා විඳ මිය යෑමට යෙහෝවා තම පුත්‍රයාට ඉඩ හැරියේ මන්ද?
7 කෙසේවෙතත්, පො.යු. 33 නීසාන් 14වනදා යේසුස්ව පාවා දීමෙන් අනතුරුව, කෝපයට පත් මැර පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී මතෙව් 26:14-16, 46, 47, 56, 59, 67; 27:26, 38-44, 46; යොහන් 19:1.
යෙහෝවාට කෙසේ හැඟෙන්න ඇද්ද? ඔහුට සමච්චල් කරමින් හා මුහුණට කෙළ ගසමින් අත මිට මොළවා පහර දුන් අවස්ථාවේදී? පිටේ මාංස ඉරෙන ලෙස කසෙන් පහර දුන් අවස්ථාවේදී? ඔහුගේ අත් හා පාද ලී කඳක තබා, ඇණ ගසා එල්ලූ අවස්ථාවේදී? අනතුරුව මිනිසුන් ඔහුට අපහාස කළ අතරතුරේදී? දුක් ගාවිනා විඳින තම ප්‍රේමණීය පුත්‍රයා වේදනාවෙන් මොර ගසද්දී ඔහුගේ පියාට ඒ ගැන හැඟෙන්න ඇත්තේ කෙසේද? යේසුස්, එනම් තම ආදරණීය පුත්‍රයා පළමුවෙනි වරට අජීවි තත්වයට පත් වෙමින් අවසන් හුස්ම හෙළූ අවස්ථාවේදී යෙහෝවාට හැඟෙන්න ඇත්තේ කෙසේද?—8 යෙහෝවාටද හැඟීම් දැනෙන නිසා ඔහුගේ පුත්‍රයාගේ මරණය ගැන ඔහුට ඇති වූ වේදනාව විස්තර කිරීමට අපට වචන නැත. එනමුත් යෙහෝවා එයට ඉඩහැරීම පිටුපස වූ ඔහුගේ චේතනාව ගැන යමක් පැවසිය හැකියි. යේසුස්ගේ පියා එවන් වේදනාවක් දරාගත්තේ මන්ද? මේ සම්බන්ධයෙන් අතිවැදගත් දෙයක් ගැන යොහන් 3:16හි [NW] යෙහෝවා අපට හෙළි කර ඇත. මෙම බයිබල් පාඨය මොන තරම් වැදගත් පාඨයක්ද කියනවා නම් එය හඳුන්වා තිබෙන්නේ කුඩා සුවිශේෂය කියායි. එහි මෙසේ පවසයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” එමනිසා දෙවිව පෙලඹුවේ ප්‍රේමයයි. වෙන කිසිවෙකු මෙවැනි ප්‍රේමයක් කවදාවත් පෙන්වා නැත.
යෙහෝවා ඔහුගේ ප්‍රේමය අපට සහතික කරන අයුරු
9. සාතන්ට වුවමනා කරන්නේ යෙහෝවා අප ගැන සලකන ආකාරය සම්බන්ධයෙන් අප කුමක් විශ්වාස කරනවා දකින්නද? එනමුත් යෙහෝවා අපට ලබා දෙන සහතිකය කුමක්ද?
9 කෙසේවෙතත් මෙහිදී යම් වැදගත් ප්‍රශ්නයක් මතු වේ. එනම්, දෙවි අපට පෞද්ගලිකව ප්‍රේම කරනවාද? යොහන් 3:16හි සඳහන් වන ආකාරයට දෙවි පොදුවේ මනුෂ්‍යවර්ගයාට ප්‍රේම කරන බවට සමහරුන් එකඟ විය හැකියි. එනමුත් ඔවුන්ට හැඟෙන්නේ ‘පුද්ගලයෙකු හැටියට මට ප්‍රේම කරන්නට දෙවිට කවදාවත් බැහැ’ කියායි. මෙහි තිබෙන සත්‍යය වන්නේ යෙහෝවා අපට ප්‍රේම කරන්නේවත් අපව වටිනා පුද්ගලයන් හැටියට සලකන්නේවත් නැතැයි කියා විශ්වාස කිරීමට සලස්වන්න සාතන් නමැති යක්ෂයා දැඩි වුවමනාවකින් කටයුතු කිරීමයි. අනිත් අතට අපට කිසිවෙකු ප්‍රේමය පෙන්වන්නේ නැහැ කියා හෝ අප කිසිම වටිනාකමක් නැති පුද්ගලයන් කියා හෝ අපට හැඟෙන්නට ඉඩ තිබුණද, යෙහෝවා ඔහුට විශ්වාසවන්තව සේවය කරන එක් එක් පුද්ගලයාව වටිනා අය ලෙස සලකන බවට අපට සහතික කරයි.
10, 11. යෙහෝවා අපව වටිනා පුද්ගලයන් හැටියට සලකන බව ගේ කුරුල්ලන් ගැන යේසුස් දුන් උපමාවෙන් තහවුරු වන්නේ කෙසේද?
10 නිදසුනක් හැටියට මතෙව් 10:29-31 [NW] දක්වා සඳහන් යේසුස්ගේ වදන් සලකා බලන්න. සිය ගෝලයන් වටිනා පුද්ගලයන් බව උපමාවක් යොදාගනිමින් ඔහු මෙසේ පැහැදිලි කළේය. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝමයකට වඩා ඔබ වටින්නහුය.” පළමු සියවසේදී යේසුස්ගේ එම වදන්වලට සවන් දෙමින් සිටි අයට එයින් අදහස් කළේ කුමක්ද කියා සිතා බලන්න.
11 යේසුස් ජීවත් වූ කාලයේදී ආහාර සඳහා විකුණනු ලැබූ ලාභම පක්ෂියා වූයේ ගේ කුරුල්ලායි. කුඩා වටිනාකමක් තිබූ එක කාසියකට ගේ කුරුල්ලන් දෙන්නෙක් මිල දී ගත හැකි විය. එනමුත් ලූක් 12:6, 7හි [NW] සඳහන් වන පරිදි, යම් කෙනෙක් කාසි දෙකක් වියදම් කළා නම් ඔහුට ගේ කුරුල්ලන් හතරදෙනෙක් නොව පස්දෙනෙක් මිල දී ගත හැකි වූ බව යේසුස් පසු අවස්ථාවකදී පැවසුවේය. අමතර ගේ කුරුල්ලාව දුන්නේ හරියට ඌගේ කිසිම වටිනාකමක් නැති ගානටයි. සමහරවිට එවන් කුරුල්ලන් මිනිසුන්ට වටින්නේ නැති වුණත් මැවුම්කරු ඒ කුරුල්ලන්ව සැලකුවේ කෙසේද? මේ ගැන යේසුස් පැවසුවේ මෙසේය. “උන්ගෙන් එකෙකුවත් [අමතරව දුන් ගේ කුරුල්ලාව පවා] දෙවි අමතක කරන්නේ නැත.” යේසුස් කාවැද්දීමට උත්සාහ කළ කාරණය දැන් අපට තේරුම්ගත හැකියි. යෙහෝවා එක ගේ කුරුල්ලෙකුව ඒ තරම් වටිනාකමකින් සලකනවා නම්, ඔහුට මිනිසෙකුව ඊටත් වඩා කොපමණ වැඩියෙන් වටිනවාද! යේසුස් පැවසුවාක් මෙන් අප ගැන සෑම තොරතුරක්ම යෙහෝවා දනියි. අපේ හිසේ තිබෙන සෑම හිසකෙස් ගසක්ම ගණන් කර ඇත!
12. අපේ හිසකෙස් ගණන් කරනු ලබන බවට යේසුස් පැවසූ අවස්ථාවේදී එය කළ හැකි දෙයක්යයි අපට නිසැක විය හැක්කේ මන්ද?
12 මෙය යේසුස් අතිශයෝක්තියෙන් කළ ප්‍රකාශයක් කියා ඇතැමුන් සිතිය හැකියි. එහෙත් නැවත නැඟිටීම ගැන සිතා බලන්න. අපව නැවත මැවීම සඳහා යෙහෝවා මොන තරම් හොඳින් අප ගැන දැනගත යුතුද! ඔහු අපව මොන තරම් වටිනා පුද්ගලයන් හැටියට සලකනවාද කියනවා නම්, අපේ ජාන සැකැස්ම හා මිය යෑමට කලින් අපට තිබූ මතකයන් හා ලබා තිබූ අද්දැකීම් ඇතුළුව අප ගැන සෑම තොරතුරක්ම මතක තබාගෙන සිටියි. මෙය හා සසඳන විට සාමාන්‍යයෙන් මිනිසෙකුගේ හිසෙහි තිබෙන 1,00,000ක් තරම් වූ හිසකෙස් ගණන් කිරීම එතරම් මහා වැඩක් නොවේ. පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනා ගැන යෙහෝවා සැලකිල්ල දක්වන බව යේසුස් එම වදන්වලින් මොන තරම් විශිෂ්ට ලෙස සහතියක් සපයයිද!
13. අප අසම්පූර්ණ මිනිසුන් වුවත් අපේ දෙවි බලන්නේ අප තුළ තිබෙන යහපත් දේවල් දෙස බව යෙහෝෂාපාට් රජුගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කෙසේද?
13 යෙහෝවාගේ ප්‍රේමය අපට සහතික කරන තවත් දෙයක් ගැන බයිබලයේ හෙළි කර ඇත. යෙහෝවා අප තුළ තිබෙන යහපත් ගුණාංග මොනවාදැයි බලා, ඒවා අගය කරයි. උදාහරණයක් හැටියට යහපත් රජෙක් වූ යෙහෝෂාපාට් ගැන සලකා බලන්න. මෙම රජ මෝඩ දෙයක් කළ අවස්ථාවේදී යෙහෝවාගේ අනාගතවක්තෘවරයා ඔහුට මෙසේ පැවසුවේය. “මේ කාරණය නිසා නුඹ කෙරෙහි යෙහෝවාගේ උදහස පැමිණ තිබේ.” මෙය මොන තරම් බැරෑරුම් අදහසක්ද! එනමුත් යෙහෝවාගේ පණිවිඩය එතැනින් නතර වූයේ නැත. එහි තවදුරටත් මෙසේ සඳහන් විය. “එසේ වුවත් . . . යහපත් කාරණා නුඹට ඇත්තේය.” (2 ලේකම් 19:1-3) මෙසේ යෙහෝෂාපාට් තුළ තිබූ “යහපත් කාරණා” නොදැක සිටීමට යෙහෝවා තමාගේ ධර්මිෂ්ඨ කෝපයට ඉඩහැරියේ නැත. අප අසම්පූර්ණ මිනිසුන් වුවත් අපේ දෙවි බලන්නේ අප තුළ තිබෙන යහපත් දේවල් දෙස බව දැනගන්න ලැබීම මහත් සැනසිල්ලක් ගෙන දෙන දෙයක් නොවේද?
“සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
14. අප පව් කළ විට කුමන ආකාරයේ පීඩාකාරී හැඟීම් අපට දැනිය හැකිද? එහෙත් යෙහෝවා සමාව දීමට සූදානම්ව සිටින නිසා අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
14 අප පව් කළ විට අපට දැනෙන බලාපොරොත්තු කඩ වී තිබෙන බවට වූ හැඟීම්, ලජ්ජාව හා වරදකාරීබවේ හැඟීම් නිසා යෙහෝවාට සේවය කරන්න තරම් අප කවදාවත් වටින්නේ නැහැ කියා හැඟෙන්න පුළුවනි. කෙසේවෙතත් යෙහෝවා “සමාව දීමට සූදානම්” බව මතක තබාගන්න. (ගීතාවලිය 86:5, NW) අප කර තිබෙන පව් ගැන පසුතැවිලි වී, ඒවා නැවත නොකිරීමට මහත් පරිශ්‍රමයක් දරනවා නම් යෙහෝවා සමාව දීමට සූදානම්ව සිටින නිසා අපට ප්‍රයෝජන ගත හැකියි. යෙහෝවා සිය ප්‍රේමය පෙන්වන මෙම සුවිශේෂී ආකාරය ගැන බයිබලය විස්තර කරන විදිහ සලකා බලන්න.
15. යෙහෝවා අපේ පාප කොතරම් දුරක තබනවාද?
15 ගීතිකාකාර දාවිත් යෙහෝවාගේ සමාව දීම විස්තර කිරීම සඳහා විචිත්‍රවත් ප්‍රකාශයක් මෙසේ යොදාගත්තේය. “නැඟෙනහිරෙන් බටහිර ඈත්ව තිබෙන්නාක් මෙන් [ඔහු] අපේ පාප අපෙන් දුරු කළේය.” (ගීතාවලිය 103:12, නව අනුවාදය; අකුරු ඇල කළේ අපය.) නැඟෙනහිර සිට බටහිරට කොපමණ දුරද? එක් අර්ථයකින් ගත් කල සැමවිටම නැඟෙනහිර තිබෙන්නේ බටහිර සිට සිතාගත හැකි උපරිම දුරකිනි. මෙම දිශා දෙක කිසිවිටෙකත් එකට ළං වන්නේ නැත. එම ප්‍රකාශයෙන් අදහස් වන්නේ “හැකි තරම් දුරක්. අපට සිතාගත හැකි වූ උපරිම දුරක්” කියා එක් විශාරදයෙක් සඳහන් කරයි. දාවිත් දේවානුභාවයෙන් ලියූ එම වදන්වලින් අපට කියාපාන්නේ යෙහෝවා අපට සමාව දෙන විට අපට සිතාගත හැකි උපරිම දුරකින් ඔහු අපේ පාප දුරස්ව තබන බවයි.
16. යෙහෝවා අපේ පාපවලට සමාව දුන් පසු අපව පවිත්‍ර අය ලෙස සලකන බවට නිසැකකමක් අප තුළ ඇති විය හැක්කේ මන්ද?
16 ඔබ කවදා හෝ දවසක ලා පැහැති ඇඳුමක ඇති පැල්ලමක් ඉවත් කරන්න උත්සාහ කර තිබෙනවාද? සමහරවිට ඔබ මොන තරම් හොඳින් උත්සාහ කළත් ඒ පැල්ලම ලාවට හෝ දකින්න තිබිය හැකියි. සමාව දීමට තමන් සතු හැකියාව ගැන යෙහෝවා විස්තර කරන ආකාරය සැලකිල්ලට ගන්න. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය. තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේය.” (යෙසායා 1:18, න.අ.; අකුරු ඇල කළේ අපය.) මෙහි සඳහන් “රතට රතේ” යන වචනයෙන් දීප්තිමත් රතු වර්ණයක් (ලෝහිත වර්ණය) අදහස් කරයි. * තද “රතු” හෙවත් ලේ පැහැති රන් රතු පාට සායම් දැමීමට භාවිත කළ වර්ණයක් විය. අපේ පාපවල කැළැල් ඉවත් කිරීමට අපේම උත්සාහයෙන් අපට කවදාවත් නොහැක. එනමුත් තද රතු හෝ ලේ පැහැති රන් රතු පාට හා සමාන පව් හිම මෙන් හෝ සායම් නොදැමූ ලොම් මෙන් සුදු කරන්න යෙහෝවාට හැකියි. මේ නිසා යෙහෝවා අපට සමාව දුන් පසු අපේ ජීවිතයේ ඉතිරි කාලය පුරා එම පාපවල කැළැල් තිබෙනවා කියන හැඟීමෙන් අප ජීවත් විය යුතු නැත.
17. යෙහෝවා අපේ පාප ඔහුගේ පිටුපසට දමන්නේ කවර ආකාරයකින්ද?
17 මාරාන්තික අසනීපයකින් හෙසකියාගේ ජීවිතය යෙසායා 38:17, අකුරු ඇල කළේ අපය.) මෙහි යෙහෝවාව විස්තර කර තිබෙන්නේ පසුතැවිලි වන වැරදිකරුවෙකුගේ පව් තවදුරටත් දැකීමට නොලැබෙන විදිහට තමාගේ පිටුපසට විසි කර දමන කෙනෙකු ලෙසයි. එක් මූලාශ්‍රයක සඳහන් වන පරිදි එම පාඨයෙන් මෙම අදහසද ගම්‍ය විය හැකියි. “ඔබ [මාගේ පාප], ඒවා සිදු නොවුණාක් මෙන් කළේය.” මෙය සැනසිල්ල ගෙන දෙන්නක් නොවේද?
ගැලවීමෙන් පසු කෘතඥතාවේ හැඟීම්වලින් පෙලඹී, ඔහු යෙහෝවාට මෙසේ පැවසුවේය. “ඔබ මාගේ පව් සියල්ල ඔබගේ පිටිපස්සට දැමුවේය.” (18. යෙහෝවා සමාව දෙන විට ඔහු අපගේ පව් සදහටම ඉවත් කරන බව මීකාගේ වදන්වලින් පැහැදිලි වන්නේ කෙසේද?
18 යළි පිහිටුවනු ලැබීම පිළිබඳව පොරොන්දුවක් ගැන කතා කළ අවස්ථාවකදී, අනාගතවක්තෘ මීකා යෙහෝවා පසුතැවිලි වන තම ජනයාට සමාව දෙනු ඇති බවට වූ තම නිසැකකම මෙසේ ප්‍රකාශ කළේය. “ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබ සමාන දෙවි කෙනෙක් කවුද? . . . ඔබ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළන්නේය.” (මීකා 7:18, 19, අකුරු ඇල කළේ අපය.) බයිබල් කාලවල ජීවත් වූ ජනයාට එම වදන්වලින් අදහස් කළ දෙය සිතා බලන්න. ‘මුහුදේ ගැඹුරට හෙළනු ලැබූ’ දෙයක් සොයා ගොඩට ගැනීමට කිසිම හැකියාවක් ඒ කාලයේ තිබුණාද? මෙසේ මීකාගේ වදන්වලින් පැහැදිලි වන්නේ යෙහෝවා සමාව දෙන විට ඔහු අපගේ පව් සදහටම ඉවත් කරන බවයි.
“අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”
19, 20. (අ) “දයාව පෙන්වන්න” හෝ “අනුකම්පාව ඇතුව සිටින්න” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ දයානුකම්පාව ගැන අපට ඉගැන්වීම සඳහා මවකට ඇගේ බිලිඳා කෙරෙහි ඇති වන හැඟීම් බයිබලය යොදාගන්නේ කෙසේද?
19 යෙහෝවාගේ ප්‍රේමයේ තවත් ලක්ෂණයක් වන්නේ දයානුකම්පාවයි. දයානුකම්පාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් දයානුකම්පාව හා දයාව අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. හෙබ්‍රෙව් හා ග්‍රීක් වදන් කිහිපයක් මගින් දයානුකම්පාවෙන් අර්ථවත් වන දෙය කියාපායි. නිදසුනක් වශයෙන්, රාචාම් නමැති හෙබ්‍රෙව් ක්‍රියා පදය බොහෝ අවස්ථාවලදී පරිවර්තනය කර තිබෙන්නේ “දයාව පෙන්වන්න” හෝ “අනුකම්පාව ඇතුව සිටින්න” ලෙසයි. යෙහෝවා විසින් ඔහුටම අදාළ කරගනු ලබන එම හෙබ්‍රෙව් යෙදුම හා “ගර්භාෂය” යන වචනයට තිබෙන හෙබ්‍රෙව් යෙදුම අතර සම්බන්ධයක් ඇති අතර, “මවකගේ දයානුකම්පාව” ලෙසද එය විස්තර කළ හැකියි.
20 යෙහෝවාගේ දයානුකම්පාව ගැන අපට ඉගැන්වීම සඳහා මවකට ඇගේ බිලිඳා කෙරෙහි ඇති වන හැඟීම් බයිබලය යොදාගනී. යෙසායා 49:15හි [න.අ.] මෙසේ සඳහන් වේ. “මවකට හැකිද, කුසේ [ගර්භාෂයේ, NW] දැරූ බිලිඳා අමතක කරන්න? හැකිද ඈට ඇගේම කිරි දරුවාට පෙම් [දයානුකම්පා, NW; රාචාම්] නොකරන්න. මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම් කිසිදා නුඹ අමතක නොකරමි.” මවක් ඇගේ දරුවාව පෝෂණය කිරීම හා රැකබලා ගැනීම අමතක කර දමයි කියා සිතීම දුෂ්කරයි. ඇත්තෙන්ම බිලිඳෙක් අසරණයි. බිලිඳෙකුට මවගේ අවධානය දිවා රෑ දෙකෙහිම අවශ්‍යයි. කෙසේවෙතත් මව්වරුන් තමන්ගේ දරුවන්ව නොසලකාහැරීම ගැන අසන්න ලැබීම කනගාටුදායකයි. විශේෂයෙන්ම මේ ‘අන්තරා සහිත කාලවල’ එවැනි දෑ අසන්න ලැබේ. (2 තිමෝති 3:1, 3) එහෙත් “මම නම් කිසිදා නුඹ අමතක නොකරමි” කියා යෙහෝවා පවසයි. මිනිසුන් අතර ජන්මයෙන්ම ඇති වන මුදු මොළොක් හැඟීම අපට සිතාගත හැකි උපරිම ආකාරයෙන් පෙන්වීමට හොඳම උදාහරණය ලෙස සැලකිය හැක්කේ මවක් ඇගේ බිලිඳාට දක්වන දයානුකම්පාවයි. එහෙත් යෙහෝවා ඔහුගේ සේවකයන්ට පෙන්වන දයානුකම්පාව ඊටත් වඩා ප්‍රබලයි.
21, 22. පුරාණ ඊජිප්තුවේ සිටි කාලයේදී ඊශ්‍රායෙල්වරුන් මුහුණ දුන් දේවල් මොනවාද? යෙහෝවා ඔවුන්ගේ මොරගැසීම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
21 ප්‍රේමණීය මවක් මෙන් යෙහෝවා දයානුකම්පාව පෙන්වන්නේ කෙසේද? ඔහු පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් මෙම ගුණාංගය පැහැදිලිව දැකිය හැකියි. පොදු යුගයට පෙර 16වන සියවයේ අගභාගය වන විට ඊශ්‍රායෙල්වරුන් දශලක්ෂ ගණනක් ඊජිප්තුවේ වහලුන්ව සිටියහ. එහිදී ඔවුන්ට කුරිරු පාලනයක් යටතේ දරුණු පීඩා විඳින්නට සිදු විය. (නික්මයාම 1:11, 14) දුක් පීඩා විඳිමින් සිටි ඔවුහු යෙහෝවාට කන්නලව් කළහ. දායානුකම්පාව පෙන්වන දෙවි එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
22 එම කන්නලව්වලට සවන් දුන් යෙහෝවාගේ හදවත උණු විය. ඔහු මෙසේ පැවසුවේය. “මිසරයේ [ඊජිප්තුවේ, NW] වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි. . . . ඔවුන්ගේ මොරගැසීම ඇසීමි. මක්නිසාද ඔවුන්ගේ දුක දනිමි.” (නික්මයාම 3:7) තමාගේ සෙනඟ දුක් වේදනා විඳිනවා දකින විට, ඔවුන්ගේ මොරගැසීම් ඇසෙන විට යෙහෝවාට එය දරාගත නොහැකි විය. ඔවුන් කෙරෙහි දයානුකම්පාවේ හැඟීම් ඔහු තුළ ඇති විය. යෙහෝවා සංවේදනය පෙන්වන දෙවි කෙනෙකි. අන් අය විඳින වේදනා දැනීමේ හැකියාව ලෙස විස්තර කළ හැකි සංවේදනය දයානුකම්පාව හා බැඳි පවතී. කෙසේවෙතත් යෙහෝවාට ඔහුගේ සෙනඟ කෙරෙහි ඇති වූයේ හැඟීමක් පමණක්ම නොවේ. ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔහු පෙලඹුණේය. යෙසායා 63:9හි මෙසේ සඳහන් වේ. ‘ඔහු තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදාගත්තේය.’ ඔහු “බලවත් හස්තයකින්” ඊජිප්තුවෙන් ඔවුන්ව ගලවාගත්තේය. (ද්විතීය කථාව 4:34) ඉන් පසුව ඔහු ආශ්චර්යයන් කරමින් ඔවුන්ට ආහාර ලබා දෙමින් ඔවුන්ගේම සාරවත් දේශයට ඔවුන්ව ගෙන ආවේය.
23. (අ) යෙහෝවා පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනා ගැන ඉමහත් සැලකිල්ලක් දක්වන බවට ගීතිකාකරුගේ වදන් අපට සහතිකයක් වන්නේ කෙසේද? (ආ) යෙහෝවා අපට උපකාර කරන්නේ කිනම් ආකාරවලින්ද?
23 යෙහෝවා ඔහුගේ සෙනඟට දයානුකම්පාව පෙන්වන්නේ සාමූහික වශයෙන් පමණක්ම නොවේ. අපේ ප්‍රේමණීය දෙවි පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනා ගැනත් ඉමහත් සැලකිල්ලක් දක්වයි. අපට විඳීමට සිදුවිය හැකි ඕනෑම ආකාරයේ වේදනාවක් ගැන ඔහු නිතරම සැලකිලිමත් වෙයි. ගීතිකාකරු මෙසේ පැවසුවේය. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ. යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි. තැළුණු ආත්ම ඇත්තන් ගලවයි.” (ගීතාවලිය 34:15, 18) පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනාට යෙහෝවා උපකාර කරන්නේ කෙසේද? අප දුක් වේදනා විඳීමට හේතු වන දෙය ඔහු අනිවාර්යයෙන්ම ඉවත් කරන්නේ නැත. එනමුත් උපකාරය පතා ඔහුට මොරගසන අයට ඔහු බහුල ලෙස විවිධාකාර දේවල් සපයා ඇත. අප මුහුණපාන තත්වයන්වල ලොකු වෙනසක් ඇති කිරීමට ඉවහල් වන ප්‍රායෝගික උපදෙස් ඔහුගේ වචනය අපට සපයයි. ඔහු සභාවල සේවය කිරීම සඳහා ආත්මිකව සුදුසුකම් ලත් අවේක්ෂකයන්ව සපයා ඇත. මොවුන් වෑයම් කරන්නේ අන් අයට උපකාර කරමින් ඔහු පෙන්වන දයානුකම්පාව පිළිබිඹු කරන්නයි. (යාකොබ් 5:14, 15) “යාච්ඤා අසන තැනැත්තා” වශයෙන් යෙහෝවා “තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය” ලබා දෙයි. (ගීතාවලිය 65:2; ලූක් 11:13) මේ සෑම සැපයුමකින්ම “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව” ප්‍රකාශ වේ.—ලූක් 1:78, NW.
24. යෙහෝවාගේ ප්‍රේමයට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
24 අපේ ප්‍රේමණීය ස්වර්ගික පියාගේ ප්‍රේමය ගැන සිතන විට අප තුළ උතුරා යන ප්‍රීතියක් ඇති වන්නේ නැද්ද? යෙහෝවා අපගේ ප්‍රයෝජනය උදෙසා ඔහුගේ බලය, යුක්තිය හා ප්‍රඥාව ප්‍රේමණීය ආකාරවලින් ක්‍රියාවට නඟා තිබෙන ආකාර කලින් ලිපිය මගින් අපට සිහිගන්වන ලදි. යෙහෝවා පොදුවේ මුළු මනුෂ්යවර්ගයාටද අප එක් එක්කෙනාටද සුවිශේෂී ආකාරවලින් ඔහුගේ ප්‍රේමය පෙන්වා තිබෙන බව අපි මේ ලිපියේදී දුටුවෙමු. දැන් අප එක් එක්කෙනා අපගෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘යෙහෝවා පෙන්වා තිබෙන ප්‍රේමයට මම ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?’ ඔබේ මුළු හදවතින්ම හා මනසින්ද ජීවිතයෙන්ද ශක්තියෙන්ද ඔහුට ප්‍රේම කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වේවා! (මාක් 12:29, 30) පෙරට වඩා යෙහෝවාට තව තවත් ළංවීමට ඔබ තුළ තිබෙන හෘදයාංගම ආශාව දවසක් දවසක් පාසා ඔබ ජීවත් වන ආකාරයෙන් දැකගැනීමට හැකි වේවා! ප්‍රේමයේ දෙවි වන යෙහෝවාද පෙරට වඩා ඔබට තව තවත් ළංවී සිටීවා! මෙම ළංවීම සදහටම පවතීවා!—යාකොබ් 4:8.
[පාදසටහන]
^ 16 ඡේ. තද රතු හෙවත් ලෝහිත වර්ණය “ලෙහෙසියෙන්ම සායම් නොයන කල්පවතින වර්ණයක්. පිනිවලටවත්, වැස්සටවත්, සේදීමෙන්වත්, දිගු කලක් පුරා පාවිච්චි කිරීමෙන්වත් එම වර්ණය ඉවත් කරන්නට හැකි වූයේ නැතැයි” එක් විශාරදයෙක් පවසයි.
ඔබට මතකද?
• ප්‍රේමය යෙහෝවාගේ ප්‍රධානතම ගුණාංගය කියා අප දන්නේ කෙසේද?
• ප්‍රේමය පෙන්වමින් මෙතෙක් කර තිබෙන ශ්‍රේෂ්ඨතම ක්‍රියාව වන්නේ දුක් වේදනා විඳ අප වෙනුවෙන් මිය යෑමට යෙහෝවා ඔහුගේ පුත්‍රයාව එවීමයි කියා පැවසිය හැක්කේ මන්ද?
• පුද්ගලයන් හැටියට අප එක් එක්කෙනාට ප්‍රේමය පෙන්වන බවට යෙහෝවා අපට සහතික කරන්නේ කෙසේද?
• යෙහෝවා සමාව දීමට සූදානම්ව සිටින බව, බයිබලයේ උදාහරණ මගින් පැහැදිලි කරන්නේ කිනම් ආකාරවලින්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[15වන පිටුවේ පින්තූරය]
‘දෙවි ඔහුගේ ඒකජාතක පුත්‍රයාව දුන්නේය’
[16වන පිටුවේ පින්තූරය]
“ගේ කුරුල්ලන් බොහෝමයකට වඩා ඔබ වටින්නහුය”
[හිමිකම් විස්තර]
© J. Heidecker/VIREO
[18වන පිටුවේ පින්තූරය]
මවකට ඇගේ බිලිඳා කෙරෙහි ඇති වන හැඟීම්වලින් යෙහෝවාගේ දයානුකම්පාව ගැන අපට ඉගෙනගත හැකියි