Skip to content

පටුනට යන්න

යෞවනයන්ගේ සිත්ගත් වීඩියෝ පටයක්

යෞවනයන්ගේ සිත්ගත් වීඩියෝ පටයක්

යෞවනයන්ගේ සිත්ගත් වීඩියෝ පටයක්

යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? යන වීඩියෝ පටය නැරඹීමෙන් පසු බොහෝ යෞවනයන් තමන්ගේ හැසිරීම ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට පෙලඹුණා. * මෙම වීඩියෝ පටයේ නිවැරදි ශුද්ධ ලියවිලි උපදෙස්, ක්‍රිස්තියානී යෞවනයන්ගේ පෞද්ගලික අදහස් සහ බයිබලයේ සඳහන් දීනාගේ කතාව මත පදනම් වූ පොලඹවන සුළු නාට්‍යයක් අන්තර්ගතයි. (උත්පත්ති 34වන පරිච්ඡේදය) පහත දක්වා තිබෙන්නේ මෙක්සිකෝ රටෙන් වීඩියෝ පටය සම්බන්ධව දැක්වූ අදහස් කිහිපයක්.

මාර්තා පැවසුවේ “මෙම වීඩියෝ පටය මගේ හද පතුලටම කිඳා බැස්සා. මට හිතෙන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මං වෙනුවෙන්මයි කියලා. මම මුලින් හිතුවේ මගේ ගුරුවරු හා පාසැලේ මිතුරන් මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියලා දැනගෙන තිබුණාම විතරක් ඇතියි කියලා. මම ඒක සාක්ෂි දැරීමෙන් ඔප්පු කරන්න අසමත් වෙලා තිබුණා. යෙහෝවා සපයන සියළුම තොරතුරුවලට මම කෘතඥපූර්වක වෙනවා. විශේෂයෙන්ම ඒ තොරතුරු මේ විඩීයෝ පටය වගේ අපේ හදවත්වලටම කතා කරන විට.”

හ්වාන් කාලොස් පැවසුවේ මෙසේයි. “මේ වීඩියෝ පටය ඇත්තටම ගැඹුරින් කල්පනා කර බැලීමට ඔබව පොලඹවනවා. යෞවනයෙක් හැටියට මගේ අතින් වැරදි සිදු වෙලා තිබෙනවා. ඒ නිසා වීඩියෝ පටයේ හිටපු සමහර චරිත මගේ චරිතයට සමානයි. මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මම දෙබිඩි ජීවිතයක් ගත කළා. නමුත් මම දැනගත්තා එවැනි ජීවිත මාර්ගයකින් මට ලැබෙන්නේ නරක ප්‍රතිඵල බව. වීඩියෝ පටය නැරඹීමෙන් පස්සේ මම අදිටන් කළා යෙහෝවාට පක්ෂපාත වෙන්න.”

සුලෙම් පාපොච්චාරණය කළේ මෙසේයි. “මම වීඩියෝ පටය නැරඹුවාට පස්සේ මගේ හැඟීම් කැලතුණා. මම ඊට කලින් බයිබලය කියවීම නවත්තලයි තිබුණේ. ඒ වගේම මම යෙහෝවාට නිතරම යාච්ඤා කළේ නැහැ. වීඩියෝ පටයේ යෞවන අය කියන අදහස් ඇහුවාට පස්සේ නැවත බයිබලය පාඩම් කිරීමටත් යෙහෝවාට යාච්ඤා කිරීමටත් මම පටන්ගත්තා.”

අද යෞවනයෝ විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඔවුන් තෝරාගන්න මිතුරන් ඔවුන් ගත කරන ජීවිතය කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරනවා. (ගීතාවලිය 26:4; හිතෝපදේශ 13:20) යෞවනයෝ අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? යන විඩීයෝ පටය නිවැරදි තීරණ ගැනීමට බොහෝදෙනෙකුට උපකාර කරයි.

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිෂ්පාදනය කරන ලදී.