Skip to content

පටුනට යන්න

සැනසිල්ල උපකාරය ඉල්ලා අඬන්නන්ට

සැනසිල්ල උපකාරය ඉල්ලා අඬන්නන්ට

සැනසිල්ල උපකාරය ඉල්ලා අඬන්නන්ට

බයිබලය මනෝ විද්‍යාත්මක අත්පොතක් නොවෙයි. එනමුත් කරදර මධ්‍යයේ වුවද සැනසිල්ල ලබාගැනීමට හා ජීවිතය අගය කිරීමට බයිබලය අපිට උපකාරවත් වෙනවා. යථාර්ථවාදී ලෙස ශුද්ධ ලියවිලිවල පවසන්නේ “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්” කියායි. (යෝබ් 14:1) අපි මුහුණ දෙන සමහර පීඩාවලට හේතුව අපේම අසම්පූර්ණකමයි. නමුත් මූලිකවම මනුෂ්‍යයන්ගේ දුක් වේදනාවලට වගකිව යුත්තේ කවුද?

බයිබලයේ මෙම දුෂ්ට ආත්මය යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වයි. ඔහු ‘මුළු ලෝකයම නොමඟ යවමින්’ [NW] හා මිනිසුන්ට බොහෝ ප්‍රශ්න ඇති කරමින් ඔවුන්ව තළා පෙළනවා. තවද සාතන්ට ඉතිරිව ඇති කාලය වේගයෙන් නිමා වෙමින් පවතින බව බයිබලයේ පෙන්වයි. (එළිදරව් 12:9, 12) සාතන් මනුෂ්‍යයන්ට මේ පොළොවෙහි ඇති කර තිබෙන්නාවූ සියලුම දුක් කරදර දිව්‍ය මැදිහත් වීමකින් ඉක්මනින්ම නිමාවකට පත් වෙයි. බයිබලයේ පවසා ඇති පරිදි දෙවි පොරොන්දු කර ඇති ධර්මිෂ්ඨ අලුත් පොළොවේදී බලාපොරොත්තු සුන්වීම් සහ කලකිරීම් සදහටම ඉවත් වෙනවා නියතයි.—2 පේතෘස් 3:13.

මනුෂ්‍යයන් අද්දකින පීඩා තාවකාලිකයි කියා දැනගැනීම කොතරම් සහනයක්ද! යේසුස්ගේ අධිකාරය යටතේ දෙවිගේ ස්වර්ගික රාජ්‍ය පාලන සමය ඇරඹූ පසු අයුක්තිය හා දුක් පීඩා විඳීම නිමා වෙයි. දෙවි විසින් පත් කරන ලද රජ පිළිබඳව ලියවිලිවල සඳහන් වන්නේ “මක්නිසාද ඔහු උපකාරය ඉල්ලා අඬන දිලින්ඳාද උපකාර කරන්නෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය” කියායි.—ගීතාවලිය 72:12-14, NW.

මෙම අනාවැකි ඉෂ්ට වන කාලය අත ළඟයි. ඉතා ප්‍රසන්න තත්වයක් යටතේ අපිට පාරාදීස පොළොවක සදාකාල ජීවනය භුක්ති විඳින්න හැකි වෙයි. (ලූක් 23:43; යොහන් 17:3) සහනය ගෙන දෙන මෙවැනි ශුද්ධ වූ ලියවිලිමය පොරොන්දු ගැන දැනුම ලබාගැනීමෙන් උපකාරය ඉල්ලා අඬන්නන්ට බලාපොරොත්තුවක් හා සැනසිල්ලක් ලබාගත හැකියි.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මානසික පීඩනයට ලක් වූ දැරියක්: ඡායාරූපය ILO/J. Maillard