Skip to content

පටුනට යන්න

“දෙන්නෙක් අපේ දොරට තට්ටු කළා”

“දෙන්නෙක් අපේ දොරට තට්ටු කළා”

“දෙන්නෙක් අපේ දොරට තට්ටු කළා”

“අපේ චූටි දුව අන්ත්‍රා වෙලා දැනට අවුරුදු දෙකයි. අපිට දැණුනු දුක නම් වාවගන්න බැහැ.” ඒ ප්‍රංශයේ එක් ප්‍රවෘත්ති පත්‍රයක (Le Progrès-in Saint-Étienne) පළ වූ ලිපියක මුල් පේළි කිහිපයයි.

“මලිසාට මාස තුනේදී එඩ්වඩ්ස් සින්ඩ්‍රෝමය (ට්‍රිසෝමි 18) ලෙස හඳුන්වන දරුණු මානසික ආබාධිත තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ අභාග්‍යසම්පන්න සිදුවීමක් අද්දැක්ක කෙනෙකුට ඒ ශෝකයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මට හිතුණේ ඒක හරිම අසාධාරණ මරණයක් කියලයි. අපි හැදී වැඩුණේ කතෝලික ආගමික පරිසරයක වුණත් ‘දෙවියනි, ඔබ ඇත්තටම ජීවමාන නම් ඇයි මේ වගේ දේවල් වෙන්න ඉඩහරින්නේ’ කියන ප්‍රශ්නය හැමදාම අපේ සිත්වල තිබුණා.” එම ලිපිය ලියූ මව ඇත්තටම බොහෝ කනගාටුවෙන් හා අසරණ තත්වයකට පත්ව සිටියා. ඇගේ ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා.

“මේ සිදුවීම්වලින් පස්සේ දෙන්නෙක් අපේ දොරට තට්ටු කළා. මම එකපාරටම ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව හඳුනාගත්තා. මට උවමනා වුණේ ඔවුන්ව කාරුණිකව එතනින් පිටමං කරන්නයි. නමුත් මම දැක්කා ඔවුන් බෙදා දෙන විවරණිකාව. ඒ, දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි යන කරුණ සම්බන්ධ විවරණිකාවයි. මම තීරණය කළා ඔවුන්ව ඇතුළට අඬගහලා ඔවුන් ඉදිරිපත් කරන තර්ක වැරදියි කියලා ඔප්පු කරලා පෙන්වන්න. දුක් වේදනා ගැන කතා කරනවා නම් අපි ඕනෑවටත් වඩා පීඩාවලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ‘දෙවි චූටි දුවව අපිට දුන්නා, දෙවි ඇයව අපෙන් ගත්තා’ වැනි හිස් දෙඩවිලි මම ඕන තරම් අහලා තියෙනවා කියලයි මට හිතුණේ. සාක්ෂිකරුවන් පැයකට වඩා වැඩි කාලයක් අපේ ගෙදර හිටියා. ඒ අය මගේ කතාව ඉතා අනුකම්පාවෙන් අහගෙන හිටියා. ඔවුන් පිටත්ව යනකොට මට ඒ අය ගැන කොච්චර පැහැදීමක් ඇති වෙලා තිබුණද කියනවා නම් තව සැරයක් ඔවුන් මාව මුණගැහෙන්න එනවාට මම කැමති වුණා. ඒ අවුරුදු දෙකකට කලින්. තවමත් මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා නැහැ. නමුත් මම ඔවුන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි මම පුළුවන් හැම වෙලාවකම රැස්වීම්වලටත් සහභාගි වෙනවා.”