සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීම
සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීම
“ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න.”—එෆීස 5:1, NW.
1. සත්‍යය සම්බන්ධයෙන් ඇතැමුන් විශ්වාස කරන්නේ කුමක්ද? ඔවුන්ගේ අදහස් දෝෂ සහිත වන්නේ මන්ද?
“සත්‍යය කියන්නේ කුමක්ද?” (යොහන් 18:38, NW) මීට අවුරුදු 2,000කට ආසන්න කාලයකට ඉහතදී පොන්තියුස් පිලාත් විසින් උපහාසාත්මක ලෙස අසන ලද එම ප්‍රශ්නයෙන් ඇඟවෙන්නේ සත්‍යය යනු තේරුම්ගැනීමට අමාරු දෙයක් බවයි. අද සිටින බොහෝදෙනෙකුද එම අදහස සමඟ එකඟ විය හැක. සත්‍යය කියන දෙය ප්‍රහාරයකට ලක් වී ඇත. සත්‍යය කුමක්ද කියා තීරණය කරන්නේ පෞද්ගලිකවයි, සත්‍යය කියන්නේ සාපේක්ෂී දෙයකි, සත්‍යය වෙනස් වෙමින් පවතී වැනි අදහස් ඇතැමුන් පවසනවා ඔබ අසා ඇති. එවන් අදහස් දෝෂ සහිතය. පර්යේෂණ කිරීමේ හා අධ්‍යාපනය ලැබීමේ එකම අරමුණ වන්නේ අප ජීවත් වන ලෝකය ගැන කරුණු නැතහොත් සත්‍යය හැදෑරීමයි. සත්‍යය කියන්නේ පෞද්ගලික මත අනුව තීරණය වන දෙයක් නොවේ. නිදසුනක් වශයෙන් මිනිසෙකු මිය යන විට නොනැසී පවතින දෙයක් එක්කෝ තිබිය යුතුයි, නැත්නම් නොතිබිය යුතුයි. සාතන් කියා කෙනෙක් එක්කෝ සිටියි නැත්නම් නොසිටියි. එක්කෝ ජීවිතයට අරමුණක් තිබේ නැත්නම් අරමුණක් නැත. මේ සෑම දෙයක් සම්බන්ධයෙන් ගත් කල තිබිය හැක්කේ එක් නිවැරදි පිළිතුරක් පමණි. එකක් සත්‍යය වන අතර අනෙක බොරුවක් වේ. දෙකම සත්‍යය විය නොහැක.
2. යෙහෝවා සත්‍යතාවේ දෙවි වන්නේ කුමන ආකාරවලින්ද? අප දැන් සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?
2 යෙහෝවා සත්‍යතාවේ දෙවි බව කලින් ලිපියේදී අපි සලකා බැලුවෙමු. ඔහු සෑම දෙයක් පිළිබඳවම සත්‍යය දනියි. යෙහෝවා ඔහුගේ රැවටිලිකාර එදිරිවාදියා වන සාතන් නමැති යක්ෂයාට හාත්පසින්ම වෙනස්ව සැමවිටම සත්‍යවාදී පුද්ගලයෙකි. එපමණක්ද නොව යෙහෝවා අන් අයට සත්‍යය ත්‍යාගශීලීව හෙළි කරයි. ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ව මෙසේ උනන්දු කළේය. “ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න.” (එෆීස 5:1) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපේ කතා බහේදී හා සත්‍යයට එකඟව ජීවත් වීමේදී අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද? මෙසේ කිරීම වැදගත් වන්නේ මන්ද? සත්‍යයට අනුකූලව තම ජීවිත හැඩගස්වා ගන්න අයට යෙහෝවාගේ අනුමැතිය ලැබෙන බවට තිබෙන සහතිකය කුමක්ද? අපි මේ ප්‍රශ්න දැන් සලකා බලමු.
3, 4. “අන්තිම දවස්වල” සිදුවීමට නියමිතව තිබූ දෙය පාවුල් සහ පේතෘස් යන ප්‍රේරිතවරුන් විස්තර කළේ කෙසේද?
3 අප ජීවත් වන්නේ ආගමික බොරු දස දෙස පැතුරුණු යුගයකයි. ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් පුරෝකථනය කළ පරිදි මේ “අන්තිම දවස්වල” සිටින බොහෝදෙනෙක් දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට අනුව ජීවත් නොවන අයව සිටිති. “සම්පූර්ණයෙන්ම මනසින් දූෂ්‍ය වී සිටින” ඇතැම්හු සත්‍යයට එරෙහි වෙති. එපමණක්ද නොව, “දුෂ්ට මිනිස්සු 2 තිමෝති 3:1, 5, 7, 8, 13, NW.
හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන් නොමඟ යමින් වඩ වඩාත් නරක් වන්නෝය.” මෙවැනි මිනිසුන්ද නිතරම දේවල් ඉගෙනගනිමින් සිටියත් ඔවුන් කවදාවත් “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක්” ලබාගන්නේ නැත.—4 අන්තිම දවස් ගැන ලිවීමට ප්‍රේරිත පේතෘස්ද දෙවිගේ ආනුභාවය ලැබීය. ඔහු පුරෝකථනය කළ පරිදි ජනයා සත්‍යය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, දේවවචනයත් එහි අඩංගු සත්‍යය ගැන ප්‍රකාශ කරන අයවත් සමච්චලයට ලක් කරති. තම ‘කැමැත්තට’ එකඟව කටයුතු කරන එවැනි සමච්චල් කරන්නෝ නෝවාගේ දවසේ පැවති ලෝකය ජලගැල්මෙන් යට වූ බවටත්, එය මතු පැමිණෙන විනිශ්චයට පූර්වාදර්ශයක් බවටත් වූ සත්‍යය, නොසලකා හරිති. තමන් කැමති කැමති දේවල් සත්‍යය වෙනවා කියා සිතන අයගේ විනාශයට එම සිතුවිල්ල හේතු වනු ඇත. මෙය සිදු වනු ඇත්තේ දෙවි අභක්තික මිනිසුන්ව විනාශ කරන කාලයේදීය.—2 පේතෘස් 3:3-7, NW.
යෙහෝවාගේ සේවකයෝ සත්‍යය දනිති
5. අනාගතවක්තෘ දානියෙල් පැවසූ ලෙස ‘අන්තිම කාලයේදී’ සිදු වනු ඇත්තේ කුමක්ද? මෙම අනාවැකිය ඉටු වී තිබෙන්නේ කෙසේද?
5 කලින් සඳහන් කළ දෙයට වඩා මුළුමනින්ම වෙනස් දෙයක වර්ධනයක්, එනම් ආගමික සත්‍යය පිළිබඳ පුනර්ජීවයක් දෙවිගේ ජනයා අතර ඇති වන බව අනාගතවක්තෘ දානියෙල් “අන්තිම කාලය” ගැන කළ විස්තරයකදී පුරෝකථනය කළේය. ඔහු මෙසේ ලීවේය. “බොහෝදෙනෙක් එය කියවා බලනවා ඇත [පූර්ණ ගවේෂණයක යෙදෙනවා ඇත, NW], දැනගැන්මද වැඩි වන්නේය.” (දානියෙල් 12:4) ප්‍රධානතම රවටන්නාගේ උපක්‍රමවලින් යෙහෝවාගේ සෙනඟ ව්‍යාකූලත්වයට පත් වී නැත. අන්ධ වී නැත. බයිබලයේ පිටු පුළුල්ව ගවේෂණය කරමින් ඔවුන් සත්‍යය දැනුම අත් පත් කරගෙන ඇත. මුල් සියවසේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට ඥානාලෝකය ලබා දුන්නේය. “ශුද්ධ ලියවිලිවල අර්ථය ඔවුන් අවබෝධ කරගන්නා පිණිස ඔහු ඔවුන්ගේ මනස් සම්පූර්ණයෙන්ම විවෘත [කළේය].” (ලූක් 24:45, NW) අපගේ කාලයේ යෙහෝවා කටයුතු කරන්නේද ඒ හා සමානවයි. ඔහු මේ වන විටත් දැන සිටින සත්‍යය ඔහුගේ වචනය, ඔහුගේ ආත්මය හා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් පොළොවේ සෑම තැනකම වෙසෙන දශලක්ෂ ගණනකට තේරුම්ගැනීම සඳහා උපකාරය ලබා දී ඇත.
6. වර්තමානයේ සිටින දෙවිගේ සෙනඟ තේරුම්ගෙන තිබෙන්නේ බයිබලයේ අඩංගු කුමන සත්‍යයන්ද?
6 වෙනත් ආකාරයකින් දැනගත නොහැකිව තිබූ බොහෝ දේවල් තේරුම්ගැනීමට දෙවිගේ සෙනඟ වශයෙන් අපට හැකි වී තිබේ. ලෝකයේ බුද්ධිමතුන් පිළිතුරු සොයාගැනීමට සහස්ර ගණනාවක් පුරා දඟලමින් සිටින ප්‍රශ්නවලට පිළිතුරු අපි දැන සිටිමු. නිදසුනක් වශයෙන් දුක් වේදනා පැවතීමට හේතුව, මිනිසුන් මිය යෑමට හේතුව සහ ලෝක සාමය හා සමඟිය ඇති කිරීමට මිනිසුන්ට නොහැකි වීමට හේතුව අපි දනිමු. දේවරාජ්‍යය, පාරාදීස පොළොවක් හා පරිපූර්ණත්වයෙන් යුත් නිමක් නැති ජීවිතයක් වැනි අනාගතයේ සිදු වන දේවල් පිළිබඳ පැහැදිලි දසුනක් අපට ලබා දීම ආශීර්වාදයකි. අතිශ්‍රේෂ්ඨතම තැනැත්තා වන යෙහෝවාව අපි දැන සිටිමු. ඔහුගේ සිත්ගන්නාසුලු පෞද්ගලිකත්වය ගැනත් ඔහුගේ ආශීර්වාද ලැබීම සඳහා අප කළ යුතු දේවල් ගැනත් අපි ඉගෙනගෙන ඇත්තෙමු. අප සත්‍යය දැනසිටින නිසා බොරුව හඳුනාගැනීමට අපට හැක. සත්‍යයට අනුව ජීවත් වීම නිසා නිස්සාර දේවල් ලුහුබැඳීමෙන් අපි ආරක්ෂා වන්නෙමු. ජීවිතය උපරිමයෙන් භුක්ති විඳීමට අවස්ථාවද අපට ලැබෙයි. එමෙන්ම අනාගතය ගැන අපූර්ව බලාපොරොත්තුවක් අපට ලබා දෙයි.
7. බයිබලයේ සඳහන් සත්‍යය කරා පහසුවෙන් ළඟා විය හැක්කේ කාටද? නොහැක්කේ කාටද?
7 බයිබලයේ සඳහන් සත්‍යය ඔබ තේරුම්ගෙන තිබෙනවාද? එසේනම් ඔබ ඉමහත් ලෙස ආශීර්වාද ලබා තිබේ. ලේඛකයෙක් පොතක් ලියන විට සාමාන්‍යයෙන් ඔහු හෝ ඇය කරන්නේ යම් විශේෂිත පාඨක පිරිසක් එයට ආකර්ෂණය කරගැනීමේ අරමුණ ඇතුව එය ලිවීමයි. සමහර පොත් ලියනු ලබන්නේ උසස් අධ්‍යාපනයක් ලබා තිබෙන අය සඳහායි. තවත් පොත් ළමුන් සඳහාද යම් විශේෂ ක්ෂේත්‍ර ගැන හදාරන අය සඳහාද ලියනු ලැබේ. බයිබලය සෑම කෙනෙකුටම පහසුවෙන් ලබාගත හැකි වුවද, එය ලියා තිබෙන්නේ යම් විශේෂිත ජන පිරිසක් විසින් එහි අඩංගු දේවල් තේරුම්ගෙන, ඉන් තෘප්තියක් ලබනවා දැකීමේ අරමුණ ඇතුවයි. යෙහෝවා බයිබලය නිර්මාණය කර තිබෙන්නේ පොළොවේ සිටින යටහත් පහත් මොළොක් ගුණැති අය සඳහායි. මෙවැනි අයගේ අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම හා ජාතිය කුමක් වුවත් බයිබලයේ සඳහන් දේවල අර්ථය වටහාගැනීමට ඔවුන්ට හැක. (1 තිමෝති 2:3, 4) අනිත් අතට බලන කල නිසි නැඹුරුවාවක් නොදක්වන අය කොතරම් බුද්ධිමත් වුවත් මොනතරම් අධ්‍යාපනයක් ලබා තිබුණත් බයිබලයේ සඳහන් සත්‍යය තේරුම්ගැනීමේ හැකියාව ඔවුන්ට ලබා දී නැත. උඩඟු, අහංකාර අයට දේවවචනයේ අනර්ඝ සත්‍යයන් වටහාගත නොහැක. (මතෙව් 13:11-15; ලූක් 10:21; ක්‍රියා 13:48) මෙවන් පොතක් නිර්මාණය කළ හැක්කේ දෙවිට පමණි.
යෙහෝවාගේ සේවකයන් සත්‍යවාදීයි
8. යේසුස් සත්‍යයේ ප්‍රතිමූර්තිය වූයේ මන්ද?
8 යෙහෝවා මෙන් ඔහුගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝද සත්‍යවාදී අය වෙති. යෙහෝවාගේ විශිෂ්ටතම යොහන් 14:6; එළිදරව් 3:14; 19:10.
සාක්ෂිකරුවා වන යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ දේවලින් හා ජීවත් වූ ආකාරයෙන්ද මිය ගිය ආකාරයෙන්ද පෙනී යන්නේ සත්‍යය තව තවත් තහවුරු කිරීම සඳහා මහත් මෙහෙවරක් ඔහු සිදු කළ බවයි. යෙහෝවාගේ වචනයේ හා පොරොන්දුවල සත්‍යතාවට ඔහු පූර්ණ අනුබලය ලබා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යේසුස්ම පැවසූ ලෙස ඔහු සත්‍යයේ ප්‍රතිමූර්තිය විය.—9. සත්‍යය කතා කිරීම ගැන ශුද්ධ ලියවිලිවල පවසන්නේ කුම-ක්ද?
9 යේසුස් “මහත් කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණව” සිටි අතර “ඔහුගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.” (යොහන් 1:14, NW; යෙසායා 53:9) අන් අය සමඟ සත්‍යවාදී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය සැබෑ ක්‍රිස්තියානීහුද අනුගමනය කරති. පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ දැන් බොරු කීම අත්හැර දමා තිබෙන හෙයින්, ඔබ එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකාගේ අන්‍යෝන්‍ය අවයවයෝ වන්නෙමු.” (එෆීස 4:25, NW) මෙම වදන් ලිවීමට කලකට ඉහතදී අනාගතවක්තෘ සෙකරියා මෙසේ ලීවේය. “එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කතා කරන්න.” (සෙකරියා 8:16) දෙවිව සතුටු කිරීමට ක්‍රිස්තියානීන්ට සැබෑ වුවමනාවක් තිබෙන නිසා ඔවුහු සත්‍යවාදී වෙති. යෙහෝවා සත්‍යවාදී කෙනෙකු වන අතර බොරුව මගින් ඇති කරන හානිය ඔහු දනියි. එමනිසා ඔහුගේ සේවකයන්ගෙන් ඔහු සාධාරණ ලෙස අපේක්ෂා කරන්නේ සත්‍යය පැවසීමයි.
10. මිනිසුන් බොරු කියන්නේ ඇයි? එහි හානිකර ප්‍රතිඵල මොනවාද?
10 බොහෝදෙනෙකු බොරු කීම සලකන්නේ යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමට තිබෙන පහසු ක්‍රමයක් ලෙසයි. මිනිස්සු දඬුවම්වලින් බේරීමට, යම් ආකාරවලින් ලාභ ලැබීමට හෝ අන් අයගේ ප්‍රශංසාව ලබාගැනීමට බොරු කියති. එහෙත් බොරු කීමේ පුරුද්ද දුෂ්ට දෙයකි. ඊටත් වඩා මෙහි තිබෙන බරපතළකම වන්නේ බොරුකාරයෙකුට දෙවිගේ අනුමැතිය ලබාගත නොහැකි වීමයි. (එළිදරව් 21:8, 27; 22:15) අප සත්‍යවාදී අය බව කොයි කවුරුත් දන්නවා නම් අප පවසන දේවල් අන් අය විශ්වාස කරති. ඔවුන්ට අප ගැන සැකයක් ඇති වන්නේ නැත. කෙසේවෙතත් අප එක බොරුවක් හෝ කියා, එය හෙළි වුවහොත් අප ඉන් ඉදිරියට පවසන දේවල සත්‍යතාව ගැන අන් අය තුළ සැකයක් ඇති විය හැක. අප්‍රිකානු ආප්තෝපදේශයක මෙසේ සඳහන් වේ. “සත්‍යය දහසකට වුවද හානි පැමිණ වීමට එක බොරුවකට හැකිය.” තවත් ආප්තෝපදේශයක සඳහන් වන්නේ මෙසේය. “බොරුකාරයෙක් යම් විටක සත්‍යය පැවසුවත් එය විශ්වාස නොකෙරේ.”
11. සත්‍යවාදී වීම, සත්‍යය පැවසීමට වඩා වැඩි දෙයක් වන්නේ කුමනාකාරයෙන්ද?
11 සත්‍යවාදී වීමෙන් සත්‍යය පැවසීමට වඩා වැඩි දෙයක් අදහස් කෙරේ. එය ජීවිත මඟකි. අප කෙබඳු පුද්ගලයන්ද කියා ඉන් කියවේ. අප පවසන දේවලින් පමණක් නොව අප කරන දේවලින්ද අපි අන් අයට සත්‍යය දැනගැනීමට උපකාර කරන්නෙමු. “වෙන කෙනෙකුට උගන්වන්නාවූ ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද” කියා ප්‍රේරිත පාවුල් ඇසුවේය. “‘සොරකම් නොකරන්න’ කියා ඔබ දේශනා කරන්නෙහිය. එහෙත් ඔබම සොරකම් කරනවාද? ‘පරදාර සේවනයෙහි නොයෙදෙන්න’ යයි ඔබ කියන්නෙහිය. එහෙත් ඔබම පරදාර සේවනයෙහි යෙදෙනවාද?” (රෝම 2:21, 22, NW) අප අන් අයට සත්‍යය දැනගැනීමට උපකාර කරන්න නම් අප කරන කියන සෑම දෙයකදීම සත්‍යවාදී විය යුතුය. සත්‍යවාදී වීම හා අවංක වීම සම්බන්ධයෙන් අප දරන හොඳ නම, අප උගන්වන දේවලට ජනයා දක්වන ප්‍රතිචාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත.
12, 13. එක් ළමයෙක් සත්‍යවාදීකම ගැන ලීවේ කුමක්ද? ඇගේ උසස් සදාචාර ප්‍රතිපත්තිවලට හේතුව කුමක්ද?
12 යෙහෝවාගේ සේවකයන් අතර සිටින දරුවෝද සත්‍යවාදී වීමේ වැදගත්කම තේරුම්ගෙන සිටිති. ජෙනී පාසැලේදී ලියූ රචනාවක මෙසේ සඳහන් කළාය. ඒ කාලයේ ඇගේ වයස අවුරුදු 13කි. “අවංකකම මම ඇත්තටම අනර්ඝ කොට සලකන ගුණාංගයකි. වර්තමානයේ සිටින බොහෝදෙනෙකු සම්පූර්ණයෙන්ම අවංක නොවීම කනගාටුදායකය. මගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අවංක වීමට මම එක සිතින් අදිටන් කරගෙන සිටිමි. සත්‍යය පැවසීමෙන් මට හෝ මගේ මිතුරන්ට ක්ෂණික ප්‍රයෝජන නොලැබුණද මම අවංක වන්නෙමි. මගේ මිතුරන් වන අය සත්‍යය පවසන අවංක අය වන බවටද මම වගබලා ගනිමි.”
13 මෙම රචනාව ගැන අදහස් දක්වමින් ජෙනීගේ ගුරුවරිය මෙසේ සඳහන් කළාය. “කුඩා ළමයෙක් වුණත් කිසිවිටකත් වෙනස් නොකරන සදාචාර හා සාරධර්ම ප්‍රතිපත්ති මාලාවක් ඔයා තුළ දකින්න තිබෙනවා. ඔයා ප්‍රතිපත්ති කොහොමටවත් වෙනස් නොකරන කෙනෙක් නිසා ඔයාගේ ප්‍රතිපත්ති මාලාව ස්ථිරව රැකගන්න බව මට විශ්වාසයි.” සදාචාර ප්‍රතිපත්ති රැකීම සම්බන්ධයෙන් මේ පාසැල් දැරියගේ අධිෂ්ඨාන ශක්තියට හේතු වූයේ කුමක්ද? “[ඇගේ] ජීවිතයේ ප්‍රතිපත්ති නියම කරන්නේ” ඇගේ ආගම මගින් බව ජෙනී ඇගේ රචනාවේ හැඳින්වීමේදී සඳහන් කළාය. එම රචනාව ලියා වසර හතක් ගත වී තිබේ. ඇගේ ගුරුවරිය සඳහන් කළාක් මෙන් ජෙනී යෙහෝවාගේ සාක්ෂිකාරියක් වශයෙන් ඇය ජීවත් වන ආකාරයෙන් උසස් සදාචාර ප්‍රතිපත්ති අඛණ්ඩව රක්ෂා කරන බව පෙන්වයි.
යෙහෝවාගේ සේවකයෝ සත්‍යය හෙළි කරති
14. සත්‍යවාදී දේවල් රක්ෂා කිරීමේදී දෙවිගේ සේවකයන්ට විශේෂ වගකීමක් තිබෙන්නේ මන්ද?
14 යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැර වෙනත් අයද සත්‍යය පැවසිය හැකි බවත්, ඔවුන්ද අවංක වීමට උත්සාහ කළ හැකි බවත් අප පිළිගත යුතුය. කෙසේවෙතත් දෙවිගේ සේවකයන් වශයෙන් සත්‍යවාදී දේවල් රක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට විශේෂ වගකීමක් තිබේ. සදාකාල ජීවනය කරා මඟ පෙන්වන බයිබල් සත්‍යයන් අපට භාර දී ඇත. මේ නිසා අන් අය සමඟ එම දැනුම බෙදාගැනීමේ වගකීම අප සතුය. “බොහෝ දේ දෙනු ලැබූ සියලුදෙනාගෙන්ම බොහෝ දේ ඉල්ලා සිටිනු ලැබේ” කියා යේසුස් පැවසුවේය. (ලූක් 12:48, NW) ඇත්තෙන්ම, දෙවි පිළිබඳ අනර්ඝ දැනුම ලැබීමෙන් ආශීර්වාද ලබා තිබෙන අයගෙන් “බොහෝ දේ ඉල්ලා සිටිනු ලැබේ.”
15. අන් අයට සත්‍යය ගැන පවසන විට ඔබ අද්දකින්නේ කුමනාකාරයේ සන්තෝෂයක්ද?
15 අන් අයට බයිබලයේ සඳහන් සත්‍යය කියා දීමෙන් ප්‍රීතියක් ලැබේ. මුල් සියවසේ සිටි යේසුස්ගේ ගෝලයන් මෙන් අපිද “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටින අයට හා ‘භූතයන්ගේ ඉගැන්වීම්වලින්’ අන්ධව, වියවුල්ව සිටින අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙමු. මෙය ජනයා තුළ බලාපොරොත්තුවක් ඇති කරවන ප්‍රීතිමත් පණිවිඩයකි. (මතෙව් 9:36, NW; 1 තිමෝති 4:1, NW) ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත.” (3 යොහන් 4, NW) යොහන්ගේ ‘දරුවන්ගේ’ විශ්වාසවන්තභාවය, එනම් ඔහු සත්‍යය කියා දුන් අයගේ විශ්වාසවන්තභාවය ඔහුගේ ඉමහත් ප්‍රීතියට හේතුවක් විය. ජනයා දේවවචනය අගය කිරීමෙන් යුතුව සලකමින් ප්‍රතිචාරය දක්වනවා දකින විට අපිද ඉන් ප්‍රීතියක් ලබන්නෙමු.
16, 17. (ආ) සෑම කෙනෙක්ම සත්‍යය පිළිනොගන්නේ මන්ද? (ආ) ඔබ බයිබලයේ සඳහන් සත්‍යය ප්‍රකාශ කරන විට ඔබට භුක්ති විඳිය හැක්කේ කුමනාකාරයේ ප්‍රීතියක්ද?
16 සෑම කෙනෙකුම සත්‍යය පිළිගන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. බහුතරයක් සවන් දීම ප්‍රතික්ෂේප කළද යේසුස් දෙවි පිළිබඳ සත්‍යය කතා කළේය. තමන්ට විරුද්ධවාදීකම් එල්ල කළ යුදෙව්වන්ට ඔහු මෙසේ පැවසුවේය. “ඔබ මාව විශ්වාස නොකරන්නේ මන්ද? දෙවිගෙන් වූ තැනැත්තා දෙවිගේ වදන්වලට සවන් දෙන්නේය. ඔබ සවන් නොදෙන්නේ, ඔබ දෙවිගෙන් නොවන නිසාය.—යොහන් 8:46, 47, NW.
17 යේසුස් මෙන් අපිද යෙහෝවා පිළිබඳ අනර්ඝ සත්‍යය පැවසීමෙන් වැළකී නොසිටිමු. යේසුස් පැවසූ දේවල් සෑම කෙනෙකුම පිළිනොගත්තාක් මෙන් අප අන් අයට පවසන දේවල්ද ඔවුන් සියලුදෙනාම පිළිගනියි කියා අපි මතෙව් 5:14, 16) සාතන්ගෙන් වන සත්‍යයේ ව්‍යාජ පිටපත අපි ප්‍රතික්ෂේප කරන බවත් පවිත්‍ර හා නිකැළැල් දේවවචනයට අපගේ පූර්ණ අනුබලය ලැබෙන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු. අප දැන සිටින හා අන් අය සමඟ බෙදාගන්න සත්‍යය පිළිගන්න අයට සැබෑ නිදහස අත් කර දීමට එම සත්‍යයට හැක.—යොහන් 8:32.
අපේක්ෂා නොකරමු. කෙසේවෙතත් අප කරමින් සිටින්නේ හරි දෙයයි කියා දැන සිටින නිසා අපි ප්‍රීතිය භුක්ති විඳින්නෙමු. මනුෂ්‍යවර්ගයාට සත්‍යය හෙළි කරනවා දැකීම, ප්‍රේමණීය කරුණාව පෙන්වන යෙහෝවාගේ කැමැත්තයි. සත්‍යය තමන් ළඟ තිබෙන අය වශයෙන් ක්‍රිස්තියානීහු අන්ධකාර ලොවක පහන් දරන්නන් ලෙස කටයුතු කරති. අපේ මුවින් පිට වන වචනවලින් හා අප කරන දේවලින් සත්‍යයේ ආලෝකය බැබළීමට සැලැස්වීම මගින් අපේ ස්වර්ගික පියාව මහිමයට පත් කිරීමට අන් අයට උපකාර කිරීමට අපට හැක. (සත්‍යය දිගටම ලුහුබඳින්න
18. යේසුස් නතානියෙල්ට කරුණාව පෙන්වූයේ මන්ද? කෙසේද?
18 යේසුස් සත්‍යයට ඇලුම් කළේය. ඔහු කතා කළේ සත්‍යයයි. ඔහු පොළොවේ දේවසේවය කළ කාලයේදී සත්‍යවාදී අයට කරුණාව පෙන්නුවේය. නතානියෙල් ගැන ඔහු මෙසේ පැවසුවේය. “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල්වරයෙක්. මොහු තුළ කිසි වංචාවක් නැත.” (යොහන් 1:47, NW) බාතොලමෙව් කියාද හැඳින්වූවායයි කියා සිතිය හැකි නතානියෙල්ව පසු කාලයේදී ප්‍රේරිතයන් 12දෙනාගෙන් එක් අයෙකු ලෙස තෝරාගන්නා ලදි. (මතෙව් 10:2-4) මෙය මොනතරම් ගෞරවයක්ද!
19-21. කලක් අන්ධව සිටි මිනිසෙක් නිර්භීතව සත්‍යය පැවසීමෙන් ආශීර්වාද ලැබුවේ කෙසේද?
19 යේසුස්ගෙන් ආශීර්වාද ලැබූ තවත් අවංක මිනිසෙකු ගැන වාර්තාවක් බයිබලයේ යොහන් නමැති පොතේ මුළු පරිච්ඡේදයකම විස්තර කෙරේ. ඔහුගේ නම අපි නොදනිමු. ඔහු ගැන අපට දැනගැනීමට තිබෙන්නේ ඔහු උපතින්ම අන්ධ, සිඟන්නෙකුව සිටි බවයි. යේසුස් ඔහුට පෙනීම ලබා දුන් අවස්ථාවේදී ජනයා මවිතයට පත් විය. මෙම ආශ්චර්යවත් සුව කිරීම ගැන සත්‍යයට වෛර කළ ඇතැම් පරිසිවරුන්ගේ කනට වැටුණි. යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන ඕනෑම කෙනෙකුව සිනගෝගයෙන් පහ කිරීමට ඔවුන් එකඟත්වයකට පැමිණ තිබිණ. කලක් අන්ධව සිටි මිනිසාගේ දෙමාපියෝ ඔවුන්ගේ එම සැලැස්ම දැන සිටි නිසා බියට පත්ව පරිසිවරුන්ට බොරු කීවෝය. තමන්ගේ පුත්‍රයාට පෙනීම ලැබී තිබෙන්නේ කෙසේද කියාවත්, එය සිදු කළේ කවුද කියාවත් තමන් දන්නේ නැති බව ඔවුහු පැවසූහ.—යොහන් 9:1-23.
20 සුව කරන ලද මෙම මිනිසාව නැවත වතාවක් පරිසිවරුන් ඉදිරිපිටට කැඳවන ලදි. මුහුණ දීමට සිදු විය හැකි දෙය කුමක් වුවත් ඔහු නිර්භීතව සත්‍යය පැවසුවේය. තමන්ව සුව කරනු ලැබූ ආකාරයත් එය කළේ යේසුස් බවත් ඔහු පැහැදිලි කළේය. එම වැදගත් මෙන්ම උගත් මිනිසුන් යේසුස් දෙවි විසින් එවන ලද තැනැත්තෙකු බව විශ්වාස නොකිරීම ගැන මවිතයට පත් වූ සුවය ලැබූ මිනිසා නිර්භීතව ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ පැහැදිලිව දකින්න තිබෙන සාක්ෂිය පිළිගන්නා ලෙසයි. “මේ මිනිසා දෙවි වෙතින් නොපැමිණියේ නම්, ඔහුට කිසිවක් කළ නොහැක.” නිරුත්තර වූ පරිසිවරු මේ මිනිසා තමන්ට ගරු සරු නැතිව කතා කළ බවට චෝදනා කරමින් ඔහුව පිටතට එළවා දැමුවෝය.—යොහන් 9:23-34, NW.
21 යේසුස් මෙය දැනගත් විට ප්‍රේමණීය ලෙස ඒ මිනිසාව සෙවීමට කාලය ගත්තේය. ඔහුව සොයාගත් පසු එම මිනිසා කලින් පෙන්වා තිබූ ඇදහිල්ල යේසුස් විසින් තවත් ශක්තිමත් කරමින් තමා මෙසියස් බව කෙළින්ම හඳුන්වා දුන්නේය. සත්‍යය පැවසීම නිසා ඒ මිනිසා ලැබුවේ මොනතරම් උතුම් ආශීර්වාදයක්ද! සත්‍යය කතා කරන අයට දෙවිගේ ආශීර්වාද හිමි වන බව නිසැකයි.—යොහන් 9:35-37.
22. අප දිගටම සත්‍යවාදී ජීවිත මඟේ දිගටම ගමන් කළ යුත්තේ මන්ද?
22 නිතරම සත්‍යවාදී වීම බැරෑරුම්ව සැලකිය යුතු මෙන්ම අඛණ්ඩව ලුහුබැඳිය යුතු දෙයකි. මිනිසුන් මෙන්ම දෙවි සමඟද යහපත් සබඳතාවක් ඇති කරගෙන, එය දිගටම පවත්වාගැනීම කළ යුතු අත්‍යවශ්‍ය දෙයකි. සත්‍යවාදී තැනැත්තෙකු විවෘත විය යුතුය. නියම තත්වය හෙළි කළ යුතුය. පහසුවෙන් එළඹිය හැකි මෙන්ම විශ්වාසය තැබිය හැකි අයෙකු විය යුතුය. සත්‍යවාදී තැනැත්තාට යෙහෝවාගේ අනුමැතියද හිමි වේ. (ගීතාවලිය 15:1, 2) බොරුකාර පුද්ගලයෙකු අන් අයව රවටයි. විශ්වාසය තැබිය නොහැකි අයෙකි. මවාපෑමක් කරන අයෙකි. එවැන්නෙකු යෙහෝවාගේ අප්‍රසාදයට ලක් වේ. (හිතෝපදේශ 6:16-19) එමනිසා සත්‍යවාදී ජීවිත මඟේ දිගටම ගමන් කිරීමට අදිටන් කරගෙන සිටින්න. ඇත්තෙන්ම සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීමට නම් අප සත්‍යය දැන සිටිය යුතුය. සත්‍යය කතා කළ යුතුය. සත්‍යයට අනුව ජීවත් විය යුතුය.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• අප සත්‍යය දැන සිටීම ගැන අපට ස්තුතිපූර්වක විය හැක්කේ මන්ද?
• සත්‍යවාදී වීම ගත් කල අපට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?
• බයිබලයේ සඳහන් සත්‍යය අන් අයට පැවසීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
• සත්‍යවාදී ජීවිත මඟේ දිගටම ගමන් කිරීම වැදගත් වන්නේ මන්ද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[17වන පිටුවේ පින්තූර]
බයිබලයේ සඳහන් සත්‍යය භාර දී තිබෙන ක්‍රිස්තියානීන් එය ජ්වලිතව අන් අයට පැවසිය යුතුය
[18වන පිටුවේ පින්තූර]
යේසුස් විසින් සුව කරනු ලැබූ අන්ධ මිනිසා සත්‍යය පැවසීම නිසා ඉමහත් ලෙස ආශීර්වාද ලැබුවේය