Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රස වින්දනයක් ලැබුවාද? එසේනම් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකිදැයි බලන්න.

රූත්ව කදිම ආදර්ශයක් ලෙස සැලකීමට හේතු මොනවාද?

ඇය යෙහෝවාට දැක්වූ ප්‍රේමය හා නායොමිට පෙන්වූ පක්ෂපාත ප්‍රේමය සම්බන්ධයෙන්ද ඇගේ කඩිසරකම සහ නිහතමානීකම සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ආදර්ශයක්. ඇයව “සුශීලවත් ස්ත්‍රියක්” ලෙස මනුෂ්‍යයන් සැලකීම ගැන පුදුම විය යුතු නැහැ. (රූත් 3:11)—4/15, පිටු 23-6.

යෙහෝවා සාමාන්‍ය ජනයා කෙරෙහි සැලකිල්ල දක්වන බව අප දන්නේ කොහොමද?

ඊජිප්තුවේ කෲර සැලකිලි ලැබූ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා පැවසුවේ සාමාන්‍ය ජනයාට අයුත්තක් නොකරන්න කියායි. (නික්මයාම 22:21-24) යේසුස් තම පියාව අනුකරණය කරමින් සාමාන්‍ය ජනයා කෙරෙහි අවංක උනන්දුවක් පෙන්වූවා. ඔහු තම ප්‍රේරිතයන් ලෙස තෝරාගත්තේ “නූගත්, සාමාන්‍ය” මනුෂ්‍යයන්වයි. (ක්‍රියා 4:13, NW; මතෙව් 9:36) අන් අය ගැන සැලකිල්ල දක්වමින් විශේෂයෙන්ම යෞවන අය කෙරෙහි සැලකිල්ල දක්වමින් අපටත් පුළුවන් දෙවිව අනුකරණය කරන්න.—4/15, පිටු 28-31.

• යෙහෝවා අප කරන දේවල් සැලකිල්ලට ගන්නවා කියා විශ්වාස කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

යෙහෝවා මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් සැලකිල්ලට ගන්න බව බයිබල් වාර්තාවේ පෙන්නුම් කරයි. ඔහු ආබෙල්ගේ පූජාව කෙරෙහි සැලකිල්ල දැක්වූ අතර ඔහු අප දෙන ‘තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාවන්’ ගැනත් සැලකිලිමත් වෙයි. (හෙබ්‍රෙව් 13:15, NW) යෙහෝවා දැන සිටියා ඒනොක් පවිත්‍ර සහ සදාචාරාත්මක ජීවිතයක් ගත කරමින් ඔහුව සතුටු කිරීමට වෑයම් කළ බව. ඊශ්‍රායෙලිතයෙක් නොවන සාරෆෙත් නම් නගරයේ විසූ වැන්දඹු ස්ත්‍රිය තමන්ට තිබූ ස්වල්ප දේ අනාගතවක්තෘ එලියා සමඟ බෙදාගත් ආකාරය යෙහෝවා දුටුවා. එලෙසම අපගේ විශ්වාසවන්ත ක්‍රියාවන් කෙරෙහිද යෙහෝවා සැලකිල්ල දක්වයි.—5/1, පිටු 28-31.

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසට පසු ක්‍රිස්තියානීන් බවට පත් වූවන්ට පෞද්ගලිකවම දෙවිට කැපවීමට සිදු වුණා කියා පවසන්නේ ඇයි?

පොදු යුගයට පෙර 1513දී යෙහෝවා සමඟ කැප වූ සම්බන්ධකමකට පුරාණ ඊශ්‍රායෙලිතයන් එළඹුණා. (නික්මයාම 19:3-8, NW) ඉන්පසු යුදෙව්වන් උපත ලැබුවේ මෝසෙස්ගේ නීතික ගිවිසුම යටතේ එම කැප වූ ජාතියට අයත්වයි. නමුත් යෙහෝවා පො.යු. 33දී ක්‍රිස්තුස්ගේ මරණය මගින් මෝසෙස්ගේ නීතික ගිවිසුම අහෝසි කළා. (කොලොස්සි 2:14, NW) ඉන්පසු දෙවිට පිළිගත හැකි සේවයක් කිරීමට අවශ්‍ය වූ යුදෙව්වන්ට සිදු වුණා දෙවිට කැප වී යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වෙන්න.—5/15, පිටු 30-1.

සුවඳ දුම් ඇල්ලීම සැබෑ නමස්කාරයට ඇතුළත්ද?

සුවඳ දුම් භාවිතය පුරාණ ඊශ්‍රායෙලයේ සැබෑ නමස්කාරයේ අංගයක්ව තිබුණා. (නික්මයාම 30:37, 38; ලෙවී කථාව 16:12, 13) එහෙත් සුවඳ දුම් ඇල්ලීම ඇතුළත් මෝසෙස්ගේ නීතික ගිවිසුම ක්‍රිස්තුස්ගේ මරණයත් එක්කම නිමාවට පත් වුණා. ක්‍රිස්තියානීන් ආගමික නොවන අරමුණු සඳහා සුවඳ දුම් භාවිත කරනවාද නැද්ද කියා තීරණය කිරීම පෞද්ගලික කාරණයක් වුවත් අද දින එය සැබෑ නමස්කාරයට ඇතුළත් වන්නේ නැහැ. එමෙන්ම අන් අයව බාධාවට පත් නොකිරීම සඳහා ඔවුන්ගේ හැඟීම් ගැනත් සැලකිලිමත් විය යුතුයි.—6/1, පිටු 28-30.

යේසුස් මිහිතලයේ ජීවත් වූවා කියා විශ්වාස කිරීමට හේතු වූයේ මෑතක ලැබුණු කිනම් සාක්ෂියද?

ඊශ්‍රායෙලයේ තිබී සොයාගත් මිය ගිය අයෙකුගේ අස්ථි තැන්පත් කර තිබූ මංජුසාව පිළිබඳව මෑතකදී පුළුල් ප්‍රචාරයක් පැවතුණා. එය පළමු ශතවර්ෂයේ එකක් බවට අනුමාන කරන අතර “යෝසෙප්ගේ පුත්‍රයා වූද යේසුස්ගේ සහෝදරයා වූද යාකොබ්” කියාද එහි කොටා තිබෙනවා. මෙය යේසුස් පිළිබඳව බයිබලයට පරිබාහිරව තිබෙන “පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්ෂිය” ලෙස සමහරෙකු සලකයි.—6/15, පිටු 3-4.

මිනිසෙකු ප්‍රේමය පෙන්වීමට ඉගෙනගන්නේ කොහොමද?

මිනිසා ප්‍රේම කිරීමට මුලින්ම ඉගෙනගන්නේ තම දෙමාපියන්ගේ ආදර්ශය හා පුහුණුව මගින්. සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දක්වයි නම් දරුවන්ට ප්‍රේමය පෙන්වීමට ඉගෙනගත හැකියි. (එපීස 5:28; තීතස් 2:4) යම් පුද්ගලයෙක් ප්‍රේමණීය වාතාවරණයක් නොතිබුණු පවුල් කවයකින් පැමිණියද ඔහුට යෙහෝවාගේ පියෙකු බඳු මඟ පෙන්වීම පිළිගැනීමෙන්, ශුද්ධාත්මයේ උපකාරයෙන් සහ ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් ප්‍රේම කිරීමට ඉගෙනගත හැකියි.—7/1, පිටු 4-7.

යුසීබියස් යනු කවරෙක්ද? ඔහුගේ ජීවිතයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

යුසීබියස් පුරාණයේ සිටියාවූ ඉතිහාසඥයෙක්. ඔහු රචනා කළ ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය නමැති වෙළුම් දසයකින් යුත් කෘතියට අවසන් තිත තැබුවේ පොදු යුගයේ 324දීයි. පියාණන් පුත්‍රයාණන්ට පෙර පැවතියා කියා ඔහු විශ්වාස කළත් නයිසියාවේ පැවති සම්මන්ත්‍රණයේදී යුසීබියස් පිළිගත්තේ වෙනස්වූ වෙනත් අදහසකි. ඔහු යේසුස්ගේ අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවිය යුතුයි’ යන උපදෙස නොසලකා හැර තිබුණා. (යොහන් 17:16, NW)—7/15, පිටු 29-31.

බහුභාර්යා සේවනය පිළිබඳව යෙහෝවා තම ප්‍රමිතිය වෙනස් කර තිබෙනවාද?

බහුභාර්යා සේවනය පිළිබඳව යෙහෝවා ඔහුගේ ප්‍රමිති වෙනස් කර නැහැ. (මලාකී 3:6) පළමු මිනිසා සඳහා දෙවිගේ සැලැස්ම වූයේ ‘භාර්යාවට ඇලුම් වීම’ සහ ඇයත් සමඟ එක මාංසයක් වීමයි. (උත්පත්ති 2:24) වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙනත් විවාහයක් කරගන්න කෙනෙකු පරදාර සේවනයේ යෙදෙන්නෙක් වෙයි. (මතෙව් 19:4-6, 9, NW) ක්‍රිස්තියානි සභාව පිහිටුවීමත් සමඟ බහුභාර්යා සේවනයට යෙහෝවා ඉවසිලිවන්තව ඉඩහැර තිබූ කාලය නිමා වුණා.—8/1, පිටුව 28.