Skip to content

පටුනට යන්න

ඔබ ‘කෙවිටට පයින් ගසනවාද?’

ඔබ ‘කෙවිටට පයින් ගසනවාද?’

ඔබ ‘කෙවිටට පයින් ගසනවාද?’

බයිබල් කාලවල බර අදින සතුන් දක්කගෙන යෑමට සහ මඟ පෙන්වීමට කෙළවර තියුණු යකඩ තුඩක් සහිත දිග කෙවිටක් භාවිත කළා. මෙම කෙවිටෙන් අනින විට, සතා මුරණ්ඩු වී එය තල්ලු කිරීමට වෑයම් කළ විට කුමක්ද සිදු වුණේ? සහනයක් ලැබෙනවාට වඩා ඌට අත් වුණේ වේදනාවකි.

සාවුල් නමැති පුද්ගලයෙක් යේසුස්ගේ ගෝලයන්ගෙන් කිහිපදෙනෙකුව අත් අඩංගුවට ගන්න යමින් සිටියදී නැවත නැඟිටින ලද යේසුස් ඔහුට පෙනී සිටි විට කෙවිටවල් පිළිබඳව යමක් පැවසුවා. ඇස් අන්ධ කරවන ආලෝකයක් අතුරින් සාවුල්ට යේසුස් මෙසේ කියනවා ඇසුණා. “සාවුල් සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි? කෙවිටවලට පයින් ගැසීම ඔබටම අන්තරාදායකය.” ක්‍රිස්තියානීන්ට අයුතු ලෙස සැලකීමෙන් ඇත්තටම සාවුල් කරමින් සිටියේ දෙවිට විරුද්ධව සටනක්. එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් සිදු වන්නේ තමාටම හානියක්.—ක්‍රියා 26:14, NW.

අපත් නොදැනුවත්ම ‘කෙවිටට පයින් ගසනවා’ විය හැකිද? බයිබලයේ අඩංගු “ප්‍රඥාවන්තයාගේ වචන” අපව හරි දිශාව ඔස්සේ ඉදිරියට යෑමට පොලඹවන කෙවිටවලට සමාන කර තිබෙනවා. (දේශනාකාරයා 12:11) අප ඊට ඉඩ දෙනවා නම්, අපව යහපතට පොලඹවන්නත් අපට හරි මඟ පෙන්වීම දෙන්නත් දේවානුභාවය ලත් දෙවිගේ වචනයේ උපදෙස්වලට හැකියි. (2 තිමෝති 3:16) එයින් අප තුළ ඇති කරන පෙලඹවීමට විරුද්ධව කටයුතු කිරීමෙන් සිදු වන්නේ අපටම හානියක්.

යේසුස්ගේ වචන හිතට ගත් සාවුල් තම හැසිරීම වෙනස් කරගත් අතර, ප්‍රේමණීය ක්‍රිස්තියානියෙක් වූ ප්‍රේරිත පාවුල් නමින් ඔහුව පසුව හඳුන්වනු ලැබුවා. දිව්‍ය උපදෙස්වලට අවනත වීම අපට එයාකාරයෙන් සදාකාලික ආශීර්වාද ගෙන දෙයි.—හිතෝපදේශ 3:1-6.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

L. Chapons/Illustrirte Familien-Bibel nach der deutschen Uebersetzung Dr. Martin Luthers