Skip to content

පටුනට යන්න

‘ඔවුන් හා එක් නොවන්න’

‘ඔවුන් හා එක් නොවන්න’

‘ඔවුන් හා එක් නොවන්න’

මෙම පින්තූරයේ එකට හාමින් සිටින ඔටුවා සහ ගොනා ඉමහත් අපහසුතාවකින් සිටිනවා වගේ ඔබට පෙනෙනවා ඇති. විශාලත්වයෙන් හා ශක්තියෙන් එකිනෙකාට සමාන සත්වයන් දෙදෙනෙකු සඳහා නිර්මාණය කරන ලද මෙම වියගහ දැරීමෙන් එම සත්වයන් දෙදෙනාටම වේදනාවක් විඳීමට සිදු වේ. බර අදින එවන් සතුන්ගේ යහපත ගැන සැලකිලිමත් වූ දෙවි, ඊශ්‍රායෙලිතයන්ට මෙහෙම කිව්වා. “ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න.” (ද්විතීය කථාව 22:10) ගොනෙකු සහ ඔටුවෙකු සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්තියම අදාළ වෙයි.

සාමාන්‍යයෙන් ගොවියෙක් තමාගේ සතුන්ට එලෙස හිතා මතා පීඩා කරන්නේ නැහැ. එහෙත් ඔහු ළඟ ගොනුන් දෙන්නෙක් නැත්නම් ඔහු තමා ළඟ සිටින ඕනෑම සතුන් දෙදෙනෙකුව එක වියගහකට බඳියි. පෙනෙනාකාරයට පින්තූරයේ සිටින 19වන ශතවර්ෂයේ ගොවියාත් එහෙම කරන්න තීරණය කරන්න ඇති. උන්ගේ ප්‍රමාණය හා බර අතර තිබෙන වෙනස නිසා දුර්වල සතාට වේගයෙන් ගමන් කිරීමට අපහසු වන අතර ශක්තිමත් එකාට වැඩි බර ප්‍රමාණයක් ඉසිලීමට සිදු වෙයි.

අපට වැදගත් පාඩමක් කියා දීම සඳහා ප්‍රේරිත පාවුල් එවැනි අසම සම්බන්ධයක් සිතේ තබාගනිමින් මෙලෙස ලියුවා. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද?” (2 කොරින්ති 6:14, NW) ක්‍රිස්තියානියෙකු අසම ලෙස එක් විය හැක්කේ කෙසේද?

එක් ආකාරයක් වන්නේ, ක්‍රිස්තියානියෙකු තම විවාහ කලත්‍රයා හැටියට තමාගේ විශ්වාසයන්ට වෙනස් විශ්වාසයන් දරන කෙනෙකු තෝරාගැනීමයි. එවන් සම්බන්ධයක් නිසා දෙපාර්ශ්වයටම අපහසුතා ඇති විය හැකි අතර, එම යුවළ අතරද වැදගත් කාරණා ගැන මතභේද ඇති වනු ඇත.

යෙහෝවා විවාහය ආරම්භ කළ අවස්ථාවේදී, “අනුපූරකයක්” හෝ “සහකාරියක්” වශයෙන් කටයුතු කිරීමේ වගකීම භාර්යාවට දුන්නා. (උත්පත්ති 2:18, NW) ඊට අමතරව අනාගතවක්තෘ මලාකී තුළින් දෙවි භාර්යාවව හැඳින්වූයේ ‘පංගුකාරියක්’ වශයෙනුයි. (මලාකී 2:14) අපගේ මැවුම්කරුට ඕනෑ වන්නේ, විවාහක යුවළක් එකිනෙකාට සහය වෙමින්, දෙදෙනාම එකට ප්‍රයෝජන භුක්ති විඳිමින්, එකම ආත්මික ඉලක්කයක් ඔස්සේ එකට ගමන් කරනවා දැකීමටයි.

‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමෙන්, අපගේ ස්වර්ගීය පියාණන්ගේ උපදෙස්වලට ක්‍රිස්තියානියෙක් ගරු කරයි. (1 කොරින්ති 7:39) මෙසේ කිරීමෙන් විවාහය තුළ එකමුතුකමට හොඳ අත්තිවාරමක් දැමෙන අතර, අඹු සැමි යුවළ විශේෂ අර්ථයකින් ‘සැබෑ සහයකයන්’ වශයෙන් දෙවිට සේවය කරද්දී එමගින් දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ලැබෙයි.—ෆිලිප්පි 4:3, NW.

[32වන පිටුවේ පින්තූරය]

ඔටුවා හා ගවයා: La Tierra Santa, නමැති පොතේ 1වන වෙළුම, 1830