Skip to content

පටුනට යන්න

තීරණ ගැනීමට සිදුවීම මුහුණ දිය යුතුම අභියෝගයකි

තීරණ ගැනීමට සිදුවීම මුහුණ දිය යුතුම අභියෝගයකි

තීරණ ගැනීමට සිදුවීම මුහුණ දිය යුතුම අභියෝගයකි

“තීරණ ගැනීමේ හැකියාව තරම් අතිදුෂ්කර වූද අතිඅනර්ඝ වූද දෙයක් තවත් නැත.” වරක් මෙසේ පැවසුවේ 19වන සියවසේ ප්‍රංශ අධිරාජයෙකු වූ නැපෝලියන් බොනපාට්ය. මෙම ප්‍රකාශයට පැති දෙකක් තිබෙන බවට ඔබ එකඟ වෙනවා විය හැකියි. මන්ද සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ගේම ජීවිත තමන්ට කැමති පරිද්දෙන් හසුරුවන්න කැමති වන නමුත් ඔවුන් වටහාගෙන ඇති දෙයක් නම්, තීරණ ගැනීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවන බවයි.

පහසු වුවත් අමාරු වුවත්, තීරණ ගැනීමෙන් වැළකී සිටින්නට බැරිය. අපට එදිනෙදා ජීවිතයේදී විවිධ තීරණ ගැනීමට සිදු වේ. උදෑසන අවදි වුණායින් පසුව, අප අඳින්නේ කුමක්ද, උදේ ආහාරයට ගන්නේ මොනවාද, දවස පුරා තිබෙන දහසකුත් එකක් වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන තීරණය කළ යුතුයි. මෙම තීරණවලින් වැඩි හරියක්ම එතරම්ම වැදගත්කමක් ඇති දේවල් නොවේ. මේ දේවල් ගැන අප එතරම් හිත හිතා ඉන්නේ නැත. ගනු ලැබූ තීරණය ඥානවන්තද නැද්ද යන්න ගැන අප නිදිමරමින් කල්පනා කරන්නේද නැත.

අනෙක් අතට, අප ගන්නා ඇතැම් තීරණවලට ඇත්තේ දිගු කාලීන බලපෑමකි. අද දින ලෝකයේ ජීවත් වෙන යෞවනයන් තමන් කුමන ඉලක්කයක් තෝරා ගන්නවාදැයි තීරණය කළ යුතුයි. තමන් කුමන වෘත්තියක් හදාරනවාද, එය කොතරම් දුරට හදාරනවාද කියාත් ඔවුන්ට තීරණය කරන්නට සිදු වේවි. තමන් විවාහ වෙනවාද නැද්ද කියාත් දැන් හෝ පසුව තීරණය කරන්නට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට සිදු වේවි. විවාහ වීමට අදහස් කරන අය මෙසේ තීරණය කළ යුතුයි. ‘මා විවාහ වීමට තරම් සුදුසු මේරූ කෙනෙක් වී සිටිනවාද? මම කැමති කිනම් ආකාරයේ සහකරුවෙකුට හෝ සහකාරියකටද? නැත්නම්, වඩා වැදගත් වන කාරණය වන්නේ මට අවශ්‍ය කිනම් ආකාරයේ සහකරුවෙකුව හෝ සහකාරියකවද?’ මේ අනුව අපගේ කලත්‍රයාව තෝරාගැනීමට අප ගන්නා තීරණය ඉතා ගැඹුරින් ජීවිතයට බලපෑම් කරයි.

ඉතා වැදගත් තීරණ ගත යුතු වූ කාරණාවලදී ඥානවන්ත තීරණ ගැනීම අත්‍යවශ්‍යයි. මන්ද සන්තෝෂය බොහෝදුරට රඳා පවතින්නේ අප ගන්නා තීරණ මත බැවිනි. එවන් තීරණ ගැනීමේදී තමන් හරි දක්ෂයෝයයි සිතන ඇතමුන් අනුන්ගෙන් ලැබෙන උපකාර හා සහයෝගය ඇතැම් විට ප්‍රතික්ෂේප කරන්නටත් පුළුවනි. එය ඥානවන්ත දෙයක්ද? අපි දැන් බලමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

නැපෝලියන්: The Pictorial History of the World නමැති පොතෙනි.