Skip to content

පටුනට යන්න

“දෙවිගේ වචනය මොන තරම් බලවත්ද!”

“දෙවිගේ වචනය මොන තරම් බලවත්ද!”

“දෙවිගේ වචනය මොන තරම් බලවත්ද!”

“දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12) දෙවිගේ වචනයේ තිබෙන අසමසම බලය තහවුරු කරමින්, 2003 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයෙහි ලෝකයේ විවිධ රටවල්වල ජීවිත කතා හයක් පළ වුණා. “පෙර සහ පසු” යන තේමාව යටතේ, මිනිසුන්ට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට, විනාශකාරී ජීවිත රටාවන් අත්හැරීමට, පවුල් ජීවිත ශක්තිමත් කරගැනීමට සහ දෙවි සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇති කරගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපනික සේවය උපකාරවත් වන ආකාරය එම දිනදර්ශනයෙහි පෙන්වා තිබුණා.

වර්ෂ 2003 දිනදර්ශනය අගය කරමින් ලිපි බොහොමයක් ලැබී තිබෙනවා. එම ලිපිවල මෙයාකාරයට අදහස් දක්වා තිබුණා.

“ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක යෙදෙන්නට සිදු වී තිබෙන තවත් බොහෝදෙනෙක් සිටින බව වටහාගැනීමට මෙම දිනදර්ශනය සැබෑ ක්‍රිස්තියානීන්ට හොඳ සාක්ෂියක්. එමෙන්ම එහි තිබෙන පින්තූරු මගින් සමහරුන් කර තිබෙන වෙනස්කම් ඔවුන්ට සිහිගැන්විය හැකියි.”—ස්ටීවන්, එක්සත් ජනපදය.

“වර්ෂ 2003 දිනදර්ශනය මගේ සිතට මොන තරම් බලපෑමක් ඇති කළාද කියලා ඔබට දැනගන්න සලස්වන්න මට ඇත්තටම ඕන වුණා. කවදාවත් දිනදර්ශනයක් මට මෙතරම් බලපෑමක් ඇති කරලා නැහැ. මීට පස්සේ මං සාක්ෂි දැරීමට යන විට අනිවාර්යයෙන්ම මෙම දිනදර්ශනය මම රැගෙන යනවා. එවිට මට හැකි වෙයි පුද්ගලයන් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට බයිබලයට හැකි බවට කියාපාන ජීවමාන මෙන්ම චිත්තාකර්ෂණීය සාක්ෂි මිනිසුන්ට පෙන්වන්න.”—මාක්, බෙල්ජියම.

“මෙම දිනදර්ශනය මගේ සිතට ගොඩාක් බලපෑවා. මෙම පුද්ගලයන්ව යෙහෝවා වෙනස් කර ඇති ආකාරය ගැන කියවද්දී මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මගේ ජීවිතය තුළත් නොකඩවා වෙනස්කම් කිරීමට මම පෙලඹිලා තියෙනවා. අපගේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයට මම අයිතියි කියලා මට දැන් වැඩි වැඩියෙන් දැනෙනවා.”—මේරි, එක්සත් ජනපදය.

“සමූහයන්ගේ ආත්මික තත්වය ගැන යේසුස්ට ලොකු අනුකම්පාවක් දැනුණා. ඔබත් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් 2003 වර්ෂය සඳහා එවැනි අයගේ ජීවිත කතා ඇතුළත් දිනදර්ශනයක් පළ කළාට ස්තුතියි. මීට කලින් මට කවදාවත් දිනදර්ශනයක් බලනකොට ඇඬිලා නැහැ.”—කසැන්ඩ්‍රා, එක්සත් ජනපදය.

“වයස අවුරුදු 11දී මම දුම්පානය කිරීමට පටන්ගත්තා. පසුව මම මත්ද්‍රව්‍ය භාවිත කළා. මගේ ජීවිතය නැති කරගන්න මම නිතර කල්පනා කළා. මම යෙහෝවාව දැනහඳුනා ගත්තාට පස්සේ එම පුරුදු අත්හැර දැමීමට මට උපකාර ලැබුණා. මෙම දිනදර්ශනය මට හරිම වැදගත්. ලොව වටා සිටින මගේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම්වලින් මාව ශක්තිමත් වෙනවා. මෙම සටනේදී මං තනි වෙලා නැති බව දැන් මම දන්නවා. ඒ වගේම වඩාත්ම වැදගත් දෙය වන්නේ යෙහෝවාට ප්‍රේම කිරීමත් ඔහුට මුළු හදින් සේවය කිරීමත් බව මම දැන් දන්නවා.”—මාගරට්, පෝලන්තය.

“දෙවිගේ වචනය මොන තරම් බලවත්ද! වර්ෂ 2003 දිනදර්ශනය දැක්කහම කඳුළු වළක්වගන්න මට අමාරු වුණා. මෙම අද්දැකීම්වලින් සහ පින්තූරුවලින් ඇදහිල්ල ගොඩාක් ශක්තිමත් වෙනවා.”—ඩාලීන්, එක්සත් ජනපදය.

“මේ අයගෙන් සමහරෙකුගේ පරණ ජීවිත රටාව, මගේ පරණ ජීවිත රටාවට හුඟාක් සමානයි. පරාජය කළ නොහැකි ඒවා මෙන් පෙනෙන්නට තිබූ නරක පුරුදු අත්හැර දැමීමට අවශ්‍ය ශක්තිය යෙහෝවා මට දීලා තියෙනවා. මෙම සත්‍ය ජීවිත කතා සැපයීම ගැන ඔබට ගොඩාක් ස්තුතියි.”—විලියම්, එක්සත් ජනපදය.