යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබේ නිවසට නිතර නිතර පැමිණෙන්නේ ඇයි?
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබේ නිවසට නිතර නිතර පැමිණෙන්නේ ඇයි?
ලොව වටා නොකඩවා කෙරීගෙන යන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගෙයින් ගෙට සේවය ගැන කොයි කවුරුත් හොඳ හැටි දනියි. තමන් කලින් වතාවේ සාක්ෂිකරුවන්ගේ පණිවිඩයට එතරම් උනන්දුවක් නොපෙන්නුවත් සාක්ෂිකරුවන් නැවත නැවත ඔවුන්ගේ නිවසට පැමිණෙන්නේ ඇයි කියා සමහර උදවිය කල්පනා කරනවා. මෙයට හේතුව පැහැදිලි කිරීමට රුසියාවෙන් ආ ලිපි දෙකක් උපකාරවත් වෙයි.
කබරෆ්ස්ක් ප්‍රදේශයේ සිටින මාෂා නමැති 19වන වියේ පසු වන යෞවනිය මෙසේ පිළිගත්තා. “අවංකවම කියනවා නම් කලින් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මඟහරින්න සෑහෙන උත්සාහයක් ගත්තා.” නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද සඟරා කිහිපයක් කියෙවූ පසු ඇගේ ආකල්පය වෙනස් වුණා. මාෂා මෙසේ ලියා තිබුණා. “මම එම සඟරාවේ කියවපු හැම ලිපියක්ම හරිම සිත්ගන්නාසුලුයි. එයින් දැනුම වඩවනවා. ඒ හැම දෙයකටම වඩා වැදගත් වන්නේ එහි අඩංගු තොරතුරු නිසා ලෝකය දෙස වෙනස් දෘෂ්ටියකින් බලන්න උපකාරවත් වීමයි. මිනිසුන්ට ජීවිතය දී තිබෙන්නේ ඇයි කියල මම ටිකෙන් ටික තේරුම්ගන්න පටන්ගත්තා.”
උතුරු ව්ලැඩිටොස්ටොක් සිට කිලෝමීටර 80ක් එහායින් පිහිටි ඌසුරීස්ක්හි සිටින ස්වෙට්ලානා මෙසේ ලියා තිබුණා. “මම ළඟදී ඉඳන් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවන්න පටන්ගත්තා. මෙම සඟරා අපේ කාලයට හුඟක් අවශ්‍යයි. මම හැම ලිපියකටම ආසයි. එම ලිපි රසවත් වගේම තොරතුරුවලින් පිරිලා. ඒ වගේම එයින් දැනුම වර්ධනය වෙනවා. ඔබට ගොඩාක් ස්තුතියි! මේ ලෝකයේ ජීවත් වෙමින් මෙවැනි කාරුණික සහ අත්‍යවශ්‍ය වැඩක් කිරීම ගැන ඔබට ස්තුතියි.”
ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් පාවුල්ගේ මෙම ප්රශ්නය බැරෑරුම්ව සිතට ගෙන තිබෙනවා. “දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” (රෝම 10:14) ඊළඟ වතාවේ සාක්ෂිකරුවන් ඔබේ නිවසට පැමිණි විට ඔවුන් සමඟ කතා කිරීමට විනාඩි කිහිපයක් කැප කිරීම ගැන සිතා නොබලන්නේ ඇයි? එවිට දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් සැනසීම ගෙන දෙන පණිවිඩය ඇසීමෙන් ඔබත් සතුටු වේවි.