Skip to content

පටුනට යන්න

සැනසීම පීඩා විඳින්නන්ට

සැනසීම පීඩා විඳින්නන්ට

සැනසීම පීඩා විඳින්නන්ට

පුරාණයේ පීඩා විඳිමින් සිටි ඇදහිලිවන්ත පුරුෂයෝ සහ ස්ත්‍රීහු මඟ පෙන්වීම ඉල්ලා ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළහ. කෙසේවෙතත් ඔවුහුද පීඩා කරන්නන්ගෙන් ගැලවීමට තම උපා නැණ භාවිත කිරීමෙන් පීඩාව අඩු කරගැනීම සඳහා පියවර ගත්හ. උදාහරණයක් වශයෙන්, යෙහෝවා කෙරෙහි රඳා සිටින අතරම පෞද්ගලික වෑයමක්ද දැරීමෙන් දාවිත්ට තම පීඩා දරාගැනීමට හැකි විය. අද අප ගැන කුමක් කිව හැකිද?

පීඩා අද්දකින විට ඔබේ ගැටලුව විසඳාගැනීම සඳහා සමහරවිට ඔබම මුලපිරිය හැකියි. උදාහරණයක් වශයෙන්, ඔබ රැකියාවක් නොමැතිව සිටින්නේ නම්, ඔබවත්, ඔබේ පවුලේ අයවත් ජීවත් කරවීම සඳහා සුදුසු යෝග්‍ය වැඩක් සොයාගැනීමට ඔබ වෑයම් නොකරන්නෙහිද? (1 තිමෝති 5:8) නැතහොත් ඔබ ශාරීරික අසනීපයකින් පෙළෙනවා නම් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සිටින්නෙහිද? සියලු ආකාර රෝග සුව කිරීමට දෙවිගෙන් බලය ලබා සිටි යේසුස් පවා ‘රෝගියෙකුට වෛද්‍යවරයෙකු’ අවශ්‍ය බව පිළිගැනීම සැලකිය යුතු කරුණකි. (මතෙව් 9:12, NW) එහෙත්, ඔබේ පීඩාවන් සැමවිටම ඉවත් නොවිය හැක. එමනිසා ඔබට නොකඩවාම ඒවා යම් දුරකට විඳදරාගැනීමට සිදු විය හැක.

යාච්ඤාවෙන් කාරණය යෙහෝවා දෙවිට භාර නොදෙන්නේ මන්ද? උදාහරණයක් වශයෙන්, රැකියාවක් සොයන විට දෙවි කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීම, බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනිව දිවෙන සේවයක් පිළිගැනීමට ඇති වන ඕනෑම පරීක්ෂාවකින් වැළකී සිටීමට අපට උපකාර වනු ඇත. එමෙන්ම ගිජුකම හෝ මුදලට ප්‍රේම කිරීම මගින් “ඇදහිල්ලෙන් ඈත්ව” යෑමෙන්ද අප වළකිනු ඇත. (1 තිමෝති 6:10, NW) ඇත්තෙන්ම, රැකියාව හෝ පවුල හෝ සෞඛ්‍ය කාරණා හෝ සම්බන්ධයෙන් වැදගත් තීරණ ගන්නා විට අපට දාවිත්ගේ උපදෙස පිළිපැදිය හැකියි. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

අප විඳින පීඩාවෙන් අප යටපත් නොවීම සඳහා අපේ මානසික සමතුලිතතාව පවත්වාගැනීමටද මුළු හදින් කරන යාච්ඤාව අපට උපකාරවත් වනු ඇත. අව්‍යාජ ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල් ලීවේ “සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න” කියාය. අපව සැනසීමට අවංක යාච්ඤාවකට හැකි වන්නේ කෙසේද? “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7, NW) දෙවිගේ සමාදානය “සියලු සිතුවිලි අබිබවා” යයි. එබැවින්, අප පීඩාකාරී චිත්තවේගයන්ගෙන් කරදරයට පත් වී සිටින්නේ නම් අපව ශක්තිමත් කිරීමට එයට හැකියි. අප හදිසි වී, අනුවණ ලෙස ප්‍රතික්‍රියා කළහොත් අපේ පීඩාව තවත් උග්‍ර විය හැක. එසේ ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකීමට අපට උපකාර කරමින් එය ‘අපේ සිත් හා මනස් ආරක්ෂා’ කරනු ඇත.

යම් අවස්ථාවක පවතින තත්වයෙහි වෙනසක් කිරීමට පවා යාච්ඤාවට හැකියි. ප්‍රේරිත පාවුල් රෝමයේ සිරකරුවෙකු බවට පත් වූ විට තමා වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඔහු බැගෑපත්ව සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියේය. පාවුල් මෙම ඉල්ලීම කළේ මන්ද? “මා ඉක්මනින්ම ඔබ වෙත නැවත එන පිණිස යාච්ඤා කරන ලෙස මම විශේෂයෙන්ම ඔබට උනන්දු කරමි” කියා ඔහු ඔවුන්ට ලීවේය. (හෙබ්‍රෙව් 13:19, NW) අනික් අතට තම සෙසු ඇදහිලිවන්තයන්ගේ නිරන්තර යාච්ඤාවලට යෙහෝවා සවන් දීම මගින් තමාව නිදහස් කරනු ලබන දවස යම් විටෙක වෙනස් විය හැකි බව පාවුල් දැන සිටියේය.—පිලෙමොන් 22.

යාච්ඤාව, අපේ පීඩාවේ අවසාන ප්‍රතිඵල වෙනස් කරනු ඇද්ද? සමහරවිට එසේ වීමට ඉඩ ඇත. එහෙත්, අප කැමති ආකාරයටම අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවි පිළිතුරු නොදීමට ඉඩ ඇති බව අප වටහාගත යුතුය. පාවුල් තම ‘මාංසයේ කටුව’ ගැන කීප විටක යාච්ඤා කළේය. සමහරවිට එය ශාරීරික ගැටලුවක් වූවා විය හැක. කෙසේවෙතත්, පීඩාව ඉවත් කරනවා වෙනුවට දෙවි පාවුල්ට පැවසුවේ මෙයයි. “මගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද, දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය.”—2 කොරින්ති 12:7-9, NW.

එසේනම් අපේ පීඩාව ක්ෂණිකව පහ වී නොයෑමට ඉඩ තිබේ. කෙසේවුවත්, අපේ ස්වර්ගික පියා කෙරෙහි අප රඳා සිටින බව ඔප්පු කිරීමට එමගින් අපට ප්‍රස්තාව ලැබෙනු ඇත. (යාකොබ් 1:2-4) පීඩාව ඉවත් නොකළත් “එය [අපට] විඳදරාගත හැකි වන පිණිස . . . ඉන් ගැලවීමට මඟද සලසා” දීමට යෙහෝවාට හැකි බවට නිසැක වන්න. (1 කොරින්ති 10:13, NW) යෙහෝවා “සියලු සැනසිල්ලේ දෙවි” කියා හැඳින්වීමත්, “අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහු” බව දැන සිටීමත් වැදගත් කරුණකි. (2 කොරින්ති 1:3, 4, NW) විඳදරාගැනීමට අපට අවශ්‍ය දේ දීමට දෙවිට හැකි අතර අපට සදාකාල ජීවනයේ බලාපොරොත්තුවද තිබේ.

දෙවිගේ වචනය වන බයිබලයෙහි පොරොන්දු වන්නේ “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියාය. (එළිදරව් 21:3, 4, NW) පීඩාවලින් තොර ලෝකයක් ගැන පැවසීම විශ්වාස කළ නොහැකි යමක් මෙන් පෙනේද? පීඩා සහිත ජීවිතයක් ගත කිරීමට ඔබ පුරුදු වී ඇත්නම් එසේ විය හැක. කෙසේනමුත්, බිය හා විපත්තිවලින් මුදවන බවට දෙවි පොරොන්දු වී තිබෙන අතර ස්ථිර වශයෙන්ම ඔහුගේ අරමුණ සාර්ථක වනු ඇත.—යෙසායා 55:10, 11.

[9වන පිටුවේ පින්තූර]

බලාපොරොත්තු සුන්භාවයේ සිට . . . සහනය ලැබීම දක්වා