Skip to content

පටුනට යන්න

ඇදහිල්ලට හැකිද ලෙඩ සුව කරන්න?

ඇදහිල්ලට හැකිද ලෙඩ සුව කරන්න?

ඇදහිල්ලට හැකිද ලෙඩ සුව කරන්න?

අප අසනීප වන විට සහනයක් හා සුවයක් පතා යම් පියවර ගන්නවා. මනුෂ්‍යයන්ට තිබුණාවූ සියලු ආකාර රෝගී තත්වයන්ට සුවයක් ගෙන දෙමින් යේසුස් නිතරම බොහෝ අයට සහනයක් ලබා දුන් සැටි ඔබ බයිබලයෙන් දැනගෙන සිටින බව නිසැකයි. එම සුව කිරීම් සිදු කළේ කෙසේද? බයිබලයේ පවසන්නේ එය ‘දෙවිගේ බලයෙන්’ සිදු කළ බවයි. (ලූක් 9:42, 43, NW; ක්‍රියා 19: 11, 12) එක් එක් පුද්ගලයා සුවය ලැබුවේ දෙවිගේ ශුද්ධාත්මය කරණකොටගෙන මිස ඔවුන්ගේ ඇදහිල්ල නිසා නොවෙයි. (ක්‍රියා 28:7-9) රෝගීන් සුවය ලැබීම සඳහා තමන්ගේ ඇදහිල්ල ගැන ප්‍රකාශ කළ යුතුයි යන්න යේසුස් විසින් බලාපොරොත්තු නොවූයේ ඒ නිසයි.

‘ආශ්චර්යවත් සුව කිරීම් අතීතයට පමණක් සීමා වූවාද නැතහොත් යේසුස් සිදු කළ ආකාරයේ සුව කිරීම් නැවතත් සිදු කෙරෙනු ඇද්ද? වේදනාකාරී හෝ සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට බලාපොරොත්තුවක් තිබෙනවාද?’ යන ප්‍රශ්න ගැන ඔබ කල්පනා කරනවා විය හැකියි.

බයිබලයේ පැහැදිලි කරන්නේ යේසුස් පොළොවේ ජීවත් වූ කාලයේ කළා හා සමානව, දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයේදීද නැවතත් දෙවිගේ බලයෙන් ආශ්චර්යවත් සුව කිරීම් සිදු වන බවයි. ඇදහිල්ලෙන් සුව කරන්නන්ට කිසිදා කළ නොහැකි දෙයක් වන සියලු ආකාර රෝග හා මරණය පවා දෙවි නැති කරන ආකාරය සහ එය කරන කාලය පිළිබඳව ඔබේ ප්‍රදේශයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට කියා දීමට සතුටු වනු ඇත. ඇත්තවශයෙන්ම දෙවි ‘මරණය සදාකාලයටම ගිල දමයි.’—යෙසායා 25:8.