විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම
විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම
සදාචාරසම්පන්නකම; සම්පූර්ණත්වය; නිර්දෝෂකම.
විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනවල (එනම් ටොම්, ටුම්මා, ටම්, ටාමිම් යන වචනවල) “සම්පූර්ණ” නැතහොත් “සහමුලින්” යන මූලික අර්ථය ගැබ් වී තිබේ. (සසඳන්න ලෙවී 25:30; යෝෂු 10:13; හිතෝ 1:12.) ටාමිම් යන වචනය ශාරීරික අතින් අංග සම්පූර්ණත්වය, දෝෂ රහිතකම නැතහොත් නිරෝගීකම යන අර්ථයෙන් කිහිප වතාවක් යොදා ඇත. උදාහරණයක් වශයෙන්, පූජා කිරීම සඳහා යොදාගත් සතුන් සම්බන්ධයෙන් මේ වචනය භාවිත වේ. (නික් 12:5; 29:1; ලෙවී 3:6) කෙසේවෙතත්, මේ වචන වැඩි වාර ගණනක් දක්වා තිබෙන්නේ සදාචාරසම්පන්නකම නැතහොත් නිර්දෝෂකමටය.
දෙවි ගැන කතා කරන අවස්ථාවන්හිදී, එනම් යෙහෝවාගේ ක්‍රියා, ඔහුගේ මාර්ගය, ඔහුගේ දැනගැන්ම සහ නීතිය සම්බන්ධයෙන් සඳහන් කරන විට, ටාමිම් යන වචනය “සම්පූර්ණය” යනුවෙන් පරිවර්තනය කිරීම වඩාත් නිවැරදි වේ. (ද්වි 32:4; යෝබ් 36:4; 37:16; ගීතා 18:30; 19:7) මෙවැනි දිව්‍යමය දේවල අසමසම පූර්ණත්වයක් පිළිබිඹු වන නිසාත්, ඒවායෙහි කිසි අඩු පාඩුවක්වත් ඌනතාවක්වත් දෝෂයක්වත් නැති නිසාත්, එයින් පැහැදිලිව පෙනෙන්නේ ඒවායේ උල්පත එකම සැබෑ දෙවි බවය.—රෝම 1:20.
මිනිසා තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමේ වැදගත්කම. අවස්ථා ස්වල්පයකදී ටොම් යන හෙබ්‍රෙව් වචනයෙහි, සිතේ අවංකකම එනම් දුෂ්ට චේතනාවකින් තොරව අහිංසකව ක්‍රියා කිරීම යන අර්ථය පමණක් ගැබ්ව තිබේ. (සසඳන්න උත් 20:5, 6; 2සාමු 15:11.) එහෙත් ප්‍රධාන වශයෙන් මේ හෙබ්‍රෙව් වචන භාවිත කර තිබෙන්නේ ධර්මිෂ්ඨව ක්‍රියා කිරීම සඳහා තිබෙන නොසැලෙන කැපවීමක් ඇඟවීමටය. තවද, බයිබලයේ මේ වචන භාවිත වන ආකාරයෙන් සහ එහි සඳහන් උදාහරණවලින් අවධාරණය වන්නේ පුද්ගලයෙකුට එනම් යෙහෝවා දෙවිටත්, ඔහු ප්‍රකාශ කර ඇති ඔහුගේ කැමැත්තටත්, ඔහුගේ අරමුණටත් අඛණ්ඩ භක්තියක් පෙන්වීම අත්‍යවශ්‍ය බවය.
විශ්වයේ වැදගත්ම ප්‍රශ්නය හා සම්බන්ධයි. ඒදන් උයනේදී තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගන්න බව පෙන්වීම සඳහා මුල් මනුෂ්‍ය යුවළට ප්‍රස්තාවක් දෙන ලදි. යහපත හා නපුර දැනගැනීමේ ගස පිළිබඳ වූ තහංචිය නිසා, තමන්ව මැවූ තැනැත්තා කෙරෙහි ඔවුන්ගේ කැපවීම පරීක්ෂාවට ලක් විය. ඔවුන්ව බාහිර බලපෑමකින්, එනම් දෙවිගේ විරුද්ධවාදියා විසින් පොලඹවනු ලැබූ නිසාත්, ඒ සතුරා ඔවුන්ගේ ආත්මාර්ථකාමිකම ඉස්මතු වන ලෙස ක්‍රියා කරන්න සැලැස්වූ නිසාත් ඔවුහු අකීකරු වූහ. ඉන්පසු ඔවුන්ට ඇති වූ ලජ්ජාව, ඔවුන්ගේ මැවුම්කරුට මුහුණ දීමට ඔවුන් පසුබට වීම සහ ඔවුන්ගෙන් විමසූ විට ඔවුන් ඔහුට අවංකව පිළිතුරු නොදීම යනාකාරවලින්, ඔවුන් තම විශ්වාසවන්තකමේ අඛණ්ඩතාව රැක නොගත් බව ඔප්පු විය. (සසඳන්න ගීතා 119:1, 80.) එහෙත් තමුන්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැක නොගත් මුල්ම පුද්ගලයන් වූයේ ඔවුන් නොව, නමුත් ඔවුන්ව මෙසේ කැරලිගැසීමට පෙලඹවූ ආත්ම ජීවියාය.—උත් 3:1-19; එස 28:12-15හි සඳහන් වන තීර්හි රජුට විරුද්ධව ප්‍රකාශ කරන ලද විලාපය හා මොහුගේ ක්‍රියාමාර්ගය සසඳන්න.
ඒදන් උයනේදී දෘශ්‍යමානව ආරම්භ වූ සාතන්ගේ කැරැල්ල මුළු විශ්වයටම බලපෑවේය. මන්දයත්, දෙවිගේ සියලු මැවිලි කෙරෙහි දෙවිට තිබුණාවූ පරමාධිපත්‍යයේ නීත්‍යනුකූලබව නැතහොත් ඔවුන්ගේ නොමඳ කීකරුකම ලබාගැනීමට ඔහුට තිබුණාවූ අයිතියට අභියෝග කරනු ලැබීය. මෙහිදී අභියෝගයට භාජන වූ කාරණය වූයේ වඩාත්ම බලවත් තැනැත්තා කවුරුන්ද යන වග නොව, අයිතිය ඇත්තේ කාටද යන කාරණයයි. එහෙයින්, දෙවි තම බලය පාවිච්චි කර එකෙණෙහිම සාතන්වත් මිනිස් යුවළත් සහමුලින්ම විනාශ කර දැමුවා නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. මේ කාරණාව වටහාගැනීම දුෂ්ටකමටත්, දුෂ්ටකමේ ආරම්භකයා වූ සාතන්ටත් මෙතරම් කලක් පැවතීමට ඉඩ දී තිබෙන්නේ මන්දැයි යන්න අවබෝධ කරගැනීමට උපකාරවත් වනු ඇත. තම කැරලිකාර ක්‍රියාමාර්ගයට සහය සහ අනුමැතිය ලබාගැනීම සඳහා දෙවිගේ විරුද්ධවාදියා මුලින්ම ඉලක්ක කළේ මනුෂ්‍යයන්වය. (දෙවිගේ ආත්ම පුත්‍රයන් සමහරෙකු සාතන්ගේ පැත්ත ගත් බවට තිබෙන මුල්ම සාක්ෂිය දක්නට ලැබෙන්නේ ජලගැල්මට මඳක් කලින්ය; උත් 6:1-5; සසඳන්න 2පේතෘ 2:4, 5) මේ නිසා, විශ්වයේ වැදගත්ම ප්‍රශ්නයේ මූලික අංගයක් වන්නේ, මිනිසා දෙවිගේ ශ්‍රේෂ්ඨ කැමැත්ත කෙරෙහි තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගනීද නැද්ද යන්නයි. යෝබ් සම්බන්ධයෙන් සිදු වූ දෙයින් මේ කාරණය ඔප්පු වේ. (කෙසේවෙතත්, දෙවිගේ පරමාධිපත්‍යය ඔහු මැවූ අයගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම මත පමණක් රඳා පවතින්නේ නැති බව සැලකිල්ලට ගත යුතුය.)
යෝබ්. යෝසෙප්ගේ මරණයට පසුව සහ මෝසෙස්ගේ කාලයට කලින් ජීවත් වූ යෝබ්ව විස්තර කර තිබෙන්නේ “නිර්දෝෂවූ [හෙබ්‍රෙව් බසින්, ටම්], අවංකවූ, දෙවි කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකී සිටියාවූ කෙනෙකි” කියාය. (යෝබ් 1:1) දවසක් ස්වර්ගීය රාජ සභාවේ දේවදූතයන් රැස් වූ අවස්ථාවක දෙවිගේ විරුද්ධවාදියා වූ සාතන්ද එහි පැමිණියේය. දෙවි යෝබ් සම්බන්ධයෙන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලින් පෙනෙන්නේ මිනිසාගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම, යෙහෝවා දෙවි සහ සාතන් අතර තිබෙන ගැටලුවට සම්බන්ධ බවය. සාතන් එහිදී පැවසුවේ යෝබ් වංක චේතනාවකින් දෙවිට නමස්කාර කරන බවය. ඔහුගේ චෝදනාව වූයේ යෝබ් දෙවි කෙරෙහි තිබෙන කැපවීමක් නිසා නොව, තමාට ප්‍රයෝජනයක් ලබාගැනීමේ චේතනාවෙන් දෙවිට නමස්කාර කරන බවය. මෙයාකාරයෙන් සාතන්, දෙවි කෙරෙහි වූ යෝබ්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම සැකයට ලක් කළේය. යෝබ්ගේ ධන සම්පත් සම්භාරයත් ඔහුගේ දරුවන්වත් ඔහුට අහිමි කිරීමට සාතන්ට ඉඩ ලැබුණු නමුත්, දෙවි කෙරෙහි යෝබ්ට තිබුණාවූ විශ්වාසවන්තකම කැඩීමට සාතන්ට නොහැකි විය. (යෝබ් 1:6–2:3) එහෙත් ඉන්පසුව පවා සාතන් චෝදනා කළේ යෝබ් ආත්මාර්ථකාමී චේතනාවකින් විඳදරාගෙන සිටින බවය. එනම්, තමාගේ දේපළ නැති වුණත්, තමාගේ දරුවන් නැති වුණත්, තමාගේ පණ බේරාගෙන සිටීමට හැකි නම් ඔහු එසේ සිටීවි කියාය. (යෝබ් 2:4, 5) එවිට යෝබ් සිරුර පුරා හටගත් වේදනාකාරී රෝගයකින් පහර ලැබුවා පමණක් නොව, ඔහුගේ භාර්යාවද ඔහුව අධෛර්යයට පත් කළාය. එපමණක්ද නොව, යෝබ්ගේ මිත්‍රයෝද දෙවිගේ ප්‍රමිතීන් සහ අරමුණු විකෘති කොට, ඔහුව හෙළා දකිමින් ඔහුට දොස් පැවරුවෝය. (යෝබ් 2:6-13; 22:1, 5-11) මේ සියල්ලේදී යෝබ් පැවසුවේ තමාගේ විශ්වාසවන්තකම කිසිදාක කඩ කළේ නැති බවය. ඔහු මෙසේ පැවසුවේය. “මා නසින තුරුම මාගේ අවංකකම (විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම, NW) පහ නොකරන්නෙමි. මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.” (යෝබ් 27:5, 6) ඔහු තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමෙන්, දෙවිගේ විරුද්ධවාදියා බොරුකාරයෙකු බව ඔප්පු කළේය.
සාතන් යෝබ් සම්බන්ධයෙන් කළ අභියෝගවලින් ඔහු දරන මතය පැහැදිලි වේ. එනම්, දෙවිට ද්‍රෝහිවීමට සියලුදෙනාවම පොලඹවන්න හැකි බවත්, තමාට වාසියක් ලැබීමේ චේතනාවකින් මිස කිසිවෙකු පිරිසිදු චේතනාවකින් දෙවිට නමස්කාර නොකරන බවටත් සාතන් අභියෝග කරන්නේය. මෙයින්, මිනිසුන්ටත් දෙවිගේ ආත්ම පුත්‍රයන්ටත් තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගෙන දෙවිගේ නාමය විශුද්ධි කිරීමේත්, එනම් එයට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවලින් එම නාමය නිදොස් කිරීමේත්, යෙහෝවාගේ පරමාධිපත්‍යයට තමන් පක්ෂ බව පෙන්වීමේත් විශිෂ්ට වරප්‍රසාදය ඔවුන්ට පැවරී ඇති බව පැහැදිලිය. මන්ද, “අවංක අය” යෙහෝවා හට “සතුටකි.”—හිතෝ 11:20 හා යෝබ් 22:1-3හි සඳහන් පරිදි, එලීපස් ඉදිරිපත් කළ වැරදි අදහස අතර වෙනස බලන්න.
දෙවිගේ විනිශ්චයට පදනම. දෙවිගෙන් හිතකර විනිශ්චයක් ලැබීමට නම් යමෙකු තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගෙන සිටීම අවශ්‍යය. (ගීතා 18:23-25) මේ සම්බන්ධයෙන් දාවිත් රජ මෙසේ ලීවේය: “යෙහෝවා මනුෂ්‍ය ජාතීන්ට යුක්තිය සලසා දෙන්නේය. යෙහෝවා, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම (විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම, NW) පරිද්දෙන් මා විනිශ්චය කළ මැනව. අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නමුත් ධර්මිෂ්ඨයා ස්ථිර කළ මැනව.” (ගීතා 7:8, 9; සසඳන්න හිතෝ 2:21, 22) දුක් විඳිමින් සිටි යෝබ්ට මෙවැනි නිසැකකමක් තිබිණ: “[යෙහෝවාගේ] ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරා බලාවා, එවිට දෙවි මාගේ අවංකකම (විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම, NW) දැනගන්නවා ඇත.” (යෝබ් 31:6) ඉන්පසු, යෝබ් එදා සිදු වෙමින් තිබුණු දේවල් දොළොසක් පමණ උදාහරණයට ගෙන, එයාකාරයෙන් ඔහුත් ක්‍රියා කළා නම් තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමට තමා අසාර්ථක වනු ඇති බව පැවසුවේය.—යෝබ් 31:7-40.
අසම්පූර්ණ මනුෂ්‍යයන් විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මුළු මනුෂ්‍යවර්ගයාම අසම්පූර්ණ නිසා, ඔවුන්ට පරිපූර්ණ ලෙස දෙවිගේ ප්‍රමිතීන් අනුගමනය කිරීමට නොහැක. එහෙයින්, විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමට නම් ඔවුන් පරිපූර්ණ ලෙස ක්‍රියා කළ යුතු බවක්වත් පරිපූර්ණ ලෙස කතා කළ යුතු බවක්වත් අඟවන්නේ නැත. ඒ වෙනුවට, පූර්ණ සහ හද පත්ලෙන්ම නික්මෙන කැපවීමක් ඉන් අදහස් කරන බව ශුද්ධ ලියවිල්ලේ කියැවේ. උදාහරණයක් වශයෙන් දාවිත් දුර්වලකම නිසා බරපතළ පාප කිහිපයක්ම කළ නමුත්, තමාට ලැබුණ අවවාද පිළිගෙන තමාගේ මාර්ගය නිවැරදි කරගත් නිසා, ඔහු ‘සිතේ ඇද නැතිකමින් (විශ්වාසවන්තකමේ අඛණ්ඩතාවෙන්, NW) හැසිරුණ’ බව සඳහන් වේ. (1රාජා 9:4) මෙසේ ඔහු යෙහෝවා දෙවි කෙරෙහි අවංක ප්‍රේමයක් ඒ වන විටද ඔහුගේ හෘදයෙහි තිබුණු බව ඔප්පු කළේය. (ගීතා 26:1-3, 6, 8, 11) තවද, දාවිත් තම පුත් සලමොන්ට මෙසේ කීවේය: “ඔබ ඔබේ පියාගේ දෙවිව හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් ඔහුට මෙහෙ කරන්න. මක්නිසාද යෙහෝවා සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නේය.” එහෙත් සලමොන්ගේ සිත, “තමාගේ පියවූ දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවිවූ යෙහෝවා කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.”—1ලේක 28:9; 1රාජා 11:4; මේ පද දෙකේ “සම්පූර්ණ” යනුවෙන් පරිවර්තනය කර තිබෙන්නේ වෙන හෙබ්‍රෙව් වචනයකි. එනම්, හිතෝ 11:1 සහ 1රාජා 15:14හි භාවිත වන ෂාලෙම් යන වචනයය.
මෙයින් පෙනී යන්නේ, විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම මිනිස් ජීවිතයේ එක අංගයකට පමණක් සීමා වී තිබෙන දෙයක් නොවන බවය. එනම්, “නමස්කාරයට” ඍජුව සම්බන්ධ කාරණාවලට පමණක් එය සීමා වී නැති බවය. දෙවිට සේවය කරන යමෙකු යෙහෝවාගේ කැමැත්ත කිරීමට නිරන්තරව සොයන නිසා, ඔහුගේ මුළු ජීවිත රටාවෙන්ම මේ ගුණාංගය පිළිබිඹු කරන්නේය. (ගීතා 119:1-3) දාවිත් “තමාගේ සිතේ සත්‍යතාවෙන් (විශ්වාසවන්තකමේ අඛණ්ඩතාවෙන්, NW)” ඊශ්‍රායෙල් දේශය රැකබලා ගත්තේ යෙහෝවාට නමස්කාර කිරීම හා ඍජුවම සම්බන්ධ වූ කාරණාවලදී පමණක් නොව, තම පාලනයට සම්බන්ධ වූ කාරණාවලදීත්ය. ඔහු සමඟ ඇසුරු කළ අයගෙන්ද, ඔහුට මෙහෙ කළ අයගෙන්ද ඔහු අපේක්ෂා කළේ, ඔවුන් “නිර්දෝෂ මාර්ගයක ගමන් කරනු” ඇතැයි කියාය. (ගීතා 78:72; 101:2-7, NW) එබැවින්, නෝවා සහ ආබ්‍රහම් වැනි අය මෙන් තමාද දෙවි ඉදිරියෙහි ‘නිර්දෝෂව සිටින’ බව යමෙකු පෙන්වන්නේ දීර්ඝ කාල පරිච්ඡේදයක් ඔස්සේ කටයුතු කරන ආකාරයෙන්ය.—උත් 6:9; 17:1; 2සාමු 22:24.
විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම යනු තමාට පහසු තත්වයන් සහ අවස්ථාවන්හිදී පමණක් නොව, සියලු ආකාර තත්වයන් යටතේදී මෙන්ම සැම වෙලෙහිම දෙවිට අඛණ්ඩ පක්ෂපාතිත්වයක් පෙන්වීමත්, ධර්මිෂ්ඨකම පිළිපැදීමත්ය. යෙහෝවාට ප්‍රසන්න වන්නේ, විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගෙන “සිතින් සැබෑව කියන්නාවූ” තැනැත්තා පමණකි කියා අවධාරණය කිරීමෙන් පසු, ගීතිකාකරු තවදුරටත් පවසන්නේ, එවැනි තැනැත්තෙක් “තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි” කියාය. ඉන් අදහස් වන්නේ, ඒ තැනැත්තා දිවුරුම් දී යමක් කිරීමට එකඟ වූ පසු, එයින් තමාට යම් අවාසියක් සැලසුණත් ඔහු කළ ගිවිසුමට විශ්වාසවන්තව ක්‍රියා කරන බවය. (ගීතා 15:1-5 හා රෝම 1:31, 1තිමෝ 1:10 අතර වෙනස බලන්න.) එබැවින්, යමෙකුගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම වඩාත් කැපී පෙනෙන්නේ ඔහුගේ කැපවීම පරීක්ෂාවට ලක් වන විටදී හා ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාමාර්ගය අත්හැරීමට පොලඹවන පීඩනයකට මුහුණ දීමට ඔහුට සිදු වන විටදීය. යමෙකු විරුද්ධවාදීන්ගේ සරදමට ලක් වූ කෙනෙකු වුවත්, (යෝබ් 12:4; සසඳන්න යෙරෙ 20:7) ඔවුන්ගේ තික්ත වචනවලට, (ගීතා 64:3, 4) වෛරයට සහ දරුණු පීඩාවලට (හිතෝ 29:10; ආමො. 5:10) ඔහු ගොදුරු වුවත්, රෝගීව සිටියත්, විපතට පත්ව සිටියත්, යෝබ්ට සිදු වූවාක් මෙන් තමාටද සිදු වන අලාභ හානි නොසලකා, ඔහු ‘තමාගේ අවංකකම (විශ්වාසවන්තකමේ අඛණ්ඩතාව, NW) පවත්වාගන’ සිටිය යුතු බවය.—යෝබ් 2:3.
පෞද්ගලිකව සදාචාර ශක්තියක් ඇති පමණින් යමෙකුට තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමට හැකි වන්නේ නැත. යෙහෝවා කෙරෙහිත්, තමාව මුදවාගැනීමට යෙහෝවාට තිබෙන බලය කෙරෙහිත් වූ ගැඹුරු ඇදහිල්ල සහ විශ්වාසය අවශ්‍ය වේ. (ගීතා 25:21) තමුන්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගන්නා අයගේ මාර්ගය සුරක්ෂිත කරමින්, ඔවුන්ට “පලිහක්” වන බවටත් “බලකොටුවක්” වන බවටත් දෙවි පොරොන්දු වේ. (හිතෝ 2:6-8; 10:29; ගීතා 41:12) තවද, යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට දරන නිරන්තර උත්සාහය නිසා එවැනි අයගේ ජීවිතවලට ස්ථාවරත්වයක් අත් වන අතර තමුන්ගේ ඉලක්කය කරා යෑමට තිබෙන මාර්ගය කෙළින් මාර්ගයක් වනවා ඇත. (ගීතා 26:1-3; හිතෝ 11:5; 28:18) එහෙත් දුෂ්ට අයගේ පාලනය නිසා නිදොස් අය දුක් විඳින අතර, දුෂ්ටයා මෙන්ම නිදොස් අයද මියයන බව යෝබ් නිරීක්ෂණය කළේය. මෙසේ සිදු වන්නේ මන්ද කියා යෝබ් පැහැදිලි ලෙස දැන නොසිටියත්, යෙහෝවා නිදොස් අයව හඳුනන බවත්, එවැනි තැනැත්තෙකුගේ උරුමය සදාකල් පවතින බවත්, ඒ තැනැත්තාගේ අනාගතය සාමකාමී වන බවත්, ඔවුන්ට යහපත උරුම වන බවත් සහතික කරන්නේය. (යෝබ් 9:20-22; ගීතා 37:18, 19, 37; 84:11; හිතෝ 28:10) යෝබ්ගේ සිද්ධියෙන් පෙනෙන පරිදි, යමෙකු වටිනා පුද්ගලයෙකු වන්නෙත්, ගෞරවය ලබන්න වටින්නෙත් ඔහුට තිබෙන වස්තුව නිසා නොව ඔහු තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගන්නා නිසාය. (හිතෝ 19:1; 28:6) දරුවන්ට මේ ගුණාංගය සතු දෙමාපියෙකු සිටීම මොනතරම් වරප්‍රසාදයක්ද! තම පියා දිනාගත් හොඳ නම සහ ඔහුට ලැබුණු ගෞරවය නිසා එම දරුවන් සන්තෝෂවත්යයි සඳහන් වේ. මන්ද ඔහුගේ ආදර්ශවත් ජීවිතය දරුවන්ට ලැබෙන විශිෂ්ට උරුමයකි. (හිතෝ 20:7, NW)
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල, යෝබ් සහ දාවිත්ගේ ආදර්ශවලට අමතරව, තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගත් වෙනත් පුරුෂයන්ගේ ආදර්ශවලින්ද ගහණව තිබේ. උදාහරණයක් වශයෙන් ආබ්‍රහම්, තම පුත් ඊසාක්ව පූජා කිරීමට සූදානම් වීමෙන්, දෙවි කෙරෙහි තමා තුළ තිබූ අඛණ්ඩ පක්ෂපාතිත්වය පිළිබිඹු කළේය. (උත් 22:1-12) දානියෙල් සහ ඔහුගේ මිත්‍රයෝ තුන්දෙනාද පරීක්ෂාවන් යටතේදී තමුන්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගත් නිසා අගනා ආදර්ශ වෙති. (දානි 1:8-17; 3:13-23; 6:4-23) තවද, විවිධ අසීරු තත්වයන් යටතේ තමුන්ගේ ඇදහිල්ල නිසා විශ්වාසවන්තකම අඛණ්ඩව විදහාපෑවාවූ, ක්‍රිස්තියානි යුගයට කලින් විසූ පුරුෂයන් බොහෝදෙනෙකු ගැන, හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ 11වන පරිච්ඡේදයේ ප්‍රේරිත පාවුල් විස්තර කරයි.—විශේෂයෙන් 33-38 පද බලන්න.
ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම යන ගුණාංගය. “විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම” යන යෙදුම ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නැති නමුත්, මේ අදහස ඒ පුරාම දිව යයි. දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්, විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීම සහ තම ස්වර්ගීය පියාණන්ගේ සැලකිල්ල හා ඔහුගේ බලය කෙරෙහි ඉතා දැඩි විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය සැපයුවේය. මේ නිසා ඔහුව උත්තම පූජක තනතුර ලැබීමට පමණක් නොව, දාවිත්ගේ රාජ්‍යයට වඩා උතුම් රාජ්‍යයක් වන ස්වර්ගීය රාජ්‍යයේ අභිෂේකලත් රාජ තනතුර ලැබීමටත් “සම්පූර්ණ කරනු” ලැබුවේය. (හෙබ්‍රෙ 5:7-10; 4:15; 7:26-28; ක්‍රියා 2:34, 35) උතුම්ම ආඥාව ලෙස යේසුස් හැඳින්වූ ආඥාවෙහි, එනම් මුළු හෘදයෙන්ද මුළු බුද්ධියෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න යන ආඥාවෙහි, විශ්වාසවන්තකමේ අඛණ්ඩව සිටීමද ගැබ් වී තිබේ. (මතෙ 22:36-38) තවද, “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය”යි ඔහු අණ කිරීමෙන් (මතෙ 5:48, NW), ධර්මිෂ්ඨව ක්‍රියා කිරීම සඳහා පූර්ණ භක්තියක් තිබිය යුතු බවද ඔහු අවධාරණය කළේය. (පරිපූර්ණ යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක යෙදුමෙන් ‘සම්පූර්ණ කරනු ලැබූ’ යමක් අදහස් වන බැවින්, ඒ යෙදුම ඉහත සඳහන් හෙබ්‍රෙව් යෙදුම් හා යම් ප්‍රමාණයකට සමානය.)
යේසුස්ගේ ඉගැන්වීම් තුළින් සිතින් පවිත්‍රව සිටීම, තනි ඉලක්කයකට හා තනි අරමුණකට සිත යොමු කිරීම සහ කුහකකමින් තොරව සිටීම යන්න අවධාරණය වූ අතර, මේ සියලු ගුණාංග විශ්වාසවන්තකමේ අඛණ්ඩතාවෙහි අංගයන් වේ. (මතෙ 5:8; 6:1-6, 16-18, 22, 23; ලූක් 11:34-36) නිර්දෝෂව සිටීම සඳහා, ක්‍රිස්තියානි යුගයට කලින් දෙවිට සේවය කළ දාවිත් ඇතුළු වෙනත් අය දැරූ උත්සාහය හා සමාන උත්සාහයක් ප්‍රේරිත පාවුල්ද දැරුවේය. ඔහුගේ දේවසේවයේ පමණක් නොව අන් අය සමඟ ඔහු කළ ඕනෑම ගනුදෙනුවකදී වුවත් ඔහුගේ අශිෂ්ටකමක් ගැන හෝ වංචාවක් ගැන ඔහුට චෝදනා කිරීමට කිසිවෙකුට නොහැකි විය.—2කොරි 4:1, 2; 6:3-10; 8:20, 21; 1තෙස 1:2-6.
විරුද්ධවාදීකම් හමුවෙහි, පාවුල් ඇතුළු මුල් ක්‍රිස්තියානීහු තමුන්ට දෙවිගෙන් ලැබුණු පැවරුම අත්නෑර සිටියහ. එපමණක් නොව, දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙහි ස්ථිරව සිටීම නිසා අගහිඟකම්, පීඩා සහ දුක් විඳදරාගෙන සිටියහ. එබැවින්, ඔවුන්ද තමුන්ගේ විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගත් පුද්ගලයන් වූ බව පෙනේ.—ක්‍රියා 5:27-41; 2කොරි 11:23-27.
it-1 1209-12 Integrity