Skip to content

පටුනට යන්න

උපකාරය පතා අප දේවදූතයන්ට යාච්ඤා කළ යුතුද?

උපකාරය පතා අප දේවදූතයන්ට යාච්ඤා කළ යුතුද?

උපකාරය පතා අප දේවදූතයන්ට යාච්ඤා කළ යුතුද?

පීඩාකාරී කාලවල දේවදූතයන්ට යාච්ඤා කිරීම සුදුසුද? හුඟදෙනෙකු එය හරි දෙයක් කියා සිතනවා. ද නිව් කැතලික් එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වෙනවා. ‘යම් කෙනෙකු දේවදූතයන්ට යාච්ඤා කරන්නේ, ඔවුන්, අපත් දෙවිත් අතර මැදහත්කම් කරයි යන විශ්වාසය ඇතුවයි.’ අප වෙනුවෙන් මැදහත්කම් කිරීමට අප දේවදූතයන්ට යාච්ඤා කළ යුතුද?

දෙවිගේ වචනයෙහි නමින් සඳහන් වන්නේ දෙවිගේ විශ්වාසවන්ත දේවදූතයන් දෙදෙනෙකු ගැන විතරයි. ඒ මිකායෙල් සහ ගාබ්‍රියෙල්. (දානියෙල් 8:16; 12:1; ලූක් 1:27; යූද් 9) මෙසේ දේවදූතයන්ගේ නම් බයිබලයේ සඳහන් වීමෙන් අපට පැහැදිලි වන්නේ එක් එක් දේවදූතයා නමක් තිබෙන විශේෂිත ආත්ම මැවිල්ලක් මිස අපුද්ගල ශක්තියක් හෝ බලයක් නොවෙයි යන්නයි. නමුත් සමහර දේවදූතයන් තම නම් ප්‍රකාශ කිරීමට ප්‍රතික්ෂේප කර තිබෙනවා. උදාහරණයක් පෙන්වනවා නම් යාකොබ්ව මුණගැසීමට පැමිණි දේවදූතයාගෙන් යාකොබ් නම ඇසූ විට ඔහු කියන්න අකමැති වුණා. (උත්පත්ති 32:29; විනිශ්චයකාරයා 13:17, 18) බයිබලයේ දේවදූතයන්ගේ නම් ලැයිස්තුවක් නොදී තිබෙන නිසා ඔවුන්ට අනවශ්‍ය අවධානයක් දීම වැළකෙනවා.

දේවදූතයන්ට තිබෙන රාජකාරීන්වලට අයත් එක් කාර්යයක් වන්නේ දෙවිගෙන් ලැබෙන පණිවිඩ මනුෂ්‍යයන් වෙතට ගෙන යෑමයි. මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක් භාෂාවට අනුව “දේවදූතයා” යන වචනයේ පදගතාර්ථය වන්නේ “පණිවිඩකාරයා” යන්නයි. එහෙත් මනුෂ්‍යයන්ගේ යාච්ඤා මහෝත්තම දෙවිගේ සිංහාසනය වෙතට ගෙන යන මැදහත්කරුවන් ලෙස දේවදූතයන් කටයුතු කරන්නේ නැහැ. තමන්ට යාච්ඤා ඔප්පු කළ යුත්තේ තම පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බවට දෙවි තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ “ඔබ මාගේ නාමයෙන් පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට දෙනවා” කියායි.—යොහන් 15:16, NW; 1 තිමෝති 2:5.

අප හරි ක්‍රමයට යෙහෝවා වෙත ළං වෙන විට අපට ඇහුම්කන් නොදී සිටීමට තරම් ඔහු කාර්යබහුල නැහැ. බයිබලයේ මෙම සහතිකය දෙනවා. “යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට, එනම් සැබවින්ම ඔහුට යාච්ඤා කරන සියල්ලන්ට, ළංව සිටියි.”—ගීතාවලිය 145:18.