Skip to content

පටුනට යන්න

බයිබලයෙන් ලැබූ උපදෙස් නිසා ඔහු පරීක්ෂාවන්ට හොඳින් මුහුණ දුන්නා

බයිබලයෙන් ලැබූ උපදෙස් නිසා ඔහු පරීක්ෂාවන්ට හොඳින් මුහුණ දුන්නා

බයිබලයෙන් ලැබූ උපදෙස් නිසා ඔහු පරීක්ෂාවන්ට හොඳින් මුහුණ දුන්නා

වර්තමාන ලෝකයේ අද්දකින්න සිදු වන පරීක්ෂාවන් එමටය. බයිබල් ප්‍රතිපත්ති රැකීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. උදාහරණයකට, “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” යන බයිබල් උපදේශයට කීකරු වීම අභියෝගයක් විය හැකියි.—1 කොරින්ති 6:18, NW.

යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් පෝලන්තයේ ස්කැන්ඩිනේවියානු සමාගමක සේවය කළේය. සෙබස්ටියාන් ලෙස අපි ඔහුව හඳුන්වමු. ඔහුට ඔහුගේ ඇදහිල්ල පවත්වාගැනීමට විශාල සටනක නිරත වීමට සිදු විය.

සෙබස්ටියාන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහුගේ කාර්යාලයේ සේවකයන් අතර ප්‍රසිද්ධ වුණේය. ඔහුගේ වැඩ බලන නිලධාරීන්ද ඔහුගේ කඩිසරකම සහ අවංක ගතිගුණ අගය කළ නිසා ඔහුට බොහෝ රැකියා ප්‍රස්තා ලබා දුනි. කෙසේවෙතත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට ව්‍යාපාරික රැස්වීම්වලට සහභාගි වීමට සිදු වූ අතර එහිදී දුරාචාරමය විනෝදාස්වාදයට හවුල් වීමට සිදු වන බව පසුව පැහැදිලි විය.

වැඩි කල් නොගොස් සෙබස්ටියාන්ට යම් සැකයන් ඇති විය. “මගේ වැඩ බලන නිලධාරි මහතා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා දන්නවා. ඒ නිසයි මං ගැන විශ්වාසයක් තියලා මේ වගේ වගකීමක් මට දුන්නේ. මම ඒවාට සහභාගි නොවී සිටියොත් මගේ රස්සාව නැති වෙයි. ඒක හොයාගන්න මං ගොඩාක් මහන්සි වුණා. මම ඒවාට සහභාගි වෙන්නේ නැතිව වැඩකටයුතු නිරීක්ෂණය කළොත් විතරක් මොකද වෙන්නේ?”

එහෙත් ඔහුගෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු වන බව ඔහුට තේරුම් ගියේය. එනම් සමාගමේ විදේශ ගැනුම්කරුවන්ගේ අසංවර අරමුණු සඳහා ගණිකාවන් සැපයීමේ කාර්යය ඔහුට පැවරී තිබුණි. ඔහු කුමක් කරාවිද?

දුරාචාරය සම්බන්ධයෙන් බයිබලය මත පදනම් වූ තමාගේ ආකල්පය තම වැඩ බලන නිලධාරියාට මතක් කර දීමට සෙබස්ටියාන් තීරණය කළේය. මෙම රැකියාවට සෙබස්ටියාන් සුදුසු නැති බවත් අවසන් විසඳුම ඔහු ඉන් ඉවත් වීම බවත් පැහැදිලි විය. එවැනි පරීක්ෂාවන්ගෙන් නිදහස් අලුත් රැකියාවක් ඔහු සොයාගත්තේය. එම රැකියාවෙන් ලැබුණේ අඩු වැටුපක්. නමුත් ඔහුට දැන් පිරිසිදු හෘදය සාක්ෂියක් තිබේ.

යම් කෙනෙක් ඔබට පහත් දුරාචාරමය දේවලට හවුල් වෙන්න හෝ ඒවා අනුමත කරන්න කියා බල කළොත් ඔබ කුමක්ද කරන්නේ? ඔබේ තත්වයන් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ඔබ කැමති වනු ඇද්ද? උත්පත්ති 39:7-12හි සඳහන් පරිදි පුරාණයේ විසූ යෝසෙප් කළේ එයයි.