Skip to content

පටුනට යන්න

දෙවිව සතුටු කිරීමට මිනිසා දරා ඇති ප්‍රයත්නය

දෙවිව සතුටු කිරීමට මිනිසා දරා ඇති ප්‍රයත්නය

දෙවිව සතුටු කිරීමට මිනිසා දරා ඇති ප්‍රයත්නය

“මිනිසා දෙවියන්ව තම ජීවිතයට සම්බන්ධ කර නොගත් කාලයක් නොතිබුණු තරම්. දෙවියන් විශ්වයේ පාලකයා බවද මැවුම්කරු බවද පොදුවේ පිළිගැනේ. දෙවියන් පිළිබඳ විශ්වාසයට දිරි නොදෙන සමාජයන් තුළද මෙය සැබෑවක්.” එසේ සඳහන් වන්නේ ජෝන් බෝකර් විසින් රචනා කරන ලද දෙවියන් ඇදහීම පිළිබඳ කෙටි ඉතිහාසයක් (සිංහලෙන් නොමැත) යන පොතෙයි. දෙවිව සොයා ඔහුගේ අනුමැතිය දිනාගැනීමට වූ වෑයම මිනිස් චර්යාව හා බැඳී පවතිනවා. එසේම, ලොව පුරා වෙසෙන බොහෝ ජනයා තුළ දෙවිව සතුටු කිරීමට අවංක ආශාවක් තිබෙනවා. එහෙත් ඔවුන්ගේ විශ්වාසයන් එකිනෙකට වෙනස් වන නිසා එම ආශාව ඉටු කරගැනීමට යොදාගන්නා ක්‍රමද එකිනෙකට වෙනස්.

යහපත් ජීවිතයක් ගත කළ පමණින් දෙවිගේ අනුමැතිය දිනාගත හැකියයි ඇතමෙක් විශ්වාස කරනවා. තවත් සමහරෙකු විශ්වාස කරන්නේ දිලිඳු අයට උපකාර කිරීම සඳහා පුණ්‍ය කටයුතුවල යෙදීමෙන් තමන්ට දෙවිගේ අනුග්‍රහය ලබාගත හැකි බවයි. ඊට අමතරව, ආගමික උත්සව හා වතාවත් වැදගත්යයි සලකන විශාල පිරිසක්ද සිටිනවා.

අනෙක් අතට, දෙවි වෙතට ළඟා විය නොහැකියයි විශ්වාස කරන අයද සිටිනවා. ඔහු මිනිසාගෙන් බොහෝ දුරස් වී සිටින බව හෝ ඔහු වෙනයම් කාරණාවල බොහෝ සේ නිරත වී සිටින නිසා සාමාන්‍ය ජනයා වෙතට අවධානය යොමු කිරීමට ඔහුට නොහැකි බවයි ඔවුන්ගේ මතය. ‘දෙවිවරුන් අපට යහපතක් කිරීමට හෝ අයහපතක් කිරීමට හෝ නොහැකි, අපෙන් ඉතා දුරස්ව සිටින අය’ බව ඉපැරණි ග්‍රීසියේ දාර්ශනිකයෙකු වූ එපිකියුරස් විශ්වාස කළ බව පැවසෙනවා. ඒ කෙසේවෙතත්, එවැනි මත දරන බොහෝදෙනෙක් ආගම දහමට ලැදි පුද්ගලයන්. ඔවුන්ගෙන් සමහරෙක් මිය ගිය මුතුන්මිත්තන්ව සතුටු කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් පුද පූජා ඔප්පු කරමින් විවිධ වත්පිළිවෙත් අනුගමනය කරනවා.

මේ ගැන ඔබේ අදහස කුමක්ද? දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප දරන වෑයම් ඇත්තටම ඔහුගේ අවධානයට ලක් වෙනවාද? දෙවිගේ හදවත ස්පර්ශ කරන්නත් ඔහුව සතුටු කරන්නත් අපට පුළුවන්ද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Courtesy of ROE/Anglo-Australian Observatory, photograph by David Malin