Skip to content

පටුනට යන්න

අනුන්ට කරදරයක් නොකර ජීවත් වුණොත් මදිද?

අනුන්ට කරදරයක් නොකර ජීවත් වුණොත් මදිද?

අනුන්ට කරදරයක් නොකර ජීවත් වුණොත් මදිද?

“යමෙක් ඔබට යමක් කරනවාට ඔබ අකමැතිද ඒ දේම අන්‍යයන්ට කරන්න එපා.” මිනිස් චර්යාව ගැන මෙම කියමන පවසන ලද්දේ සුප්‍රකට චීන ජාතික ගුරුවරයෙකු සහ දර්ශනවාදියෙකු වූ කොන්ෆියුසියස් විසින්ය. අද, එනම් වසර 2,500කට පමණ පසුව පවා බොහෝදෙනෙකු තවමත් දරන මතය නම්, වෙනත් අයට හානියක් නොකර සිටීම මගින් යහපත් පුද්ගලයෙකු ලෙස සිය යුතුකම් තමන් ඉටු කර ඇති බවයි.

කොන්ෆියුසියානු චර්යා ධර්ම පද්ධතිය තුළ යම්කිසි වටිනාකමක් තිබෙන බව පිළිගත යුතුය. අනෙක් අතට, මිනිස් චර්යා හා සබඳතාවල තවත් පැත්තක් ඇති බව බයිබලය තුළින් හෙළි වේ. වෙනත් අයට විරුද්ධව කරන පව්වලට අමතරව, අනෙක් අය උදෙසා යහපත් දේවල් නොකර සිටීමම පාපයක් කියා බයිබලය කියයි. ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ් ලීවේ මෙසේයි. “යමෙකු හරි දේ කිරීමට දැනගෙනත්, ඔහු එය කරන්නේ නැත්නම් ඔහුට එය පාපයකි.” (යාකොබ් 4:17, NW) ක්‍රිස්තියානීන් වෙනත් අයට නපුරක් කිරීමෙන් වැළකිය යුතු බවට ඔවුන්ට නිකම්ම උපදෙස් දෙනවා වෙනුවට, යේසුස් ක්‍රිස්තුස් මෙම උපදේශයද ඉදිරිපත් කළේය. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 7:12, NW.

දෙවි මුලින්ම අරමුණු කළේ සියලු මිනිස් වර්ගයා අනුන් විසින් තමන්ට සලකනවාට කැමති ආකාරයටම ඔවුන්ද අනුන්ට සැලකීමයි. අනුන්ගේ සුභසාධනය ගැන සැලකිල්ල පෙන්වීම සම්බන්ධයෙන් දෙවි හොඳම ආදර්ශය සැපයුවේ මිනිසුන්ව මැවූ ආකාරයෙන්මය. ඒ මෙසේයි. “දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැව්වේය. දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැව්වේය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැව්වේය.” (උත්පත්ති 1:27) මින් අඟවන්නේ දෙවි ඉතා ප්‍රේමණීය ලෙස මිනිසුන්ට හෘදය සාක්ෂියක් දානය කළ බවයි. එය නිසි ලෙස පුහුණු කළ විට, අනුන් විසින් තමන්ට සලකනවාට තමන් කැමති විදිහටම අනුන්ට සැලකීමට ඔවුන්ට එය මඟ පෙන්වනවා ඇත.

අද දින බොහෝදෙනෙක් ඉතා අසරණව බලාපොරොත්තු නැති ලෙස ආත්මාර්ථකාමී මමත්වයෙන් පිරුණු මිනිසුන්ගේ ග්‍රහණයට ලක්ව සිටිති. පැහැදිලිවම, අද අවශ්‍ය වන්නේ අනුන්ට නරක දෙයක් හෝ හානිකර දෙයක් කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව, ඔවුන් සඳහා යහපත් සහ උපකාරවත් වන දේ කිරීමයි. මේ නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවිගේ වචනයේ සඳහන් පුදුමාකාර බලාපොරොත්තුව ගැන අනුන්ට ඉගැන්වීම සඳහා සිය කැමැත්තෙන්ම ධනාත්මක ලෙස ක්‍රියාමාර්ග ගනිති. ඔවුන් බයිබලයේ ශුභාරංචිය සමඟින් තම අසල්වාසීන්ව බැහැදැකීමට යන්නේ ප්‍රේමණීය ස්වභාවයකින් පෙලඹෙමිනි. තවද අනුන් විසින් තමන්ට කරනවාට කැමති දේම අනුන්ටද කරමිනි.