Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රස වින්දනයක් ලැබුවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකිදැයි බලන්න.

• කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය යනු කුමක්ද? එය එතරම් වැදගත් එකක් වූයේ මන්ද?

එය මුද්‍රිත බහු භාෂා බයිබලයක් වූ අතර මේ එක් එක් භාෂා සමාන්තර ලෙස තීරුගත කර තිබුණි. එවකට තිබුණු ඉස්තරම්ම ගණයේ ලියවිලි උපයෝගී කරගෙන හෙබ්‍රෙව්, ග්‍රීක් සහ ලතින් භාෂාවලින් මෙන්ම ඇතැම් කොටස් අරාමීය භාෂාවෙන්ද පිළියෙල කරන ලදි. මුල් භාෂාවලින් තිබූ අත්පිටපත්වල වඩා නිවැරදි කෘතියක් එළිදැක්වීම සඳහා පොලිග්ලොට් බයිබලය මූලික පියවරක් විය.—4/15, 28-31 පිටු.

• දෙවිව සතුටට පත් කරන්න මනුෂ්‍යයන්ට පුළුවන් කොහොමද?

ජීවමාන පුද්ගලයෙකු වශයෙන් යෙහෝවාට සිතන්නත්, ක්‍රියා කරන්නත් හැකි අතර ඔහුට හැඟීම්ද තිබේ. ඔහු “සන්තෝෂවත් දෙවි” මෙන්ම තම අරමුණු ඉටු කිරීමෙන් සතුටක් ලබයි. (1 තිමෝති 1:11, NW; ගීතාවලිය 104:31) දෙවිගේ හැඟීම් ගැන අප සංවේදී වන තරමට දෙවිගේ සිත ප්‍රීතිමත් කිරීමට අපට කළ හැකි දේවල් පිළිබඳව අපේ අවබෝධයද වැඩි වෙයි.—5/15, 4-7 පිටු.

දාවිත් තමාගේ භාර්යාව වූ මීඛල්ට තෙරෆීම් පිළිමයක් හෝ රූපයක් ළඟ තබාගැනීමට ඉඩහැරියේ මන්ද?

සාවුල් රජ දාවිත්ව මැරීමට සැලසුම් යෙදූ විට, මීඛල් මිනිසෙකුගේ උස මහත හා හැඩය තිබුණා විය හැකි තෙරෆීම් රූපයක් ඇඳ මත තබා දාවිත්ට පලා යෑමට උපකාර කළාය. ඇය පූර්ණ හෘදයකින් දෙවිට සේවය නොකළ නිසා ඇය ළඟ තෙරෆීම් රූපයක් තිබෙන්නට ඇති. දාවිත් මේ පිළිබඳව කිසිවක් නොදැන සිටියා හෝ එසේත් නැත්නම් ඇය සාවුල් රජගේ දියණිය නිසා එයට ඉඩ දුන්නා විය හැකියි. (1 ලේකම් 16:25, 26)—6/1, 29 පිටුව.

• රුධිරය පිළිබඳව දෙවිගේ නියමයන් මගින් කාවද්දනු ලැබූ මූලික සත්‍යතාව කුමක්ද?

ජලගැල්මට පසුව, මෝසෙස්ගේ නීතියෙහි සහ ක්‍රියා 15:28, 29හි සඳහන් කර තිබෙන ආකාරයට, දෙවි ප්‍රකාශ කළ දේ මගින් ඔහු අවධාරණය කළේ යේසුස්ගේ වගුරවනු ලැබූ රුධිරය හා සබැඳි පූජාවයි. අපේ පව්වලට සමාව සහ දෙවි සමඟ සමාදානය අත් කරගත හැක්කේ එම රුධිරය කරණකොටගෙන පමණි. (කොලොස්සි 1:20)—6/15, 14-19 පිටු.

• යේසුස් සිදු කළ ප්‍රාතිහාර්යයන් කීයක් බයිබලයේ සඳහන් වී තිබෙනවාද?

සුවිශේෂ වාර්තාවල යේසුස්ගේ ප්‍රාතිහාර්යයන් 35ක් සඳහන් වේ. යේසුස් සිදු කළ මුළු ප්‍රාතිහාර්යය සංඛ්‍යාව හරියටම හෙළි කර නැත. තවද සියලුම ප්‍රාතිහාර්යයන් බයිබලයේ වාර්තා කරද නැත. (මතෙව් 14:14)—7/15, 5 පිටුව.