“තාත්තාට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි”
“තාත්තාට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි”
මෙක්සිකෝවේ මොරිලියා නගරයේ සිටින පස්හැවිරිදි ඇලෙක්සිස්ගේ දෙමව්පියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන අතර ඔවුන්ගේ රැස්වීම්වලටද යනවා. ඇලෙක්සිස් ඔහුගේ පවුලේ අය සමඟ චාරිකා එක්රැස්වීමකට ගිය අවස්ථාවකදී ගෙයින් ගෙට දේශනා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිරූපණයකට ඔහුගේ අවධානය යොමු වුණා. ඔහු එකපාරටම පියාගෙන් ඇසුවා “තාත්තේ, තාත්තේ ඇයි තාත්තා දේශනා කරන්නේ නැත්තේ?” කියලා. ඔහුගේ පියා මෙසේ පැවසුවා. “මම තවමත් පාඩම් කරනවානේ. මම ඒ සේවය කරන්න තමයි සූදානම් වෙමින් ඉන්නේ.” ඇලෙක්සිස් උද්යෝගයෙන් මෙහෙම කිව්වා. “තාත්තාට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි තාත්තේ.”
යෙහෝවා ගැන ලබාගෙන තිබෙන දැනුමට එකඟව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මේ කුඩා දරුවා තේරුම්ගත්තා. ඔහුගේ ඥාති සහෝදරයෙක් හා සහෝදරියක් ඔවුන් සමඟ එකම ගෙදර ජීවත් වන නිසා ඔහු ඔවුන්ට කතා කරන්න හිතුවා. ඔහු මුලින්ම යෙහෝවාට යාච්ඤා කර, පසුව තම දෙමව්පියන්ගේ උදව් ඇතිව මගේ බයිබල් කතන්දර පොතෙන් ඉගෙනගත් දේවල් ගැන ඒ ඔවුන්ට කිව්වා. ඇලෙක්සිස්ට තවමත් කියවන්න බැරි වුණත් ඔහු පොතේ තියෙන පින්තූරු දිහා බලලා කතන්දර කියා දෙන්න හොඳින් දැනගෙන සිටියා. තවදුරටත් ඔහු කියා සිටියේ දෙවිගේ අරමුණ ගැන තමා ඉගෙනගන්න දේවල් අනිත් මිනිසුන්ගේ ගෙවල්වලට ගිහින් ඔවුන්ට කියා දෙන්න තමන්ට උවමනා බවයි.
ඇත්තවශයෙන්ම බාල මහලු සියලුදෙනාට හැකියි “ශුද්ධ තැනැත්තා” වන යෙහෝවා බලාපොරොත්තු වන විදියට තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න සහ ඔහු ගැන ජාතීන්ට සාක්ෂි දැරීමේ අතිඋතුම් කාර්යයට හවුල් වෙන්න. (යෙසායා 43:3; මතෙව් 21:16) එය කෙනෙකුට කළ හැකි හොඳම දේවල්වලින් එකක් බවට නම් කිසිම සැකයක් නැහැ.