Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් ගමන්ගත් නැව මුහුදුබත් වූයේ සිසිලියට දකුණින් පිහිටි මෝල්ටාව දූපතේදී නොවන බවත් එය වෙනත් දූපතක සිදු වූ බවත් සමහරු පවසයි. ඔහුගේ නැව මුහුදුබත් වූයේ කොහේදීද?

මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට හේතුව පාවුල්ගේ නැව මුහුදුබත් වූයේ මෝල්ටා දූපතේ නොවන බවට මෑතකදී ඇති වූ වෙනස් මතයක් නිසයි. එම මතයට අනුව පාවුල්ගේ නැව ග්‍රීසියට බටහිරින් පිහිටි අයෝනියන් මුහුදේ කොර්ෆු දූපත ළඟ සෙෆලෝනියා (හෙවත් කෙෆලිනා) දූපත අසල මුහුදුබත් වූ බවයි කියැවෙන්නේ. දේවානුභාවයෙන් ලියැවුණු වාර්තාවේ පවසන්නේ රෝම ජාතික සියයකට මුලාදෑනියෙකු වූ ජූලියස්ගේ භාරකාරත්වය යටතේ සිටි පාවුල් වෙනත් සොල්දාදුවන් හා ඔහුගේ සහයකයන් සමඟ සිසේරියෙන් පිටත් වූ බවයි. මෙම සිතියමේ පෙන්නුම් කර ඇති පරිදි ඔවුන් සීදොන් සහ මුරාවලට යාත්‍රා කළා. ඔවුන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වරායේදී ධාන්‍ය පැටවූ විශාල නැවකට ගොඩ වී බටහිර දෙසින් පිහිටි කනීදසය බලා පිටත් වුණා. ඔවුන් කලින් සැලසුම් කර තිබූ පරිදි ඒජියන් මුහුද හරහා ග්‍රීසිය අසලින් රෝමයට යන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔවුන් සැර කුණාටුවකට අසුවීම නිසා දකුණු දිශාවේ පිහිටි ක්‍රීට් දූපත දෙසට ගසාගෙන ගිය අතර ඔවුන්ට ආරක්ෂාව සැලසුණේ එම වෙරළේයි. ඔවුන් එහි සුන්දර වරායන් නමැති වරායේ නතර වුණා. “ක්‍රීට්හි සිට මුහුදෙන් ගමන්” කිරීමට ආරම්භ කළ විට ‘යූරකිලො කියා හැඳින්වූ චණ්ඩ මාරුතයකට නැව අසු වුණා.’ ධාන්‍යවලින් බර වූ නැව 14වෙනි දා රෑ වන තෙක් “ඒ මේ අත විසි වෙමින්” තිබුණා. අවසානයේදී ශුද්ධ වූ ලියවිල්ලේ ග්‍රීක් පාඨයේ මිලයිට් යන නමින් හඳුන්වන දිවයින අසල 276දෙනා රැගත් නැව කැඩී බිඳී ගියා.—ක්‍රියා 27:1–28:1.

මිලයිට් නමැති මෙම දූපත හඳුනාගැනීම සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. සමහර අය සිතුවේ මෙය ක්‍රොඒෂියා වෙරළට ඔබ්බෙන් ආද්‍රියාතික් මුහුදේ පිහිටි එවකට මිලයිට් ඉලිරිකා නමින් හැඳින්වූ හා දැන් මෙල්යෙට් නමින් හඳුන්වනු ලබන දූපත කියායි. නමුත් උතුරට වෙන්නට පිහිටා ඇති මෙල්යෙට් හරහා පාවුල් ගමන් කළායයි සිතීම අසීරුයි. ඊට හේතුව පාවුල් ඊට පසු ගමන් කළාවූ සිරකූසය, සිසිලිය හා ඉතාලියේ බටහිර වෙරළ මාර්ගයේ මෙල්යෙට් පිහිටා නොතිබීමයි.—ක්‍රියා 28:11-13, NW.

බොහෝ බයිබල් පරිවර්තකයන්ගේ නිගමනය නම් මෙම මිලයිට් දූපත කියන්නේ කලින් මිලයිට් ඇෆ්රිකානස් යන නමින් හැඳින්වූ දැන් මෝල්ටා ලෙස හඳුන්වනු ලබන දූපත බවයි. පාවුල් ගමන්ගත් නැව අන්තිමට නතර කළ වරාය නම් ක්‍රීට් දූපතේ සුන්දර වරායන් නමැති වරායයි. ඉන්පසු තදින් හමා ආ චණ්ඩ මාරුතයක් නිසා නැව බටහිර දිශාවේ පිහිටි කෞද දූපතට ගසාගෙන ගියා. දින ගණනාවක්ම නැව සුළඟ හැමූ දිශාවටම ගසාගෙන ගියා. එමනිසා චණ්ඩ මාරුතයට අසු වූ නැව තව තවත් බටහිර දිශාවට ගමන් කර මෝල්ටාවට සේන්දු වුණා කියා සිතීම සාධාරණයි.

දිගටම වගේ පැවතුණු සුළඟ සහ “එය හැමූ දිශාව සහ නැව ගසාගෙන ගිය වේගය” සැලකිල්ලට ගත් කෙනිබාර් සහ හවුසන් ඔවුන් ලියූ සාන්ත පාවුල්ගේ ජීවිතය හා ඔහු ලියූ ලිපි නමැති පොතේ (සිංහලෙන් නොමැත) මෙසේ සඳහන් කළා. “කෞද හා මෝල්ටා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 770කට වඩා ටිකක් අඩුයි. අහඹු ලෙස ගැලපෙන මෙම සිදුවීම් කොපමණ විශිෂ්ටදයත්, මේ නැවියන් දහහතරවන දා රාත්‍රියේදී ගොඩ වූ දුපත මෝල්ටාව මිස වෙනත් එකක් බව සිතීම උගහටයි. එමනිසා ඒ දූපත මෝල්ටාව බව ස්ථීරයි.”

සමහරවිට වෙනත් තැන් නම් කළ හැකි වුවද, මෙම සිතියමේ පෙන්වා ඇති පරිදි මෝල්ටා දූපත අසල නැව කැඩී බිඳී යෑම බයිබලයේ වාර්තාව හා කදිමට ගැළපෙනවා.

[31වන පිටුවේ සිතියම⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝමය

මෙල්යෙට්

ග්‍රීසිය

මෝල්ටා

කෞද

ක්‍රීට්

කනීදසය

මුරා

සීදොන්

සෙෆලෝනියා

සිසිලිය

සිරකූසය

සිසේරිය

යෙරුසලම