වෙහෙසට පත් වුවත් හෙම්බත් නොවී
වෙහෙසට පත් වුවත් හෙම්බත් නොවී
“පොළොවේ සීමාවල මැවුම්කාර වූ යෙහෝවා . . . ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය. බලය නැත්තාට සවිය වැඩි කරන්නේය.”—යෙසායා 40:28, 29.
1, 2. (අ) පවිත්‍ර නමස්කාරයෙහි හවුල් වීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම ලැබෙන සිත්ගන්නා ඇරයුම කුමක්ද? (ආ) අපගේ ආත්මිකත්වයට බරපතළ ලෙස හානි කළ හැක්කේ කවර තත්වයද?
අප යේසුස්ගේ ගෝලයන් වන නිසා ඔහු මෙලෙස ඉදිරිපත් කළ සිත්ගන්නා ඇරයුම අප කාටත් හුරුය. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. . . . මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.” (මතෙව් 11:28-30, NW) “ප්‍රාණවත්බවක් ගෙන දෙන කාලවල් යෙහෝවාගෙන්” ලබාගැනීමේ ප්‍රස්තාවද ක්‍රිස්තියානීන්ට විවෘත කර ඇත. (ක්‍රියා 3:19, NW) බයිබල් සත්‍යතා ඉගෙනීමත් අනාගතය සඳහා දීප්තිමත් බලාපොරොත්තුවක් තිබීමත් ඔබේ ජීවිතයෙහි යෙහෝවාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් කොතරම් ප්‍රබෝධයක්ද යන්න ඔබ අද්දැක ඇති බව නිසැකය.
2 කෙසේවෙතත්, යෙහෝවාට නමස්කාර කරන ඇතැම් අය විටින් විට මානසිකව වෙහෙසට පත් වෙති. ඇතැම් අවස්ථාවලදී, එලෙස ඇති වන අධෛර්යය කරවනසුලු හැඟීම් පවතින්නේ කෙටි කාලයකටය. තවත් අවස්ථාවලදී එවන් අධෛර්යය කරවනසුලු හැඟීම් දිගු කාලයක් පුරා පැවතිය හැක. කාලයක් ගතවීමත් සමඟම යේසුස් පොරොන්දු වූ ලෙස ක්‍රිස්තියානි වගකීම්වලින් ප්‍රාණවත්භාවයක් අද්දකිනවා වෙනුවට ඒවා ඉමහත් බරක් බව ඇතමුන්ට හැඟෙන්නට පුළුවන. ඇතැම්විට මෙවැනි නිෂේධාත්මක හැඟීම්වල ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා සමඟ ක්‍රිස්තියානි භක්තිකයෙකුට තිබෙන සබඳතාවට බරපතළ ලෙස හානි සිදු විය හැක.
3. යේසුස් යොහන් 14:1හි සඳහන් උපදෙස් ලබා දුන්නේ මන්ද?
3 “ඔබේ සිත් කැලඹීමට ඉඩ නොදෙන්න. දෙවි කෙරෙහි ඇදහිල්ල පෙන්වන්න. මා කෙරෙහිද ඇදහිල්ල පෙන්වන්න.” (යොහන් 14:1, NW) යේසුස් සිය ගෝලයන්ට මෙම වදන් පැවසුවේ තමාව අත්අඩංගුවට ගෙන මරණයට පත් කරන්නට ස්වල්ප වේලාවකට පෙරාතුවය. වැඩි කල් නොගොස් ඔහුගේ ප්‍රේරිතයන්ටද ඛේදනීය සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. ඉන් අනතුරුව ඔවුන් පීඩා රැල්ලකට හසු වනු ඇත. යේසුස් එම වදන් පැවසුවේ අධෛර්යයට පත්වීම මගින් තම ප්‍රේරිතයන් බාධාවට පත් විය හැකි බව ඔහු දැන සිටි නිසාය. (යොහන් 16:1) ඔවුන්ගේ ශෝකාකූල හැඟීම් ඔවුන් පාලනය කර නොගත්තොත්, සමහරවිට ඔවුන් ආත්මිකව දුර්වල වීමට පුළුවන. සමහරවිට යෙහෝවා කෙරෙහි ඇති ඔවුන්ගේ විශ්වාසය පවා නැති වී යෑමට එය හේතුවක් වනු ඇත. මෙය අද දින ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන්ද සිදු විය හැක්කකි. දිගින් දිගටම අධෛර්යයට පත් වන විට ඉමහත් වේදනාවක් ඇති විය හැක. එමෙන්ම අපගේ සිත්වලට මහත් බරක් දැනිය හැක. (යෙරෙමියා 8:18) අපගේ ඇතුළාන්ත පුද්ගලයා දුර්වල වී යන්නට පුළුවන. මෙවැනි පීඩනයකට මුහුණ දෙන විට අප චිත්තවේගීයව හා ආත්මිකව කිසිවක් කර කියාගත නොහැකි තත්වයකට පත් විය හැක. යෙහෝවාට නමස්කාර කරන්නට අප තුළ ඇති ආශාව නැති වී යන්නටද පුළුවන.
4. අපගේ සිත් හෙම්බත් වීමෙන් වළක්වාගැනීමට කුමක් උපකාරවත් විය හැකිද?
4 “සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.” (හිතෝපදේශ 4:23) බයිබලයේ සඳහන් මෙම අවවාදය කොතරම් උචිතද! අපගේ සිත අධෛර්යයට පත්වීමට හා ආත්මික වශයෙන් වෙහෙසට පත්වීමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමට උපකාරවත් වන ප්‍රායෝගික උපදෙස් බයිබලයෙහි සඳහන්ය. කෙසේවෙතත්, මුලින්ම අප කළ යුතු දේ වන්නේ අප වෙහෙසට පත් වී සිටීමට හේතුව හඳුනාගැනීමය.
ක්‍රිස්තියානි ගමන් මාර්ගය පීඩාකාරී යමක් නොවේ
5. ක්‍රිස්තියානි ගෝලයෙකු වීම සම්බන්ධයෙන් බැලූ බැල්මට තිබෙන පරස්පර විරෝධීතාව කුමක්ද?
5 ක්‍රිස්තියානියෙකු වීමට නම් දැඩි උත්සාහයක් නැත්නම් වීර්යයක් අවශ්‍ය බව අප කවුරුත් පිළිගන්නා දෙයකි. (ලූක් 13:24) “තම වධකණුව උසුලාගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ගෝලයා වන්න නුපුළුවන” කියාද යේසුස් පැවසුවේය. (ලූක් 14:27, NW) බැලූ බැල්මට මෙම වදන් හා තමාගේ වියගහ පහසුයි එහි බරද සැහැල්ලුයි යනුවෙන් යේසුස් පැවසූ වදන් අතර යම් පරස්පර විරෝධී බවක් ඇතැයි පෙනෙන්නට පුළුවන. එහෙත්, ඒවා අතර කිසිදු පරස්පර විරෝධී බවක් නැතැයි අවධාරණයෙන් කිව යුතුය.
6, 7. අප නමස්කාර කරන පිළිවෙත වෙහෙසකර එකක් නොවන බවට පැවසිය හැක්කේ මන්ද?
දේශනාකාරයා 3:13, 22) සෙසු ජනයා සමඟ බයිබලයේ සඳහන් වටිනා සත්‍යයන් බෙදාගැනීමට වඩා යහපත් හේතුවක් තිබිය හැකිද? දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අප සෑහෙන සටනක් දරනවා විය හැක. එනමුත්, ප්‍රතිඵලයක් ලෙස අප භුක්ති විඳින ප්‍රයෝජන සලකා බලද්දී ඒ සටන ගැන අප එතරම් තකන්නේ නැත. (හිතෝපදේශ 2:10-20) අපට පීඩා පැමිණියත්, දේවරාජ්‍යය වෙනුවෙන් දුක් විඳීම අප සලකන්නේ ඉමහත් ගෞරවයක් ලෙසය.—1 පේතෘස් 4:14.
6 දැඩි වීර්යයක් දරමින් බර වැඩ කරන විට සෑහෙන මහන්සියක් දැනුණද, එය යහපත් හේතුවක් උදෙසා කරන දෙයක් නම් ඉන් තෘප්තියක් හා ප්‍රබෝධයක් අද්දකින්නට පුළුවන. (7 බොරු ආගම්වල දැඩි ග්‍රහණයට හසු වී සිටින අය අද්දකින ආත්මික අන්ධකාරය හා සසඳද්දී යේසුස් අප පිට පටවන බර සැහැල්ලුය, ප්‍රාණවත් කරවනසුලුය. දෙවි අපට බොහෝ සේ ආදරය කරන්නේය. එම නිසා අප මත අසාධාරණ ඉල්ලීම් පටවන්නේ නැත. යෙහෝවාගේ “ආඥා බරක් නොවේ.” (1 යොහන් 5:3, NW) ශුද්ධ ලියවිල්ලෙහි දක්වා ඇති සැබෑ ක්‍රිස්තියානි ගමන් මාර්ගය පීඩාකාරී එකක් නොවේ. මේ අනුව අප නමස්කාර කරන පිළිවෙත අපව වෙහෙසට හා අධෛර්යයට පත් කිරීමට හේතුවක් නොවන බව පැහැදිලිය.
‘සියලු බර අහක දමන්න’
8. බොහෝ අවස්ථාවලදී ආත්මිකව වෙහෙසට පත්වීමට හේතුව කුමක්ද?
8 ආත්මික වශයෙන් අපට යම් වෙහෙසක් දැනෙනවා නම්, බොහෝදුරට එසේ වන්නේ මෙම දූෂිත සමාජ ක්‍රමය තුළින් අප මත පැටවී ඇති බරක් නිසාවෙනි. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” නිසා අපව වෙහෙසට පත් කළ හැකි, අපගේ ක්‍රිස්තියානි සමබරතාව කා දැමිය හැකි නිෂේධාත්මක බලවේගයන්වලින් අපි වට වී සිටින්නෙමු. (1 යොහන් 5:19, NW) අනවශ්‍ය දේවල් පසුපස හඹා යෑමෙන් අපගේ ක්‍රිස්තියානි ජීවිතය අවුල්සහගත වීමට පුළුවන. මෙම අමතර බරවල් නිසා අප වෙහෙසට පත් වී, අපගේ අධිෂ්ඨානය පවා මලානික විය හැක. ‘සියලු බර අහක දමන’ ලෙස බයිබලය යෝග්‍ය ලෙස අවවාද කරන්නේ එම නිසයි.—හෙබ්‍රෙව් 12:1-3, NW.
9. ද්‍රව්‍යමය ඉලක්ක පසුපස හඹා යෑම අපව වෙහෙසට පත් කළ හැක්කේ කෙලෙසද?
9 නිදසුනකට ලෝකයේ ජනයා ප්‍රසිද්ධිය හා මුදල් ලබාගැනීමටත්, විනෝද වීමටත්, ගමන් බිමන් යෑමටත්, වෙනත් ද්‍රව්‍යමය ඉලක්ක පසුපස හඹා යෑමටත් දක්වන්නේ දැඩි ආශාවකි. ඔවුන්ගේ ආකල්ප අප සිතන ආකාරයටද බලපෑ හැක. (1 යොහන් 2:15-17) ධනය පසුපස හඹා ගිය මුල් සියවසේ ක්‍රිස්තියානීන් කිහිපදෙනෙක්ම තම ජීවිත හොඳටම අවුල් කරගත්තෝය. ප්‍රේරිත පාවුල් ඒ තත්වය පැහැදිලි කළේ මෙලෙසය. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වලට මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.
10. වපුරන්නා පිළිබඳ යේසුස් දුන් උපමාවෙන් අපට උගත හැක්කේ කුමක්ද?
10 අප දෙවිට සේවය කරන විට යම් වෙහෙසක් දැනීමෙන් අධෛර්යයට පත්ව ඇතැයි සිතමු. ද්‍රව්‍යමය දේවල් පසුපස හඹා යෑමට අප දරන උත්සාහය නිසා අපගේ ආත්මිකත්වය යටපත් වීම ඊට හේතුව විය හැකිද? වපුරන්නා පිළිබඳ යේසුස් දුන් උපමාවෙන් පැහැදිලි වන පරිදි, මෙවැනි දෙයක් සිදුවීමට බොහෝ ඉඩ කඩ ඇත. යේසුස් “මේ සමාජ ක්‍රමයේ කරදරද, ධනයේ මුළා කරවන බලපෑමද, අනිකුත් දේවල්වලට තිබෙන ආශාවන්ද” සන්සන්දනය කළේ අපේ සිත් තුළ රෝපණය වී ඇති දේවවචනය නමැති බීජයට හරස් වී එය “යට කර දමන” කටු ගස්වලටය. (මාක් 4:18, 19, NW) එබැවින් බයිබලය අපට මෙලෙස අවවාද කරයි. “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න. මන්ද, ‘මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි’ යි ඔහු [දෙවි] කියා ඇත.”—හෙබ්‍රෙව් 13:5, NW.
11. අපව වෙහෙසට පත් කරවන දේවල් ඉවත් කිරීමට අපට හැක්කේ කෙලෙසද?
11 ඇතැම් අවස්ථාවලදී අපගේ ජීවිතය අවුල් වන්නේ අප තව තවත් දේවල් පසුපස හඹා යෑම නිසා නොව, අපට දැනටමත් තිබෙන දේවල් භාවිතයට ගනිමින් අප කරන දේ නිසාය. ඇතැම් අය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න, පවුලේ සාමාජිකයන් මිය යෑම හේතුවෙන් හෝ වෙනත් ප්‍රශ්න ගැටලු හේතුවෙන් මානසික වශයෙන් විඩාවට පත් වී ඇත. විටින් විට යම් සකස් වීම් කිරීමේ වැදගත්කම ඔවුන්ට පැහැදිලි වී ඇත. එක් විවාහක යුවළක් සිය විනෝදාංශ කිහිපයක් හා අවශ්‍ය නැති පෞද්ගලික වැඩකටයුතු කිහිපයක්ම නතර කර දැමීමට තීරණය කළෝය. ඔවුන් සිය බඩු මුට්ටු සෝදිසි කර බලා එවැනි විනෝදාංශ හා වැඩකටයුතුවලට සම්බන්ධ සෑම දෙයක්ම තමන්ට පහසුවෙන්ම නොපෙනෙන ස්ථානවල ගබඩා කළෝය. විටින් විට අපද අපගේ පුරුදු හා අප සතු දේවල් ගැන හොඳ සෝදිසියක් කිරීම ප්‍රයෝජනදායක වනු ඇත. එමගින් අපට හැකියි වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත නොවන පිණිස, සියලු අනවශ්‍ය බර අහක දමන්නට.
සාධාරණකම හා තම සීමා තේරුම්ගැනීම අත්‍යවශ්‍යය
12. අපගේ වැරදි ගැන අප පිළිගත යුත්තේ කුමක්ද?
12 අපගේම වැරදි නිසා, සමහරවිට කුඩා දේවලදී වුණත් අප කරන වැරදි නිසා අපගේ ජීවිතය කෙමෙන් කෙමෙන් අවුල් වන්නට පුළුවන. “මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බර වෙයි” යන්න පැවසූ දාවිත්ගේ වදන් කොතරම් සැබෑද! (ගීතාවලිය 38:4) බොහෝදුරට අවශ්‍ය වන්නේ ප්‍රායෝගිකව යම් සකස් වීම් කිරීමයි. එසේ කිරීමෙන් එවන් බරවලින් අපට සහනයක් ලැබේ.
13. අපගේ දේවසේවය සම්බන්ධයෙන් සමබර ආකල්පයක් දැරීමට සාධාරණකම අපට උපකාරවත් විය හැක්කේ කෙලෙසද?
13 “ප්‍රායෝගික ප්‍රඥාව හා සිතීමේ හැකියාව” වැඩි දියුණු කිරීමට බයිබලය අපට දිරිගන්වයි. (හිතෝපදේශ 3:21, 22, NW) බයිබලය තවදුරටත් කියන්නේ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . සාධාරණ” බවයි. (යාකොබ් 3:17, NW) වෙනත් අය ක්‍රිස්තියානි දේවසේවයේදී ඉටු කරන දේ දැක ඔවුන් කරන ආකාරයටම කිරීමට උත්සාහ කරද්දී ඇතමෙකුට යම් පීඩනයක් දැනී ඇත. එනමුත් බයිබලය අපට අවවාද කරන්නේ මෙලෙසය. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත. මන්ද එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය.” (ගලාති 6:4, 5, NW) සෙසු ක්‍රිස්තියානීන් තබන යහපත් ආදර්ශය යෙහෝවාට පූර්ණ සිතකින් සේවය කිරීමට අපට දිරිගැන්වීමක් විය හැකි බව ඇත්තයි. එනමුත් අප සිටින තත්වයට ගැළපෙන පරිදි යථාර්ථවාදී ඉලක්ක තැබීමට අපට ප්‍රායෝගික ප්‍රඥාව හා සාධාරණකම මහෝපකාරී වේ.
14, 15. අපගේ ශාරීරික හා චිත්තවේගීය අවශ්‍යතා පිරිමසාගැනීමේදී අපට ප්‍රඥාව ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවිය හැක්කේ කෙසේද?
14 එතරම් වැදගත් නැතැයි සැලකිය හැකි පැතිවලදී පවා අප සාධාරණකමින් ක්‍රියා කරනවා නම්, අපට වෙහෙස මඟහරවා ගත හැකිය. නිදසුනකට, යහපත් ශරීර සෞඛ්‍යයකට තුඩු දෙන ආකාරයේ සමබර පුරුදු ඇති කරගැනීමට අප වෑයම් කරනවාද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරන විවාහක යුවළකගේ ආදර්ශය සලකා බලන්න. විඩාව මඟහරවා ගැනීමට ප්‍රඥාව ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමේ වටිනාකම ඔවුන්ට පෙනී ගොස් ඇත. එම භාර්යාව මෙසේ පවසයි. “කොච්චර වැඩ කරන්න තිබුණත්, හැම රැයකම එකම වේලාවට නිදාගන්න අපි උත්සාහ කරනවා. අනික අපි නිතරම ව්‍යායාම් කරනවා. මේකත් අපිට ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා. අපට තිබෙන සීමාවන් මොනවාද කියා අප වටහාගෙන තිබෙනවා විතරක් නෙවෙයි, ඒ අනුව අපගේ කටයුතු කරගෙන යන්නත් අපි උත්සාහ කරනවා. ඉතින් අපිට වඩා වැඩ ගොඩක් කරන්න පුළුවන් අයත් එක්ක අපි අපිවම සන්සන්දනය
කිරීමෙන් වැළකෙන්නට උත්සාහ කරනවා.” මේ සම්බන්ධයෙන් අප ගැන කුමක් කිව හැකිද? ආහාර ගැනීම සහ නිදාගැනීම සම්බන්ධයෙන් අපට හොඳ පුරුදු තිබෙනවාද? අපගේ සෞඛ්‍යය ගැන අප සාධාරණ විදිහට අවධානයෙන් සිටිනවා නම්, අප මානසික වශයෙන් හා ආත්මිකව විඩාවට පත්ව සිටිනවා යන හැඟීම අවම කරගත හැකිය.15 අප අතර සිටින ඇතැම් අයගේ අවශ්‍යතා අද්විතීයයි. නිදසුනකට, නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙමින් පූර්ණ-කාලීන සේවයේ පැවරුම් කිහිපයක සේවය කර ඇති එක් ක්‍රිස්තියානි සහෝදරියක් ගැන සලකා බලන්න. ඇයට පිළිකාවක් තිබූ අතර තවත් බරපතළ සෞඛ්‍ය ගැටලුද තිබිණ. එවන් අසීරු අවස්ථාවලට මුහුණ දීම සඳහා ඇයට උපකාර කරන්නේ කුමක්ද? ඇය මෙසේ පවසයි. “යම් කාලයක් මට නිස්කලංකව හා තනිව ගත කරන්න වෙනවා. ඒක හරිම වැදගත්. මට පීඩනය හා විඩාව වැඩි වෙනවා කියලා හැඟෙන්න හැඟෙන්න, මට නිස්කලංකව හා නිවිහැනහිල්ලේ කාලය ගත කිරීමේ අවශ්‍යතාව දැනෙනවා. මම ඒ කාලය පොත් කියවීමට හා වෙහෙස නිවාගැනීමට යොදාගන්නවා.” ආත්මික විඩාවෙන් වැළකී සිටීම සඳහා අපට ආවේණික වූ අවශ්‍යතා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කරගැනීමට සිතීමේ හැකියාව භාවිත කිරීමත්, ප්‍රඥාව ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමත් අපට ප්‍රයෝජනවත් වේ.
යෙහෝවා දෙවි අපව ශක්තිමත් කරයි
16, 17. (අ) අපගේ ආත්මික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම අතිශයින් වැදගත් වන්නේ මන්ද? (ආ) අප පුරුද්දක් ලෙස දිනපතා කරන දේවලට ඇතුළත් කළ යුත්තේ මොනවාද?
16 අපගේ ආත්මික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපට යෙහෝවා දෙවි සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන විටදී පවා ශාරීරිකව අප වෙහෙසට පත් විය හැක. එනමුත් ඔහුට නමස්කාර කිරීම කිසි අවස්ථාවක වෙහෙසකර දෙයක් බවට පත් නොවේ. යෙහෝවා “ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය. බලය නැත්තාට සවිය වැඩි කරන්නේය.” (යෙසායා 40:28, 29) මෙම වදන්වල සත්‍යතාව පෞද්ගලිකව අද්දුටු ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “අපි උත්සාහය අත් නොහරිමු. අපේ පිටාතර මිනිසා දිරාපත් වෙමින් සිටියත්, අපේ ඇතුළාන්ත මිනිසා දවසින් දවස අලුත් වන බව නිසැකය.”—2 කොරින්ති 4:16, NW.
17 “දවසින් දවස” යන යෙදුම සැලකිල්ලට ගන්න. මින් අදහස් වන්නේ යෙහෝවාගේ සැපයුම්වලින් අප දිනපතාම ප්‍රයෝජන ගත යුතු බවයි. අවුරුදු 43ක් පුරා මිෂනාරිවරියක ලෙස විශ්වාසවන්තව සේවය කළ සහෝදරියක් විටින් විට කායිකව වෙහෙසට පත් විය. අධෛර්යයට පත් විය. එනමුත් ඇය සම්පූර්ණයෙන්ම හෙම්බත් වූයේ නැත. ඇය මෙසේ පවසයි. “මම පුරුදු වෙලා තිබෙනවා පාන්දරින්ම අවදි වෙන්න. එතකොට වෙන කිසිම වැඩකට අත තියන්න කලින් යෙහෝවාට යාච්ඤා කරන්න හා ඔහුගේ වචනය කියවන්න මට කාලය ගත කරන්න පුළුවන්. මේ දක්වා විඳදරාගෙන සිටින්න මෙම දෛනික පුරුද්ද මට උපකාර වෙලා තිබෙනවා.” අපද නිතිපතා ඇත්තෙන්ම “දවසින් දවස” යෙහෝවාට යාච්ඤා කරනවා නම් ඔහුගේ උතුම් ගුණාංග ගැන හා ඔහුගේ පොරොන්දු ගැන මෙනෙහි කරනවා නම් ඔහු අපව ශක්තිමත් කරන බවට නිසැක විය හැක.
18. මහලු වියේ පසු වන හෝ අසනීපව සිටින විශ්වාසවන්ත අයට බයිබලයේ තිබෙන්නේ කවර සැනසිලිදායක වදන්ද?
18 මහලු වීම හෝ අයහපත් සෞඛ්‍ය තත්වයක් උද්ගත වීම හේතුවෙන් අධෛර්යයට පත්ව සිටින අයට මෙය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. මෙවැනි අය අධෛර්යය වන්නේ ඔවුන් තමන් කරන දේ අන් අය කරන දේ හා සසඳන නිසා නොව, තමන් දැන් කරන දේ තමන් අතීතයේ කළ දේ හා සසඳන නිසාය. යෙහෝවා මහලු අයට ගෞරව කරන බව දැන සිටීමම මොන තරම් සැනසිල්ල ගෙන දෙන්නක්ද! “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය. එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බ වෙයි” යනුවෙන් බයිබලයෙහි සඳහන් වේ. (හිතෝපදේශ 16:31) අපගේ සීමාවන් මොනවාදැයි දන්නා යෙහෝවා අපට යම් ශාරීරික දුර්වලකම් තිබුණත් පූර්ණ සිතකින් අප ඉදිරිපත් කරන නමස්කාරය අතිශයින්ම අගය කරයි. එපමණක්ද නොව, අප මෙතෙක් කර ඇති යහපත් ක්‍රියා යෙහෝවාගේ මතකයෙන් කිසිදාක ඉවත් වන්නේ නැත. ශුද්ධ ලියවිල්ලෙහි අපට ඒ ගැන සහතික කරන්නේ මෙලෙසය. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේ කරමින්ද සිටින්නහුය.” (හෙබ්‍රෙව් 6:10, NW) දශක ගණනාවක් පුරා යෙහෝවාට සිය පක්ෂපාතකම ඔප්පු කර ඇති අය අප අතර සිටීම මොන තරම් සතුටට කරුණක්ද!
අත් නොහරින්න
19. යහපත් දේවල් කිරීමෙහි කඩිසරව නියැලීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙලෙසද?
19 නිතිපතාම හොඳට මහන්සි වී ශාරීරික ව්‍යායාම්වල යෙදීමෙන් වෙහෙස පලවාහැරිය හැකි බව බොහෝදෙනාගේ මතයයි. ඒ හා සමානව, අප මානසිකව හෝ ආත්මිකව විඩාවට පත්ව සිටිනවා නම් නිතිපතා ආත්මික ක්‍රියාකාරකම්වල යෙදීම ප්‍රයෝජනවත් විය හැක. බයිබලයෙහි මෙසේ පැවසේ. “යහපත කිරීම අත් නොහරිමු. මන්ද, අපි විඩාවට පත්ව ගලාති 6:9, 10) “යහපත කිරීම” හා “යහපත්කම් කරමු” යන යෙදුම් සැලකිල්ලට ගන්න. මින් පෙනී යන්නේ අපගේ පැත්තෙන් යම් ක්‍රියාවන් කළ යුතු බවය. යෙහෝවාට අප කරන සේවයෙන් විඩාවට පත්ව හෙම්බත් වීමෙන් වැළකී සිටීම සඳහා අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකය.
හෙම්බත් නොවෙමු නම්, නියමිත කාලයේදී නෙළාගන්නෙමු. එසේනම්, අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” (20. අධෛර්යයට පත් නොවී සිටීමට නම් අප කාගේ ඇසුරට නොවැටිය යුතුද?
20 මීට පටහැනිව, දෙවිගේ නීති නොසලකාහරින අය සමඟ ඇසුරු කිරීමත් ඔවුන් සමඟ යම් කටයුතුවල යෙදීමත් වෙහෙසකර බරක් බවට පත් විය හැක. බයිබලය අපට අනතුරු අඟවන්නේ මෙසේය. “ගලක් බරය, වැලිත් බරය, එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය [කෝපය] බරය.” (හිතෝපදේශ 27:3) අධෛර්යය වීම හා වෙහෙස පරාජය කිරීමට නම්, නිෂේධාත්මක අදහස් ගැන නිතරම කතා කරන අයගේ ඇසුරට හා අන් අයගේ වැරදි සෙවීමට හා ඔවුන්ව විවේචනය කිරීමට නැඹුරු වන අයගේ ඇසුරට නොවැටෙන්නට අප වගබලා ගත යුතුය.
21. ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපට අන් අයව දිරිගැන්විය හැක්කේ කෙලෙසද?
21 ක්‍රිස්තියානි රැස්වීම් යනු අපව ආත්මිකව ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා විසින් දෙනු ලැබූ සැපයුමකි. එහිදී, ප්‍රබෝධවත් කරන උපදෙස්වලින් හා ඇසුරෙන් එකිනෙකාව දිරිගැන්වීමට අපට කදිම ප්‍රස්තාවක් ලැබේ. (හෙබ්‍රෙව් 10:25) රැස්වීම්වලදී අදහස් දක්වන විටත් වේදිකාවේ සිට වැඩසටහනේ කොටස් ඉදිරිපත් කරන විටත් එකිනෙකාව ගොඩනැංවීම සභාවේ සියලුදෙනාගේම ඉලක්කය විය යුතුය. විශේෂයෙන්ම අන් අයව දිරිගැන්වීමේ වගකීම ගුරුවරුන් ලෙස සභාවේ පෙරමුණ ගන්නා අයට තිබේ. (යෙසායා 32:1, 2) උපදෙස් දීමට හෝ අවවාද කිරීමට සිදු වන අවස්ථාවලදී පවා, ප්‍රබෝධවත් කරවනසුලු ස්වරයකින් එසේ කළ යුතුය. (ගලාති 6:1, 2) හෙම්බත් නොවී යෙහෝවාට සේවය කිරීම සඳහා ඇත්තෙන්ම අපට උපකාරවත් වන්නේ අන් අය කෙරෙහි අපට තිබෙන ප්‍රේමයයි.—ගීතාවලිය 133:1; යොහන් 13:35.
22. අප අසම්පූර්ණ මිනිසුන් වුවත් අපට ධෛර්යවත් විය හැක්කේ මන්ද?
22 මෙම අවසාන කාලයේදී යෙහෝවාට නමස්කාර කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍යය. ක්‍රිස්තියානීන් මානසිකව විඩාවට පත්වීමෙන්, හිත් වේදනාවලින් හා වෙනත් පීඩාකාරී තත්වයන්වල බලපෑමෙන් නිදහස්ව සිටිනවා නොවේ. අපගේ අසම්පූර්ණ මිනිස් ස්වභාවය මැටි බඳුනක් මෙන් බිඳෙනසුලුය. “එහෙත් සාමාන්‍යය ඉක්මවූ බලය අපගෙන් නොව දෙවිගෙන් ලැබෙන බව පෙනෙන පිණිස අපි මේ වස්තුව මැටි භාජනවල දරමු” කියා බයිබලය පවසයි. (2 කොරින්ති 4:7, NW) ඔව්, අපි විඩාවට පත් වන්නෙමු. එය ඇත්තය. එනමුත් අපි කිසිදාක හෙම්බත් වී අපගේ උත්සාහය අත් නොහැරීමට වගබලා ගනිමු. “එබැවින් අපි ධෛර්යවත් වී, ‘යෙහෝවා මාගේ උපකාරකයා’” යයි කියමු.—හෙබ්‍රෙව් 13:6, NW.
කෙටි සමාලෝචනයක්
• අපට ඉවත දැමිය හැකි පීඩාකාරී බරවල් කිහිපයක් නම් කරන්න.
• සෙසු ක්‍රිස්තියානීන්ට “යහපත්කම්” කිරීමෙහි හවුල් වීමට අපට හැක්කේ කෙලෙසද?
• අපට වෙහෙසක් හෝ අධෛර්යයට පත් වන බවක් දැනෙන විට යෙහෝවා අපව උසුලන්නේ කෙලෙසද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[23වන පිටුවේ පින්තූරය]
දිගටම අධෛර්යය වී සිටීම ප්‍රේරිතයන්ට බාධාවක් විය හැකි බව යේසුස් දැන සිටියේය
[24වන පිටුවේ පින්තූරය]
ඇතමුන් සමහරක් විනෝදාංශ සහ අත්‍යවශ්‍ය නොවන පෞද්ගලික වැඩකටයුතු අත්හැර ඇත
[26වන පිටුවේ පින්තූරය]
අපට යම් සීමාවන් තිබුණත් මුළු සිතින් යෙහෝවාට කරන නමස්කාරය ඔහු අතිශයින් අගය කරයි