Skip to content

පටුනට යන්න

අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දෙන අන්දම

අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දෙන අන්දම

අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දෙන අන්දම

ඔබ අධෛර්යය වී සිටීද? අස්ථිරභාවයෙන් හා ගැටලුවලින් පිරි මේ යුගයේ බොහෝදෙනෙකු සිටින්නේ එලෙසිනි. සමහරුන් අධෛර්යයට පත්ව සිටින්නේ තමන්ට රැකියාවක් නැති නිසයි. තවත් අය අනතුරකින් පසු ඇති වන තත්වයට මුහුණ දෙමින් සිටිති. වෙනත් අය පවුල් ප්‍රශ්න, බරපතළ අසනීප හෝ තනිකමක් දැනීම වැනි දේ සමඟ පොරබදති.

ඔබ අධෛර්යය වී සිටී නම් උපකාරය පැතිය හැක්කේ කාගෙන්ද? දේවවචනය වන බයිබලය කියවීමෙන් සතරදිග් භාගයේ සිටින දස දහස් ගණන් දෙනෙකුට සැනසීම ලැබී ඇත. ප්‍රේරිත පාවුල්ගේ වදන්වලින් ඔවුන්ගේ මනස සැහැල්ලු වී ඇත. ඔහු පැවසුවේ මෙයයි. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ආශීර්වාද වේවා! මොහු දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද වන්නේය. අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.” (2 කොරින්ති 1:3, 4) මෙය සහ බයිබලයේ වෙනත් පද ඔබේම බයිබලයෙන් කියවා නොබලන්නේ මන්ද? එසේ කිරීමෙන් ‘ඔබේ සිත සැනසී, ඔබ ස්ථිර වනු’ ඇත.—2 තෙසලෝනික 2:17.

යෙහෝවාට සේවය කරන්නන් සමඟ ඇසුරු කිරීමෙන්ද අධෛර්යය වීම්වලට හොඳින් මුහුණ දීමට උපකාරයක් ලැබේ. හිතෝපදේශ 12:25 මෙසේ පවසයි. “මනුෂ්‍යයාගේ සිත එහි ශෝකය නිසා නැමෙයි. එහෙත් හොඳ වචනයකින් ඒක සතුටු වේ.” අප ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන විට අපට ‘හොඳ වචන’ ඇසෙන අතර, ඒවා “මීවදයක් මෙන් ආත්මයට මිහිරිය. ඇටවලට සනීපය.” (හිතෝපදේශ 16:24) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වීමෙන් ඔබට මොන තරම් ශක්තියක් ලැබෙනවාද කියා ඔබම ඇවිත් නොබලන්නේ මන්ද?

යාච්ඤාවේ බලයෙන්ද ඔබට ප්‍රයෝජන ලැබිය හැක. හිස එසවිය නොහැකි තරමට කරදර තිබෙන බව ඔබට හැඟේ නම් ඔබේ හද පත්ලේ කැලතෙන හැඟීම් “යාච්ඤා අසන” තැනැත්තාට පවසන්න. (ගීතාවලිය 65:2) අප, අප ගැන දන්නවාට වඩා අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි අප ගැන දන්නේය. අපට හැකියි ඔහුගේ උපකාරය මත රඳා සිටින්න. ඔහුගේ වචන අපට මෙසේ පොරොන්දු කරයි. “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.” (ගීතාවලිය 55:22) “යෙහෝවා දෙස බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කරගන්නෝය.”—යෙසායා 40:31.

අධෛර්යය වීම්වලට සාර්ථකව මුහුණ දෙන්න අපට උපකාර කළ හැකි බලවත් සැපයුම් යෙහෝවා දෙවි අපට ලබා දී ඇත. ඔබ ඒවායින් ඵල ප්‍රයෝජන ගනු ඇද්ද?