Skip to content

පටුනට යන්න

කෙළි සෙල්ලම් වුණත් වටිනවා

කෙළි සෙල්ලම් වුණත් වටිනවා

කෙළි සෙල්ලම් වුණත් වටිනවා

දරුවන් සෙල්ලම් කරන්න හරිම ආසයි. නමුත් සෙල්ලම කියන්නේ “වැදගත් නැති නිෂ්ඵල ක්‍රියාකාරකමක් නම් නොවෙයි. සෙල්ලම් කිරීමේදී දරුවන් ඔවුන්ගේ වටා පිටාවන් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඒ ගැන යම් පෞද්ගලික මත දරන්න පටන්ගන්නවා.” එසේ සඳහන් වුණේ හැදෙන වැඩෙන දරුවා (සිංහලෙන් නැත) නමැති පොතෙයි. දරුවන් සෙල්ලම් කරද්දී තමන්ගේ සංවේදී ඉන්ද්‍රියයන් පාවිච්චි කරන්න ඉගෙනගන්නවා. ඔවුන් අවට පරිසරය ගැන අවබෝධයක් ලබාගන්නවා. ඒ වගේම අනිත් අයව ඇසුරු කරන්නත් ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා.

දරුවන් අවුරුදු 4ක් හෝ 5ක් වන විට ඔවුන් කරන සෙල්ලම්වලදී වැඩිහිටියන් වගේ රඟපාන්න කැමැත්තක් දක්වනවා. එක් අවස්ථාවකදී දරුවන් කෙළි සෙල්ලම්වල යෙදෙන ආකාරය ගැන යේසුස් විස්තර කළා. ඒ විස්තරයට අනුව, සමහර දරුවන් කැමති වුණේ මඟුල් ගෙයකට ගිහින් විනෝද වන හැටි රඟ දක්වන්නයි. නමුත් අනිත් දරුවන්ට වුවමනා වුණේ මළ ගෙවල්වලදී මිනිසුන් ශෝකය ප්‍රකාශ කරන හැටි රඟ දක්වලා පෙන්වන්නයි. සමහරුන් ඒ එක සෙල්ලමකටවත් කැමති වුණේ නැහැ. ඉතින් ඔවුන් අතරේ දබරයක් හටගත්තා. (මතෙව් 11:16, 17) දරුවන් සෙල්ලම් කරද්දී සාමාන්‍යයෙන් එවැනි දේවල් සිදු වෙනවා අපත් දැක ඇති. හැදෙන වැඩෙන දරුවන් මේ විදිහට සෙල්ලම් කරද්දී යම් වැදගත් කාර්යයක් ඉටු වෙනවා. එමගින් වැඩිහිටියන් කරන කියන යම් දේවල් කොයි තරම් වටිනවාද යන්න ඔවුන්ගේ මනසට තදින් කාවැදීමට ඉඩ තිබෙනවා.

මෙම පිටුවේ තිබෙන පින්තූර දිහා බලන්න. එහි සිටින දරුවන් දෙදෙනා බයිබල් පාඩමක් කරන ආකාරය රඟ දක්වන සෙල්ලමක් කරනවා. ඔවුන් ඇත්තෙන්ම බයිබල් පාඩමක් නොකළත් බයිබලයේ පණිවිඩය අන්‍යයන්ට කියා දීමේ වැදගත්කම ඔවුන්ට වැටහී තිබෙන බව පැහැදිලියි. ඔවුන්ගේ පුංචි මනස්වලට කාවැදී තිබෙන මේ අදහස ඇත්තෙන්ම වටින එකක්. මන්ද යේසුස් තම අනුගාමිකයන්ට අණ කළේ මිනිසුන්ව ගෝලයන් කර ඔහු ඉගැන්වූ සියල්ල පවත්වන්න ඔවුන්ට උගන්වන්න කියායි.—මතෙව් 28:19, 20.

සෙල්ලම් කරද්දී බයිබල් පාඩමක් පවත්වන හැටි, ක්‍රිස්තියානි රැස්වීම්වලදී කතාවක් දෙන හැටි හෝ ගෙයින් ගෙට ගොස් දේශනා කරන හැටි රඟ දැක්වීමට ආශාවන දරුවන්ගේ දෙමව්පියන්ට සතුටු වීමට හොඳ හේතු තිබෙනවා. දෙමව්පියන් හා වෙනත් වැඩිහිටියන් කරන කියන දේවල් දරුවන් අනුකරණය කරන්න වෑයම් කරන එක සාමාන්‍ය දෙයක්. දරුවන් බයිබල් තේමාවන් පදනම් කරගෙන සෙල්ලම් කරද්දී යම් දෙයක් පැහැදිලි වෙනවා. එනම්, දෙමව්පියන් ඔවුන්ට ‘ස්වාමීන්ට ප්‍රසන්න වන අයුරින් උගන්වන බවත් උපදෙස් දෙන බවත්ය.’—එෆීස 6:4, චාල්ස් බී විලියම්ස් පරිවර්තනය.

යෙහෝවාගේ ආශාව වන්නේ දරුවනුත් සත්‍ය නමස්කාරයේ යෙදෙනවා දකින්නයි. මෝසෙස්ට ඔහු කියා සිටියේ තම සෙනඟ ඉදිරියේ නීතිය කියවද්දී ‘ළදරුවන්වත්’ එතැනට රැස් කරවන්න කියායි. (ද්විතීය කථාව 31:12) දරුවන්ට හැඟෙනවා නම් ඔවුනුත් සත්‍ය නමස්කාරයේ කොටස්කරුවන් බව ඔවුන් කරන කෙළි සෙල්ලම්වලදී එය පැහැදිලි වෙයි. ඇත්තෙන්ම, සෙල්ලම් කරද්දී දෙවිගේ සේවකයන් ලෙස රඟ දැක්වීමට වෑයම් කරන දරුවන් අනාගතයේදී ඇත්තටම දෙවිගේ සේවකයන් වීමට ආශාවක් දක්වන බව පෙනේ.