Skip to content

පටුනට යන්න

කියවන දේ පිළිබඳ චිත්‍රයක් මවාගන්න ඔබට පුළුවන්ද?

කියවන දේ පිළිබඳ චිත්‍රයක් මවාගන්න ඔබට පුළුවන්ද?

කියවන දේ පිළිබඳ චිත්‍රයක් මවාගන්න ඔබට පුළුවන්ද?

ඔබ යමක් කියවන විට ඒ ගැන ඔබේ සිතේ චිත්‍රයක් ඇඳගැනීමට නම්, ඒවා සිදු වූ ස්ථාන ගැන යම් දැනුමක් ඔබට තිබීම ප්‍රයෝජනවත් වෙයි. නිදසුනකට, බයිබලයේ ක්‍රියා පොතේ සඳහන් ප්‍රේරිත පාවුල්ගේ මිෂනාරි ගමන් ගැන සලකා බලන්න. ඔහුගේ පළමු මිෂනාරි ගමන ඔහු ආරම්භ කළේ අන්තියෝකියේ සිටයි. අන්තියෝකියේදී තමයි යේසුස්ගේ අනුගාමිකයන්ව මුල්ම වරට ක්‍රිස්තියානීන් කියා හඳුන්වනු ලැබුවේ. එතැන් පටන් පාවුල් සලමිසය, පිසිදියේ අන්තියෝකිය, ඉකෝනිය, ලිස්ත්‍රාව සහ දර්බය වැනි තැන්වලට ගමන් කළා. මෙම ස්ථාන පිහිටා තිබුණේ කොහේද කියා මනසින් චිත්‍රයක් ඇඳගන්න ඔබට පුළුවන්ද?

සිතියමක් නැත්නම් සමහරවිට ඒක ඔබට අපහසු වෙන්න පුළුවන්. ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති පිටු 36කින් යුත් අලුත් විවරණිකාවේ එවන් සිතියමක් ඇතුළත් කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාවල වෙසෙන අපගේ පාඨකයෙක් මෙම ප්‍රකාශනය පිළිබඳව ඇගේ අගය ප්‍රකාශ කළේ මෙහෙමයි. “මට පාවුල්ගේ ගමන් මාර්ගය මේ විවරණිකාවෙන් දැකගන්න පුළුවන්. ඔහු කෙසේ ගමන් කරන්න ඇද්ද කියාත් ශුභාරංචිය පැතිරවීම සඳහා ඔහු හා මුල් ශතවර්ෂයේ සිටි අනිකුත් අය කළ වැඩ පිළිබඳවත් චිත්‍රයක් මවාගන්න මම උත්සාහ කරනවා. මෙතරම් වටිනා සිතියම් පොතක් ලබා දීම ගැන ඔබට ස්තුතියි.”

පාවුල්ගේ ගමන් මඟ පෙන්වන මෙම සිතියමට අමතරව සිතියම් බොහොමයක් මෙම විවරණිකාවේ අඩංගු වෙයි. එම සිතියම් උපයෝගී කරගෙන බයිබලයේ සඳහන් ස්ථාන හා සිදුවීම් සිතේ මවාගන්න පාඨකයාට හැකියි. මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 2වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට හෝ තැපැල් කිරීමෙන් ඔබටත් ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති විවරණිකාවේ පිටපතක් ලබාගත හැකියි.

□ ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ නමැති විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට මම සතුටුයි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.