Skip to content

පටුනට යන්න

“මට තව ඕනෑ!”

“මට තව ඕනෑ!”

“මට තව ඕනෑ!”

“අපට තිබෙන දේවලින් සෑහීමට පත් වෙන්න බැරි නම්, අපි කවදාවත් ඇතියි කියා කියන්නේ නැහැ.”—වර්ල්ඩ්වොච් ආයතනයේ වාර්තාවක්.

“අපට ඕනෑ මොනවාද? හැම දෙයක්ම. කොයි වේලේද ඕන? දැන්ම.” මේ කියමන 1960 ගණන්වල සමහර පාසැල් සිසුන් අතර ජනප්‍රිය කියමනක් වුණා. දැන් සමාජයේ මේ වචනම අසන්නට නොලැබුණත්, එහි මූලික අදහස තවමත් රැඳී තියෙනවා. ඇත්තටම කියනවා නම්, දේවල් තව තවත් ලබාගන්නට මිනිසුන්ට තියෙන ආශාව අපේ යුගයේ මූලික ලක්ෂණයක් වෙලා.

අද හුඟාක් දෙනෙකුගේ ජීවිතයේ මූලිකම දේ තමයි, ධනය දේපළ හා බඩු මුට්ටු ලබාගන්න එක. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර් මහතා වරක් මෙසේ කීවා. “මිනිසෙකුව දැන් පිළිගන්නේ ඔහු කරන දේ නිසා නොවෙයි, ඔහුට තියෙන දේවල් නිසා.” දේපළ, බඩු මුට්ටු වැනි දේවලට වඩා වැදගත්කමක් ඇති දේවල් තියෙනවා. එහෙම නම්, ඒවා මොනවාද? ඒවායින් කිනම් ප්‍රයෝජන නෙළාගත හැකිද?