අපට කවදා හෝ නියම ආරක්ෂාව ලැබෙයිද?
අපට කවදා හෝ නියම ආරක්ෂාව ලැබෙයිද?
දරුවන් තම ප්‍රේමණීය දෙමව්පියන් සමඟ දුව පැන ප්‍රීතියෙන් සෙල්ලම් කරනවා දකින්න කවුද අකමැති? දරුවන් ගැන සැලකිලිමත් වන දෙමව්පියන්ගේ සෙවණේ ඉන්න විට දරුවන්ට දැනෙන්නේ පුදුමාකාර රැකවරණයක්. නමුත් බොහෝ දරුවන් එවැනි ප්‍රීතිමත් අවස්ථා ඇත්තෙන්ම අද්දකින්නේ නැති තරම්. සමහර දරුවන්ට තමන් රැය පහන් කරන්නේ කොහේද කියා සිතමින් හැමදාම ළත වෙන්න සිදු වෙලා තියෙනවා. තමන්ට කියා නිවහනක් නැති එවැනි දරුවන්ට හා කිසිම රැකවරණයක් නොමැතිව ජීවත් වන්නන්ට මොනයම් හෝ බලාපොරොත්තුවක් තිබෙනවාද?
සමහරවිට අනාගතය අඳුරු එකක් බව පෙනුණත් දෙවිගේ වචනය අනාගතය ගැන බලාපොරොත්තුවක් සපයයි. අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළේ සියලුම ජනයාට කිසිම බියක් සැකක් නැතුව සම්පූර්ණ ආරක්ෂාවක් භුක්ති විඳින්න පුළුවන් කාලයක් අනාගතයේදී තිබෙනු ඇති බවයි. ඔහු මෙසේ පැවසුවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; මිදිවතු වවා එහි පල කන්නෝය; අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩ නොනඟන්නෝය; අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය.”—යෙසායා 65:21, 22.
ඇත්තටම මෙම බලාපොරොත්තුව විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවාද? “බලාපොරොත්තුව” යන වචනයෙන් සෑමවිටම ස්ථිරත්වය අඟවන්නේ නැහැ. උදාහරණයක් ලෙස බ්‍රසීලයේ පොදු කියමනක් තිබෙනවා “අවසානයට මිය යන්නේ බලාපොරොත්තුව” කියා. මෙයින් අදහස් කරන්නේ බලාපොරොත්තුවක් තබාගැනීමට කිසිම පදනමක් නැති වුවද බොහෝදෙනෙක් බලාපොරොත්තු තබාගන්නා බවයි. කෙසේවෙතත් ජීවමාන දෙවි අපට දෙන බලාපොරොත්තුව මීට වඩා වෙනස්. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. “[දෙවි] කෙරෙහි ඇදහිල්ල තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කඩ නොවන්නේය.” (රෝම 10:11) දැනට ඉෂ්ට වී තිබෙන බයිබල් අනාවැකිවලින් අපට සහතික කරන්නේ අනාගතය සම්බන්ධයෙන් යෙහෝවා කර තිබෙන සියලුම පොරොන්දු එලෙසම ඉෂ්ට වන බවයි. එම පොරොන්දු සැබෑ වන කාලයේදී අද මහ මඟ අසරණ වී සිටින දරුවන්ට එම අද්දැකීම අතීත සිදුවීමක් පමණක් වනවා ඇති.
බයිබලයේ තිබෙන ප්‍රායෝගික උපදෙස් අදාළ කරගැනීමෙන් බලාපොරොත්තුවක් නැතිව ජීවත් වන ජනයාට අද පවා හොඳ ජීවිතයක් භුක්ති විඳීමටත් නියම සුරක්ෂිතභාවයක් ලැබීමටත් හැකියි. මෙය කළ හැක්කේ කෙසේද? ඔබගේ පළාතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට සතුටු වෙයි.