යෙහෝවාගේ යටහත් පහත්කමෙන් අපට ලැබෙන ප්‍රයෝජන
යෙහෝවාගේ යටහත් පහත්කමෙන් අපට ලැබෙන ප්‍රයෝජන
දාවිත් විපත්ති අද්දැක්ක කෙනෙක්. ඔහුගේ ඊර්ෂ්යාවන්ත මාමණ්ඩි වන සාවුල් රජුගේ කුරිරුකම්වලට ඔහු ලක් වුණා. සාවුල් ඔහුව හෙල්ලයකින් ඇන මරන්ට තුන් වතාවක් තැත් කළා. අවුරුදු ගණනාවක් ඔහු පසුපස දිගටම ලුහුබැන්දා. අවසානයේදී දාවිත්ට සිදු වුණා සාවුල්ට බියෙන් තැනින් තැන පලා යන්නට. (1 සාමුවෙල් 18:11; 19:10; 26:20) නමුත් යෙහෝවා දාවිත් සමඟ සිටියා. යෙහෝවා දාවිත්ව සාවුල්ගෙන් පමණක් නොව වෙනත් සතුරන්ගෙන්ද ආරක්ෂා කළා. ඒ නිසා අපිට දාවිත්ගේ මෙම හැඟීම් දනවන ගීතිකාව තේරුම්ගැනීමට එතරම් අපහසු වන්නේ නැහැ. “යෙහෝවා මාගේම පර්වතයය; මාගේම කොටුවය; මාගේම මිදුම්කාරයාය; ඔබගේ [යෙහෝවාගේ] ගැලවීමේ පලිහ මට දුන්නේය; ඔබගේ මෘදුකම [හෙවත් යටහත් පහත්කම] මා උතුම් කළේය.” (2 සාමුවෙල් 22:2, 36) දාවිත් ඊශ්‍රායෙලයෙහි යම් ප්‍රමාණයක උතුම්කමක් හිමි කරගත්තා. මෙයට යෙහෝවාගේ යටහත් පහත්කම සම්බන්ධ වූයේ කෙසේද?
ශුද්ධ වූ ලියවිලිවල යෙහෝවා යටහත් පහත් පුද්ගලයෙක් කියා පවසද්දී එයින් ඇඟවෙන්නේ ඔහුට සීමා තිබුණ බවක් හෝ අන් අයට යටත් කෙනෙක් බව හෝ නොවෙයි. ඒ වෙනුවට මෙම ප්‍රියමනාප ගුණාංගයෙන් කියවෙන්නේ ඔහුගේ අනුමැතිය දිනාගැනීමට අවංක ලෙස වෙර දරන මනුෂ්‍යයන්ට ඔහු දයානුකම්පාව හා කරුණාව දක්වන බවයි. ගීතාවලියේ 113:5-8හි පවසන්නේ මෙසේයි. “ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට . . . යටත් වන්නාවූ [යෙහෝවා] දුප්පතා ධූලියෙන් නැඟිටුවන්නේය.” මෙහිදී “යටත් වන්නාවූ” යනුවෙන් අදහස් වන්නේ යෙහෝවා “පහතට නැමෙන” [නව අනුවාදය] බව හෝ “ඔහු පොළොව දෙස බැලීමට තරම් යටහත් පහත් වන” [Young’s Literal Translation of the Holy Bible] බවයි. අසම්පූර්ණ වුවත් දෙවිට සේවය කිරීමට කැමැත්තක් දැක්වූ යටහත් පහත් පුද්ගලයෙකු වන දාවිත්ට අවධානය යොමු කිරීම සඳහා යෙහෝවා ස්වර්ගයෙන් ‘පහතට නැමුණා.’ එසේත් නැතහොත් ‘තමන්වම යටහත් පහත් කරගත්තා.’ එමනිසා දාවිත් අපට මෙසේ සහතික කරයි. “යෙහෝවා උසස් නමුත් [යටහත්] පහත් තැනැත්තා සලකන්නේය.” (ගීතාවලිය 138:6) යෙහෝවා දාවිත් සමඟ දයානුකම්පිතව, කරුණාවන්තව හා ඉවසිලිවන්තව කටයුතු කළ ආකාරය, අප සියලුදෙනාටම දෙවිගේ කැමැත්ත කිරීමට දිරිගැන්වීමක් විය යුතුයි.
යෙහෝවා විශ්වයේ උසස්ම අධිකාරිය හොබවන පරමාධිපති දෙවි වුවත් අප එක් එක් කෙනා සමඟ පෞද්ගලික සබඳතාවක් පැවැත්වීමට ඔහු කැමැත්තෙන් සිටිනවා. අපට මුහුණ දීමට සිදු වන ඉතා අසීරු තත්වයන් යටතේදී පවා යෙහෝවා උපකාර කිරීමට අනිවාර්යයෙන්ම ඉන්නවා කියන ඒ විශ්වාසය අපට මෙයින් නොමදව ලබා දෙනවා. ඔහු අපව අමතක කරයි කියා සිතීමට කිසිම හේතුවක් නැහැ. තම ගීතාවලිය 136:23.
සෙනඟ වන ඉපැරණි ඊශ්‍රායෙල්වරුන් සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරය ගැන මෙසේ සඳහන් කර තිබෙනවා. “[ඔවුන්] පහත්ව සිටියදී [ඔවුන්ව] සිහි කළ . . . ඔහුගේ කරුණාව සදාකාලිකය.”—යෙහෝවාගේ නවීන දින සේවකයන් හැටියට අපටද දාවිත්ට මෙන් විපත්තිවලට මුහුණ දෙන්න සිදු විය හැකියි. දෙවිව නොදන්නා අය අපට සමච්චල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳ ශරීර සෞඛ්‍යයක් නොමැතිකම නිසා හෝ ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව නිසා අප දුක් වෙනවා වෙන්න පුළුවන්. අපේ තත්වය කුමක් වුවත් අප හදවතින්ම අවංක නම් අපට යෙහෝවාගේ කරුණාව ඉල්ලා යාච්ඤාව මගින් ඔහුට ළං විය හැකියි. එවිට යෙහෝවා අප ගැන සැලකීමට හා අපේ යාච්ඤාවලට සවන් දීමට ‘පහතට නැමෙනවා’ ස්ථිරයි. දේවානුභාවයෙන් ගීතිකාකරු මෙසේ ලිව්වා. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ.” (ගීතාවලිය 34:15) යටහත් පහත්කම නමැති යෙහෝවාගේ මෙම ආකර්ෂණීය ගුණාංගය ගැන සාකච්ඡා කිරීමෙන් පසු ඔබේ හදවතින්ම ඔහුට සමීප වූ බවක් හැඟෙන්නේ නැද්ද?
[30වන පිටුවේ පින්තූර]
දාවිත්ගේ යාච්ඤාවලට ඔහු සවන් දුන් ආකාරයටම අපේ යාච්ඤාවලටත් සවන් දෙන්න යෙහෝවා කැමැත්තෙන් සිටියි