Skip to content

පටුනට යන්න

බියක් සැකක් නැති ලෝකයක ජීවත් වෙන්න ඔබ කැමතිද?

බියක් සැකක් නැති ලෝකයක ජීවත් වෙන්න ඔබ කැමතිද?

බියක් සැකක් නැති ලෝකයක ජීවත් වෙන්න ඔබ කැමතිද?

“අද අපි ඉන්නේ නිතරම සෝදිසියෙන්. ඒ වගේම කිසි හව්හරණක් නැති කාලයකයි. මේ තත්වයට හේතුව අප නොසිතන මොහොතක නොසිතපු උවදුරකට හදිස්සියේම මුහුණපාන්න සිදුවීමයි.”

මෙය පළ කර තිබුණේ පසුගිය වසරේ නිව්ස්වීක් සඟරාවකයි. මෙම වදන් වර්තමානයේ කැලඹිලිකාර ලෝකයක ජීවත් වන බොහෝ ජනයාගේ හඬයයි කීවොත් නිවැරදියි. එවැනි බියක් නුදුරු අනාගතයේදී වැඩි වන බව යේසුස් පෙන්නුම් කළා. ජාතීන් වේදනා විඳින බවත්, ඒ වගේම එයින් ගැලවෙන මාර්ගය නොදන්නා නිසා බයෙන් හා සිදුවීමට යන දේ ගැන සිතීමෙන් ක්ලාන්ත වන කාලයක් එන බවත් යේසුස් පුරෝකථනය කළා. නමුත් අප බියවීමට අවශ්‍ය නැහැ. ඒ වගේම අප අසරණ වීයැයි සිතිය යුතු නැහැ. ඊට හේතුව යේසුස් මෙසේද පවසා තිබීමයි. “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟය.”—ලූක් 21:25-28.

යෙහෝවා ඔහුගේ ජනයා මුදවාගත්තාට පස්සේ ඔවුන් භුක්ති විඳින්න යන්නාවූ තත්වයන් ගැන විස්තර කළේ මෙසේයි. “මාගේ සෙනඟ සමාදාන නිවාසයකද ස්ථිර වූ වාසස්ථානවලද නිශ්චල නිවාඩු තැන්වලද වන්නෝය.” (යෙසායා 32:18) තවද ප්‍රොපේත මීකා මාර්ගයෙන් යෙහෝවා පැවසුවේ, “ඔවුහු එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය. කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය” කියායි.—මීකා 4:4.

අද අප ගත කරන ජීවිතයට වඩා ඒ ජීවිතය මොන තරම් වෙනස්ද! මිනිසුන්ට කවදාවත් උවදුරුවලට මුහුණපෑමේ තර්ජන තවදුරටත් පවතින්නේ නැහැ. සෝදිසියෙන් සිටීමටවත් කිසි හව්හරණක් නැති තත්වයකට පත්වීමටවත් අවශ්‍ය නොවන්නේ සදාකාලික සාමය හා ප්‍රීතිය භුක්ති විඳීමේ කාලයක් උදා වන නිසයි.