Skip to content

පටුනට යන්න

කියවිය යුතු දේ පිළිබඳ සලමොන්ගේ ඥානවන්ත අවවාදය

කියවිය යුතු දේ පිළිබඳ සලමොන්ගේ ඥානවන්ත අවවාදය

කියවිය යුතු දේ පිළිබඳ සලමොන්ගේ ඥානවන්ත අවවාදය

“බොහෝ පොත් සෑදීමෙන් නිම නැත; බොහෝ ඉගෙනගැන්ම ශරීරයට වෙහෙසකි.” (දේශනාකාරයා 12:12) ඥානවන්ත සලමොන් රජ එම වදන් ලියුවේ වසර 3,000කට පමණ පෙරයි. එහෙත් කියවන්න එපා කියා ඔහු ඉන් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු අදහස් කළේ පොත් පත් කියවීමේදී තෝරා බේරා කියවිය යුතු බවයි. ලොව වටා තිබෙන මුද්‍රණාලවලින් වාර්ෂිකව පොත් පත් සඟරා ආදිය විශාල ගණනක් මුද්‍රණය වන නිසා, එම සිහිගැන්වීම අද දින සිටින අපට මොන තරම් කාලෝචිතද!

සලමොන් සඳහන් කළ “බොහෝ පොත්” පාඨකයාට ප්‍රයෝජනවත්, ප්‍රබෝධජනක ඒවා නොවූ බව පැහැදිලියි. එම නිසා ඒවාට ඇලුම් වීමෙන් ‘ශරීරයට වෙහෙසක්’ දැනෙනවා මිස කල් පවතින ප්‍රයෝජන නොලැබෙන බව ඔහු පැහැදිලි කළා.

එසේනම් සලමොන් අදහස් කළේ කුමක්ද? පාඨකයාට ප්‍රයෝජනවත් වන යහපත්, විශ්වාස කළ හැකි මඟ පෙන්වීම් සපයන පොත් නැති බවද? නැහැ. ඊට හේතුව ඔහු මේ විදිහටද පවසා තිබීමයි. “ඥානවන්තයන්ගේ වචන කෙවිටි හා සමානය; එක් එඬේරෙකුගෙන් දෙන ලද රැස්වීම්වල ප්‍රධානයන්ගේ වචන හොඳට සවි කළ ඇණ හා සමානය.” (දේශනාකාරයා 12:11) සතෙකුව දක්කගෙන යෑම සඳහා යොදාගන්නා “කෙවිටි” මෙන්, හොඳ පෙලඹවීමක් සැපයිය හැකි ලිඛිත වචන ඇත්ත වශයෙන්ම තිබෙනවා. ඒවාට පුළුවන් කෙනෙකුව හරි මාර්ගය ඔස්සේ යෑමට පොලඹවන්න. ඒ විතරක් නොවෙයි, “හොඳට සවි කළ ඇණ” හා සමානව, හොඳ අධිෂ්ඨාන ශක්තියක් ලබා දීමටත් ස්ථිරව සිටීමට උපකාර කිරීමටත් ඒවාට පුළුවන්.

එබඳු ඥානවන්ත වදන් අපට සොයාගත හැක්කේ කොතැනින්ද? සලමොන් පවසන පරිදි එකම එඬේරා වන යෙහෝවාගෙන් නික්මෙන වචන ප්‍රධාන තැන ගනියි. (ගීතාවලිය 23:1) ඒ නිසා කෙනෙකුට තෝරාගත හැකි හොඳම පොත වන්නේ දේවානුභාවයෙන් ලියන ලද පොත වන බයිබලයයි. දේවානුභාවයෙන් ලියා තිබෙන වදන් නිතිපතා කියවීමෙන් කෙනෙක් “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.”—2 තිමෝති 3:16, 17.