Skip to content

පටුනට යන්න

“පුහුණුව ලැබීම ගැන මට හරි සතුටුයි”

“පුහුණුව ලැබීම ගැන මට හරි සතුටුයි”

“පුහුණුව ලැබීම ගැන මට හරි සතුටුයි”

ජපානයේ හොකයිඩෝ දූපතේ සියලුම පාසැල් හවුල් කරවා ගනිමින් ඉංග්‍රීසි කථික තරඟයක් පැවැත්වීමට නියමිතව තිබුණා. මෙම තරඟයට සහභාගි වෙන්න කාසුනාගේ ගුරුවරයා ඇයට යෝජනා කළ විට ඇය හොඳටම භය වුණා. මීට පෙර ඇගේ පාසැලෙන් කිසිම කෙනෙක් එවැනි තරඟයකට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50දෙනෙකු සමඟ තරඟ වැදීමට සූදානමින් සිටි කාසුනාට සෑහෙන චකිතයක් ඇති වුණා. විනිසුරුවන් දෙදෙනෙකුගේ මව්බස ඉංග්‍රීසි කියා දැනගත් විට ඇය තවත් කලබල වුණා.

තරඟයෙන් පසු ජයග්‍රාහකයන්ගේ නම් නිවේදනය කරන්න පටන්ගත්තා. ප්‍රථම ත්‍යාගය දිනූ කෙනාගේ නම නිවේදනය කළේ අවසානයටයි. ඒ කාසුනාගේ නමයි. ඇය පුදුමයට පත් වුණා. ඇයටවත් ඇගේ ගුරුවරයාටවත් මේ ජයග්‍රහණය අදහාගන්න බැරි වුණා. පුදුමයට පත් වී සිටි කාසුනා ප්‍රථම ත්‍යාගය ලබාගැනීමට වේදිකාව වෙතට ගියා.

සතුටින් පිරි කාසුනා තම ජයග්‍රහණයට හේතුව පැහැදිලි කළේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ සංවිධානය දිව්‍යාණ්ඩු සේවා පාසැල මගින් සපයන පුහුණුව හින්දයි මට මේ ජයග්‍රහණය හිමි වුණේ. ඒ පුහුණුව ලැබීම ගැන මට හරි සතුටුයි.” කුඩා කාලයේ සිට කාසුනා සහභාගි වූ ඒ පාසැල යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලින් එකක්. තරඟයට සූදානම් වෙද්දී කාසුනා විශේෂ අවධානයක් දුන්නේ මයික්‍රෝෆෝනය භාවිතය, කාරුණිකව හා උද්‍යෝගයෙන් කතා කිරීම, අභිනය, සබය සමඟ හොඳ දෘෂ්ටි සම්බන්ධයක් තබාගැනීම ඇතුළු දිව්‍යාණ්ඩු සේවා පාසැලේ උගන්වන වෙනත් විෂයන්වලටයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවල සතිපතා පවත්වන මෙම පාසැලට පැමිණෙන මෙන් ඔබට ආරාධනා කරන්න කැමතියි. බාල මහලු සියලුදෙනාම ඉන් ප්‍රයෝජන ලබාගන්නා ආකාරය ඔබට දැකගත හැකි වෙයි. ඕනෑම කෙනෙකුට මෙම රැස්වීමට පැමිණිය හැකියි. ඔබට පහසුවෙන් සහභාගි විය හැකි පාසැල පවත්වන ස්ථානය දැනගැනීමට ඔබ කැමති නම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු විමසා දැනගන්න.