Skip to content

පටුනට යන්න

කෑම මේසයේදී කරන සුහද කතා බහ

කෑම මේසයේදී කරන සුහද කතා බහ

කෑම මේසයේදී කරන සුහද කතා බහ

රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න කවුරුත් කැමතියි. කෑම මේසයේදී අපේ කුසගින්න නිවාගන්නවාට අමතරව ආහාර වේලක් භුක්ති විඳින අවස්ථාව පවුලේ අය හා නෑ හිතමිතුරන් සමඟ කතා බහ කරන්නත් යොදාගන්නවා නම් එයින් මහත් තෘප්තියක් ලබන්න පුළුවන්. බොහෝ පවුල්වල අය අඩුම තරමින් දවසට එක ආහාර වේලක් හෝ එකට භුක්ති විඳීම පුරුද්දක් කරගෙන තිබෙනවා. මේ විදිහට එකට ආහාර භුක්ති විඳින විට දවසේ සිදුවීම් හෝ වෙනත් සැලසුම් ගැන කතා බහ කරන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. දරුවන් පවසන දේවලට සවන් දීමෙන් ඔවුන්ගේ හැඟීම් හා සිතුවිලි යම් තාක් දුරට තේරුම්ගන්න දෙමාපියන්ට පුළුවන්. කෑම මේසයේදී කරන මෙම සුහද ඇසුර භුක්ති විඳින්න පවුලේ අය මහත් කැමැත්තක් දක්වනවා. ඒ වගේම ඒ මගින් පවුල ශක්තිමත් කිරීමට අවශ්‍ය වන සුරක්ෂිතභාවය, එකිනෙකා අතර විශ්වාසය හා ප්‍රේමය ගොඩනැඟෙනවා.

අද පවුල්වල සාමාජිකයන් ඉතා කාර්යබහුල නිසා ඔවුන්ට එකට ආහාර වේලක් භුක්ති විඳින්න තරම්වත් කාලයක් නැහැ. පවුලේ අය එකට ආහාර ගැනීම හෝ ආහාර ගන්නා අතරතුරේදී කතා කිරීම සමහර සංස්කෘතීන්වලට අනුව වැරදි දෙයක්. තවත් සමහර පවුල් කෑම ගන්නා අතරතුරේදී රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටිනවා. මේ නිසා ඔවුන්ට පවුලේ අයත් එක්ක අර්ථවත් දේවල් ගැන කතා බහ කිරීමට තිබෙන අවස්ථාව ගිලිහී යනවා.

කෙසේවෙතත් ක්‍රිස්තියානි දෙමාපියන් තමන්ගේ පවුල් ගොඩනැඟීමට හැකි සෑම අවස්ථාවක්ම යොදාගැනීමට වෑයම් කරනවා. (හිතෝපදේශ 24:27) දේවවචනය ගැන දරුවන් සමඟ කතා බහ කිරීමට තිබෙන හොඳ අවස්ථාවලින් එකක් වන්නේ ඔවුන් “ගෙයි හිඳින කල” කියා ඈත අතීතයේදී දෙමාපියන්ට පවසා තිබුණා. (ද්විතීය කතාව 6:7) නිතිපතා දරුවන් සමඟ එකට කෑම ගන්නා විට යෙහෝවාට ප්‍රේමයක් හා ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති කෙරෙහි ඇල්මක් දරුවන් තුළ ඇති කිරීමට කදිම අවස්ථාවක් උදා වෙනවා. ආහාර ගන්න වේලාව නිදහසේ සතුටින් කතා බහ කළ හැකි අවස්ථාවක් කරගැනීමෙන් ඔබේ පවුලේ අයටත් පුළුවන් මහත් ප්‍රීතියක් ලබන්න. කෑම මේසයේදී කරන සුහද කතා බහ අපි හැමෝටම ප්‍රයෝජනවත්.