Skip to content

පටුනට යන්න

“ඇත්තටම, කොහොමද ඔච්චර හොඳට දරුවෝ හදන්නේ?”

“ඇත්තටම, කොහොමද ඔච්චර හොඳට දරුවෝ හදන්නේ?”

“ඇත්තටම, කොහොමද ඔච්චර හොඳට දරුවෝ හදන්නේ?”

නාඳුනන පුද්ගලයෙක් මෙවැනි ප්‍රශ්නයක් ඇසූ විට දරුවන් තුන්දෙනෙකුගේ මවක් වූ මියුරියල් පුදුමයට පත් වුණා. මියුරියල් ඇගේ දරුවන්ව වෛද්‍යවරයාට පෙන්වා නිම වෙද්දී හොඳටම පරක්කු වෙලා. ඒ නිසා දරුවෝ එක්ක ගෙදර ගිහින් කෑම කාලා ක්‍රිස්තියානි රැස්වීමට යන්න වෙලාව මදි. ඒ නිසා ඇය දරුවන් සමඟ ළඟ පාත පිහිටි ආපන ශාලාවකට ගියේ මොනවාහරි කාලා ඉක්මනට රැස්වීමට යන්නයි.

ඔවුන් කෑම කා ඉවර වෙනකොටම වගේ, එක්තරා මිනිසෙක් මියුරියල් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “මේ මහත්මිය දරුවන් එක්ක මෙතැනට ආපු වෙලේ ඉඳන් මම හොඳට බලන් හිටියා. වෙනත් ළමයි වගේ නෙමේ, මට පේනවා ඔබේ දරුවන් හරි වෙනස් කියලා. වෙන ළමයි නම් මේස පුටුවල වාඩි වෙන විදිහ කිසිම කමකට නැහැ. ඉඳගත්තාම කකුල් තියෙන්නේ මේසෙ උඩ. පුටු එහාට මෙහාට තල්ලු කරනවා. හැබැයි ඔබේ දරුවෝ නම් හරිම තැන්පත්. හොඳට හැසිරෙන ළමයි. ඇත්තටම, කොහොමද ඔච්චර හොඳට දරුවෝ හදන්නේ?”

මියුරියල් මෙසේ පිළිතුරු දුන්නා. “මගේ සැමියායි මමයි අපේ දරුවන් එක්ක හැමදාම බයිබලය අධ්‍යයනය කරනවා. අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවල්වලට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ.” එතකොට ඒ මිනිසා මෙහෙම කිව්වා. “මම යුදෙව්වෙක්. නාට්සිවරු යුදෙව්වන්ව සහමුලින්ම නැති කරන්න තැත් කරද්දී මම බේරුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඔවුන් ජර්මනියේදී පීඩා කළ හැටි මට මතකයි. ඒ කාලෙත් ඔවුන් අනෙක් අය වගේ නෙමෙයි හරි වෙනස්. ඔබේ දරුවන් හැසිරුණු විදිහෙන් මම හුඟාක් පැහැදුණා. ඔබේ ආගම ගැන හොයලා බලන්න මට ඕනෑ.”

බයිබලය, දරුවන්ව හදා වඩා ගැනීමට අපට උදව් වන ඉතා උසස් පොතක්. එම උසස් පොතෙන් ලැබෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්නට තවත් අයට උපකාර කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා ආශාවෙන් සිටිනවා. පහත සඳහන් ලිපිනයට ලියා අපෙන් විමසන්න කියා අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරමු.