ඔබ දැක තිබෙන ප්රාතිහාර්ය
ඔබ දැක තිබෙන ප්රාතිහාර්ය
“ප්රාතිහාර්ය” යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ “පුදුමය උපදවන යම් ආශ්චර්යවත් සිද්ධියක්.” මේ අන්දමේ ප්රාතිහාර්ය අපි සියලුදෙනාම දැක තිබෙනවා.
භෞතික නීති ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව දැනුම පුළුල් වීමත් සමඟම, මිනිසුන්ට හැකි වෙලා තිබෙනවා යම් කලෙක කළ නොහැකියයි සිතූ දේවල් දැන් කිරීමට. උදාහරණයක් වශයෙන් දැන් මීට වසර සියයකට පමණ පෙර මිනිසුන්ට පරිගණක, රූපවාහිනිය, අජටාකාශ තාක්ෂණය සහ එවැනි නවීන නිපැයුම් පිළිබඳ දැනුමක් තිබුණේ නැහැ. අතීතය හා සසඳන විට අද දින නවීන තක්ෂණයෙන් සිදු වන මෙවැනි දේවල් පුදුමසහගතයි.
ඇතැම් විද්‍යාඥයන් පිළිගන්නා දෙයක් තමයි, දෙවිගේ මැවිලිවල දක්නට තිබෙන විද්‍යාත්මක මූලධර්මයක් සම්බන්ධයෙන් තමන්ට තිබෙන්නේ අල්ප දැනුමක් බව. ඒ නිසා යම් දෙයක් සිදු විය නොහැකියි කියා තවදුරටත් තමන්ට ස්ථිරව කිව නොහැකි
බවයි ඔවුන්ගේ අදහස. යමක් සිදු වෙන්නට ඉඩ තිබේයයි කියා කීමටත් ඔවුන් දැන් කැමතියි. මේ අන්දමින් අනාගතයේදී සිදු විය හැකි “ප්රාතිහාර්යයන්” ගැන ඔවුන්ට යම් විශ්වාසයක් තිබෙනවා.එනමුත් නිකම්ම පුදුම උපදවන ආශ්චර්යවත් සිද්ධීන් ලෙස පැහැදිලි කළ නොහැකි දේවලුත් අප අවට සිදු වෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න. අප අහසේ ඉර, සඳ සහ තරු දකිනවා. මේවා ඉබේම බිහි වූ දේවල් නොවෙයි. මේ සියල්ලක්ම මැවුම්කරුවාණන්ගේ නිර්මාණ. ඒ විතරක් නොවෙයි මිනිස් සිරුර ක්‍රියාත්මක වන ආකාරය ගැන සියලු විස්තර කියන්නට පුළුවන් කාටද? මොළය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නැතහොත් මිනිස් කලලය වැඩෙන්නේ කොහොමද? ද බොඩි මැෂින් යන පොතේ මෙසේ සඳහන් වෙනවා. “මිනිස් සිරුර පාලනය වෙන්නේ සහ සම්බන්ධීකරණය වෙන්නේ මධ්‍යම ස්නායු පද්ධතියකින්. මිනිස් සිරුර සංවේදී අංගෝපාංග රැසකින් යුත් සංකීර්ණ පද්ධතියක්. ස්වයංක්‍රීයව පාලනය වන ජංගම එන්ජිමක්. ස්වයංක්‍රීයව පාලනය වන පරිගණකයක්. බොහෝ අන්දමින් බලන කල එය පුදුමාකාර තේරුම්ගත නොහැකි අතිඋත්කෘෂ්ට නිර්මාණයක්.” මිනිස් සිරුර ගැන දිගින් දිගට කල්පනා කරද්දී අපට ඒ ගැන පුදුම හිතෙනවා. මේ අනුව “මිනිස් සිරුර” මැවූ දෙවි ඇත්තෙන්ම කළේ ප්රාතිහාර්යයක්. මීට අමතරව ඔබ ප්රාතිහාර්ය හැටියට හඳුනාගෙන නැති වෙනත් ආකාරයේ ප්රාතිහාර්ය ඔබ දැක ඇති.
පොතක් බිහිවීම ප්රාතිහාර්යයක් නොවේද?
බයිබලය තරම් පුළුල් ලෙස බෙදාහැර ඇති පොතක් තවත් නැහැ. එයම ප්රාතිහාර්යයක් ලෙස ඔබ දකින්නේ නැද්ද? එවැනි පොතක් අද අප අතර තිබීම “දෙවි විසින් සිදු කරන ලද බව” විශ්වාස කිරීමට අපට පදනමක් ඇද්ද? බයිබලය මිනිසුන් විසින් ලියන ලද පොතක් බව ඇත්තයි. නමුත් ඔවුන් කියා සිටියේ තමන් ලියන්නේ තමුන්ගේම අදහස් නොව, දෙවිගේ අදහස් බවයි. (2 සාමුවෙල් 23:1, 2; 2 පේතෘස් 1:20, 21) මඳක් සිතා බලන්න. වසර 1,600ක පමණ කාලයක් ඇතුළත ජීවත් වූ පුද්ගලයන් 40දෙනෙක් තමයි මෙය ලිවීමට යොදාගැනුණේ. මේ අය විවිධ පසුබිම්වල ජීවත් වූ පුද්ගලයන්. ඔවුන් අතර එඬේරුන්, හමුදාවල සේවය කළ අය, ධීවරයන්, සාමාන්‍ය වැසියන්, වෛද්‍යවරුන්, පූජකයන් හා රජවරුන් සිටියා. එහෙත් ඔවුන්ට පුළුවන් වුණා සත්‍යවාදි වූ හා නිවැරදි වූ බලාපොරොත්තුවක් ජනිත කරවන පණිවුඩයක් ඉදිරිපත් කරන්න.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා ගැඹුරින් බයිබලය අධ්‍යයනය කරන අතර, ප්‍රේරිත පාවුල් ලියූ ලෙස ඔවුන් එය පිළිගන්නේ “මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසය.” (1 තෙසලෝනික 2:13) සමහරුන්ගේ මතයට අනුව බයිබලයේ තිබෙනවාය කියන ඒ පරස්පර විරෝධී තැන් බයිබලයේ ප්‍රධාන තේමාවට එකඟව දිව යන ආකාරය ගැන ඔවුන්ගේ ප්රකාශනවල වසර ගණනාවක් මුළුල්ලේ ඔවුන් පැහැදිලි කර තිබෙනවා. බයිබලයේ තිබෙන මෙම අභ්‍යන්තර එකඟතාවෙන් ඔප්පු වන්නේ බයිබලයේ කර්තෘ දෙවි බවයි. *
ඉතිහාසය පුරාම බයිබලය විනාශ කිරීමට බොහෝදෙනා ප්රයත්න දරා තිබෙනවා. වෙන කිසිම පොතකට මෙතරම් සතුරන් සංඛ්‍යාවක් ඉඳ නැහැ. නමුත් එය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,000කට වැඩියෙන් පරිවර්තනය කර තිබෙනවා. බයිබලය ආරක්ෂා වී තිබෙන අන්දමත්, එහි අභ්‍යන්තර එකඟතාවත් දෙස බලද්දී පැහැදිලිව අපට පෙනී යන කාරණය නම්, එයට දෙවිගේ අනුග්‍රහය තිබෙන බවයි. ඇත්තෙන්ම බයිබලය ප්රාතිහාර්යයක් කියා කියන්නට පිළිවන්.
ජීවිත පවා වෙනස් කරයි
අතීතයේදී සිදු වූ සුව කිරීම් සහ නැවත නැඟිටුවීම් තවදුරටත් සිදු වෙන්නේ නැහැ. නමුත් දෙවිගේ නව ලෝකයේදී එවැනි ප්රාතිහාර්යයන් නැවතත් ලෝකය පුරාම සිදු වේය කියා අපට විශ්වාස කිරීමට පුළුවන්. ඒ මගින් අපට දැන් සිතාගන්නට බැරි විදිහට මිනිස් වර්ගයාට සම්පූර්ණ සහනයක් හා නිදහසක් ලැබේවි.
අද පවා බයිබලයට එක්තරා විදිහක ප්රාතිහාර්ය කරන්නට පුළුවන්. මිනිසුන්ට තමන්ගේ නරක පෞද්ගලික ගතිලක්ෂණ වෙනස් කරගෙන වඩාත් යහපත් හෙබ්‍රෙව් 4:12 මෙසේ කියනවා. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇට මිදුළුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” ඔව් ලොව වටා මිනිසුන් මිලියන හයකට වඩා වැඩිදෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට බයිබලයට හැකි වී තිබෙනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ ජීවිතවලට සැබෑ අරමුණක් ලබා දී අනාගතය සම්බන්ධයෙන් පුදුමාකාර බලාපොරොත්තුවකින් ඔවුන්ගේ ජීවිත අරුත් ගන්වන්නට එයට හැකි වී තිබෙනවා.
පුද්ගලයන් වීම සඳහා තමන්ව වෙනස් කරගැනීමට බයිබලය ඉතා ප්‍රබල පෙලඹීමක් කරනවා. (“දේවවචනයේ බලය” යන 8වන පිටුවේ සඳහන් කොටුවේ ඇති උදාහරණය බලන්න.)ඔබේ ජීවිතය තුළත් “ප්රාතිහාර්යයක්” සිදු වෙනවා අද්දැකීම සඳහා එය අධ්‍යයනය කරන්නට මෙන්න, අපෙන් ඔබට ආරාධනා!
[පාදසටහන්වල]
^ 8 ඡේ. බයිබලයේ තිබෙනවාය කියන මෙම පරස්පර විරෝධි තැන් පැහැදිලිව වටහාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කර ඇති සියලුම ජනයා සඳහා පොතක් යන ප්රකාශනය බලන්න.
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
මිය ගොස් සිටියාද නැතහොත් ජීවත්ව සිටියාද?
යොහන් 19:33, 34හි මෙසේ සඳහන් වෙනවා. “එක් හේවායෙක් හෙල්ලයකින් ඔහුගේ ඇලයට ඇන්නේය. එකෙණෙහිම ලේත් වතුරත් පිටතට ගලා ආවේය.” යොහන්ගේ වාර්තාවට අනුව මේ අවස්ථාවේදී යේසුස් මිය ගොස් සිටියා. එහෙත් මතෙව් 27:49, 50හි අඟවන්නේ මෙය සිදු වූ අවස්ථාවේදී යේසුස් ජීවත්ව සිටි බවයි. මෙසේ, පරස්පර විරෝධී අදහස් දෙකක් බයිබලයේ සඳහන් වී ඇත්තේ ඇයි?
මෝසෙස්ගේ නීතියට අනුව අපරාධකරුවෙකුව මුළු රැයක් පුරා වධ කණුවක එල්ලා තැබීම තහනම් කර තිබුණා. (ද්විතීය කතාව 21:22, 23) මේ නිසා යේසුස් විසූ කාලයේදී වධ කණුවක එල්ලනු ලැබූ අපරාධකරුවෙක් දවසේ සවස් කාලය වන විටත් මිය ගොස් නොසිටියා නම්, ඔහුව ඉක්මනින් මරණයට පත් කිරීම සඳහා ඔහුගේ කකුල් කැඩීම සිරිතක්ව තිබුණා. එසේ කකුල් කැඩීමෙන් හොඳින් හුස්ම ගැනීමට හැකිවන සේ තමාව කෙළින් කරගැනීමට ඔහුට අපහසු වන නිසා ඔහු ඉක්මනින් මියයනවා. යේසුස් අසල සිටි අපරාධකරුවන්ගේ කකුල් හේවායන් විසින් කඩා දැම්මත් ඔවුන් යේසුස්ට එසේ නොකළේ ඔහු ඒ වන විට මිය ගොස් සිටි බව ඔවුන් විශ්වාස කළ නිසා විය හැකියි. හේවායෙක් යේසුස්ගේ ඇලයට ඇන්නේ ඔහු නැවත නැඟිට්ටා කියා යමෙක් විසින් පසුව බොරු ප්‍රචාරයක් යැවීම නතර කිරීම පිණිස විය හැකියි. මන්ද ඇලයට ඇනීමෙන් යේසුස් ඇත්තටම මියගොස් සිටි බවට තහවුරු කරගත හැකි නිසයි.
මතෙව් 27:49, 50හි සිදු වූ දක්වා තිබෙන්නේ වෙනස් ආකාරයකටයි. එහි මෙසේ සඳහන් වෙනවා. “වෙනත් මිනිසෙක් හෙල්ලයක් ගෙන ඔහුගේ ඇලයට ඇන්නේය. එවිට ලේත් වතුරත් පිටතට ගලා ආවේය. නැවතත් යේසුස් මහත් හඬකින් කෑගසා, අවසන් හුස්ම හෙළීය.” එහෙත්, මෙහි අකුරු කලු කර තිබෙන වාක්‍යය සියලු ඉපැරණි බයිබල් අත් පිටපත්වල සඳහන් වෙන්නේ නැහැ. එය යොහන්ගේ ශුභාරංචි වාර්තාවෙන් රැගෙන මෙම ස්ථානයට දමනු ලැබූ බවත්, එය යොදා ඇත්තේ වැරදි තැනක බවත් බොහෝ විශාරදයන්ගේ මතයයි. මේ අනුව බොහෝ පරිවර්තනවල මෙම ප්‍රකාශය යොදා ඇත්තේ වරහන් තුළයි. නැත්නම් පාදසටහනකයි. එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම මෙම වාක්‍ය ඉවත් කර තිබෙනවා.
නව ලොව පරිවර්තනය සඳහා පදනමක් ලෙසට ගත් වෙස්කට් සහ හෝට්ගේ ග්‍රීක කෘතියෙහි මෙම වාක්‍ය යොදා තිබෙන්නේ කොටු වරහන් දෙකක් ඇතුළෙයි. මෙම වාක්‍යය “පිටපත් කරන්නන් විසින් ඇතුල් කරන ලද වාක්‍යයක් බවට ස්ථිරවම පැවසිය හැකියි” කියා එහි සඳහන් වෙනවා.
මේ අනුව යොහන් 19:33, 34හි සඳහන් වාර්තාව සත්‍යයක් බවට පැහැදිලි සාක්ෂි එමටයි. එනම් රෝම හේවායා යේසුස්ගේ ඇලයට හෙල්ලයෙන් අනින්ට පෙර යේසුස් මිය ගොස් සිටියා.
[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]
දේවවචනයේ බලය
ඩෙට්ලෙෆ්ගේ දෙමාපියෝ ඔහුගේ යෞවන කාලයේදීම වෙන් වුණා. * ප්‍රතිඵලයක් වශයෙන් ඔහු මත්ද්‍රව්‍යවලට, මත්පැන්වලට හා “හෙවි මෙටල්” සංගීතයට ඇබ්බැහි වුණා. ඔහු මැර කල්ලියකටත් බැඳුණු නිසා නිතර නිතර පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්තා.
හැටදෙනෙකුගෙන් යුත් මෙම මැර පිරිස 1992 වසරේ එක්තරා දවසක තවත් 35දෙනෙකුගෙන් යුත් මැර පිරිසක් සමඟ ජර්මනියේ එක්තරා ආපන ශාලාවක ගැටුමක් ඇති කරගත්තා. අනික් මැර පිරිසේ එක්තරා සාමාජිකයෙකු වූ ටෝමාස්ට මෙම ගැටුමෙන් දරුණු තුවාල සිදු වී අන්තිමේදී ඔහු මරණයට පත් වුණා. මැර කල්ලියේ නායකයන් කිහිපදෙනෙකු ඇතුළු ඩෙට්ලෙෆ්ව සිරගත කළා. ඒ විතරක් නොවෙයි එම නඩුව පිළිබඳව ජනමාධ්‍ය මගින්ද ලොකු ප්‍රචාරයක් කළා.
ඩෙට්ලෙෆ් සිරෙන් නිදහස් වුණායින් පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඔහුට පත්‍රිකාවක් දෙනු ලැබුවා. මෙම පත්‍රිකාවේ මාතෘකාව වුණේ “ජීවිතය මෙතරම් ගැටලුවලින් පිරී ඇත්තේ මන්ද?” යන්නයි. ඩෙට්ලෙෆ් ඉතා ඉක්මනින්ම එම පත්‍රිකාවේ කියා තිබූ දෙයෙහි සත්‍යතාව තේරුම්ගෙන සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තා. මේ නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. වර්ෂ 1996 සිට ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස උද්යෝගයෙන් සේවය කරනවා.
මිය ගිය ටෝමාස්ගේ මිතුරෙක් තමයි, සෙක්ෆ්රට්. ඔහුත් එම මැර කල්ලියේ සාමාජිකයෙක් වෙලා හිටියා. පසුව ඔහු සාක්ෂිකරුවෙකු වී දැන් ඔහු සභා වැඩිමහල්ලෙකු ලෙස සේවය කරනවා. සෙක්ෆ්රට්, ඩෙට්ලෙෆ් අයත් සභාවට බයිබල් දේශනයක් දීමට පැමිණි අවස්ථාවේදී ඩෙට්ලෙෆ් ඔහුට දිවා ආහාරය සඳහා තම නිවසට පැමිණෙන ලෙසට ආරාධනා කළා (ටොමාස්ගේ මවද ඉඳ හිට සභාවේ රැස්වීම්වලට පැමිණෙනවා). මීට වසර දහයකට පෙර ඔවුන් සිටියේ දැඩි වෛරයෙන්. නමුත් දැන් ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන සහෝදරයන්.
ඩෙට්ලෙෆ් සහ සෙක්ෆ්රට් දැන් ඉතා ආසාවෙන් බලා සිටින්නේ පාරාදීස පොළොවේදී ටොමාස් නැවත නැඟිටින තෙක්. ඩෙට්ලෙෆ් මෙසේ කියනවා. “මේ ගැන මට හිතෙනකොට මගේ ඇස්වලට කඳුළු උනනවා. මා කළ දේ ගැන මට දැනෙන්නේ හරිම කනගාටුවක්.” මේ දෙදෙනාගේම ආශාව වන්නේ පාරාදීසයේදී ටොමාස්ට යෙහෝවා ගැන දැනගැනීමටත් බයිබලයේ තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීතිවීමටත් උපකාර කිරීමටයි.
ඔව්, දේවවචනයට තිබෙන්නේ පුදුම බලයක්!
[පාදසටහන]
^ 25 ඡේ. නම් වෙනස් කර ඇත.
[6වන පිටුවේ පින්තූරය]
මිනිස් ශරීරය පුදුමාකාර මැවිල්ලක්
[හිමිකම් විස්තර]
Anatomy Improved and Illustrated, London, 1723, Bernardino Genga